අග විනිසුරුට එරෙහි චෝදනා විභාග කළයුතුයි

අග විනිසුරුට එරෙහි ‍දොෂාභියෝගයේ චෝදනාපත්‍රය ප්‍රසිද්ධ වී තිබේ. 

අග විනිසුරුට ඇති චෝදනා 14 අනුව බැලූ කල පෙනෙන්නේ ඇයද ඇයට චෝදනා ගෙනෙන කට්ටියගේ වල්ලේම නොමේරූ කුරුම්බැට්ටියක් බවයි. 

එහෙත් ඇයට චෝදනා‍ ගෙනෙන්නන්ට මෙවැනි චෝදනා කීයක් ඉදිරිපත් කළ හැකිද?

සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් තිබුණු තත්වයද මෙයමය. අසූචි කප්පරක් කෑවුන් ඔහුට එල්ල කළ චෝදනාද නිකම් අධෝවාත වැනි ඒවාය.

පරීක්ෂණ සඳහා ප්‍රවේශය තිබේනම් ඇමති බැසිල් රාජපක්ෂට මෙවැනි චෝදනා අනන්ත සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකි වනු නියතය. 2004දී මහින්ද රාජපක්ෂ සුනාමි මුදල් වංචා කරන්නට තැත් කළ බවට එල්ල වූ චෝදනාවෙන් බේරුණේ තනිකරම හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නීතිවිරෝධී ක්‍රියාකලාපය නිසාය. එහෙම තිබියදී අගවිනිසුරුට එරෙහිව මෙවැනි චෝදනාපත්‍රයක් ගෙන ඒමෙන් ඔවුන් ප්‍රසිද්ධියේ දෙන පණිවුඩය කුමක්ද? 

මෙම පණිවුඩය තේරුම් ගතහැකි හොඳම ආකාරය අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන සැකකාර සොරකු වන සුදර්මන් රදලියගොඩට ආණ්ඩුව දී ඇති රැකවරණය ඔස්සේය. මේ වරෙන්තුකරුවා ප්‍රසිද්ධියේ ජනාධිපති සමග ඡායාරූපවලටද පෙනී සිටියි. 

පණිවුඩය මෙයි. ඔබ අපේ අධෝමාර්ගය දිවෙන් සෝදන්න සූදානම්තාක්කල් ඔබ වෙන මොන අසූචි භක්ෂණය කළත් අපි ඔබ ආරක්ෂා කරන්නෙමු යන්නයි.

ආණ්ඩුවට දූෂිතයැයි කියමින් බනින බොහෝදෙනෙක් ආණ්ඩුවේ දූෂණ සාගරයෙන් දිය දෝතක් හෝ පානය කළ අයයි. වත්මන් සමාජයේ අතිබහුතරයකට මේ මහා දූෂණයෙන් මිදී ජීවත්වියහැකි යයි සිතිය නොහැකිය. 

ලංකාව සදාචාරයක් නැති සොරුන්ගෙන් පිරි චෞර දේශයකි. එවැනි රටක ජනතා අරගලය සොරුන්ගෙන් මුක්ත අරගලයක් බවට පත් කළ නොහැකිය. කළ යුතුව තිබෙන්නේ ජන අරගලය සමාජය දූෂණය වෙත යොමු කරන ක්‍රමයට එරෙහිවම නොසැලී නාභිගත කිරීමය.

පොඩි හොරුන්ට එරෙහිව මහ හොරුන් සිද්ධි මතු කරගන්නා මෙවැනි අවස්ථාවලදී අරගලකාරී ජනතාව විසින් ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න සංවාදයට භාජනය කළ යුතුය. 

අප යෝජනා කරන්නේ මෙවැනි දෙයකි. මහ හොරුන් තම තුරුල්ලෙන් ගිලිහුණු පොඩි හොරුන්ට එරෙහිව චෝදනා ගෙන එනවිට පොඩි හොරුන් ආරක්ෂාකිරීමේ පිළිවෙතකට යාමෙන් අප මිදිය යුතුය. මන්ද, එසේ කිරීමෙන් අප වක්‍රව මහ හොරුන්ගේ ආරක්ෂාවද සහතික කරන බැවිනි.

අප කියන්නේ අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය ඉවත් කරගන්නැයි ආණ්ඩුවට බලපෑම් නොකළ යුතු බවය. එය පරීක්ෂා කිරීමට හා ඇය වැරදිකාරියනම් ඇය ඉවත් කිරීම සඳහා ආණ්ඩුවට පූර්ණ සහයෝගයදිය යුතුය. 

චෞරයන් සමග නැළවෙමින් උන් අසූචි බෙල්ලේ එල්ලාගෙන දෑතින්ම මිරික මිරිකා බුදින විට, ඒවා දෙස බල බලා හා, හා රසයි සුවඳයි ආදිය කියමින් අත් තල තලා සතුටු වෙමින් හා අසූචි බුදින්නන්ට රැකවරණය දෙමින් සිට, ඒවායෙන් විසි වන නොදිරවූ මිරිස් කෑලි, තක්කාලි ලෙලි ආදිය කා සතුටුවූවන්ගේ මණ්ඩලේ කචල් තමතමන්ම බේරාගන්නට ඉඩදිය යුතුය.

මේ තනතුරුවලට එක්කෝ සරත් නන්ද සිල්වා වැනිවුන්ම පත්විය යුතුය. නැතිනම් සුපිරිසිදු අවංක මිනිසුන් ගොඩනැඟිය යුතුය. දෙකටම නැති ගෙම්බන් මකබෑවිය යුතුය.

(මෙහිදී 'අධිකරණයේ ස්වාධීනත්වයට' පොඩි බැකප් එකක් දීම නරක නැත. මන්ද, වැඩේ නැගලා යන්නේ එතකොටය. නැතිනම් මොවුන් වැඩේ ගොඩින් රෙපෝරු කරගන්නවාය. සරත් ෆොන්සේකා ආරක්ෂා කිරීමේ අරගලය මේ සඳහා නිදසුනකි. සරත් ෆොන්සේකාට හිරේ ලැග දේශපාලනිකව කුජීත වී යන්නට ලැබුණේ ඒ බාගෙට කළ හාෆ් හාටඩ් සටන නිසාය. මෙතනදීත් අවශ්‍ය එවැනි එකකි.)

මේ මොහොතේ යහපත් ලොවක් සඳහා ඔ‍බේ අරගලය පුංචි, හුදකලා එකක් වූවාට කම් නැත. වැදගත් වන්නේ ඔබ මේ පෙරහරේ නොගොස් සිටීමයි. මේ පෙරහැර කාන්දමක් වැනි එකකි. එහි නොඇලී සිටීමම අරගලයයි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. ටිකක් ඉවසන්න!අරය ලියන්න පටන් අරන් ඇති "චෞව්රයන්ගේ පියා" කියන පොත.එතකොට අසුචි තලි පිටින් කොටාබාපු ඇත්තෝ කව්ද කියල දැනගන්න ඇහැක්කවෙයි.එයැයි කාර්ලෝන්,ලැප්ටොප් දීපු දවසේ ඇවිල්ල නොහිටියේ පොත ලියන හින්දද මන්ද.

    ReplyDelete
  2. එයාගේ සුජාත භාවයෙන් අපට දැන් වැඩක් නෑ. එයා ලොක්කගෙම කෙනෙක් කියලා තේරුනේ මහත්තයාට දීපු ජෝබ් එක ගත්ත වෙලාවේ. එක්කෝ ඒක එපා කියන්න ඕන, නැත්නම් එයැයි අයින් වෙන්න ඕන. දැන් තියෙන්නේ මේවට මුහුණ දීලා තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කරන එකයි. හැම එකාම එකයි. යතාර්ථය තේරුම් ගත්ත නම් කරන්න තියෙන්නේ දාමින් ගොයාසිරි කියනවා වගේ පත්තර වලට ප්‍රකාෂ දීලා පොර වෙන්නේ නැතුව. ලොක්කගේ මූණටම මේවා වැරදියි කියලා ගෙදර යන එක. අධිකරණය කවදත් හිතාගෙන හිටියේ එයාලට කොරන්න බැරි දෙයක් නෑ කියන අධි මානසිකත්වයෙන්. එයාලා විතරක් නෙමේ අපේ රටේ ඔක්කෝම වෘත්තිකයින්ගේ තත්වේ ඕකයි, වෛද්‍යවරු දේවත්වයෙන් සලකන්න කියන්නෙත්. වි වි ආචාර්යවරු එයාලා විශේෂ කොටසක් කියලා සලකන්න කියන්නෙත්. ඉංජිනේරුවා එයාගේ වාහනේ එයා ඉංජිනේරුවෙක් කියලා ගහගෙන යන්නෙත්. ජනතාව දන්නෙවත් නැති පොල් බූරූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ගාඩ් දාගෙන යන්නෙත්. හමුදාවේ උන්ගේ ගෑණු ඒ වාහනවල ගාඩ් දාගෙන ෂොපින් යන්නෙයි ඔය හේතුව උඩ. මේ හැමෝටම සමාන්‍ය ජනතාව කියන්නේ පොල් බූරුවෝ. ඒ උනාට ප්‍රසිද්ධියේ කියන්නේ බුද්ධිමත් ජනතාව කියලා. දැන් ඉතින් ඒ බුද්ධිමත් ජනතාවට කටයි පුකයි වහගෙන ඉන්නව ඇර වෙන කරන්න දෙයක් නේ. මොකෝඅ අදහස් කතා කොරන්න ගිහින් අල්ලලා ඇස් බීයා වගේ කූරූ ගනන් කොරන්න දැම්මොත් හෙම.

    පෙරදිග සෝමාලියාව වෙත අධිවේගී ගමනක යෙදෙන ආසියාවේ ආශ්චර්යය.

    ReplyDelete
    Replies
    1. 8 pass wechcha wath nethi desapaluwoth hithagena inne Unta karanna bari theyak nahe kiyalane . Ape hithata wadama duka Ekane!!!!

      Delete
  3. මහ හොරුන් තම තුරුල්ලෙන් ගිලිහුණු පොඩි හොරුන්ට එරෙහිව චෝදනා ගෙන එනවිට පොඩි හොරුන් ආරක්ෂාකිරීමේ පිළිවෙතකට යාමෙන් අප මිදිය යුතුය.

    ReplyDelete
  4. පනාපුත්‍රNovember 7, 2012 at 3:48 PM

    ඔය උන්දැ දිවුරුම් දෙන දවසේ ආවේ කුරහන් පාට සාරියක් ඇදගෙන, බලන්න හොයාගෙන අන්තර්ජාලේ ඕන තරම් ඒ ෆොටෝ එක තියෙනවා. දැන් බොරුවට රගපාන්නේ නැතිව එයා වගේ කෙනෙක් සංකේත පාවිච්චි නොකර ඉන්න තිබුණා.
    මිනිහට ආණ්ඩුව රස්සාවක් දුන්නේ යාලු කමට මිසක් ගෝමින් දයාසිරි කියනවා වගේ යාලු කරගන්න නෙවේ .ගෑනි කුලප්පු උනේ මිනිහගේ රස්සාවට කෙලවපු හින්ද කියල තේරුම් ගන්න බැරි තරම් මම මෝඩයෙක් නෙවෙයි .
    මොනවා උනත් මම අදිකරණය පැත්ත අරගෙන ඉන්නේ කුරහන් මාමගේ හිගන තුට්ටු දෙකේ වැඩ වලට තියෙන අකමැත්තට විතරයි.
    රනිල් වික්‍රමසිංහ කියන්නේ මොන තරම් කුහක්යෙක්ද කියල මේ වෙලාවේ පේනවා. මිනිහට පේනවා මිනිහට කෙලවෙන්ඩ යන්නේ . මේ ගැනී දෙශපාලනේට අවොත් කියල. මිනිහ ආණ්ඩුවට බොක්කෙන්ම සපෝර්ට් එක දෙනවා
    මේකෙනුත් අදිකරණේ පුකෙන් යන්න කනවා , මෙන්න කැට .
    මාතලන් කියනවා වගේ දකුණු ආසියාවේ සොමලියවවට අපේ සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ශිරාණි අංශුමාලා B අනිවාර්යෙන්ම ඕකට මුහුණදෙන්න ඕන පැරා කියල තියෙනවා වගේ.කොච්චර පහත්ද කියනවනම් අර හුජ්ජ කොල්ලට අතට අත දෙනවද?[අප්‍රසිද්ධියේ නාකි ආන්ටිලා කොල්ලන්ගේ කෙසෙල් කන/සුප්පන එක වෙනම දෙයක්] අශුචි කප්පරක් කොටාබාපු මුන්දලට එයාලගෙම සරණයි කියල තමයි RANIL කියල තියෙන්නේ.

      Delete
  5. එක අතකට, අන්තිම දූශිත ලංකාන්ඩුව අගවිනිසුරුවරියට එරෙහිව විශමාචාර චෝදනා පාර්ලිමේන්තුවට ගෙන ඒම හරියටම සමපාත වන්නේ ඉරාකයට, ඇෆ්ගනිස්තානයට බෝම්බ දමන ඇමරිකාව, ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධයට සම්බන්ධ චෝදනා එජා සංවිධානයට ගෙන ඒමටයි.

    රජය සිදුකල යුධ අපරාධ වලට එරෙහි වන කෙනෙකුට, දූශිත අගවිනිසුරුවරියට සහය පල කල හැකිද?

    - Dimithri

    ReplyDelete
  6. සරත් නන්ද සිල්වා මැතිඳුගේ සරණයි
    සුනාමි හොරා හට දෙවියන් රැක වරනයි
    මලයා බැසිල් හට නම් තිසරණ සරණයි
    පත්කර ගන්න ජනයා හට බුදු සරණයි!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා