සමාජවාදය ජීවන භාවිතාවක් ලෙස: උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකා
( hot news : No limit to anti-Muslim attacks in Sri Lanka. Nolimit fashion store in Panadura set ablaze ) ධර්ගා නගරයේ කලබල උණුසුම මැද මම කොළඹ සිටින මගේ මුස්ලිම් මිතුරකුට කතා කළෙමි. ඔහු විහිළුවට මෙන් කීවේ තමන්ට දැන් ලංකාවේ ඉන්නට බැරි තත්වයක් ඇති වෙමින් තිබෙන හෙයින් පිටරට යන්නට සිතමින් සිටින බවයි. ඔහු යන්නට ඉන්නේ අරාබියටදැයි මම ඇසුවෙමි. මගේ මුස්ලිම් මිතුරා කීවේ "නෑ මචං, මම යන්නේ උරුගුවේ. ඒ තමයි ලෝකයේ ප්‍රගතිශීලී ම ජනාධිපති ඉන්න රට," කියායි. උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකාගේ නම ස්පාඤ්ඤ බසින් උච්චාරණය කරන්නේ වෙනස් ආකාරයකට ය. එහෙත්, එය වැදගත් කාරණයක් නො වේ. වැදගත් කාරණය වන්නේ ඔහු උරුගුවේ ජනාධිපතිවරයා ලෙස ලොවට දී ඇති ආදර්ශයයි. ඒ පරමාදර්ශය නිර්මානය වී තිබෙන්නේ මහා ගැඹුරු න්‍යායික ඉදිරිපත් කිරීම්වලින් හෝ සියුම් උපායමාර්ගවලින් හෝ වෙනත් එවැනි ලොකු ලොකු දේවලින් හෝ නොවේ. සරළ දිවිපැවැත්මෙනි. විකල්ප ජීවන විලාසයෙනි. සමාජවාදය ජීවන භාවිතාවක් බවට පත් කිරීමෙනි. ඔහුගේ කාර්යාලයේ ඔහු හිඳ ගන්නා සරළ ලී මේසය ඉදිරියෙන් අැත්තේ ඔහුගේ පරමාදර්ශී නායකයා වන චෙ ගුවේරාගේ උඩුකය ඡයාරූපයකි. චේ යනු විප්ලව...