උතුරු කොරියානු පරමාදර්ශයේ පවුල් පාලනය තුන්වන පරම්පරාවට | North Korea's family rule moves to third generation

(2010 සැප්තැම්බර් 29, W3Lanka) ලංකාවේ පාලක පවුලට ආදර්ශයක් විය හැකි අන්දමින් උතුරු කොරියාව කටයුතු කරමින් සිටියි. ඒ මෙසේ ය:


උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගෙන් පසු ජනාධිපති පදවියට පත් වූයේ ඔහුගේ පුතු කිම් ඉල් ‍ජොන් ය. 


දැන් කිම් ඉල් ජොන්ට වයස අවුරුදු 68කි. දියවැඩියවෛන් පෙළෙන ඔහු දී හෘදයාබාධයකට ද ලක් වූයේ ය. දැන් ඔහුට ද නික්ම යාමට කාලය හරි වගේ ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ කවුරු ද?


වෙන කවුරු ද? ඒ ඔහුගේ පුතුන් තිදෙනාගෙන් ඔහුගේ තේරීම වන කිම් ඉල් උන් නම් බාල පුතා ය. 


බාල පුතාගේ අනාගතය පිළිබඳ සහතිකයක් ලෙස සැලකිය හැකි පියවරක් කිම් ඉල් ජොන් ගෙන ඇත. ඒ මෙම 27 හෝ 28 හැවිරිදි, ස්විට්සර්ලන්තයේ හා පියොංයැංහි කිම් ඉල් සුං යුද සරසවියේ අධ්‍යාපනය ලද අප්‍රකට තරුණයා තරු හතරේ ජනරාල් තනතුරකට පත් කිරීමයි. ළඟදී ම ඔහු න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයක් වන උතුරු කොරියාවේ දොළොස් ලක්ෂයක හමුදාවේ ප්‍රධානී තනතුර භාර ගනු ඇත. 


කිම් ඉල් ජොන්ගේ සහෝදරිය වන කිම් කියොං හුයි ද තරු හතරේ ජනරාල් පදවියට උසස් කර තිබේ. මස්සිනා ද උතුරු කොරියාවේ ජාතික ආරක්ෂක කොමිෂමේ සභාපති ය. බාල පුතාට බලය මාරු වන ආකාරය නංගීත්, මස්සිනාත් ඔහුගේ උපදේශකයන් ලෙස බලා කියා ගන්නවා ඇත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අයි.ටී.එන් එකේ නං ඔය නිවුස් එක බරදාල කිව්වා. අපරාදෙ ජාතික නිවුස් බලන්න බැරිඋනා.

    ReplyDelete
  2. This is not Communism. This is a fraud. Family rule in the name of socialism. We have it in the name of democracy (de-mockery) and Sinhala nation.

    ReplyDelete
  3. කොමියුනිස්ට්වාදය යනු වැඩවසම් සමාජයේම දිගුවකි. වැඩවසම් ක්‍රමය ප්‍රාථමික සංකල්ප (කුලය, රාජ්‍යත්වය, ආගම සමඟ සහසම්බන්ධයා වැනි දේ මත පදනම් වන අතර කොමියුනිස්ට් ක්‍රමය ඉන් ඉදිරියට ගොස් කළ හැකි තැන් වලදී විද්‍යාව ආදේශ කර ගනී. (උදා: ඔක්තෝබර් 'විප්ලවයට' පෙර පැවැති කෘෂිකර්මාන්තය හා සසඳන කළ ලෙනින්ගේ කෘෂිකර්මාන්තය වඩා විද්‍යාත්මකය. ඵලදායකය.) කොමියුනිස්ට් සමාජ එක්තරා මට්ටමකට මහජන මතයට පවා ගරුකරයි. (මේ ලක්ෂණය අපේ රටේ පැසුළු අනුරාධපුර යුගයේදී ක්‍රියාත්මක වූ මහා සම්මතවාදය තුළ පවා දක්නට තිබුණේය.) නමුත් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් නැතිවීම තුළ මහජනයා විසින් තෝරා පත්කරනු ලබන පාලකයින් වෙනුවට මේ රටවල තවමත් ඉන්නේ 'රජවරුන්ය'. අපේ රටත් උතුරු කොරියාවත් අතර ඇති එකම වෙනස අපේ රටේ නාමිකව හෝ ප්‍රජාතන්තවාදයක් ඉතිරිව තිබීම හා පෞද්ගලික අංශයට එක්තරා නිදහස් හැසිරීමක් දැක්වීමට ඉඩක් තිබීමයි. නමුත් මේ අසමානතාද දැන් දුරු වෙමින් පවතී.

    ReplyDelete
  4. Everywhere ppl opted to Marxism, the end result has been this.

    As a theory Marxism has lots of positive aspects. But the question is who is gonna do those and how. The path defined by many "applied marxists" always leads to this point. This is the inevitable collision of human nature and theory.

    As long as it leaves some ppl/groups as gods" end result is this. Like someone once said, only a well programmed computer can run a fair marxist republic.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා