කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන් (ලියනාරච්චිගේ සඳලාල් ජයවර්ධන ගැන)

(2010 සැප්තැම්බර් 03, W3Lanka) අඹගස්‌පිටිය කුඩුමුල්ල පදිංචි ලියනාරච්චිගේ සඳලාල් ජයවර්ධන වසර හත හමාරක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේ ලංකාවේ නීතිපතිවරයා ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නිර්දේශ කර සිව් වසරකටත් වඩා ගත වී තිබියදී ය. 


ඔහුට විරුද්ධව මිනීමැරුම් චෝදනා නැඟූ වීරඟුල පොලිසියට මෙම නීතිපති නියෝගය ක්‍රියාත්මක කරවීමේ උවමනාවක් නො තිබිණි. 


අවසානයේදී මානව හිමිකම් පිළිබඳ ක්‍රියා කරන එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් ලෙස දේශප්‍රේමීන් විසින් සාමාන්‍යයෙන් හඳුන්වන සංවිධානයක් හේතුවෙන් ඔහුට මානව හිමිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකි විය. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු වහා නිදහස් කරන ලෙස නියෝග කළේ ය. 


උගත්කමක් නැති, දුප්පත්, අසරණයකුට ලංකාවේ නීතියෙන් ලැබෙන රැකවරණයේ තරම කියා පාන සංකේතයක් ලෙස සඳලාල් ජයවර්ධන සැලකිය හැකි ය. 


ජීවිතයේ වටිනා වසර හතහමාරක් සිර ගෙදර ගෙවා දැමූ සඳලාල් හිස් අතින් ගෙදර යන්නේ ය. ඔහු තුළ පැසවන සමාජ වෛරය හා දුප්පත්කම විසින් ඇතැම් විට ඔහු යළි බන්ධනාගාරයට ම කැඳවන්නට ඉඩ තිබේ. 


සඳලාල් සම්බන්ධයෙන් කවුරුවත් වග නොවෙති. 


එහෙත්, අපි සමාජයක් වෙමු. අප පාලනය කිරීම පිණිස අපි නීතියක් ගොඩනඟා‍ගෙන, රජයක් ද පත් කරගෙන සිටිමු. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. අපරාධකරුවන් පුහුණු කරන්නෙ හිර ගෙ ඇතුලෙ. එලියෙ ඉදලා ඇතුලට යන්නෙ අසාධාරණය දකින්න බැරුව කාව හරි මරලා ගහාලා, බඩිගින්නෙ ඉන්න බැරුව කන්න, කවන්න හොරකම් කරලා, තරහා ගිහින් ගහලා , එවගෙ දෙවල් වලට. නමුත් ඇතුලට ගියාට පස්සෙ කුඩු ගංජා බොන්න පුරුදු වෙලා, වෘත්තියමය අපරාධකරුවන්ගෙ ආශ්‍රය හම්බෙලා. ජිවිතයෙ ඉතිරි කොටස වෘත්තියමය අපරාධකරුවෙකුගෙ මට්ටමටම ගෙවන්න පාර හදාගෙන තමයි ගොඩක් අය එන්නෙ. බලමු නෙද මොකද වෙන්නෙ කියලා.

    ReplyDelete
  2. As Sri Lankans we should be ashamed of our legal system, not only that, the whole society...

    ReplyDelete
  3. So where is he now.

    There was also this story about an LTTE suspect in custody for over 14 years. Taken as a minor he is now over 30, I heard.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා