ලංකාවේ දෙමළ ජනයාගේ අරගලය හා දකුණේ සහෝදර වාමාංශිකයන්ගේ අරගල හෘදය සාක්ෂියකින් තොරව ධනපති ආණ්ඩුවලට පාවා දුන් ජවිපෙ මහත්වරුනි, චේ ගුවේරාගෙන් ඉගෙන ගන්න!
ජවිපෙන් බිඳී ගිය බහුතරය අලුත් පක්ෂයක් ආරම්භ කරන්නට තීරණය කර ඇත. මෙම ලේඛකයා ද ඇතුළු තවත් බොහෝ ජවිපෙන් බිඳී ගිය අය මෙම උත්සාහය දැරූ හ. නව පිරිස විශාල පිරිසක් නිසා ඔවුන් නිසැකව ම පක්ෂයක් ලියාපදිංචි නම් කරනු ඇත. එහෙත්, ඔවුන් ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ රටේ වාම බලවේග දිනා ගත හැකි, ඔවුන් විනයගත කළ හැකි, සංවිධානගත කර සමාජවාදය වෙනුවෙන් බලමුළු ගැන්විය හැකි, නව බලවේග ගොඩනැඟිය හැකි, මතවාදී අරගලය හෙවත් සංවාදයට විවෘත විය හැකි සැබැවින් ම අලුත් පක්ෂයක් නිර්මානය කිරීමට ඔවුන්ට හැකි වේ ද යන්නයි. ලෝකය තුළ ඔබ දැකීමට බලාපොරොත්තු වන වෙනස ඔබම වන්න යි ගාන්ධි කියූ කියමන මෙහිදී යම් මාර්ගෝපදේශයක් සපයයි. අප පෞද්ගලිකව සිතන අන්දමට නම්, අද දවසේ වම ඉදිරියේ ඇති කාර්යය වන්නේ ලෝකයට නව විකල්ප ජීවන විලාසිතාවක් හඳුන්වා දීමේ කාර්යයයි. එහිදී හෙට අප දකින්නට කැමති වෙනස අද සිට ම සජීවී කරන්නට අපි අපේ ජීවිතවලින් උත්සාහ කළ යුතු ය. පරමාදර්ශී සමාජවාදී සමාජයක අප දකින්නට කැමති මිනිස් සබඳකම් දැන් සිට ම අප තුළින් පවත්වාගෙන යන්නට අප සූදානම් ද? පරමාදර්ශී සමාජවාදී සමාජයක උත්තර මිනිස් ජීවි...