හොරිකඩ සාදුගේ හෙද සංගමය

ජනාධිපතිතුමනි, සර්පයා දුටුවෙහිද?
ලංකාවේ වෘත්තීය සමිති වර්ග කීපයක් තිබේ.

ආණ්ඩුවේ වෘත්තීය සමිති මේ අතරින් විශේෂ වර්ගයකි. ඔවුන් ආණ්ඩුවට විරුද්ධ ක්‍රියාමාර්ගවලට එළඹෙන්නේ නැතිමුත්, ඒවායේ නායකයෝ සාමාන්‍යයෙන් සාධාරණ සේවක ඉල්ලීම්වලට විරුද්ධ වන්නේ හෝ වෘත්තීය අරගලවලදී පැන, පැන හොරිකඩකම් කරන්නේ නැත. එවැනි හොරිකඩ තත්වයක් පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය වෘත්තීය සමිතිවලින් බලාපොරොත්තු වන්නේද නැත.

නිදසුනක් ලෙස විශ්වවිද්‍යාල වෘත්තීය අරගලයේදී ආණ්ඩුවේ වෘත්තීය සමිති එයට සහභාගි නොවූමුත් පැන පැන හොරිකඩකම් කරන්න ගියේද නැත. 

ලංකාවේ හොරකඩකම් කිරීම එකම වෘත්තිය කරගත් වෘත්තීය සමිතියක් තිබේ. ඒ වනාහි මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුවගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයයි. 

මේ සංගමය වනාහි උක්ත භික්ෂුවගේ ජීවනෝපාය වන අතර හරිහමන් පරීක්ෂණයක් කළොත් මේ භික්ෂුවට සසර පුරා සිරගතව සිටින්නට තරම් හේතු වන වංචා දූෂණ ප්‍රමාණයක් මේ වෘත්තීය සමිතියෙන් යාගත හැකි වනු ඇත. 

ඒ අතර, ේ භික්ෂුව නිරන්තර පෙළෙන බියක්ද තිේ. ඒ වනාහි සමන් රත්නප්‍රියේ නායකත්වයෙන් යුත් රජහෙද නිලධාරීන්ේ සංගමය තමන්ේ ව්‍යාපාරය පරාජය කරනු ඇතිය යන්නයි. 

ඒවායින් ගැලවී සිටීමට මේ හොරිකඩ නායකයා කරන්නේ හයියෙන් ආණ්ඩුවට සහාය දැක්වීම හා හෙදියන්ගේ සියලු වෘත්තීය අරගලවලට හොරිකඩකම් කිරීමයි.

අද හෙදියන්ගේ වෘත්තීය සටනේදීද සිදුවන්නේ සුපුරුදු නාටකයමය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. කරුවලේ මිනිහෙක් යන විට තව කෙනෙකුගේ (ඒ ශ්‍රමණ ධාරියෙක්ය) ඇඟේ හැපේ.
    "ඔය කවුද"
    "මම මහන කෙනක්"
    "ආ, ඇත්තද හොඳ වෙලාවට ඉඳි කට්ට ඇනුනේ නැත්තේ"

    ReplyDelete
  2. එහෙම හොරිකඩ වැඩ නොකර කොහොමද,අභයාරාමයේ ඉස්සරහ අර කහ පාට බිල්ඩිම බස්නාහිර පලාත් සභාවේ දේශිය වෛද්‍ය අමාත්‍යාංශයට කුලියට දිලා මාසෙකට ලක්ෂ 3නකට වැඩි මුදලක් ලබා ගන්නේ.නහින දෙහින කාලේ මිනිහගේ ලේකං කං කරන්නේත් ලාබාල ලඳක් බොලං.ඔය කතා නාරාහේන්පිට නොදන්න කෙනෙක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා