ළමා අයිතිවාසිකම් කෙරුමන්ට නො පෙනෙන සාමනේර ප්‍රශ්නය | Buddhist Samanera (child monks) and child rights

(2010 සැප්තැම්බර් 23, W3Lanka) පහත සිද්ධිය උපුටා ‍ගනු ලැබුවේ රජයට අයත් දිනමිණ පුවත්පතෙනි. 


තම පන්සලේ සිටි 13 හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් කන්තලේ නගරයේ සිට කි. මී. 8ක් පමණ ඈතින් පිහිටි ජනපදයක විහාරස්ථාන භාරකාර හිමිනමක් හා එම සාමනේර හිමිනමගේ මවගේ පියා (සීයා) අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 29 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (20) නියෝග කළේය.


සාමනේර හිමිනම තඹලගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව හිමිනමගේ සීයා අත්අඩංගුවට පත්වුවද චීවරධාරියා සිද්ධියෙන් පසු කට්ටි පනිමින් සිටියදී තඹලගමුව පොලිසිය මගින් ත්‍රිකුණාමලය කෝඩ්බේ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.


පන්සල්වල බාල අපචාර සිදු වන බව ප්‍රසිද්ධ ය. එහෙත්, ඒ පිළිබඳ පැමිණිලි කිරීම සිදු වන්නේ අඩුවෙනි. කෙරෙන පැමිණිලි ද සාමාන්‍යයෙන් යට ගසනු ලැබේ. 


විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්‍රය පිළිබඳව මුනි වත රකිති. 


යමක් කමක් ඇති, කරුණු කාරණා දන්නා, දරුවන් ගැන තැකීමක් ඇති දෙමව්පියෝ දැන් සිය දරුවන් මහණ කරන්නේ නැති තරම් ය. එසේ කරනවා නම් කරන්නේ සාංඝික හෝ ලොකු දේපලක් හිමි වන්නට තිබේ නම් පමණි. හතර කේන්දරේ පාළු වුණත් ළමයින් මහණ නො කිරීමට ළමයින්ට ආදරේ කරන දෙමව්පියන් වග බලා ගන්නේ ඔවුන් මෙම බාලාපරාධ පිළිබඳ අසා ඇති බැවිනි. 


මෙම තත්වය හේතුවෙන්, දැන් ළමයින් මහණ කිරීම සිදු වන්නේ හද්දා පිටිසර ගම්වල, දිළිඳු සමාජ කණ්ඩායම් අතරේ පමණි. 


සාමනේර භික්ෂූන් සිවුරු හැර යාම වැඩි වීමට ද මෙම තත්වය හේතු වී තිබේ. අද වන විට, බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සඳහා භික්ෂූන්ගේ හිඟයක් ද ඇත. 


කෙසේ වෙතත්, නූතන මානව ශිෂ්ටාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර, නො තේරෙන බාල වයසේදී මහණ කිරීම ශිෂ්ට ක්‍රියාවක් වන්නේ නැත. 


මෙම තත්වය වෙනස් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සසුන පැත්තෙන් ආරම්භ කළ යුතුව තිබේ. 


(වෙනත් ආතම්වල ද මෙවැනි තත්වයන් තිබේ යයි පෙන්වා දීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් නො ලැබෙන බව වටහා ගන්න.) 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. this writer tries to degrade buddhism, what should be done is make to process more systematic, not to stop children becoming monks.

    ReplyDelete
    Replies
    1. When you ask a kid what they want to do they will give various answers ranging from a doctor, engineer to a toy salesman at galle face. This doesn't mean that parents would directly steer them to that path.
      Making them a monk should be treated similarly. They should play, go to school and enjoy their childhood. After they reach 16-18, if they still wants to become a monk then they can go ahead.

      Delete
  2. ඉතා අඩු වයසින් සිය කන්‍යාභාවය අහිමි කර ගැනීමෙන් හා අඩු වයසින් අහේතුකව ගැබ් ගැනීම නිසා දුක් විඳින "W3 lanka" ද අයත් වන සමාජ ස්ථරයේ ළමුන් පිළිබඳවද සාකච්චා නොකරන බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන වලට කිවයුතුව ඇත්තේ වෙනත් රටවල ද මෙවැනි තත්වයන් තිබේ යයි පෙන්වා දීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් නො ලැබෙන බවයි.

    ReplyDelete
  3. @Anonymous
    Lord Buddha's Buddhism never permitted or safeguarded this kind of corruption.

    those who safeguard the corrupt elements are the real enemies of Buddhism.

    ReplyDelete
  4. First of all we must understand that Lord Buddha left all the worldly pleasures after realising the worthlessness of them.Did Lord Buddha ordain any Samaneras? (If i am wrong please enlighten me )I am a sreong Buddhist,who is engaged in many religious activities and I have seen how wrong it is to ordain small children as monks. If some one argues that it is essential to keep Buddhism going, that's another point,but I also don't believe in that.What we have to understand here is that today Buddhism has become institutionalised.The facts of Buddhism are hidden and Buddhism is used by many for their own survival.Look at the many Bana precheing programmes on our various channals.Many of the great monks distort what Lord Buddha has preached, and slant the teachings of the Great Lord Buddha to suit their own whims and fancies.Buddhism is a way of living,and anyone who lives according to what Lord Buddha has preached gains mental stability and mental hapiness.So as editor had mentioned,those who try to hide the truth are the real enimies of Buddhism.

    ReplyDelete
  5. Do children really have a say in becoming Samanera? I think anyone joining priesthood should do so out of pure realization.

    ReplyDelete
  6. Whether it is within priesthood or outside child abuse is wrong and against all moral and human values. But it does exit in every society. What we lack in our society is, these things are not discussed openly. Main issue is lack of awareness.

    ReplyDelete
  7. Since children have all the rights to vote or find their partner in life or become a member in labor union, they should also have right not only to find the religion that but become a monk too.

    ReplyDelete
  8. Lord Buddha has ordered the monks not to take children into Samanerahood without their Parents' permission. Also allowed the Samaneras who entered into the priesthood during their childhood to leave the Sasana if they wish to do so when they reach adulthood. In this way Lord Buddha has recognized the rights of child.

    The most monks in Sri Lanka are not Buddhist. That is the problem we face. They, I called them "Dusseelayas". There were reports in the media these Dusselayas involving in not only child abuse but also rape, theft, treasure hunting and abusing public positions. Now we live in a country where Buddhist monks posing to TV cameras with powdered faces for advertisements.

    ReplyDelete
  9. දේශනාවේම සඳහන් පරිදි, කෙදිනක හෝ බුද්ධාගම නැති වන්නේ වැරදි වැඩ කරන පැවිද්දන් නිසා පැවිදි සමාජය ගැන ගිහියන් තුල ඇති වන අවිශ්වාසය නිසා මිස ගිහියන් නිසා නොවේ. මෙම ප්‍රශ්නයට සහ අනෙකුත් සංඟ සමාජයේ ඇති නොයෙකුත් ප්‍රශ්ණ සඳහා විසදුම ගැන මගේ අදහස මෙසේය.

    නූතන තාක්ශන සමාජයේ ජීවත් වන අපට කුඩා කල මහන වීම නොගැලපෙන බව මාගේ හැඟීමයි. මන්ද කුඩා කල නොතේරෙන කමට සිටියත්, යෞවන අවදිය වන විට ශරීරයෙන් එන වෙනස්කම් වලට මුහුන දීමට අපහසු තරමටම සමාජයෙන් එන අසන්නට/දකින්නට ලැබෙන දේ අතීතයට වඩා හාත්පසින්ම වෙනස් බැවිනි. එවිට සිදු වන්නේ නොයෙකුත් නොසිදුවියයුතු දේ පංසල් වල සිදු වීමයි. මා මේ ලියන දෙයට යමෙක් කිපුනත් සත්‍ය කටුකය.

    මෙයට විසදුම ලෙස මා ඉදිරිපත් කරන ක්‍රමය වන්නේ;

    බෞද්ධාගමට ආදරය කරන සෑම සියලු දෙනා කල යුත්තේ අවුරුදු 16 හෝ ඊට ඉහල තරුණ දරුවන් මහන කර වීමයි. එව්ට එම කාලයේ සිදුවන ශාරීරික වෙනස්කම් වලට මුහුන දිය හැකි, තමන් කරන්නට යන්නේ කුමක්ද කියා වැටහීමක් ඇති සැබැවින්ම සාසනයට ආදරැති පිරිසක් සසුන් ගත වීමට පෙලබීමය. ඒ සඳහා සෑම දෙනාම තරුණයන් ඒ සඳහා උනන්දු කල යුතුය. එලෙසම උගත් වැදගත් පවුල් වල දරුවන් සසුන් ගත කිරීමටත් සෑම දෙනා උනන්දු විය යුතුය. (මන්ද, කෙනෙකු ඉතා දුප්පත් වී ඉපදීමටත් ඔහු කල කර්මය බලපාන බැවින් ඉතා දුප්පත් දරුවන් තුල එලෙස ඉපදීමට ඔහු පෙර ආත්මයේ කල කී දෑ ජන්ම ගති ලෙස ඉතිරි වී තිබිය හැකි අතර එය සසුනට අහිතකර විය හැක. ). {සැලකිය යුතුයි: උග්‍ර සමාජවාදීන්ට ඉහත ඡෙදය අජීර්ණ විය හැක}

    සමහර සංගයාවහන්සේලාටද කීමට වචනයක් ඇත. එනම් ඔබ වහන්සේලා බාගෙට ගිහියන් ලෙස හැසිරෙමින් සිටින අතර, ගිහි සමාජයද අර්ධ සංඝයා ලෙස හැසිරෙන ලෙස බල කිරීමෙන් වලකින ලෙසයි.

    කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ සමහර දේ ගැන විවේචන තිබුනත්, ගුණයහපත් විනීත සංඝ සමාජයක් බිහි කරනුවස් උන් වහන්සේ ගන්නා ක්‍රියාමාර්ග හිස මුදුනින්ම පිලිගනිමි. ඔබ වහන්සේ සහ අනෙකුත් සැබෑම සංඝයා වහන්සේලාට දීර්ඝායූ වේවා.

    -Sahan

    ReplyDelete
  10. ඇත්තටම මේක ලොකු පශ්නයක්... පොඩි කාලේ මහන කරන එක තමා ලොකුම පශ්නය..එක නතර කරන එක තමා හොදම දේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා