පියසීලී (වාසුට සහනයක් වූ පියසීලීගේ මරණය) | Death of Piyaseeli; a breath of relief to Vasudeva

මගේ ස්ථාවරය වුණේ කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් කියන එකයි. මිනිසා, මානව සමාජය ඇතුළු සොබාදහම ජය ගැනීම සඳහා කරන විප්ලවීය මැදිහත්වීමෙන් තමා කලාව ඇතුළු අධ්‍යාත්මික සංස්කෘතික උරුමය ගොඩනැඟෙන්නෙ. මහාචාර්ය ගම්ලත් ඊට එරෙහි ව කියා සිටියේ කලාවෙන් යථාර්ථය ජයගන්න බැරි බවයි..
එය ජයගත හැක්කේ විප්ලවයෙන් හා යථාර්ථය වෙනස් කිරීමේ භාවිතයෙන් බවත් ඔහු කියා සිටියා. ඒක අපෝහක භෞතිකවාදයට ප්‍රතිපක්ෂ යාන්ත්‍රික භෞතිකවාදී ආස්ථානයක් හැටියටයි මා දකින්නේ. කොහොම වුණත් අදටත් අපි දෙන්නාගේ ස්ථාවරවල වෙනසක් සිදු වී නැති බවයි පෙනෙන්නේ.
මහාචාර්ය පියසීලි විජේගුණසිංහ
(සිළුමිණ 2009-08-30)


(2010 සැප්තැම්බර් 25, W3Lankaප‍්‍රදීප් ජයරත්න) දහ අට සන්නිය නටා පේ වීමට මත්තෙන් පියසීලී මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුණේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුණි. ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර සතුරු- මිතුරු කඳවුර අතර බෙදීම දිය කරමින් නව බෙදීම් නිර්මාණය කරමින් හැම විටම ඊනියා පොදු ජනයාගේ පැත්ත ගැනීමට අනේක විධ බැනුම් අසමින් කටයුතු කිරීම ඉන් ප‍්‍රධානම කාරණයකි. මේ මගින් මගේ සිත තුල තෙරපෙමින් තිබුණ ඉතාම බරපතල ප‍්‍රශ්නයකට පිළිතුරු ගොනු කරගැනීමේදී තරමක් පහසුකාරී විය. එනම් ලාංකීය දේශපාලනය තුල පියසීලී සහ විජේ ඩයස් ස්ථානගත වන්නේ කොතැනද යන ප‍්‍රශ්නයයි. ඔවුන් එන්න එන්නම පොදු ජන අවකාශයෙන් වියෝ වීම තුල මගේ අදහස වඩ වඩාත් තහවුරු වුණේය. ඔවුන්ගේ දේශපාලනය වෙබ් අඩවියකට සීමා වන විට අපගේ දේශපාලනයට වෙබ් අඩවියක් තබා පතල් වාඩියක් වත් නොමැති වීම ගැන මා එතරම් සැලකිලිමත් වුයේ නැත. කොටින්ම සැලූනේම නැත. එහෙත් පියසීලී යමක් උගන්වා සමුගෙන ගොස් ඇති බව දහ අට සන්නියෙන් පසුව මගේ හිසට වද දෙන්නට පටන් ගත්තේ කුමක් නිසාදෝයි තවමත් හරිහැටි නොවැටහෙන්නේය. ඒ පිළිබඳව ඉතාම තදින් කල්පනා කල යුතු බව පමණක් දැනට වරින් වර සිහියට නැගෙම්න් තිබේ.


එහෙත් නිර්මාල් ට එකක් පැවසිය යුතුය. නැවතත් ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය තේරීමේ තරගයකදී වාසුවම තෝරා ගැනීමට පෙළඹුනහොත්, මාක්ස් වාදයේ දෘඩතර ද්‍රව්‍යවාදී ස්ථාවරයන්ට එරෙහිව යමින් පියසීලීගේ ආත්මය පැමිණ ඔබේ කට මිරිකා කණ පලනු නියතය. එතැනදී වටේ ගැවසෙන්නන්ද ප‍්‍රවේශම් විය යුතු බව මගේ අදහසයි.
මම පියසීලී ගැන බොහෝ දේ නොදනිමි. එහෙත් ඇගේ ලිපි ලේඛන විශාල ප‍්‍රමාණයක් කියවා ඇත. ඒ ප‍්‍රමාණය ඇය ලියා ඇති සියල්ලෙන් සොච්චමක් බව හොඳාකාරවම දනිමි. ඇගේ ලිපියක් මුලින්ම කියවූයේ පාසල් යන අවදියේදීමය. ඒ මහාචාර්ය ගම්ලත් සමඟ කළ වාදය අරබයා දිවයිනට ලියූ ලිපියකි. මා ඒ ලිපි කියවුවාට වැටහුණු කිසිවක් නැත. එහෙත් කියවීම අත් නොහැරීමි. (සැබැවින්ම පසුවත් කිසිවක් වැටහුනේ නැත. වෙනත් අය පවසන දෙයින්ම අදහස් සම්පාදනය කර ගතිමි.) මා අවසානයට කියවූ ඇගේ කෘතිය අරුන්දතී රෝයිගේ නවකතාව අරබයා ඇය විසින් සම්පාදනය කල විචාර ග‍්‍රන්ථයයි. ඒ වන විට මා එම අදහස් තරමක් හොඳින් වැටහෙන අවධියක පසු වුවත් ඒ එම සෑම අදහසක් කෙරෙහිම පාහේ තදබල විවේචනයක්ද සහිතවය. සමහරවිට ඇගේ ලේඛන වැටහීම ආරමිභ වූයේම ඒවා කෙරෙහි විවේචනයක් සමිපාදනය වීමත් සමග යැයි සිතමි. (මෙය වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ද වඩාත් සමබර සත්‍යයකි.)


මාක්ස්වාදී සාහිත්‍යයට ඇලුම් කිරීම සඳහා, පියසීලී - ගම්ලත් විවාදය රුකුල් දුන්නා සේම, මාක්ස්වාදී විශලේෂණ කියවීම එපා කරවීම සඳහා ද ඇයද ඇතුලත් වූ සමාජවාදී සමානාත්මතා පක්ෂය (ස. ස. ප.) විසින් සම්පාදනය කළ ලේඛන හේතු විය. ඔවුන්ගේ බරපතලම සුගුණ හා දුගුණ යන දෙකම මේ යැයි සිතේ. පශ්චාත් නූතන ව්‍යාධියකට ගොදුරු ව සිටි නිසාදෝ, එවකදී නොවැටහුනත් X කණ්ඩායම සිරවී සිටි උගුලද මීට ආසන්න බව මෙකලදී සිතෙයි. එහෙයින් අප පියසීලීගෙන් සමුගන්නා ගමන්ම මෙම අභියෝගයන් පිළිබඳව පොහොසත් සාකච්ඡාවකට එළඹෙන්නේ නම් ඒ යහපතකි. එමෙන්ම එය දේශපාලන අධිෂ්ඨානය අවුළුවාලන වඩාත් ස්ථිරසාර දේශපාලන ජීවිතයකට පණ දුන් පියසීලීට කරන මහත් වූ ගෞරවයක් ද වනු ඇත.


මා පියසීලී පොතින් පතින් හැරෙන්නට වෙනත් කිසිදු ආකාරයකට ඇසුරු කර නැතත් මම ඇයව වතාවත් ගණනාවකදීම දුර සිට දැක ඇත්තෙමි. එතරම් වූ සුන්දර ගැහැණියක් මේ තරමටම බර අඩි තබමින් දේශපාලන ලෝකය තුල සක්මන් කිරීම මහත් වූ පුදුමයක් උපදවීමට සමත් විය. මා මජරමය පුරුෂාධිපත්‍ය චින්තනයක් තුල ගිලී ඇතැයි යන අවලාදයට කෙතරම් ලක්වුවද පියසීලී වැනි සුන්දර ගැහැණියක්, ඒ සැහැල්ලූ සළු පිළි අතර වූ බරසාර චින්තනය සහිතවම නැවතත් දේශපාලන ජීවිතය තුළ දැක ගැනීමට තදින් ඇලුම් කරන්නෙමි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මාක්ස්වාදී විශලේෂණ කියවීම එපා කරවීම සඳහා ද ඇයද ඇතුලත් වූ සමාජවාදී සමානාත්මතා පක්ෂය (ස. ස. ප.) විසින් සම්පාදනය කළ ලේඛන හේතු විය.

    Cannot agree more!!!
    Well said.

    ReplyDelete
  2. >> මාක්ස්වාදී විශලේෂණ කියවීම එපා කරවීම සඳහා ද ඇයද ඇතුලත් වූ සමාජවාදී සමානාත්මතා පක්ෂය (ස. ස. ප.) විසින් සම්පාදනය කළ ලේඛන හේතු විය.
    ----------

    පියසීලි ලියූ මොකුත් කියවා නැති, විජේ ඩයස් ටීවී එකෙන් දැක ඇති, ගම්ලත් ගේ දේශපාලන කතා [පමණක්] අතාර්කික යයි ද, නිර්මාල් සිටිය යුත්තේ අංගොඩ යයි ද, සළකන මට ද; ඔබේ ඉහත අදහස දුන්නේ ඒ කවුරුත් නොවේ.

    ස.ස.ප. 2000 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලීෆ්ලට් එකයි.

    ඔබට හැකිනම් සොයා පළකරන්න.

    කොටියාට කඩේ ගිය අනික් එවුන් ඊළම හෝ ෆෙඩරල් වලින් අවසන් කරන මේ කතාව උන් පටන් ගත්තේ ඊළම දීමෙනි. ඒත් ඒකේ අවුලක් නැත. මොකද මා එය බලාපොරොත්තු වූ බැවිනි.

    අවුල පටන් ගන්නේ එතැන් සිටයි. දක්ෂිණාංශික කොටියාට ඊළම දෙන්නේ දකුණු ඉන්දියාවත් ඊළමට එක් කරන්නයි. ඊට පස්සෙ ඔවුන් ඊළමේ [තමිල්නාඩුවත් එක්ක ම] ඇති වන සමාජවාදි විප්ලවයකින්, එය ද ලංකාවෙ දකුණු කෑල්ලට එක් කර ගනිති. මෙම සුපිරි සමාජවාදි රාජ්‍යයේ ඇති වන දියුණුව දකින ඉන්දියාවේ ඇතිවන විප්ලවයකින් ඉන්දියාව ද, එය ම නැවත සිදු වී ආසියාව ද, නැවතත් සිදු වී මුළු ලෝකය ද ශ්‍රි ලංකා සුපිරි සමාජවාදි රටට එක් කර සමාජවාදයේ සූරතාන්තය කරා ඔවුන් මා රැගෙන ගියේ ඒ.එස්.පී. ලොක්කාගේ ඉඩම් කට්ටි විකුණන තරමේ චූටි කොල කෑල්ලකිනි.

    පුංචි එවුන් වාගේ තම අන්ධ භක්තිය මෙහි ලියූ මේ විද්වතුන් ගැන මට තවමත් දුකයි. හතරවන ජාත්‍යන්තරය සිට ගණිත අභ්‍යුහනය දක්වා ඔක්කොම තියරි මේකේ ලියා ඇත. නොමැති එකම දෙය නම් එක චන්ද පොළකින් තමන්ට ත්‍රී වීලයක් පුරවන තරම් මිනිසුන්ගේ වත් චන්ද නොලැබෙන බව කියන සරළ ප්‍රායෝගික කරුණ නො වැටහීමයි.

    දේශපාලනය යනු තියරි ගොඩක් නොවේ. එය මිනිසුන්, උන්ගේ සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් හා එක් ව යන මහ පොළවේ ගලන ගඟකි. මැරෙන කම්ම ඕක නොතේරුණ මේ පඬිරුවනටත්, අද වියපත් ව සිටින එවැනි අන් අයටත් මගේ කණගාටුව මං දුන්නේ එදායි.

    යමක් තේරෙන මට්ටමේ කෙනෙක් ඔය කඳවුරේ සිටී නම් මේ වගේ දෙයින් වත් යමක් උගනී යයි සිතමි.

    පියසීලිට ඇය ඇදහූ ලෙසින් [කිසිත් නො අදහන මා වැන්නන් ට යන කළ මොකද්ද? :)] නියමිත උතුම් සුවයක් උදා වේවා.

    ReplyDelete
  3. @ sujeewa kokawala

    සසප අය දේශපාලනය කරන කොට න්‍යාය ප්‍රයෝගිකව යෙදීමේදී තිබෙන අවුල ගැන ඔබේ සදහන හරි.නමුත් "ඊලම" ගැන ඔවුන්ගේ ස්ථාවරය පිලිබද ඔබ දක්වා තිබෙන්නේ විකෘති අදහසක්.මා දන්නා තරමින් සසප කොටි සංවිධානය කෙරෙහි විවේචනාත්මක වූ සංවිධානයක්.කොටියට ඊලම දෙනව වගේ සරල තේරුමකින් ජාතික ප්‍රශ්නය ගැන සසප අදහස විග්‍රහ කරන්න බැහැ.ශාස්ත්‍රීය ලේඛන වල කොහොම වුනත් සසප පොදුජන ප්‍රකාශනවල ( ලීෆ්ලට් වල - ලගදිත් මට එකක් හම්බුනා) මට නම් ඔය තරම් තේරුම් ගන්න බැරි අමුතු සිද්ධියක් නැහැ.තමන් කරන්නේ තක්කඩිකමක් කියල දැන දැනම මිනිසුන්ව රවටමින්,උන්ව පාවිච්චි කරමින්,සහ උන්ව බිලි දෙමින් මහින්දලා රනිල්ලා කරන මජර දේශපාලනයට වඩා සද්භාවයෙන් යුක්තව පියසීලිලා කරපු දේශපාලනය (එහි න්‍යායික හරි වැරදි සියල්ල තිබියදී පවා ) අතිශය ගෞරවනීයයි.

    ReplyDelete
  4. ano;

    man livve eke thibba de. sa-sa-pa ehema liyala thibba echcharayi.

    therum ganna bari mokuth thibbe ne e prkaashaye. okkoma theruna. livva evunta thamayi notherunaa nam.

    meyaa gauravaniyayi kiyala matanam kiyanna be. oba kiyanne thaman anda nogena janathaava andhavima gauravaniya nathi unath thamanuth andala janathavath andavima gauravaniyayi kiyana ekada?

    macho man eka leaflet ekakin sa-sa-pa manne ne. e hara venath de ahala dekala thiyenava. e bohomayakath aththe oya vage kathaa. man kiwwe melo practical sense ekak nathi surangana katha

    bohomayak me vage aya, pavathina kramaya vivechanaya karaddi saadhaniya haa saadharana matha pala karanava, e gollo ana ganne evata visandum dunnamayi. e gollange alternative eka dakkama mata hithenne, me pavathina kramaya goda daa ganna balamu haki thaak durata kiyala.

    man hamathenama marx vaadeta gahanne eka maha kunu godak kiyala nove. man danna tharamata ehi agaya kala yuthu bohode thiyenava. honda de aragena naraka de ahaka damma nam avulak ne. namuth eka thamayi ekama dharme kiyagena loke thiyena okkoma anik de val valata gahana ape gati tika nisayi man mehema liyanne. piyasili vage ayagen e gati poshanaya vuu bavath vaasu vage ayagen e gati valata morale eka labunu bavath sthirayi.

    aayith aavoth vaasu dihaata. vaasu oya 18ta atha noissuvath oka pass. ehenam eda vaasu anduwen fail venava. uu jaame bera gaththane. samahara vita oya 18n bihiveemata THARAMAKA CHANCE EKAK thiyena ekadhipathiyaa valakana anaagatha sanshodhanayak genna lokka kemathi karava gannaa [ahanna epa kohomada kiyala - :)] pirisa vennath puluvan neda vaasu + similar ppl.

    ekak mathaka thiya ganna, langa inna evun gen mahinda lokka convince novenavaa ma nove. anika uu jana mathaya kiyana ekata adath bayayi [salakanava kiyanna be]. ekayi 24x7 minisunge olu hodanne. e baya honda lakunak. amu ekadhipathiyo jana mathayata baya ne.

    ehema deyak unoth edaata theory kiya kiyaa aanduvata bana bana hitapu piyasili vage ayata vadaa pavathina yamak kala minihek veyi neda vaasu. sarala va kivvoth "නිශ්ඵල වූ අසීමාන්තික විරෝධයට වඩා පාලනයක් සහිත ව දක්වන එකඟතාවය ප්‍රායෝගික යහපතක් ගෙනදිය හැක"

    theoriyak pamanyi. vaasu oka karayida kiyala bet ekak daanna be OK? :)

    ReplyDelete
  5. සමාජවාදී සමානතා පක්ෂය හා එහි පූර්ව ගාමීයා වෙච්ච විකොස පවතින ධනේශ්වර ක්‍රමයට එරෙහිව දෘඩ අරගලයක් ගෙනගියා, ගෙනියනවා. ඒක හැම එකටම පැලැස්තර යෝජනා කරන මධ්‍යම පංතික බුද්ධිමතුන්ගෙයි, අරාජිකා වෙච්ච වම්මුන්ගෙයි දේශපාලනේටයි වෙනස්. අද වෙන කොට ධනවාදය මිනිසුන්ගේ මොනම ගැටලුවකටවත් විසදුමක් දී තියෙනවාදග නැහැග සමාජීය වෙනසක් පතුලෙන්ම අත්‍යාවශ්‍යයි.

    ReplyDelete
  6. >> දෘඩ අරගලයක් ගෙනගියා

    :)

    ReplyDelete
  7. අජිත් පැරකුම් ද්‍රව්‍යවාදී හා හතරවන ජාත්‍යන්තරයට සමපාතව යමින් එහි සදහන් හරයන්හි පිහිටා පසුගිය දිනවල සිය ලිපි පල කරනු ලැබ තිබීම සතුටකි. මා විකොස කෙනෙක් නොවුවද යමකට හරයක් තිබීම වැදගත් යැයි සිතමි. කොටියා ගැන කියූ පමණින් මයිල් කෙලින් වල බලු නැට්ටන් ගැන නම් කිසිවක් කියා වැඩක් නැත. උන්ගේ සිංහයාද අරුන්ගේ කොටියා ද දෙකම ගෝත්‍රික වැඩවසම් දේශපාලනයේ තිරිසන් සළකුණුය. විකොස ඉදිරිපත් කරන්නේ ත්‍රීවීල් එකක් පුරවන්නට ජනතා එකතුවක් කල නොහැකි මත වාද වුවද "පෘථිවිය ගෝලාකරයි" නම් එය එසේම ලියපුවාවේ.. කවුරු පිලිගත්තත් නැතත් එය එසේමයි. සමාජ ලිවීම් පිලිබදව වන ද්‍රව්‍යවාදී පදනමක ලිවිම අපහසු හා ශාස්ත්‍රීය කටයුත්තකි. එය මහාවංශය කියවා , සීගිරිය නැග , චම්පිකට පස්ස දී කල හැක්කක් නොවේ. එය වෙනම විද්‍යාවකි. චම්පිකලාගේ සමස්ථය ලියන්නේ ද ණයට ගත් මාක්ස්වාදී බෝඩ් එකක බව උන් නොදනිති. එම නිසාම මෙවැනි දේ ලිවීම "පිහියේ මිට කපාගැනීමට' තැත් කිරිමක් නිසා සිංහයිනි පවසන්න.. අම්මා කැලේට ගියාද සිංහයා ගෙදර ආවාද කියා. එවැනි පුරාවෘත්ත වලින් ඔවුන්ට දේශපාලනය කල හැකිය. ඔවුන්ට එය ප්‍රමානවත්ය. එම නිසා පියසීලී ලා හා ඊළම පටලවා නොගන්නා ලෙස හා නොදන්නා .....වල් වල ඇගිලි නොගසන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  8. >> "පෘථිවිය ගෝලාකරයි" නම් එය එසේම ලියපුවාවේ

    liyanne aththa nam gataluvak natha. liyanne thaman visin thaman ravataa gath deyak misa sanaathana sathyayak nove.

    oka "harry potter" vani thavath eka fantasiyak pamani.

    >> එය මහාවංශය කියවා , සීගිරිය නැග , චම්පිකට පස්ස දී කල හැක්කක් නොවේ
    >> චම්පිකලාගේ සමස්ථය ලියන්නේ ද ණයට ගත් මාක්ස්වාදී බෝඩ් එකක බව උන් නොදනිති

    siyalu andha bhakthin eka vaageyi. piasili geth champika geth anik koyi kageth.

    >> පියසීලී ලා හා ඊළම පටලවා නොගන්නා ලෙස

    ilama patalavaa gaththe e aththan misa apa nove. parshvika dharshanayakin e diha balana aya inne oya kandawure. kelinma piyasili ehema kaladayi maa nodannaa muth, ape kathavata age pakshaya gavuna nisa, ehi saha sambandhayak athayi sithe.

    >> නොදන්නා .....වල් වල ඇගිලි නොගසන ලෙස ඉල්ලා සිටිමි

    samajaya gana dhanne yayi sitha sitina nodanna atha dharuvan boho seyin bhayanakaya.

    gataluva aththe dhanumata vadaa perception walayi. idelogy valayi.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා