ඔන්න බොලේ ශිරානි එනවා

2010, 2011, 2012 අවුරුදුවලදී ජාතික සංවර්ධන බැංකුවේ ගිනුම් තුනක වත්කම් ප්‍රකාශ නො කිරීමේ චෝදනාව මත දෝෂාභියෝගයකින් ඉවත් කරන ලද ශිරානි බංඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමේ සිද්ධිය නාට්‍යමය ජවනිකාවක් බඳු විය. නීතිඥවරු 100කට වැඩි පිරිසක් හා නීතිඥ සංගමයේ විධායක කමිටුව ඇය වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර තිබිණි. විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි පැවසුවේ ඇය වරදකරු වුවත් ඇයට විඳින්නට සිදු වන දඬුවම වන්නේ රු. 1000ක දඩයක් පමණක් බවයි. හැබැයි ඉතින්, වරද නම් ඉතින් වරද ම ය. නීතිය නො දැන සිටීම සමාවට කරුණක් නො වන බව අධිකරණය අප වැනි අසරණයන්ට නම් කියයි. ඇය අධිකරණයේ විත්ති කූඩුවට ද නැග්ගා ය. ඒකත් නරක නැත. එතැන සිටින මිනිසා ගැන අධිකරණ බංකුවේ සිටින විනිසුරුවරයාට අවබෝධයක් නැත. කෙසේ වෙතත්, මේ සිද්ධියත් සමග ශිරානි බංඩාරනායක නැවතත් කරළියට පැමිණ ඇති බව ආණ්ඩුවට පෙනෙන්නට ඇත. ඇය පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් ඇය වීරවරියක ලෙස මතු කර දක්වන ලද බව ද පෙනේ. ගැහැනියකගෙන් අපල බව කියන රාජපක්ෂ පවුල් පාලනය නම් මේ ගැන එතරම් සතුටු නො වන්නට ඇත. ලංකාවේ ජනතාව රාජප...