Posts

Showing posts with the label ශ්‍රේෂ්ඨාධිකරණය

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි!

ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය යටතේ දඬුවම් පැමිණවිය හැකි වැරදි වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම හා ඊට සහාය වීම මිස පුරුෂයින් සන්තර්පණය කිරීමේ කාර්යය සඳහා ගණිකා මඩමක සේවය කිරීම නො වන බැවින් ජිනා මැඩම්ගේ කොල්ලුපිටිය ලිංගික සේවා මධ්‍යස්ථානයේ සේවය කළ ලිංගික ශ්‍රමිකයන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත. මෙය ඉතා සාධාරණ නඩු තීන්දුවකි. මක් නිසා ද යත්, මෙම ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් සේවා ලබා ගත් පිරිමින්ට නඩු පැවරීමක් ද සිදු වී නැති බැවිනි. ලංකාවේ පිරිමින් වෙනුවෙන් විශාල සේවයක් කළ ජිනා මැඩම්ගේ ලිංගික සේවා මධ්‍යස්ථානය නම් ලංකාවේ නීතියට පටහැණි ය. ඒ නිසා ඇය ගැන නම් දුක ය. වගකීමක් ඇති, ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි වෙබ් අඩවියක් වන දිනමිණ පුවත්පත මෙන්න මෙතැන කියන ආකාරයට ඇයට නඩු දමා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. වගකීමක් ඇති පුවත්පතක් නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් හෝ බොරුවක් හෝ වෙන්නට නම් බැරි ය.  අනේ අම්මප, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන් (ලියනාරච්චිගේ සඳලාල් ජයවර්ධන ගැන)

Image
( 2010 සැප්තැම්බර් 03,  W3Lanka )   අඹගස්‌පිටිය කුඩුමුල්ල පදිංචි ලියනාරච්චිගේ සඳලාල් ජයවර්ධන වසර හත හමාරක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේ ලංකාවේ නීතිපතිවරයා ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නිර්දේශ කර සිව් වසරකටත් වඩා ගත වී තිබියදී ය.  ඔහුට විරුද්ධව මිනීමැරුම් චෝදනා නැඟූ වීරඟුල පොලිසියට මෙම නීතිපති නියෝගය ක්‍රියාත්මක කරවීමේ උවමනාවක් නො තිබිණි.  අවසානයේදී මානව හිමිකම් පිළිබඳ ක්‍රියා කරන එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් ලෙස දේශප්‍රේමීන් විසින් සාමාන්‍යයෙන් හඳුන්වන සංවිධානයක් හේතුවෙන් ඔහුට මානව හිමිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකි විය. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු වහා නිදහස් කරන ලෙස නියෝග කළේ ය.  උගත්කමක් නැති, දුප්පත්, අසරණයකුට ලංකාවේ නීතියෙන් ලැබෙන රැකවරණයේ තරම කියා පාන සංකේතයක් ලෙස සඳලාල් ජයවර්ධන සැලකිය හැකි ය.  ජීවිතයේ වටිනා වසර හතහමාරක් සිර ගෙදර ගෙවා දැමූ සඳලාල් හිස් අතින් ගෙදර යන්නේ ය. ඔහු තුළ පැසවන සමාජ වෛරය හා දුප්පත්කම විසින් ඇතැම් විට ඔහු යළි බන්ධනාගාරයට ම කැඳවන්නට ඉඩ තිබේ.  සඳලාල් සම්බන්ධයෙන් කවුරුවත් වග නොවෙති.  එහෙත්, අපි සමා...