පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය නො ලැබීම හා යහපාලනයේ ගැටලු

කිටීස් දුපතේ ලොබිං කෝච්චිය  
ලංකාවේ පාලකයෝ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හම්බන්තොටට ලබා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය. 


අවසන් මොහොතේ මේ පිළිබඳ ඡන්දය දෙන රටවලට බලපෑම් කිරීම සඳහා ඡන්ද විමසීම පැවති කිටීස් නම් කැරිබියන් දූපතට ගිය ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,  ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ආදීන්ගෙන් සමන්විත නියෝජිත පිරිස මුළුමනින් ම පාහේ අසාර්ථක වී ඇති අතර, ඔවුන් ඡන්ද 27ක් ලබා ගන්නා විට ඔස්ට්‍රේලියාව ගෝල්ඩ් කෝස්ට් ඡන්ද 43ක් ලබා ගැනීමට සමත් විය. 


මෙම ඡන්දය අවසාන මොහොත දක්වා ම අවිනිශ්චිත විය. ජයග්‍රහණය තීරණය වූයේ අවසන් මොහොතේ නිගමන සමගයි. 


හම්බන්තොට යනු අන්ත දිළිඳු ජනතාවක් ජීවත් වන දිස්ත්‍රික්කයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ එම දිස්ත්‍රික්කයේ මහේක්ෂ ආර්ථික තලයේ විශාල සංවර්ධනයක් කරමින් සිටියි. 


හම්බන්තොට සිහින නගරයේ 2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන්නට අයදුම් කිරීම ජනාධිපතිවරයාගේ ධනේශ්වර උන්නතිකාමය පැත්තෙන් ගත් කල නරක තීරණයක් නො වේ. රටේ දිළින්දන්ට මෙම ක්‍රීඩා උළෙලින් අමතර ණය බරක් හැර අන් කිසිවක් නො ලැබෙන්නට ඉඩක් තිබුණත්, එය හේතුවෙන් රටේ ක්‍රීඩා සංවර්ධනයක් ද, අනෙක් පැත්තෙන් ලංකාවේ ධනේශ්වර ආර්ථිකයේ ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය වීමක් ද සිදු වන්නට ඉඩ තිබිණි. 


රටට සංචාරකයින් හා ආයෝජකයින් ගෙන්වා ගැනීම හා ඒ ඔස්සේ වේගවත් ධනේශ්වර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ රජයේ උපාය මාර්ගය සමග මෙම උත්සාහය මුළුමනින් ම අනුකූල ය. එය චීනය ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීමට ගත් උත්සාහය වැනි එකකි. එහෙත්, චීනය ඒ වෙනුවෙන් කැප කිරීම් කළා ය. 


යුද්ධයෙන් මිදුණු, වේගයෙන් සංවර්ධනය වන පුංචි රටකට මෙම අවස්ථාව ලබා දිය යුතු බවට යුක්තියුක්ත ප්‍රචාරයක් ලංකාවේ රජය පැත්තෙන් ගෙන යන ලදී. 


‍එවැනි තත්වයක් තුළ පවා, පශ්චාත් බ්‍රිතාන්‍ය යටත් විජිත රටවලින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල බහුතර සහයෝගය ලංකාවට දිනා ගන්නට බැරි වන්නේ පාලකයන්ගේ දුර්වලකම නිසා ම ය. 


පාලකයන්ගේ මූලික දුර්වලකම ඔවුන් ලෝකය හා ලංකාව දෙකක් ලෙස සැලකීමයි. ලංකාවේ සිදු වන දේ ලෝකයට ආරංචි නො වන බවට පූර්ව විනිශ්චයක ඔවුන් සිටින බව පෙනේ. නැතිනම්, පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරක රට තේරීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නට ඔන්න, මෙන්න තියා පෞද්ගලික අංශයේ දේපල රජයට පවරා ගැනීමේ මුගාබේ පන්නයේ පනතක් සම්මත කර ගන්නේ නැත. 


එපමණක් නො ව, රජය පශ්චාත් යුද සමයේ රටේ ස්ථිරසාර සාමයක්, ප්‍රජාවන් අතර සංහිඳියාවක්, නීතියේ පාලනයක්, යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරීමට අසමත් වූ බවත් ලෝකය ම දනී. ලංකාවේ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට ඔච්චම් කරන අන්දම ලෝකය පුරා පතළ ය. ලොව මේ වන විට පිළිගත් පාලන දෘෂ්ටිවාදය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට උසුළු විසුළු කරන ක්‍රම විරෝධී ලිබියානු, ඉරාන පන්නයේ රටක් ලෙස අනන්‍යතාවක් ගොඩනඟා ගැනීම ලංකාව මෙවැනි පරාජයන් අත්පත් කර ගැනීමට ප්‍රධාන හේතුවයි. මෙවාට උඩගෙඩි දුන් ආණ්ඩුවේ ජාතිවාදී බලවේග මෙම තත්වයේ ප්‍රධාන වගඋත්තරකරුවේ වෙති. 


ලංකාව පිළිබඳ පුවත් පළ වන වෙබ් අඩවි ලංකාවේ මිනිසුන්ට නො පෙනෙන පරිදි වැළැක්වූවාට ලෝකයට ඇත්ත පෙනීම එයින් වළක්වන්නට බැරි ය. 


රටේ යහපාලනය තහවුරු කර නො ගෙන ලෝකයේ පිළිගැනීම ලබා ගන්නට යාම සුවිසල් දේශපාලන අනුවණකමකි. මේ රටේ දුප්පත් ජනතාවගේ මුදලින් රුපියල් මිලියන සිය ගණනක් මේ සූදුව වෙනුවෙන් වියදම් කර ඇත. රජය මේ පිළිබඳ ජනතාවට උත්තර දිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මෙය නොලැබීම අතිශයින්ම අගය කළ යුතු දෙයකි. වෙනත් රටවල් නම් මෙවැනි අවස්ථාවක් ලබා ගත් සැනින් කරන්නේ ඒ හා සමගාමීව මුළු රටටම ලාභ ලැබිය හැකි වෙනත් මාර්ගද විවෘත කර ගැනීමයි. ක්‍රීඩා උළෙලක් පැවැත්වීමෙන් පසු මුළු රටම ආර්ථික වශයෙන්ද පිබිදීමක් ඇති කර ගනියි.

    නමුත් මේ සඳහා ලංකාවේ හොඳම උදාහරණය 2011 ක්‍රිකට් ලෝක කුසලාණයයි. වෙනත් රටවල් ලාභ ලබද්දී මේ 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ ණය අපි තවමත් ගෙවමින් සිටිමු.

    ReplyDelete
  2. දවස් 11ක සැණකෙළියට වියදම කෝටි 26,500යි. මේවා මහජන මුදල්.

    මේ ටිකම දැන් ඉතුරුයි. දැන් මේවගේන් මහජනයාට සහන දෙන්න පුළුවන්

    ReplyDelete
  3. ලංකාවේ පාලනය අන්නකොරෝස් වී හමාරය. යන්නේ කොහෙද මල්ලේ පොල් ගානට වැටී හමාරය. දේශපාලන මළගම පෙනෙනතෙක්මානයේය.

    ReplyDelete
  4. sri lankan peoples lucky

    ReplyDelete
  5. පිස්සූ.. එහෙම තමයි ඔට්ටු අල්ලන කොට. දින්න නම් කොහොමද..? උඹලා හරි ඊරීසියාකාරයෝ. මේ රටට ආදරේ නැති දේශද්‍රෝහියෝ. අපි දැන් මේ උළෙල රටවල් 4 ක් අතරෙ පමණක් (එංගලන්තේ, ඔස්ට්‍රේලීයාව, කැනඩාව, නවසීලන්තය.) දෝලනය වෙන එකට ගේම අදින්නයි යන්නේ. ඔය විරුද්ධව දීපූ උනුත් එන්න එපයි 2014. එදාට බලාගමු.

    ReplyDelete
  6. කව්ද මේ ඉන්න බුරුවො රංචුව?

    ReplyDelete
  7. //මෙවාට උඩගෙඩි දුන් ආණ්ඩුවේ ජාතිවාදී බලවේග මෙම තත්වයේ ප්‍රධාන වගඋත්තරකරුවේ වෙති. //
    අනේ හුකේ...ඔය ජාතිවාදී බලවේග නැත්නම් මේ ආණ්ඩුවට විළි වහගන්න තියෙන එකම රෙද්දවත් නැතිවෙනවා....නෙද්දකින් මූ බොර දියේ මාළු බාන්න හදන හැටි

    ReplyDelete
  8. ලෝකයටම චන්ඩි පාට් දම දම...ලෝකෙන් සත් කාරකත්වය ඉල්ලන්නේ කොහොමද කියල තේරුම් ගන්න මොලයක් නැති ගොබ්බ ආණ්ඩුවක් මේක...මේ විදිහට මහජන මුදල් බිලියන ගණන් නාස්ති කරන්න...පවුල් පිටින්...යාලු මිත්‍රයන් සමග ට්‍රිප් ගහන්න...වැඩ හදා ගැනීම...මොන ජනතා ප්‍රේමයද?

    ReplyDelete
  9. Mahind and clan should understand Sri Lanka is part of the world and it is not a seperet world.They always think they can influence the world by their own style,they brought from their home twon Hambantota. They must understand how world is working and what is deplomacy.The biggest problem is who are around him and what thir attitude towards to the future of the country.Most of the people who are around him is narrow minded specialy they were not open to the world.This is not only a problem for him this is one of the biggest problem for Sri Lanka in many ways.If some one try to introduce some thing new, there is a always problem with out making constuctive debate.It is a mantality of the people who are not open minded to evolution of the world.If some one carefully study most of our politician he/she will understand this truth.Most of the influential people in Sri Lanka not open their mouth and they were used waite and see method to resolve these problems, but when it is resolve itself definitly country is ruin by these people.So,this is the time to act as responcible citizen of Sri Lanka, not for any particular political partys or group agenda.So let start.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා