ජෝන්ට එදිරිව බැසිල් (මේ දෙන්නා සුද්දෝ නො වේ. සුද්දෝදනලා පමණි.)

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවූ විට පසුගියදා රජයට පවරා ගන්නා ලද සමාගම් 37 ආපසු පෞද්ගලික අංශයට දෙන බව වැඩ බලන විපක්ෂ නායක ජෝන් අමරතුංග අද දිවයිනට පවසා ඇත. 


එක්සත් ජාතික පක්ෂය කොහොමත් පෞද්ගලික අංශයට දෙන්නට හරි දක්ෂ ය. 


මහින්ද රාජපක්ෂ රෙජිම එහි අනෙක් පැත්ත ය. ඒ කියන්නේ රජයට ගන්නට දක්ෂ ය. රජය කියන්නේ වෙන මොකවත් නොව රාජපක්ෂ පවුලේ සමාගම ය.  එහි ලාභ පවුලට හා පවුලේ අන්තේවාසිකයන්ට ය. පාඩු ජනතාවට ය. 


එක කට්ටියක් පවුල හදති. අනෙක් කට්ටිය පෞද්ගලික අංශය හදති. කවුරුවත් නැත්තේ ජනතාව නංවන්නට ය. 


කෙසේ වෙතත්, පෞද්ගලික සමාගම් රජයට පවරා ගැනීමේ පනත පිළිබඳ විවාදයේදී බැසිල් රාජපක්ෂ විසින් පවත්වන ලද කතාවේ වැදගත් කරුණු සම්භාරයක් අඩංගු වී තිබේ. එබැවින් එය කියවීම වැදගත් ය. 


වගකමක් ඇත් මාධ්‍යයක් වන, රජයේ ලියාපදිංචි කර ඇති දිනමිණ පුවත්පතේ එම කතාව පළ කර තිබේ. කියවන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා