ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බිල් දෙන්න යන මෛත්‍රීපාලට යෝජනාවක්

ලබන වසරේ සිට රජයේ රෝහල්වලින් ලබා ගන්නා ප‍්‍රතිකාරවලට වැය වන මුදල පිළිබඳ රෝගීන් දැනුවත් කිරීම සඳහා ඔවුන් රෝහලින් පිටව යනවිට බිල්පතක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අනාගත අගමැතිවරයකු හා ජනාධිපතිවරයතු වන මෙතුමාට ලෝක බැංකුවෙන් ලකුණු ටිකක් දමාගන්නට මේ ප්‍රකාශය හොඳය. මන්ද, මේ වනාහි නොමිළේ දෙන බව කියන සෞඛ්‍ය පහසුකම් කප්පාදු කිරීම සඳහා හොඳ ආරම්භක පියවරක් වන බැවිනි.

අප කියන්නේ මෙය නරක දෙයක් නොවන බවය. බිල සවිස්තර බිලක් වෙනවානම් වඩා හොඳය. එවිට අමාත්‍යංශය පැරසිටමෝල් පෙත්තක් මිළදීගන්නා මිළ ආදියද එයින් කොපමණ කොමිස්ගසා තිබේද යන්නද සොයා දැනගතහැකිය.

කටට ආවාට කීවාට මේ පියවර ඇත්තටම ගන්නට තරම් කොන්දක් මේ ඇමතිට තිබුණොත් ඇත්තෙන්ම හොඳය.

එසේම, ජනතාව මිළදීගන්නා සෑම හාල්, සීනි, පිටි, කිරිපිටි, කරවල, තුනපහ ආදී දේ හැම කිලෝවකම මිළ සමග ආණ්ඩුව එයින් අය කළ මුළු බදු මුදල කොපමණද යන්නද දැනුම් දියයුතුය. මන්ද, ජනතාව ඒ පිළිබඳවද දැනුවත් විය යුතු නිසාය.

පසුගිය දිනවල දිවිනැගුමෙන් බෙදූ ඇට පැකට්ටුවකට ගිය වියදම වැනි දේද ජනතාව දැනගතයුතුය. 

දුක දිනා ජයගත් වැලි රාජුලාේ පවුල ෝටිපතියන් වූ හැටි, මාල කැඩූ රත්තරංලා ධන කුේරයන් වූ හැටි, රට දමා ගිය ග්‍රීන්කාඩ්කාරයන් රන්කඳන වූහැටි ආදී ේද දැනගන්නට ජනතාව කැමති වනු ඇත. 

ඔබටත් මෙවැනි ආණ්ඩුවෙන් දැනගතයුතුව තිබෙන කරුණු තිබේනම් ඇමති මෛත්‍රීපාල දැනගැනීම සඳහා ලියා තබන්න.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. ඔය දීල තියෙන්නේ පොරි හැලෙන්නම.පුතාල ගෙන්වන රේස් වාහන නිෂ්පාදන බද්දෙන් නිදහස්.පොඩි මිනිහෙක් ගන්න බයික්,ත්‍රීවීල්,බට්ටා,මරුටි ඇතුළු මෝටර් වාහන අදායම් බලපත්‍ර ගාස්තු ඉහලට.වැඩි කරපු 1500/=න් ගෙවල ඉතුරුත් වෙයි මගේ හිතේ?????

    ReplyDelete
    Replies
    1. ජයවේවා කෙන්ජි මහත්තයෝ!

      Delete
  2. බම්බුවල ඇතුළු කට්ටිය ඒ ඒ අය වපුරපු විදියට වෙන්න ඇති පළ නෙලාගන්නවා ඇත්තේ.

    ReplyDelete
  3. පොඩි උන්ට දෙන කිරි පැකට් එකට කෙලියා
    අපි බොන ඒවටත් කෙලියා.. විස්කි නෙමෙයි අනේ
    අරක්කු..
    ඒ කොහොමද..
    ඇයි අරක්කු හදන්නෙ ස්ප්‍රිතූ වලින් නේ
    ඉතින් ඒකටත් කෙලියා
    විස්කි විස්කි කියලා ශේප් වෙලා ගියා...

    ReplyDelete
  4. ඇත්තෙන්ම හොඳ යෝජනාවක්, රජයේ ඇත්ත වියදම් පිළිබඳ ව ජනතාව දැනුවත් විය යුතුයි. හැබැයි එය අදාළ එක් එක් රෝගියා වෙනුවෙන් දරණ ලද වියදම (එය අදාළ රෝහල, වෛද්‍යවරයා, භාවිතා කළ පහසුකම්, සහ බෙහෙත් මිල) වෙන්න ඕන. ඇත්තෙන්ම මට වෙනුවෙන් රජය දරා ඇති සියලු වියදම් දැන ගන්න කැමතියි. ඒ වාගේ ම මගෙන් රජය අය කර ඇති සැඟවුණු බඳු ප්‍රමාණයත් ඇන ගන්න කැමතියි, ඇමතිතුමාගේ බිල ගණනය කිරීම වෙනුවෙන් කීයක් වියදම් ගියා ද කියලා එම බිලේ ම දාන්න පුළුවනි නම් වඩා හොඳයි. ආරම්භයට පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම වේලක සත්‍ය බිල ඇතුළත් බිලක් දෙනවා නම් ගොඩක් සතුටුයි.

    ReplyDelete
  5. පරා ඔබගේ යොජනාද ඇමැටි - තුමාගේ යෝජනාද ඉතා අගෙයි. එතකොට බලමු අපේ මුදල් වලට වෙන දේ?????

    ReplyDelete
  6. මාතලන් කිව්ව වගේ විස්කි විස්කි කියල ආඳ වගේ ලිස්සල ගියා. වඩියක් පෙරා ගන්න තමයි දැන් වෙන්නෙ.

    ReplyDelete
  7. ජනතාවට තොරතුරැ දැනගන්න ඇති අයිතිය සහතික කරනවනම් ඔය සේරටම වැඩිය හොඳයි.

    ReplyDelete
  8. Freedom of information act! That's all needed.

    ReplyDelete
  9. tika dawasakin 50% apitama gewanna puluwa
    eeta passe...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා