Posts

Showing posts with the label සුප්‍රීම්සැට්

බාලපුත්‍රගේ අභ්‍යවකාශ හීනය

Image
"හැමෝම හිතන්නෙ අපට හැම දෙයක්ම තියනව කියල. ඒත් ඇත්තටම ගත්තොත් අපට මුකුත් නෑ. අපට කියල ගෙයක් වාහනයක් නෑ. පොඩි කාලෙ ඉඳලම ඉඳල තියෙන්නෙ රජයේ දේපළවල. රජයේ වාහන තමයි පාවිච්චි කරන්නෙ. එහෙම නැත්තං පො ඩ් ඩක් දියං මචං කියල යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නව. කට්ටිය හිතාගෙන ඉන්න රාජපක්ෂ ෆැමිලි එක නෙමේ ඇත්තටම තියෙන්නෙ." - රෝහිත රාජපක්ෂ, ජනාධිපති බාල පුත්‍ර ඇත්තටම ගත්තොත් මේ අයට තමන්ගේ වගේ පාවිච්චි කරන්නට රටක්ම ඇත. ඒ නිසා මේ ගොල්ලන්ටම කියා වෙනම මොකුත් ඕනෑ නැත. රටේ සියලු දේ මේගොල්ලන්ගේය.  කොටින්ම කියනවානම් මේගොල්ලන්ගේ හීන පවා රටේ හීනය. නිදසුනක් ලෙස, මේ පොඩි රාජපක්ෂගේ අභ්‍යවකාශ හීනය දැන් රටේ හීනයක් බවට පත් කර තිබේ. දැන් මෙයා අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කරන සුප්‍රීම්සැට් කොම්පැනියේ මෙයා කවුරුද? 'අපට මුකුත් නෑ'ද? ඉතින් මෙයා අභ්‍යවකාශතවෙනකොටවත් අපට වැඩ ඇරිලා කකුල් දෙකෙන් හිටගෙනහරි ගෙදර යන්න බස්එකක් තියෙයිද?  අපේ පොඩිඑවුන් යන ඉස්කෝලෙ වහලෙ උළු අතරින් අභ්‍යවකාශයපෙනෙනඑක නවතීවිද? හැබැයි, අපේ පොඩිඑවුන් සමහරවිට මෙයාට කලින් අභ්‍යවකාශගතවෙන්න ඉඩ තිබෙනවා. ඔ ය බෝංචි කරලක එල්ලුණත් දැන් බඩු මිළ...