ප්‍රජාතන්ත්‍රවාදය අභාවප්‍රාප්ත වූ වගයි


මෙරටෙහි උපන්නා ද නො දනිමි
නො රටකින් ආවා ද නො කියමි
තව බොහෝ අය සේ 
ඔහු ද සිටියේ නුහුරෙනි

ඔහු කෙළින් මිනිහෙක් නොම විය
හොඳ මිනිහෙක් නො වූ මුත් 
නරක අයෙක් ද නොම විය
ඔහු ඔහේ හිටියේ ය
අපි ද ඔහේ හිටියෙමු

මෙතෙක් කල් ඔහු සිටියේ
සිටියත් වැඩක් නැතියේ
එහෙත් දැන් නැතියේ
වෑවෙනු කෙලෙස තනියේ

ගිලානව අලස ව
සෝමාරි ඔබ සිටියේ 
ඔබ නැති ලොවක හැටි ගැන 
අප තවම නොම දන්නේ

ඔබ අනුප්‍රාප්තික
කවුරු ද මිතුර, කියනු ය
ඔබ අභිභවා නැඟි
අර චණ්ඩ ඒකාධිපතියද? 
කලින් කල හිස සඟව ගනිමින් 
හැමදාම ඔබ ළඟ සිටි

ඔබ නැති ලොවක දැන්
ඉතින් ඔහු විතර ද? 

අජිත් පැරකුම් ජයසිංහ

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මගේ බලවත් ශෝකය...!

    ReplyDelete
  2. ඔබ නැති ලොවක දැන්
    ඉතින් ඔහු විතර ද?

    ReplyDelete
  3. Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with Imagesharingsites.com

    ReplyDelete
  4. ප්‍රජාතන්ත්‍ර වාදය නැති වීමට ඔබ (අජිත්) එකඟද? නැත්ද? ඔබ ප්‍රජතන්ත්‍ර වාදියෙක්ද? නැත්ද?

    ReplyDelete
  5. I like your poem. It has a good meaning.

    But I have a problem with your death notice. A similar death notice was published in June 1972. The death notice published in the Daily News in 1972 had the following sentence (I can't remember the notice accurately).
    "...D. E. M. O. Cracy, born on 04 Feb 1948, died on 22 June 1972". In 1978 JR dig his grave deeper and put more stones on his grave, fearing he may come out from his grave. Now all those scoundrels across the party divide are joining together to put more stones on his grave. Those who did this crime in the past have gone to the dust bin of the history as happened to the people did this sin in the past. To me D. E. M. O. Cracy is immoral. No one could kill him. He was born some 2500 years ago in Athens. He is part of our nature: He is everywhere; He is everlasting. His resurrection is inevitable.

    ReplyDelete
  6. ආනන්දයෙන් පරay ඥාවට

    රාත්තිරියටත් වඩා ගිනි මද්දහන ආනන්දයක් වී
    ධවල වර්ණ හැඩිදැඩි සිත් ඇත්තෝ සැරිසැරූ
    දෙන්නන්ට ද නොදෙන්නන් ට ද නිති සිනා සී
    වහසි බස් දොඩා දන මන විකාරයක් කළෙහිය නොමනා

    සාප වන්තයෝ දෙදණ ඇන පවු සමාකරගත්හ
    සෘෂි පැවිද්දන් සේ පෙනී සිටියෝ ලජ්ජාවටත්
    ස`දන් සුව`ද ම නොව මහා ඝන්දස්කාරය වැපිරූවෝ
    නොබා තෙද බල සම්පන්නව ජන වරම ලැබූ යුගයකි

    ඝොර බිරම් ගති පා අකල්හි වැසි වස්සවා
    ධන ධාන්ය් ද වැය කර තොර තෝංචිවක් නැති කතා වැසි නිමාවී
    රට කරවන්නයැයි දිනා ගත් මැති ඇමැත්තෝ
    පරරා ඥාවන්තයන් වනු ඇතැයි දන මග බලා හිදිද්දී

    පෙළ ගැසී කුදු වෙවි අතටගත් බැල බත බුදී
    කොනින් කොන කනහමින් රහ බලා තලුමරයි
    උදම් රළ පෙළක් සේ වෙර වඩා ආවඩයි
    රට බලා සිටියදී රජු නැගෙන ව්යිවස්ථා මග හදයි


    - හිතුවක්කාරයා
    http://hithuwakkaraya.blogspot.com/

    ReplyDelete
  7. නියතය

    වනන්තරේ වග වලසුන් දැඩි හිතැති
    අනුන් නොනසාය තම කුස ගිනි නැති විටදී
    කුස ද පිරී තැන තැන වැතිර ලතැවෙවී
    වෙහෙසෙන්නී අන් මරා අප පමණක් රජ වෙන්නී

    සූරිය පායයි ද ගන`දුර ඉල්ලන රටට
    වීරිය කුමකට ද හැමදාමත් ඉන්න
    කාරිය ඉටු වුනා නොවුනා ගෙන හිතට
    යායුතු මොහොත මිස කුමට ද වෙන වලප

    පමණ දැන ගන්න පෙර දවස නරපති
    ගෙයින් ගෙය ගියෝ තනි මග නොබා ගති
    තමන් වටා ඇති අ`ද ස`ද වෙත නිති පැවති
    උනුන් දෙන උපා මිස ජන මත අද නොඅදහති

    ගාමිණී සරත් ගොඩකන්ද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා