පාර්ලිමේන්තු නඩුකාර හාමුදුරුවරුන්ගේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාර හා ප්‍රා සුදුසුකම්

බාබේරියාවේ මහනඩුවට එරෙහිව ඇති චෝදනා විනිශ්චය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිටින නඩුකාර හාමුදුරුවරු දෙදෙනෙකු ගැන ඊයේ බාබේරියාවේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් මගින් ප්‍රශ්න කර තිබිණි. 

ඒ නඩුකාර හාමුදුරුවරුන් දෙදෙනා නම් විනිසුරු මල් වීරවංශ හා විනිසුරු කුජීත සේනාරත්නයි. 

මේ දෙන්නා ගැන අප දන්නා කරුණු අනුව මොවුන්ට නඩු බැලවීම ගැන පමණක් නොව නඩු ඇසීම ගැනද අත්දැකීම් රැසක් තිබේ. 

1989 වකවානුවේ බාබේරියාවේ විප්ලවයක් සිදුවෙමින් තිබුණු සමයේදී මල් වීරවංශ එක පැත්තක දේශප්‍රේමී උසාවියේ නඩු ඇසූ අතර කුජීත සේනාරත්න අනෙක් පැත්තේ ප්‍රා උසාවියේ නඩු ඇසීය. මේ දෙන්නා එකිනෙකාට එරෙහිවත් නඩු අසාගෙන තිබේ. මේ උසාවි දෙකෙන් දුන්, ක්ෂනිකව ක්‍රියාත්මක කළ මරණ දඬුවම් සංඛ්‍යාව දහස් ගණනක් වන නිසා මේ දෙන්නා මේ වැඩේට ටක්කෙටම හොඳ බව බාබේරියානුවන් වෙනුවෙන් සහතික කර ප්‍රකාශ කරමි. ඉරකි තිතකි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. එහෙම දෙයක් බාබේරියාවේ උනාද???මට මතක නැහැනේ.මුළු ජනතාවටත් එහෙම මතකයක් නෑලු !!!!! පුදුමයි නේ!!!!

    ReplyDelete
  2. My post related to this.

    http://meeghaya.wordpress.com/2012/11/17/%E0%B6%87%E0%B6%BA-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B7%80%E0%B6%A9%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B7%9C%E0%B6%AF/

    ReplyDelete
  3. ඇයි අනික් උන්, දෙන්නෙක් ඔෆීස් එකේ බඩු ගහන උන්, තව එකෙක් බාල තෙල් ගෙනත් කොමිස් ගහන එකෙක්, තව එකෙක් කුඩු කාරයෙක්.

    ReplyDelete
  4. කුජීත ගැන විස්තරේ ලංකාදීපෙ මාධ්‍යවේදියෙක් අගමුල ඉදලම දන්නවා. දැන් නම් කියයිද දන්නේ නැහැ. ඒත් එයත් දැන් මල් ගොයියත් එක්ක වැඩ.

    88 - 89 දී කුජීතගේ වැල්ලවත්තේ පොට් එක දන්න කෙනා මේ මාධ්‍යවේදියා.

    ReplyDelete
  5. රාජිතව මේ වැඩෙට යොදාගන්න හෙතුව රාජිතට වෛරයක් තියනවා අධිකරණ තින්දුවක් පිළිබදව එයාගේ නොනගේ තනතුර අහිමි කිරිම නිසා...මු කොහොමත් හොරා..ධිවර සංස්ථාව කමින් සිටි..

    ReplyDelete
  6. වීරවංශට මනාප දුන්න කට්ටිය අත ...කේ ගහ ගන්න!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා