මානුෂීය මෙහෙයුමේදී අවතැන් වූවන්ගේ රන් සොරකම් කළ සෙබළු | Soldiers that stole gold from the IDPs of Sri Lanka

(2010 සැප්තැම්බර් 27, W3Lankaමානුෂීය මෙ‍හෙයුම් සමයේ ශ්‍රී ලංකා හමුදාවේ ඇතැම් සෙබලුන් සිවිල් වැසියන්ගේ දේපල සොරකම් කළ බව ඔප්පු වන සිද්ධියක් පිළිබඳ අද දිවයින පුවත්පත වාර්තා කරයි.


පසුගිය කාලයේදී යුද පුවත් වාරණයේ යෙදුණු එක් මාධ්‍යවේදියකු කලින් කැරැලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල තිබුණු පරිගණක හා කැමරා තොගයක් හොරෙන් රැගෙන එමින් සිටියදී මැදවච්චිය මුරපොළේදී අත්අඩංගුවට පත් වී පසුව ආණ්ඩුවේ ඉහළ පෙළේ මැදිහත් වීමකින් බේරුණ බව මාධ්‍ය වාර්තා කළේ ය. ඒවා කොටින්ගේ ඒවා යයි කියන නිසා කොටින්ට කෙළවන්නත් එක්ක අරන් අවා ය කියමුකෝ.


එහෙත්, දිවයින පුවත්පතේ වාර්තාව අනුව සොරකම් කර තිබෙන්නේ සිවිල් වැසියන්ගේ රන් බඩු ය. කවුරු හෝ වේවා මේ සොරකම් කර ඇත්තේ ඇඳි වත පමණක් රැගෙන අවතැන් ව පළා ආ, දැන් යළි ජීවිය ගොඩනඟා ගැනීමට අපරිමිත වෙහෙසක් දරන, මේ රටේ ම ජීවත් වන අසරණ සහෝදර ජනතාවකගේ දේපල බව අප සිහි තබා ගත යුතු ය.


මාස දෙකහමාරක පමණ කාලයක්‌ අභිරහසක්‌ව පැවති මැදවච්චිය, රම්බකුලම වැව් පිටියේදී කැඩූ බෝතලයකින් ගෙලට ඇන යුද හමුදා සෙබළකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්‌ දෙනෙක්‌ මැදවච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.


යුද්ධය පැවති සමයේ උතුරේ සිවිල් වැසියන්ගෙන් පැහැර ගන්නා ලද බව කියන රන් ආභරණ තොගයක්‌ බෙදා ගැනීමට යැමේදී ඇති වූ ගැටුමක්‌ දුරදිගයැමෙන් පසු මෙම ඝාතනය සිදු කොට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ.


මෙම අභිරහස්‌ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර යුද හමුදා සෙබළු දෙදෙනෙක්‌, මැදවච්චිය පොලිස්‌ ස්‌ථානයේම සේවයේ නියුතු කොස්‌තාපල්වරයෙක්‌, ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ සහ තවත් පුද්ගලයෙක්‌ මෙලෙස අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.


මන්නාරම, තල්අඩි යුද හමුදා කඳවුරේ සේවය කළ කැබිතිගොල්ලෑව, විහාර හල්මිල්ලෑවේ පදිංචිව සිටි විසිතුන් හැවිරිදි සිරිසේනගේ පාලිත දිමුතු ප්‍රියදර්ශන නමැති අයකු මෙම සැකකරුවන් විසින් ඉකුත් ජුනි මස 30 වැනිදා මැදවච්චිය, රම්බකුලම වැව් පිටියේදී අභිරහස්‌ ලෙස ඝාතනය කොට තිබිණි.


පසුව ලද තොරතුරකට අනුව මැදවච්ච්ය පොලිසිය විසින් ඝාතනයට ලක්‌ වූ සෙබළාගේ සිරුර සොයා ගන්නා ලදී.


ඝාතනයට ලක්‌ වූ සෙබළා කලක්‌ පැවිදිව සිට පසුව උපැවිදි වී යුද හමුදා සේවයට බැඳුණු අයකු බවටද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි.


පසුව මැදවච්චිය පොලිසිය මගින් මෙම අභිරහස්‌ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අතරතුර, පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ගිහාන් අමරසූරිය මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන්ට ඝාතනයට ලක්‌වූ සෙබළාගේ ජංගම දුරකථනයේ සිම් අංකය සොයා ගැනීමට හැකි වී තිබේ.


එම අංකය ඔස්‌සේ පරීක්‍ෂණ මෙහෙයවූ පොලිසියට යුද හමුදා සෙබළු දෙදෙනා සහ පොලිස්‌ කොස්‌තාපල්වරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.


ඝාතනයට ලක්‌වූ සෙබළා සහ අත්අඩංගුවට පත්ව සිටින සැකකාර සෙබළු දෙදෙනා යුද්ධය පැවැති සමයේ උතුරේ සිවිල් වැසියන්ගෙන් පැහැර ගන්නා ලද බව කියන ග්‍රෑම් පන්සියයකට වැඩි බරින් යුත් ස්‌වර්ණාභරණ තොගයක්‌ බෙදා ගැනීමට ඝාතනයට ලක්‌වූ සෙබළාත්, සැකකාර සෙබළු දෙදෙනා සහ සෙසු සැකකරුවනුත් මැදවච්චිය රම්බකුලම වැවි පිටියට ගොස්‌ මත්පැන් පානය කොට, පසුව ස්‌වර්ණාභරණ තොගය බෙදා ගැනීමට යැමේදී ඔවුනොවුන් අතර ගැටුමක්‌ හටගෙන ඇත.


එම අවස්‌ථාවේ සැකකාර සෙබළු දෙදෙනාගෙන් අයකු මත්පැන් බෝතලයක්‌ කඩා පසුව ඉන් ඝාතනයට ලක්‌ වූ සෙබළාගේ ගෙලට ඇන තිබේ.


අනතුරුව ඔවුන් ත්‍රිරෝද රථ රියෑදුරාට රුපියල් තුන්දහසක මුදලක්‌ දී මෙම ඝාතන සිද්ධිය රහසක්‌ ලෙස තබා ගන්නා ලෙස දැනුම් දී ස්‌වර්ණාභරණ තොගය බෙදා ගෙන තිබේ.


මෙම ඝාතන සිද්ධියෙන් පසු රම්බකුලම වැව්පිටියේ මළ සිරුරක්‌ ඇති බවට මැදවච්චිය පොලිසිය වෙත දැනුම් දී ඇත්තේද මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොස්‌තාපල්වරයා විසිනි.


අනතුරුව ඔහු ඝාතන සිද්ධියේ පරීක්‍ෂණවලටද මැදිහත් වී, ඒ පිළිබඳ පැවැත්වූ පරීක්‍ෂණ කටයුතු නොමඟ යෑවීමටද දැඩි උත්සාහයක නිරතව ඇති බවද මැදවච්චිය පොලිසිය පවසයි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඔන්න දැන් එළි වුනා! හමුදාවෙ ඔක්කොම උන් ඔය වගේ හොරකම් කරන්න ඇති? නැත්ද? හොරකම් කරන එකා මිනී නොමරා එහෙම නැත්තම් යුධ අපරාධ නොකර හිටියා කියල විස්වාස කරන්නෙ කොහොමද? ලංකාවෙ හමුදාව යුද අපරාධ කලා කියන්න මේ සාක්කියම ඇති! අනික මේකට සම්බන්ධ හීරළුවෙක්. පෙනේද ලංකාවෙ සඟයන්ගෙ හැටි! හොරකම් කරන්නම ඕන හින්ද තමා ඕකා සිවුරු ඇරලා හමුදාවට ගියේ! සිවුරු දාන සංගයොත් ඔහොම නෙවෙයි කියල කාටද කියන්න පුළුවන්?

    (ඉහත දැක්වූයේ නිදහස් මාධ්‍යවේදයේ බාප්පලා, අප්පොච්චිලා සහ මහප්පලා ඉහත පුවත ඇසුරින් ගනා නිගමන සමූහයකි )

    ReplyDelete
  2. oka horakan karan awa kiyala kiyanne kohomada???? minissu dala yanakoya ganna athi.... prashne thiyenne ewa samanya sebalu gaththa eka.... neththan ton ganan raaththaran gena wagakwath nene....:P

    ReplyDelete
  3. ඔනෑම ප....ක් දන්නවා රත්තරං දාල එන්නෙ නෑ කියලා. කෙනෙක් පලා යනකොට අනිවාර්ය රැගෙන යාම් තියෙනවා.. ඒව දාල යන්නෙම නැහ. කොයි වෙලාවෙ හරි යන්න වෙනව කයල දන්න වුන් ඒව තියාගෙනමයි ඉන්නේ.. උඹල කතා කරන්නේ කටෙන්ද ....න් ද? සාමාන්‍ය සෙබළු ගන්න එක හොදයි. ලොක්කො ගන්න එක තමයි අප්සෙටි. මොකක්ද මේ ලියන හරුපේ තේරුම..

    ReplyDelete
  4. රත්තරන්නන් මොනවද? යුද්දෙට මුවා වෙලා වීර සළුව පොරවගත් දේශ ද්‍රෝහී ෆොන්සේකා මුලු රටම පාවා දුන්නේ....දැන් ගලේ රීපු බළලා වගේ අසනීපයි කිය කියා උසවිය මඟ අරින්නේ...... හමුදාවෙ විතරක් නෙමෙයි ඕනෑම තැනක පාහර බල්ලො ඉන්න පුලුවන් කියන එකට හොදම උදාහරනෙ පාහර පොන්නසේකයා.........

    ReplyDelete
  5. meka balu vadak lokka. sebalu kalath unge aachila kalath.

    me vage horakam yuddhaye muvaven sidu vanna athi. yuddhayak thula eva sidhu vana eka valakvanna amaruyi.

    saadharana vidihata danduvam karalaa hakinam mehi himikkaruvan ta dhiya yuthuyi.

    eth godak dhurata wenne ara first comment eke vage lankaava kanna balkan inna gon haththa thappulana eka witharayi.

    ReplyDelete
  6. මට හැගෙන ආකරයටනම් යම්කිසි මෙහෙයුමකට සෙබළු පිරිසක් සූදානම් කරද්දි ඒ කන්ඩායමට අයත් බලලත් නිළධාරි හා පියවරෙන් පියවරට හමුදා නීතීයට අනුව සැදුම් ලත් පිරිසක් එම ක්‍රියාන්විතයට යැවෙන අතර එම කන්ඩායමෙ අණ දෙන්නා විසින් අනෙකුත් නිළයන් මෙහෙවනු ලබයී.එසේනම් යම්කිසි සෙබලෙක් අන්තනෝමතික ලෙස වැරදි ක්‍රියාමාර්ගයක යෙදෙනම් උසස් නිළය විසින් උසස් නිළයට කරුනු දැක්විය යුතුයී,,මෙවැනි ආකරයට ඉතාමත් කර්කශ නීති පද්ධතියක් ඇති මෙවැනි රාමුවක් තුල යම්කිසි අවැඩක් කරාවිද?එසේනම් එයට වගකිව යුතු වන්නෙ කවරෙක්ද?ඊටම සමානයී නේද අපෙ හිටිය හමුදා පතිවරයාගෙ ප්‍රකාශයන්,,එයීන් අපට පැහැදිලි වන්නෙ කුමක්ද?අපව ජීවත් කරන්නට ජීවය ලබා දුන් අපේම රන විරුවන් හෑල්ලු කිරිමක් නොවෙද?මෙවැනි ආකාරයට ගත් කල ඔබ දෝශාරෝපනය කරන්නෙ මුලු හමුදා පද්ධතියටම නොවේද? එසේනම් වගකිව යුත්තො කවරෙක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා