ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි!

ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය යටතේ දඬුවම් පැමිණවිය හැකි වැරදි වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම හා ඊට සහාය වීම මිස පුරුෂයින් සන්තර්පණය කිරීමේ කාර්යය සඳහා ගණිකා මඩමක සේවය කිරීම නො වන බැවින් ජිනා මැඩම්ගේ කොල්ලුපිටිය ලිංගික සේවා මධ්‍යස්ථානයේ සේවය කළ ලිංගික ශ්‍රමිකයන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත.


මෙය ඉතා සාධාරණ නඩු තීන්දුවකි. මක් නිසා ද යත්, මෙම ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් සේවා ලබා ගත් පිරිමින්ට නඩු පැවරීමක් ද සිදු වී නැති බැවිනි.


ලංකාවේ පිරිමින් වෙනුවෙන් විශාල සේවයක් කළ ජිනා මැඩම්ගේ ලිංගික සේවා මධ්‍යස්ථානය නම් ලංකාවේ නීතියට පටහැණි ය. ඒ නිසා ඇය ගැන නම් දුක ය.


වගකීමක් ඇති, ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි වෙබ් අඩවියක් වන දිනමිණ පුවත්පත මෙන්න මෙතැන කියන ආකාරයට ඇයට නඩු දමා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. වගකීමක් ඇති පුවත්පතක් නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් හෝ බොරුවක් හෝ වෙන්නට නම් බැරි ය. 


අනේ අම්මප, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ගණිකා වෘත්තීය තහනම් රටවල මේ පිලිබඳ ප්‍රතිපත්තිය කුමක්දැයි දන්නා කෙනෙක් වෙත්නම් එය සඳහන් කර එවීම මෙම සංවාදය ඉදිරියට ගෙනයාමට රුකුලක් වනු ඇත. අපි තවම නීති හා අධිකරණ පද්ධතිය අතින් 18 වන ශතවර්ෂයේ සිටින බවයි මගේ හැගීම. පැමිණිලිකාරයා හා විත්තිකාරයා බල්ලන් මෙන් කූඩු වලට දමන්නේ ඇයි? ඔවුන්ට වාඩිවෙන්නට දීම රාජ අපරාධයක්ද? සමහර රටවල ඉතා පහසුවෙන් වාඩිවී නඩුවට මුහුණ දෙන දෙපක්ෂයම දැකිය හැකියි. එයින් ඔවුන්ගේ මානසික ආතතියද දුරුවී සාධාරණ ලෙස කටයුතු කළහැකි වෙනවා. සමහර නීතීඥයන් උඩ පැන අඩවූ අල්ලා, මහා හඬින් කෑගසා කරන විප්‍රකාර මගින්, බොරුව ඇත්ත කරන ක්‍රමය නැවත්වීමට දැන් කාලය පැමිණ ඇත. සෑම නඩුවක්ම පරිගණක තාක්ෂණයෙන් වීඩියෝ පටිගත කර මධ්‍යම ගබඩාවක සුරක්ෂිත කිරීමද අවශ්‍යය. නීතීඥයන් ආදායම් බදු ගෙවිය යුතුය. පැරණි විකාර නීති අත්හැර එක නීති ක්‍රමයක් (ජාතීන් අනුව නොබෙදුණු) ඇති කල යුතුය. නඩුකාරයා (නඩුව කරවන්නා = නඩුකාරයා. එසේම ආමිකාරයා, පොලිස්කාරයා, පත්තරකාරයා, පාන්කාරයා) දේවත්වයෙන් පිදීම වෙනුවට නිසි ගවුරවය සහිත පුද්ගලයකු කිරීමට කාලය මෙයයි. ජී. ඇල්. පීරිස් උන්නැහේලා වගේ අය නීති පද්ධතිය වෙනස් කිරීමට ක්‍රියා නොකරන්නේ ඇයිද යන්න මහත් ගැටලුවකි.

    ReplyDelete
  2. dan dinamina kathu thuma kawda ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා