දැන් ඉතින් අපි කුමක් කරමුද, සහෝදරයිනි

ඊයේ අප සමග සංවාදයක යෙදුණු සහෝදරයකු ඇසූ දෙයක් වන්නේ ලෝකය යහපත් අන්දමින් වෙනස් කළ යුතුය යන ස්ථාවරයේ සිට සමාජවාදය වෙනුවෙන් අරගලයක යෙදුණු අප දැන් කළ යුතුව තිබෙන්නේ කුමක්ද යන්නයි. 

මේ පිළිබඳව මගේ මතය ඉතා කෙටියෙන් මෙසේය. සමාජවාදය හා ඒ සඳහා වූ අරගලය අපි නැවත අර්ථකථනය කරගත යුතුය. 

ලංකාවේ සමාජවාදීන්ගේ අරගල හා මනුෂ්‍යත්වය අතර අන්තර්සම්බන්ධය දැඩිව ප්‍රශ්න කළ යුතුය. අරගලය නැවත පොළවේ පිහිටුවිය හැක්කේ ඒ ඔස්සේ පමණි. 

ඊනියා සමාජවාදීන්ගේ හෙවත් සමාජ වදකාරයන්කුහකවත අනුකම්පා විරහිතව හෙළිදරව් කළ යුතුය. 

සමාජය සෝදාගෙන යමින් ඇති ධනවාදී ආත්මාර්ථකාමිත්වයේ රැල්ලට හසු නොවී සිටීමම මේ මොහොතේ අරගලයයි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. එහෙම බැලුවොත් මැරෙනකම්ම කරන්න වෙන්නෙ ඔය අරගලය විතරනෙ.

    ReplyDelete
  2. සහෝදරියනි/සහෝදරයනි,මෙතෙක් කල් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකුට කළනොහැකි වු ලෝකයේ ප්‍රධාන පෙලේ බලවත් රාජ්‍යක් වන "උගන්ඩාව"සමග අපගේ ජනාධිපති උතුමාණන් සබදතා "තර" කරගෙන ඇති බව සතුටින් දන්වා සිටිමි!!!!!

    ReplyDelete
  3. //සමාජය සෝදාගෙන යමින් ඇති ධනවාදී ආත්මාර්ථකාමිත්වයේ රැල්ලට හසු නොවී සිටීමම මේ මොහොතේ අරගලයයි//
    ඔබ පවසන ආකාරයෙන් සිතන එමන්ම අරගල කරන බොහෝ පිරිසක් හුදකලාව මේ රටේ විසිරී සිටිති . එවැනි බොහෝ අය ඉස්සරද සිටියහ අප්‍රසිද්දියේ ස්වභාවිකව හෝ අත්කරදෙනලද ආකාරයකින් හෝ මියගියහ.
    එහෙත් ඒ අවංක සමාජවාදීන් එකතුකිරීම හෝ පෙරමුණු ගැන්වීම ලෙහෙසි නැත. මන්ද ඉතිහාසයේ බොහෝ වරක් ඔවුන් රවටනු ලබා ඇති නිසාය . උන්ගේ කරපිටින් දෙවුලොව යන නායකයින් විනා උන් සමග යන නායකයින් කිසිදිනක නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා