දෙයියො දනී! අපි නො දනී!

(2010 සැප්තැම්බර් 19, W3Lankaලංකාවේ දේශප්‍රේමී ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ නිමක් නැත.


අලුත් ම කුමන්ත්‍රණය දියත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය, කන්දාවලි ප්‍රාදේශීය ලේකම් එන්. සත්‍යසීලන් හා දිවයින පුවත්පත හවුලේ ය.


ලංකාවේ ඕනෑ ම පොඩි ළමයෙකු දන්නා කරුණක් වන්නේ කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී හෙවත් මානුෂික මෙහෙයුමේදී සිවිල් වැසියන්ට නියපොත්තකින් කොනහන තරමේ හානියක් සිදු වුණේ නැති බවයි.


එහෙත්, දිවයින පුවත්පත කියන පරිදි කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ කන්දාවලී ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාසයේ යළි පදිංචි කරන ලද යුද්ධයේදී අවතැන් වූ පවුල් 6957කින් පවුල් 697ක්ම යුද්ධයේදී ස්‌වාමිපුරුෂයා අහිමි වී ඇති වැන්දඹූ ස්ත්‍රීන් සහිත ඒවා ය. ඒ අනුව එම ප්‍රදේශයේ පමණක් 10% පවුල්වල තාත්තලා මිය ගොසිනි.


දිවයින ම කියන පරිදි මව්පියන් දෙදෙනාම අහිමි වූ පවුල් 150ක්‌ ඇත. පියා හෝ මව අහිමි වූ ළමයින් සිටින පවුල් 456 ක්‌ ඇත. පවුල් 340ක පමණ භෞතික ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයකු බැගින් ඇත.


මෙම ප්‍රදේශයේ පවුල් අතරින් 90% කට ආසන්න පිරිසකගේ නිවාස යුද්ධය හේතුවෙන් අහිමි වූ බව ද පවසන්නේ දිවයින පුවත්පත ය.   


මේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක තත්වයයි. අනෙක් ඒවාත් මෙවැනි ද? 


මෙසේ සිදු වුණේ කෙසේ ද? 


දෙයියො දනී! අපි නො දනී! 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඉතින් ඒ තාත්තලා ඔක්කොම සිවිල් ජනතාව බව ඔයාට කිව්වෙත් දෙය්යොද? මියගිය කොටි සෙබලුන්ගෙ පවුලුත් ඔය ගනන් හිලව් වල නොමෑතිද?

    ReplyDelete
  2. පහුගියකාලෙ T56 අරගෙන , බඩේ බොම්බ බැදගෙන අවෙත් ඔය කියන එවුන්ම තමයි නැතුව උන් අගහරු ලොකෙන් ඉම්පෝර්ට් ක‍රපු එවුන් කියලද ඔබතුම කියන්නෙ

    ReplyDelete
  3. nimaa unu gini del newatha awluwaa damannata uthsaha karana mewani LTTE hithawadee blogs wasaa damannata anduwata shakthiya labenne nam newatha yudha wathawaranayak rata thula athiweema awama kala heki bawa maage hengeemai.

    ReplyDelete
  4. පළමු දේ, යුද්ධයක් ඇති වෙද්දී නිවාස කැඩීම සහ දේපල අහිමි වීම සිදුවෙනවා, එහෙම නොවෙච්ච යුද්ධයක් තියෙනවා නම් ඉතිං සීතල යුද්ධ තමයි..

    පියවරුන්. ස්වාමියන් අහිමි වූයේ හමුදා ප්‍රහාර වලින්ම කියලා ඔබ මහා ලාමක උපකල්පනයක් කරලා තියෙනවා... ඔය පවුල් වලම හිටපු උන් තමයි ආයුධ උස්සගෙන හමුදාවට වෙඩි තියන්න ආවෙත්, බෝම්බ බැඳගෙන පුපුරගන්න ආවෙත්.. ඔබගේ උපකල්පනය අනුව උතුරු නැගෙනහිර හිටියේ සාමාන්‍ය මිනිස්සු විතරමයි නේද?

    මැදිහත්ත් පුද්ගලයේක් විදියට, ඔබගේ ආණ්ඩු විරෝධී වීම මම අනුමත කරනවා. ඒ ගැන කිසිම විවාදයක් නෑ.. එහෙම කියලා ආණ්ඩුවට ගැගීමේ පරමාර්ථයෙන් මේ වගේ කිසිම බේස් එකක් නැති තර්ක සහ පදනමක් නැති පෝස්ට් දැමීම නම් කිසිම පලකට නැති වැඩක් මිත්‍රයා...

    ReplyDelete
  5. man honda tikak liyanna kiyala gaththe. eth mata liyanna deyak ne. honda comments kipayak labila. e thkamayi matath kiyanna thiyenne.

    oyi, yuddha korana eka kandulu gas gahanava vage vedak neveyi. yuddha kala ma marenava. prdhana vashayen, depaththe avigath ayath meda inna evunuth. oya okkoma marenne aanduwe avi valin nove, depaththen ma vedi vadi, atham vita cross fire, civilian shields, e vagema famine imprisonment, punishment oya wage daahak vidhi walin marenava. oka danne ada da?

    thamuseta nam maara petti meniavak thiyenne. hariyata Japure VC wage. ape yuddhe kanyabhavaya hoyana ekaa kiyaapan balanna thava kanya bhavaya nosindaa gath yuddha kiyak wela theiyeda me loke kiyala.

    hari ilangata kiyamu evayin kiyak e thathave piligaththada kiyala. kavuruth ne. apith ehemmayi. piliganne ne.

    dan vath theruna nam gon post damima navaththa namal ge saluvayi, pabage jangiyayi, vaasuge ravulayi vage oheta galapena deyak gana liyanna.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා