ඇමරිකාවට ආ සුළිසුළඟ ගැන සතුටු වන ලාංකිකයෝ

සැන්ඩි කුණාටුවෙන් ඇමරිකාවට හානි වීම ගැන බොහෝ දෙනා සතුටු වන බව පසුගිය දිනෙක මා වැඩ කරන තැන විවේකාගාරයේදී කිසිවෙක් කීවේය. 

ඇමරිකාවේ සුළිසුළඟ ගැන කතාකරන ලංකාවේ දේශපාලකයෝද, මාධ්‍යකරුවෝද ඒ ගැන සිය ප්‍රීතිය ඍජුවම හෝ අනියමින් පළ කරති.ඇමරිකාවේ හෝ වෙනත් එවැනි රටක වෙසෙන ඇතැම් ලාංකිකයෝද මෙවැනිම අදහස් දරති.

ඒ අය මෙන්ම මා ඉහති සඳහන් කළ පුද්ගලයාද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිය දරුවන් අනාගතයේ විදෙස් රටක රැකියාවක් හා සුවපහසු දිවියක් සොයා යනු ඇතැයි බලාපොරොත්තු වන සාමාන්‍ය මධ්‍යම පංතිකයෙකි. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි රටවල් ඔවුන්ගේ තේරීම් වේ. මේ දිනවල ඇමරිකානු ග්‍රීන් කාඩ් සඳහා අයදුම් කරන්නෝද මේ මධ්‍යම පංතිකයෝමය. ඒ අතර ඇමරිකවේ විනාශය ප්‍රාර්ථනා කරන මොවුන්ගේ කුහකකම කෙබඳු එකක්ද?

මේ මුග්ධයෝ වැඩිදෙනෙක් චීනයේ ධනවාදයේ නැඟීම ගැනද සතුටු වෙති. චීනයේ නමට තිබෙන රතු පාට මෙවැනි වැඩිදෙනෙකුගේ අතීතයේ යන්තම් ඇතිල්ලී තිබෙන යම් යම් වාමාංශික කහට සමග පෑහීම මෙයට හේතුවයි. එහෙත්, මේ කිසිවෙකු තමන්ට හෝ දරුවන්ට පදිංචිය සඳහා සුදුසු රටක් ලෙස චීනය සලකන්නේ නැත. යනවානම් යා යුත්තේ සුදු යුරෝපයට, ඇමරිකාවට හෝ ඕස්ට්‍රේලියාවටමය.

ලංකාවේ අග්‍රගන්‍ය දේශප්‍රේමීන් දෙදෙනෙකු වන ගෝඨාභය රාපක්ෂ හා බැසිල් රාජපක්ෂද මේ රට එපා කියා ඇමරිකා ගොස් එහි පුරවැසියන් වූ අයයි. ගැලවුම්කාරයා ලෙස තමන් විසින් තමන්ම පත් කරගෙන සිටින සරත් ෆොන්සේකාද ඇමරිකන් පුරවැසියෙකි.

ඇත්තම කීවොත් ඇමරිකාව වීසා නැතිව ඒ රටට ඇතුල්වන්නට හැකිවන පරිදි දොරටු ඇරියොත් ලංකාවේ දේශප්‍රේමීන් වැඩිදෙනෙක් නතර වන්නේ ඇමරිකාවේය. අද තමන් වෛර කරන සුද්දන්ගේ කාණු හේදීම හෝ වාහනවලට තෙල් පොම්ප කිරීම එවිට ඔවුන්ට ප්‍රශ්නයක් නොවනු ඇත. 

මේ දිනවල මුහුදින් ඕස්ට්‍රේලියාවට යන්නට ගොස් අසුවන අය අතර වැඩි පිරිසක් සිංහලයෝය. 

සිංහලයෝ දෙමළුන්‍ට ඉරිසියා කරන එකම තැන මෙතැනය. ඒ දේශපාලන රැකවරණ ඉල්ලීම සාධාරණීකරණය කරන්නට සිංහලයන්ට පුළුවන් තත්වයක් ආණ්ඩුව ඇති නොකිරීමය. 


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. ඇමරිකාවේ ව්‍යසන වලට අනියමින් සතුට පල කරන බොට්ල් ජ්ර්නලිස්ට් කෙනෙක් තමයි රූපවාහිනියේ සිව්දෙස කරන විජය දිසානායක. මිනිහගේ කතා වල ලිපියේ තියෙන අදහස් එකක් නෑර තියනවා

    ReplyDelete
    Replies
    1. විජය දිසානායක ෆේස්බුක් එකේ කෙල්ලන්ට පැණි හලන ඇඹලයෙක්

      Delete
  2. මම කියන්න උන්න දේ "මිස්ටර් හයිඩ්" කියලා. මේ වගේ ජඩමාධ්‍යවේදීන් තමයි මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සන්නේ..

    ReplyDelete
  3. ඔය හැමෝම කට්ටිය ඉස්සරහ "පොර"වෙන්න තමයි ඇමෙරිකාවට බනින්නේ.අර පේන්නේ නැද්ද පංචායුදේ,ගෑනිගේ ජංගියේ ඉදල,ළමයිගේ කෑම ඇතුළු ඒකගෙ බෙල්ලේ එල්ලන් ඉන්න අයිෆෝන් ඇමෙරිකන්.එඋන්ට කතිරේ ගහන ගොන්නුන්ට කියන්නේ මේවා කුඩුකරලා විරෝධය පාන්න කියල.පොළොන්නරුවේ "බම්බුව"මේ ලගදි කියල තිබුනේ ඔබාමාගේ මල්ලියෙක් ඉන්නේ කුඩු කාරයෙක්, මගේ මල්ලි ගගේ ඔයේ ගහගෙන යන වැලි ටිකක්,සුලිසුළගට කඩාගෙන වැටෙන කැලේ ගහක් දෙකක් කපගත්තාම මොකද වෙන්නේ කියල.

    ReplyDelete
  4. ඇමරිකාව ගැන නොදන්න උන්ට වඩා මේ කුහක වැඩේ කරන්නේ ඇමරිකාව ගැන දන්න උන්. මම යම් දෙයක් කියන්නම්. මේකෙදි මම මෙහි පාත්‍ර වර්ගයාගේ නම් කියන්නේ නැහැ. ලාංකික දේශප්‍රේමියෙක් තමන්ගේ ළමයාට උගන්නන්න ඇමරිකාවට යැව්වා. මේ ළමයාගේ වැඩේදී අවශ්‍ය කරන විසා ලබා ගැනීමේදී අදාල ආයතනයක ප්‍රධානියාගෙන් අහලා තියනවා ඇයි ඔබ මෙහෙම දෙයක් කරන්නේ ? ඔබට පුළුවන්නේ ළමයව චීනයට යවන්න කියලා. එතැනදි මෙයා කියනවලු, මේකනේ අපි ලංකාවෙදි කතා කරන්නේ ඇමරිකාවට කවදාවත් එන්න බැරි අයටනේ ඒකයි වෙනස කියලා.
    අදාල නිළධාරියාමයි මට මෙය කියුවේ.

    ReplyDelete
  5. මේක පැරකුම්, සුළි සුළඟට විතරක් නොවේ, අර ටවර් දෙකට ගැහුව වෙලාවෙත් තිබුනා. කාලකන්නි සතුටක් ලැබීම. ත්‍රස්තවාදයෙන් බැට කාපු රටක ඉන්න මිනිසුන්ම තමා එහෙම හිතුවේ. මා ඇමරිකානු ආණ්ඩුව අනික් රටවල් ජනතාවට කරන ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කරන්නේ නැහැ (ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ හා අනිකුත් රටවල). ඒ වගේම ලංකා ආණ්ඩුව කරන ත්‍රස්තවාදී ක්රියාත් අනුමත කරන්නේ නැහැ. හැබැයි මේ රටවල ඉන්න සාමාන්‍ය මනුෂ්‍යයන්ට වන ව්‍යසන වලදී සතුටු වෙන්න පුළුවන්, මනුෂ්‍යයන් නොවන අයට විතරයි.
    Anaatha

    ReplyDelete
  6. / එහෙත්, මේ කිසිවෙකු තමන්ට හෝ දරුවන්ට පදිංචිය සඳහා සුදුසු රටක් ලෙස චීනය සලකන්නේ නැත. යනවානම් යා යුත්තේ සුදු යුරෝපයට, ඇමරිකාවට හෝ ඕස්ට්‍රේලියාවටමය. */

    මේ නං ඉංගිරිසිය නිසා.
    ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් පවා මේ හොඩට අයිති නැත්තේ ඒ නිසයි.
    ඉතාලිය කොහොමද?

    ReplyDelete
    Replies
    1. චීනය සුදුසු රටක් ලෙස හිතුවත් ඔවුන් ගන්නේ නැහැනේ. චිනුත් හදන්නේ පුළුවන් තරම් පිට කරන්න, බටහිරට විතරක් නොවේ ලංකාව හා බොහෝ අෆ්රිකානු රට වලට.

      Delete
  7. මෙයට තව හේතුවක් තියෙනවා, ගෝලීය උණුසුම වැඩිවීමට ඇමෙරිකාවේ වගකීම් විරහිත දායකත්වය නිසා බංගලාදෙශය, මියන්මාරය වැනි "අහිංසක" රට වලට හානි පැමිණෙනවා වෙනුවට වරදකරුවන්ටම යම් දඩුවමක් ලැබීමයි...

    ReplyDelete
    Replies
    1. ලෝකයේ රටවල් අතුරින් චීනය තමයි ගෝලීය උනුසුම් වැඩිවීමට හේතුවන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රමානය අනුව වායුගෝලයට එකතුකරන්නන්ගෙ ලැයිස්තුවේ මුලින්ම ඉන්නෙ. http://en.wikipedia.org/wiki/List_of_countries_by_carbon_dioxide_emissions

      මේ රටවල් වලට ස්වභාවිකව යම්කිසිවෙක් දඬුවම් කරනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද? ඕක තමයි මේ සතුටුවෙන්නන් සතුව ඇති ජනප්‍රියම පැහැදිලි කිරීම - ස්වභාවික විපත් ඇතිවීම ගැන!

      - Dimithri

      Delete
    2. පැරකුම් කියා තියෙන්නේ මෙන්න මේ අංකල්ලා ගැනයි. දැන් ඇමෙරිකාව විසින් නිපදවන ලද හා ලෝකයට දායාද කල තාක්ෂනයන් භාවිතා කරමින් මේ පිළිතුරු ලියන අයත් ඒ උෂ්ණත්ව ඉහල යාමට හවුල් නැත්ද? අනාත

      Delete
  8. day before yesterday prof. nalin de silva wife and doughter took tha visa to amerika pake desapremin batahirata bana bana amerika yanawa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා