පූජකයෝ දේශපාලනය කළ යුතු ද
පූජකයෝ දේශපාලනය කළ යුතු ද යන ප්‍රශ්නය වඩා සංයුක්තව ගතහොත් හාමුදුරුවරු දේශපාලනය කළ යුතු ද යනු වේ. මන්ද, මේ වන විට ලංකාවේ ආගමික නායකයන්ගේ පාලනයකින් තොරව මේවා සිදු වන්නේ බුද්ධාගමේ පමණක් නිසා ය. එජාප මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පූජකයන්ට දේශපාලනය තහනම් කිරීම පිණිස ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ජාතික හෙළ උරුමය දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය අතර, ජනාධිපතිගේ හයිය ද රැගෙන අද දෙරණේ විවාදයට එන්නේ සූක්ෂම ලෙස රාජපක්ෂ මන්ත්‍රීවරයා බිය වද්දමිනි. බුදුන්ගේ අහිංසාවාදී දහම හා ජාතික හෙළ උරුමය අතර කිසිදු සම්බන්ධයක් ඇතැයි අපි නො සිතමු. සංඝ සංස්ථාවේ නිල ප්‍රධානීන් වන මහ නායක හිමිවරු මේ කරුණ අරභයා නිහඬ ය. ඇත්ත කරුණ නම් ඔවුන් භික්ෂූන් දේශපාලනයේ නොයෙදිය යුතු ය යන ස්ථාවරයේ සිටීමයි. අද වන විට මහ නායක හිමිවරු ද ජාතික හෙළ උරුමයේ ආධිපත්‍යයට යට වී සිටිති. ජාතික හෙළ උරුමය නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකි. මැතිවරණ කොමසාරිස් යටතේ ලියාපදිංචි වී ඇති එහි නිලතල සඳහා පුද්ගලයන් තෝරා ගත යුත්තේ ඡන්දයෙනි. එහෙම බැලුවාම ජාතික හෙළ උරුමය වඩා නවීන ආයතනයකි. එහි ඇති සුවිශේෂ ම ලක්ෂණයක් වන්න...