බාලපුත්‍රගේ අභ්‍යවකාශ හීනය

"හැමෝම හිතන්නෙ අපට හැම දෙයක්ම තියනව කියල. ඒත් ඇත්තටම ගත්තොත් අපට මුකුත් නෑ. අපට කියල ගෙයක් වාහනයක් නෑ. පොඩි කාලෙ ඉඳලම ඉඳල තියෙන්නෙ රජයේ දේපළවල. රජයේ වාහන තමයි පාවිච්චි කරන්නෙ. එහෙම නැත්තං පොඩ්ඩක් දියං මචං කියල යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නව. කට්ටිය හිතාගෙන ඉන්න රාජපක්ෂ ෆැමිලි එක නෙමේ ඇත්තටම තියෙන්නෙ."
- රෝහිත රාජපක්ෂ, ජනාධිපති බාල පුත්‍ර

ඇත්තටම ගත්තොත් මේ අයට තමන්ගේ වගේ පාවිච්චි කරන්නට රටක්ම ඇත. ඒ නිසා මේ ගොල්ලන්ටම කියා වෙනම මොකුත් ඕනෑ නැත. රටේ සියලු දේ මේගොල්ලන්ගේය. 

කොටින්ම කියනවානම් මේගොල්ලන්ගේ හීන පවා රටේ හීනය. නිදසුනක් ලෙස, මේ පොඩි රාජපක්ෂගේ අභ්‍යවකාශ හීනය දැන් රටේ හීනයක් බවට පත් කර තිබේ.

දැන් මෙයා අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කරන සුප්‍රීම්සැට් කොම්පැනියේ මෙයා කවුරුද? 'අපට මුකුත් නෑ'ද?

ඉතින් මෙයා අභ්‍යවකාශතවෙනකොටවත් අපට වැඩ ඇරිලා කකුල් දෙකෙන් හිටගෙනහරි ගෙදර යන්න බස්එකක් තියෙයිද? 

අපේ පොඩිඑවුන් යන ඉස්කෝලෙ වහලෙ උළු අතරින් අභ්‍යවකාශයපෙනෙනඑක නවතීවිද?

හැබැයි, අපේ පොඩිඑවුන් සමහරවිට මෙයාට කලින් අභ්‍යවකාශගතවෙන්න ඉඩ තිබෙනවා. ඔ බෝංචි කරලක එල්ලුණත් දැන් බඩු මිළ අනුව අභ්‍යවකාශගත වෙන්න පුළුවන්.


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මර්වින්ගේ පුතාලත් මේ පුතාලත් අතර වෙනසක් තිබේද ? තාත්තලා කොච්චර පොරවල් වුවත් පුතාලාව ඉස්කෝලෙකට යවා මොලේ ලබා දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. වෙනසක් නැත. තාත්තා එකාමය.

      Delete
  2. නංගි කෙනෙක් හිටියා දැන් නෑ නේද.

    ReplyDelete
  3. පව් අප්පා. තාත්තා මොනවා කරනවද මන්දා. මේ දරුවෝ දවසක අනාත වෙනව නේ...

    ReplyDelete
  4. නැති එකා තියෙන එකාට ඉරිසියා කරනවා ඒක ලෝකෙ හැටි...
    රාජපක්ෂලාට දිගඅඅඅඅඅඅඅඅඅ පඩයක් ගියොත්
    "අනේ අපිට යන්නෙ නෑනෙ ඔහොම පඩ.."

    ReplyDelete
    Replies
    1. අපේ සල්ලි වලින් උන් ජොලි කරනකොට ඊර්ෂයයි නෙවෙයි දුකයි උඹල වගේ නිවටයෝ ඉන්නකල් මේවා තව දුරටත් වෙයි

      Delete
    2. මෙන්න මේ වගේ අමන නිවටයෝ නිසා තමා මේ රටට ගොඩයන්න බැරි!

      යකෝ උන්ගේ සල්ලි වියදම් කරලා උන් ලෝකෙ ලොකුම පඩේ බැරිනම් ලොකුම බොගේ දාගත්තත් අපිට කමක් නෑ... රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි ඒවට වියදම් කරන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ!

      රාජපක්ෂලාට පඩයක් ගියත් ඒක සුවඳයි කියලා ඉඹින්න යන උඹලා වගේ උන් නිසා තමා රාජපක්ෂලත් කවදාවත් හැදෙන්නේ නැත්තේ....

      Delete
  5. දෙවැනි නිදහස ලබල දුන්න ආඩම්බරකාර "පියා"ගෙ දරුවො සමග මුළු පරම්පරාවටම රට "කන්න"නේ ලක්ෂ සංක්‍යත ජනතාවක් බලය දීල තියෙන්නෙ.දිනකට පාන් 1/2 ක් පමණක් ගතහැකි පඩියක් ණයවැයෙන් දීල තියෙද්දිත්,රනිල් එක්ක පාරට බහින්න එකෙක්වත් නැති රටේ අපිට පාන් යෑ!!!!!

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවට විරුද්දව පාරට බැස්සොත් අපිට රනිල්ගෙන් ගුටි කන්න වෙයි

      Delete
  6. තංගල්ලේ කාල්ටන් නිවසයි නුගේගොඩ පැත්තේ තියෙන නිවස වත් මෙයාලගේ නෙවේද? කාටද මේ බොරු කියන්නේ.

    ReplyDelete
  7. අප්පේ ඔව්වට කතාකරල අපිට වෙන්නේ සුදු වෑන් වලට බයේ ඉන්න.

    ReplyDelete
  8. ක්‍රිෂ්ණාNovember 20, 2012 at 5:55 PM

    අනේ දරුවෝ කිසිම දෙයක් නැත්නං තාත්තට කියලා ඔය හොරා කන සල්ලි වලින් උඹලාට ඕනෑ දෙයක් ගනිල්ලා,පොඩි බාප්පාගෙනුත් උදව්වක් ගනිල්ලා.ගෝඨා බාප්පිට කියලා කොළඹ තියෙන හොඳ ඉඩම් කිහිපයක ඉන්න එවුංව පන්නා ගත්තැහැකි.ඒ ගැන පොඩියක්වත් සැකයක් තියා ගන්න ඕනෑ නෑ.ගෝඨා බප්පි ඒ වැඩේ උඹලාට කරලා දෙයි.ඔවට විරුද්ධව කවුරු හරි යනවානං නාමල් අයියාට කියලා පනත් කිහිපයක් හදලා පාර්ලිමේන්තුවට දාගනිං.චමල් මහප්පා ඒවා සම්මත කරලා දෙයි.ඌව පලාතෙනුත් උඹලාට ඕනෑම දෙයක් කර ගත හැකි.එහෙ ඉන්නේ මහප්පිගේ පුතෙක් නේ.රටේ ඉන්න උඹලාගේ අප්පාගේ ඇමටි හැට හුටහමාර උඹලාටම හරියන ස්ට්ංටඹියෝ හින්දා උන් උඹලාගේ ගූ කනවා ,එකේ දෙකක් නෑ. උඹලාගේ ක්‍රියාකලාප නිසා උඹලාට වරදින්න විදියක් නං කොහෙත්ම නෑ.හැබැයි දෙයියංටත් කප්පං කැල්ලක් දීලා ෂේප් එකක් දා ගනිල්ලා උඹලා මේ කරන වැඩ වලින් උඹලාට පත් වෙන හෙන වලින් බේරෙන්න.උඹලා වෙනුවෙන් මේ වගේ හරි උපදේසයක් දෙන්න අපි වගේ නපුංසක පුරවැසියන්ට අවස්තාවක් සලසා දුන්නු මේ බ්ලොග් කරුට පිං සිද්ධ වේවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා