ලංකාවේ දෙමළ ජනයාගේ අරගලය හා දකුණේ සහෝදර වාමාංශිකයන්ගේ අරගල හෘදය සාක්ෂියකින් තොරව ධනපති ආණ්ඩුවලට පාවා දුන් ජවිපෙ මහත්වරුනි, චේ ගුවේ‍රාගෙන් ඉගෙන ගන්න!

ජවිපෙන් බිඳී ගිය බහුතරය අලුත් පක්ෂයක් ආරම්භ කරන්නට තීරණය කර ඇත. 


මෙම ලේඛකයා ද ඇතුළු තවත් බොහෝ ජවිපෙන් බිඳී ගිය අය මෙම උත්සාහය දැරූ හ. 


නව පිරිස විශාල පිරිසක් නිසා ඔවුන් නිසැකව ම පක්ෂයක් ලියාපදිංචි නම් කරනු ඇත. 


එහෙත්, ඔවුන් ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ රටේ වාම බලවේග දිනා ගත හැකි, ඔවුන් විනයගත කළ හැකි, සංවිධානගත කර සමාජවාදය වෙනුවෙන් බලමුළු ගැන්විය හැකි, නව බලවේග ගොඩනැඟිය හැකි, මතවාදී අරගලය හෙවත් සංවාදයට විවෘත විය හැකි සැබැවින් ම අලුත් පක්ෂයක් නිර්මානය කිරීමට ඔවුන්ට හැකි වේ ද යන්නයි. 


ලෝකය තුළ ඔබ දැකීමට බලාපොරොත්තු වන වෙනස ඔබම වන්න යි ගාන්ධි කියූ කියමන මෙහිදී යම් මාර්ගෝපදේශයක් සපයයි. 


අප පෞද්ගලිකව සිතන අන්දමට නම්, අද දවසේ වම ඉදිරියේ ඇති කාර්යය වන්නේ ලෝකයට නව විකල්ප ජීවන විලාසිතාවක් හඳුන්වා දීමේ කාර්යයයි. එහිදී හෙට අප දකින්නට කැමති වෙනස අද සිට ම සජීවී කරන්නට අපි අපේ ජීවිතවලින් උත්සාහ කළ යුතු ය. 


පරමාදර්ශී සමාජවාදී සමාජයක අප දකින්නට කැමති මිනිස් සබඳකම් දැන් සිට ම අප තුළින් පවත්වාගෙන යන්නට අප සූදානම් ද? පරමාදර්ශී සමාජවාදී සමාජයක උත්තර මිනිස් ජීවිතය වෙනුවෙන් අප ජීවිත තුළින් දැන් සිට ම අරගල කරන්නට අප සූදානම් ද? 


රෝහණ විජේවීර විසින් හඳුන්වා දුන් ජීවන විලාසිතාවක් ඇත. අද දක්වා ම ජවිපෙ පරමාදර්ශී මිනිසා වන්නේ මෙම 'වෘත්තීය විප්ලවවාදියා' ය. 


එහෙත්, බුදුන්ගේ සංඝය අද ඉන්න සාදුලා දක්වා විපරිණාමය වූවා සේ ම, රෝහණ විජේවීර හඳුන්වා දුන් වෘත්තීය විප්ලවවාදියා ද අද වන විට විකෘති ජීවියකු බවට පත්ව ඇත. 


ජවිපෙ වෘත්තීය විප්ලවවාදියකු වූ විමල් වීරවංශ තමන්ට ජීවිතය විඳින්නට නො ලැබුණු බව කියා පාර්ලිමේන්තුවේ ඇඬුවේ ය. දැන් ඔහු එදා විඳින්නට බැරි වූ ඒවා ඇරියස් එක්ක ම විඳිමින් සිටියි. ඔහු පැතූ පරිදි විප්ලවය හෙවත් ජවිපෙ තනිවම ආණ්ඩුවක් පිහිටුවීම සිදු වූවා නම්, ඔහුට රතු කොඩියක සෙවණේ ඇරියස් අල්ලන්නට තිබිණි. 


අප මේ කියූ දේ විමල් වීරවංශට පමණක් නොව අදත් ජවිපෙ තුළ සිටින තව බොහෝ අයට අදාළ ය. 


කොටින් ම කියනවා නම් ජවිපෙ ක්‍රියාකාරිකයා නම් අප දන්නා මිනිසා වෙනුවට සුන්දර නව මිනිසකු පරමාදර්ශගත කිරීම වම හමුවේ ඇති අභියෝගයකි. 


අප මෙසේ කියූ විට, ජවිපෙ බැතිමතුන් කුපිත වනු ඇත. තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන, සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන, අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින, පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන, ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන, කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන, ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන, සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං, මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන, මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන, තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන, පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන, පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන ආදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇති අප දන්නා ජවිපෙ ක්‍රියාකාරිකයා ඔබ සිතන තරම් සුන්දර, ආකර්ශනීය මිනිසකු නො වන බව වටහා ගැනීම අලුත් වීමේ දොරටුව වෙත ඔබ ගෙන යයි. 


නැතිනම්, අපි මාර සුන්දර මිනිසුන් ය කිය කියා තම තමන් අතරේ ස්වයං වින්දනයක් ලබා ගනිමින් තවදුරටත් සිටිය හැකි ය. 


ලේඛකයාගේ ජීවන අත්දැකීම් අනුව, ජවිපෙ ක්‍රියාකාරිකයන් නම් මිනිසුන් වෙත ළං වීම හා ගැඹුරු මිතුරු සබඳතා ගොඩනඟා ගැනීම ජවිපෙ බැතිමතුන් නො වන, දේශපාලනික මිනිසුන්ට දුෂ්කර ය. ඔවුන් උත්සාහ කරන්නේ සමාජයට උඩින් පාදස්තලයක් මත සිට ගන්නට ය. එහෙත්, වැඩි දෙනෙක් බොල් ම බොල් පිළිම ය. ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය. 


නව මිනිසකු නිර්මානය කිරීමේ අභියෝගය භාර ගන්නට ගිය පැරණි පරපුරේ වාමාංශිකයන් නතර වුණේ රාජ්‍ය නොවන සංවිධාන හරහා බටහිර සල්ලි සොරකම් කිරීම, රට යාම, බඩජාරි අන්දමින් කෑම, අරක්කු බීම, සීමාන්තික දුම් බීම, ගංජා ගැසීම හා බඩු ගැසීම හෙවත් ගැහැනුන් සූරාකෑම ආදිය මිස අන් හරවත් යමක් නැති බොහිමියානුවාදයක් අසල ය. 


චේ ගුවේරා මහා ලොකු දාර්ශනික චින්තනයක් දේශනා කළේ නැත. චේ කළේ ජීවන විලාසිතාවක් ගොඩනැඟීමයි. චේගේ චරිතයේ ප්‍රබල ම ලක්ෂණය කවදාවත් පාවා නො දුන් හෘදය සාක්ෂියයි. 


ලංකාවේ දෙමළ ජනයාගේ අරගලය හා දකුණේ සහෝදර වාමාංශිකයන්ගේ අරගල හෘදය සාක්ෂියකින් තොරව ධනපති ආණ්ඩුවලට පාවා දුන් ජවිපෙ මහත්වරුනි,  චේ ගුවේ‍රාගෙන් ඉගෙන ගන්න!


වෙනස් මිනිසුන් වන්නට ඔබට පුළුවන් බව සහෝදරාත්මක විවේචනයන්ට සවන් දීමෙන් පෙන්වන්න. 


ඔබට සුබපැතුම්!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. වීරව0ස විතරක් නොවෙයි ඔබත් මෙතන කරන්නේ ඈඩිම.

    ReplyDelete
  2. අප අඬනවා නම් අඬන්නේ දේශපාලනිකව ලැබූ පරාජයන් නිසා ය. නැතිව, කෑවෙ නැහැ, ඇන්දෙ නැහැ, සංසර්ගයේ යෙදුණෙ නැහැ, සීගිරි ගියේ නැහැ කියා අඬන්නට අවශ්‍යතාවක් අපට නැත. අපි ඒවා කර ඇත.

    ReplyDelete
  3. I like the title. Quite good that!

    -KK

    ReplyDelete
  4. සුමිත් දෙස බලා සිටිමි.

    ReplyDelete
  5. මේ කියන දේ ට මමත් ඇත්තටම එකඟයි. වාමාංශික ව්‍යාපාරය හෝ වම ගැන හෝ විප්ලවය ගැන කතා කිරීමේදී ගත හැකි හොඳම උදාහරණය තමයි චේ. ලංකාවේ ජවිපෙ වගේ සිංහල, බෞද්ධ නැත්නම් අපේ ජාතිය ගැන කියමින් විප්ලව කරන්නට අර අඳින අඳබාල පක්ෂ චේ ගේ ජාත්‍යන්තර විප්ලවය ගැන හදාරා සිටිනවානම් වටිනවා.

    චේ ආර්ජන්ටිනාවේ ඉපිද, කියුබාවේ විප්ලවයේ ප්‍රධාන කොටස්කරුවෙකු වී, ලැබුණු ප්‍රබල ඇමතිකමක් වූ මුදල් ඇමතිකමත් අතහැර බොලිවියාවේ තවත් විප්ලවයක් සඳහා දායක වී එරටදී හෘද සාක්ෂියට එකඟව ජීවිතයෙන් සමුගත් බව දන්නවානම්, මෙවැනි අඳබාල හරසුන් විප්ලව කතා නොකියනු ඇත.

    ReplyDelete
  6. ඔන්න මගේ කෙටි කතාවත් මෙතන දානවා එහෙනම්.

    විප්ලවය

    අලුත් ව්‍යාපාරයත් මේ පාරේම යාවිද?

    ReplyDelete
  7. තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන, සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන, අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින, පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන, ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන, කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන, ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන, සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං, මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන, මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන, තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන, පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන, පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන ආදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇති අප දන්නා ජවිපෙ ක්‍රියාකාරිකයා ඔබ සිතන තරම් සුන්දර, ආකර්ශනීය මිනිසකු නො වන බව වටහා ගැනීම අලුත් වීමේ දොරටුව වෙත ඔබ ගෙන යයි.<<<<100% true

    ReplyDelete
  8. රෝහණ විජේවීර විසින් හඳුන්වා දුන් ජීවන විලාසිතාව (අනුව) අද දක්වා ම ජවිපෙ පරමාදර්ශී මිනිසා වන්නේ...වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං, මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන, මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන...භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන, පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන, පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන...මාර පොරක් පමණක් නොව...ජ වී පෙ අත්හැර වෙනත් පක්ෂයකට ගියත් ලොකු ලොකු තානාන්තර අරගෙන ලොක්කෝ බවට පත් උනත් ඔය ලක්ෂණ ප්‍රකට කරන...තමන් මාර පොරක් ලෙස සිතන...පොරවල් ය.

    ReplyDelete
  9. I agree with janaka some extent, at this moment people need practical leftists not the kind of leftists always beleving higly theoritical left ideologies and destructive revolutions etc. however, I personally belive that only left movement can change the direction our society is marching now.

    ReplyDelete
  10. රටට කොහොමත් අලුත් ගමනක් අවශ්යයි.

    වසර 65ක් තිස්සේ මුලින්ම බොරුකාරයන්ටත් පසුව උන්ගෙන් කුඩුකාරයන්ට,ස්ත්‍රි දූශකයන්ට,හොරුන්ට,මිනීමරුවන්ටත් ගිය රට නෑවතත් ජනතාව අත්කරගතයුතුයි.

    ඵ් සදහා කොන්ද පනතියන විචාරබුද්දිය තියන මිනිසුන් මිස බලය හමුවේ නෑට්ට පුකේ ගසාගත් ගොබ්බයන් හෝ වෑලයන අතට මෑස්සගසන අවස්තාවාදී කාලකන්නින් ඉදිරිපත්නොවන බව දන්නවා.

    ජ.වි.පේ නවප්‍රවනතාවය හොද ආරම්බයක්වේවා කියාපතනවා.

    අපිට(ජනතාව වශයෙන්) ඔන නීතියහා හා ප්‍රජතන්ත්‍රවාදයයි.
    ඵ් සදහා මෙතෙක් අව0ක උවමනාව දක්ව ඈත්තේ ඔබ පමනයි.
    -අශාන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා