බෙහෙත් මිළ ප්‍රදර්ශනය කරන තැන්වල රෙද්ද කඩාගෙනත් පෙන්නුවොත් නරක ද?

(2010 සැප්තැම්බර් 25, W3Lankaලබන ජනවාරි මස පළමු වැනිදා සිට දිවයිනේ රජයේ රෝහල් ඉදිරිපිට අත්‍යවශ්‍ය ප්‍රධාන බෙහෙත් වර්ගවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.


හරි ෂෝක් ය. එවිට, අප කසිප්පු ගසා, බීඩි බී හෝ නො කා නො බී ඉඳ හෝ කඩවලින් කුණු ජරාව කා හෝ මදුරුවන්, බල්ලන් විසින් සපා කනු ලැබ හෝ, පොලිසියෙන් ගුටි කා හෝ අහේතුව හෝ ලෙඩ වූ විට අපේ ආදරණීය, ප්‍රනීත, විනීත ආණ්ඩුව අප වෙනුවෙන් අත දිග හැර කරන වියදම අපට දැන ගත හැකි වනු ඇත.


ලෙඩ වුණේ කසිප්පු ගසා නම් ඒ අනුව ගණන් හදා දොස්තර බිල දුන් විට එය ගෙවිය යුතු ය. නැතිනම් මහ උළු ගෙදර ගොස් ආණ්ඩුව ගානේ බතුත් කෑ හැකි ය.


මේ රෙද්දවල් පෙන්නන එක හොඳ ය. එහෙත්, මේ වියදම් කරන්නේ ඒ ගැන හූල්ලන ආණ්ඩු පාණ්ඩුවේ උන්නැහේලාගේ බූදලෙන් නො ව අපේ ම බදු සල්ලි හා අපේ හත්මුතු පරම්පරා උගස් තබා ගත් ණය නිසා ඒවා ඇත්ත ම කීවොත් 'මයි කාර් - මයි පෙට්‍රල්' නිසා කාටවත් වැඩක් ද නැත.


අනෙක, ලෙඩ වූ මිනිසුන් වෙනුවෙන් නො මිළේ සපයන සෞඛ්‍ය පහසුකම් කප්පාදු කරන්නැයි මේ රටේ ජනතාව ඉල්ලා සිටින බවක් අප නම් දන්නේ නැත. 


එහෙත්, මේ රෙද්දවල් පෙන්නන ගමන් අපි නො දන්න අනෙක් රෙද්දවල් ද ඉස්පිරිතාල, කාර්යාල, සභා, පාර්ලිමේන්තු ආදිය ඉදිරිපිට පත පුවරු ගසා පෙන්නනවා නම් හොඳ ය.


ඒ මෙවැනි ඒවා ය.


මහජන මුදලින් නඩත්තු වන ඇමති, මැති, නිලධාරි පිංබතාලා බෙහෙත් ගෙන්වීම, ලෙඩ්ඩුන්ට කන්නට දීම, ගොඩනැගිලි හැදීම, කක්කුස්සි හේදීම හෙවත් ක්ලීනිං සර්විස් ආදියෙන් කීයක් කොමිස් ගසනවා ද?


පලක්, ප්‍රයෝජනයක් ඇති වැඩක් නො කර, අතන, මෙතන පීත්ත පටි කපමින් රස්තියාදු වන මෙම පිංබතාලා මහජන මුදලින් කීයක් පඩි කනවා ද?


උන් වටේ, පසුපස, උඩින් හා යටින් කැරකෙන ආරක්ෂක, අරක-මේක නිලධාරීන් කීයක් පඩි කනවා ද? 


ඔවුන් වෙනුවෙන් යාන, වාහන, දුරකථන, කාර්යාල, ගොදුරු ආදිය වෙනුවෙන් කීයක් වැය කරනවා ද?


බදුවලින් නිදහස් මොවුන්ගේ ආදායම්  වෙනුවෙන් බදු ගෙවිය යුතුව තිබේ නම් ඒ කොපමණ මුදලක් ද? 


මේවාත් ප්‍රදර්ශනය කළ යුතු ය. ලොකු ලොක්කන්ගේ වත්කම් ප්‍රකාශ ද ප්‍රදර්ශනය කළ යුතු ය. පෙන්නන්න බැරි නම්, ඒගොල්ලන් ඇවිත් රෙද්ද කඩාගෙන ප්‍රදර්ශනය කළත් කම් නැත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Ei, taking 130+ to NY to attend a talkshop.

    E vedagath de vageda me baeth seettu?

    ReplyDelete
  2. තමුන් පිස්සු කෙළින්නේ මැදපෙරදිග පර වැඩට ගොස් ඇන ගසා ගන්නා ආරියවතීලා හම්බු කරන දාඩිය මහන්සියෙන් බවට ලිව් ලීෆ්ලෙට් එකක් නිව්යෝක් ගිය රාජපක්ෂගේ නඩේ අතට දුන්නා නම් තවත් කෙතරම් අගේද?

    ReplyDelete
  3. එසේ කිව නොහැකිය. මන්ද යත් කිසි වටිනාකමක් නොදන්නා ඡන්දයට වියදම් කර වටිනාකමක් එකතු කරන්නේ මේ දේශපාලඥයින්ය. නැත්නම් කිසිවෙකුට නොවටිනා චන්දයකට ඔවුන් මෙතරම් වියදම් කරන්නේ ඇයි. මේ තරම් වියදම් කරමින් ඔවුන් කරන්නේ බිස්නස් එකක් බව ඩබ්. 3 දන්නේ නැද්ද? කවුද මේ මහජනතාව.. කොහෙද උන් ඉන්නේ.. ඡන්දේ දෙන්නේ උං නම් උන්ට මොකක් වුනාම මොකෝ..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා