මොළකාරයා ඇන්.ඇම්. මාමා ද? විතාරණ බෑණා ද?

(2010 සැප්තැම්බර් 20, W3Lankaලංකා ඊ නිව්ස් කියන පරිදි ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන විද්‍ය හා තාක්ෂණ ඇමති තිස්ස විතාරණ හා වයි.ජී. පද්මසිරි සමසමාජ දේශපාලන මණ්ඩලයේදී සමාව ඉල්ලා ඇත. 


එම වෙබ් අඩවිය කියන පරිදි, පක්ෂ තීරණයට එරෙහිව යමින් 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමෙන් තමන් බරපතල වරදක් කර ඇති බව ඔවුන් පිළි ගෙන තිබේ. 


දැන් වැඩේ රෙපෝරු ය. මහින්දත් ගොඩ ය.  විතාරණලාත් ගොඩ ය. සමසමාජ දේශපාලන මණ්ඩලයේ සිටින අනෙක් අප්පොච්චිලාත් ගොඩ ය. විතාරණලා දහඅටට විරුද්ධ වී ද නැත. සමසමාජය දහඅටට පක්ෂ වී ද නැත. 


ඇමතිකමට තට්ටු වී ද නැත. වැරදි කිරීම මිනිස් ගතියක් හා සමාව දීම දේව ගතියක් නිසා දැන් කවුරු කවුරුත් දෙවිවරු වී ඇත. වරදට සමාව දීම නිසා මාක්ස්වාදී කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නය මතු වන්නේ ද නැත. 


ඇන්. ඇම්. පෙරේරා ආචාර්ය උපාධි දෙකක් තිබුණු සිරා මොළකාරයකු බව ඇතැමෙක් කියති. එහෙත්, ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා වන තිස්ස විතාරණ බෑණා ඔහුට ද වඩා මොළකාරයකු බව මෙම සිද්ධිය විසින් ඔප්පු කර තිබේ. 


ඇන්. ඇම්. සිය මොළය මෙහෙයවූයේ රටට වැඩක් කිරීමේ පරම චේතනාවෙනි. ගේ දොර පවා පක්ෂයට ලියා දුන් ඔහුට දරුවන් සිටියේ නැත. සහෝදරියට දරුවකු ඉපැදුණ කල දරුවාගේ මාමාට ද කිරි එරෙන බව ජන සාහිත්‍යයේ කියැවේ. කොහොමින් කොහොම හරි බෑණාට සමසමාජය සින්න විය. බලාගෙන යනවිට ඒකත් පවුල්වාදය ම වේ. අවාසනාව බෑණාගේ මොළය වැඩ කරන්නේ රුවිතෙට වීමයි. 


ඉතින් ලංකා‍ව රාජපක්ෂ පවුලට ලියා දෙන 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විතාරණ ඡන්දෙ දීම හා දීකිරට බළලුන් සාක්කි කීම අතර වෙනසක් තිබේ ද? 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මම මේ ගැන දැන් දවස් 10 ක් විතර හොයනවා දැන් තමයි හොද ලිපියක් හොයා ග්ත්තේ. ඹයාලට සුබ පතණවා මෙම වේබ් අඩවිය තවත් ඡනප්‍රිය කරගන්න

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා