සරත් ෆොන්සේකාට ප්‍රතිකාර නොලැබෙන්නේ ඇයි? / Whu Sarath Fonseka is not treated.

සරත් ෆොන්සේකා ප්‍රතිකාර සඳහා නවලෝක රෝහලට ගෙන යන්නේ නැත. එය කළ හැකි ද යන්න නීතිපගෙන් විමසා ඇති බව බන්ධනාගාර කොමසාරිස් පවසා ඇත.


කලින් ඔහු නවලෝක රෝහලට ගෙන ගියේ රිමාන්ඩ් සිරකරුවකු ලෙස බව බන්ධනාගාර කොමසාරිස්වරයා දිවයින පුවත්පතට කියා ඇත. එය හතර බීරි කතාවකි. එතකොට සරත් ෆොන්සේකාට යුද්ධාධිකරණයෙන් දුන් සිර දඬුවම කුමක්ද? 


බන්ධනාගාර කොමසාරිස් කියන පරිදි සිරකරුවන් රැගෙන යා යුත්තේ රජයේ රෝහල් වෙත ය. 


දක්ෂ නිලධාරීන්ට ‍, විනිසුරන්ට පාලක පවුලේ උවමනාවන් ඉවෙන් මෙන් දැනේ. කළ යුතු දේ කුමක්දැයි නො කීවත් කරන්නට ඔවුහු දනිති. අවශ්‍ය දේ කළ විට ඒවාට ප්‍රතිලාභ ලැබෙන බවත් ඔවුහු දනිති. 


සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පාලක පන්තියේ ආකල්පය තඩි ප්‍රියන්ත මීට ඉහතදී සිය ත්‍රස්තවාදී කොලමෙන් හෙළිදරව් කළේ ය. ඒ වනාහි කන්න, බොන්න දී මැරෙන තුරු වසා තැබීමයි. මන්ද, ෆොන්සේකා එළියට ඒම පාලක පවුලට අයහපත් වන බැවිනි. 


සරත් ෆොන්සේකාගේ මුල් සිර දඬුවම අවසන් වන්නට පෙරාතුව තවත් එකක් දුන් විට ඔහු එළියට නො එන බව තහවුරු වේ. ඒ දඬුවම භාගයක් පමණ ගෙවී යන විට තව එකක් දෙන්නට සැලසුම් මේ වන විට සකසා අවසන් ය. 


එහෙත්, සරත් ෆොන්සේකා තද මිනිහෙකි. සටන්කරුවෙකි. තවම ඔහු ඇද වැටී නැත. මානසිකව ඇද වැටී දනින් වැටී සමාව ඉල්ලනවා නම් පමණක් ඔහුට සමාවක් ලැබෙනු ඇත. 


පාලක පවුලේ අසහනයට හේතු වන අනෙක් කරුණ නම් ඔහු ශාරීරකිව ද ඇද නො වැටීමයි. 


දැන් ඉතින් ඔහු සම්බන්ධයෙන් පාලක පවුලට වඩා හොඳ ඔහු වලපල්ලට යන තැනට වැඩ සිද්ධ කිරීම බව නිලධාරීන්ට තේරෙයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ බල්ලො හැමෝටම සහගහනව, මේ කරන පළිගැනීමට. ඇත්ත කථා කරන කොන්ද කෙලින් තියෙන නියම වීරයට ජය වේවා.

    ReplyDelete
  2. කුඩ්ඩන්ට නම් රට ගිහින් හරි බෙහෙත් දෙනව,, නොදෝකින්

    ReplyDelete
  3. රාජපක්ෂලා ෆොනිට මේ තරම් බය ඇයි.ෆොනි නොහිටියා නම් ජරාපක්ෂලා ප්‍රභාකරන්ට කොච්චර බය වෙයිද.ෆොනිව ඉස්සරහට දාලා යුද්ධෙ දිනලා තවම යුද්ධෙන් ජීවත් වෙවි මේ කරන්නේ විකාරයක්.දැන් තමයි යුද්ධෙ නියම හිඟන්නාගේ තුවාලේ වෙලා තියෙන්නේ.ඒක පාර පාර රාජපක්ෂලා ගාන කැපිල්ල අමතක කරන්න ෆොන්සේකාව හිර කරනවා.ජරාපක්ෂලාගේ නාට්‍යයේ අවසන් ජවනිකා රඟ දක්වන මේ අවදියේ ශ්‍රි ලංකාද්විපයේ දේශප්‍රේමි ජනතාවට තියෙන්නේ නැට්ට පුකේ ගහගෙන ඉන්නයි.දේශප්‍රේමි නොවන ජනයාට සැහෙන වැඩ කොටසක් රට වෙනුවෙන් කිරිමට ඉතිරිව ඇත.

    ReplyDelete
  4. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්ථාව අනුව වැරදි කළ අයට අපේ ක්‍රමේට දඬුවම් දෙනවා කිව්වෙනම් හොඳකට නෙමේ. සදා සොත්තී භවංතුතේ වගේ..... (තවත් අනාවැකියක්)

    ReplyDelete
  5. දැන් එතකොට කුඩු දුමින්දටයි මාලකටයි ආන්ඩුවේ ඉන්න කප්පරක් ඇමතිලාටයි විතරද ප්‍රයිවට් හොස්පිටල් තියෙන්නේ.....
    shame on u mahinda n gang

    ReplyDelete
  6. ඕකට ඔහොම කරල මදි...කෙලෙහිගුණ නොදන්න පාහර බල්ලා....රට විනාශ කරන්න ඉපදිලා...‍තෝ හිරේදිම මැරිල පල!

    ReplyDelete
  7. සරත් ෆොන්සේකා රට වෙනුවෙන් කොච්චර දෙයක් කලාද..... කලගුණ අමතක කරන්න හොඳ නෑ කවුරු උනත්... ------ආණ්ඩුවේ මිනිහෙක්-----

    ReplyDelete
  8. යුද වීරයාට කරපු දේ නම් අන්තිම සවුත්තුයි.ඕවට නම් හෙන ගහලත් මදි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා