පූජකයෝ දේශපාලනය කළ යුතු ද

පූජකයෝ දේශපාලනය කළ යුතු ද යන ප්‍රශ්නය වඩා සංයුක්තව ගතහොත් හාමුදුරුවරු දේශපාලනය කළ යුතු ද යනු වේ. 


මන්ද, මේ වන විට ලංකාවේ ආගමික නායකයන්ගේ පාලනයකින් තොරව මේවා සිදු වන්නේ බුද්ධාගමේ පමණක් නිසා ය. 


එජාප මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පූජකයන්ට දේශපාලනය තහනම් කිරීම පිණිස ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ජාතික හෙළ උරුමය දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය අතර, ජනාධිපතිගේ හයිය ද රැගෙන අද දෙරණේ විවාදයට එන්නේ සූක්ෂම ලෙස රාජපක්ෂ මන්ත්‍රීවරයා බිය වද්දමිනි. 


බුදුන්ගේ අහිංසාවාදී දහම හා ජාතික හෙළ උරුමය අතර කිසිදු සම්බන්ධයක් ඇතැයි අපි නො සිතමු. සංඝ සංස්ථාවේ නිල ප්‍රධානීන් වන මහ නායක හිමිවරු මේ කරුණ අරභයා නිහඬ ය. ඇත්ත කරුණ නම් ඔවුන් භික්ෂූන් දේශපාලනයේ නොයෙදිය යුතු ය යන ස්ථාවරයේ සිටීමයි. 


අද වන විට මහ නායක හිමිවරු ද ජාතික හෙළ උරුමයේ ආධිපත්‍යයට යට වී සිටිති. ජාතික හෙළ උරුමය නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකි. මැතිවරණ කොමසාරිස් යටතේ ලියාපදිංචි වී ඇති එහි නිලතල සඳහා පුද්ගලයන් තෝරා ගත යුත්තේ ඡන්දයෙනි. එහෙම බැලුවාම ජාතික හෙළ උරුමය වඩා නවීන ආයතනයකි. එහි ඇති සුවිශේෂ ම ලක්ෂණයක් වන්නේ එහි උපාසක, උපාසිකාවන්ට ද සමාන බලතල තිබීමයි. ඒ නිසා සංඝ සංස්ථාව යල් පැන යාම නිසා දැනටත් බොහෝ දරට අහෝසි වී ඇති මහ නායක හාමුදුරුවරුන්ගේ පාලනයෙන් මිදී එවැනි නවීන ආයතනයක පාලනයට නතු වීම හොඳ දෙයකැයි ද තර්ක කළ හැකි ය. 


එසේම, සංඝ සංස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක නායකත්වයට යටත් වූ විට එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට ද යටත් වේ. භික්ෂූන් සමාජයෙන් ඉල්ලා සිටින පූජ්‍යත්වය සම්බන්ධයෙන් එවිට නව සංදර්භයකින් සලකා බැලිය හැකි ය. මන්ද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කාටත් සමාන හිමිකම් ඇති බැවිනි. 


මේ වන විට සංඝ විනය හා අද්‍යතන භික්ෂු පැවතුම් අතර දැඩි ගැටුමක් ඇති වී තිබේ. ජාතික හෙළ උරුමය පැරණි සංඝ විනයට අනුකූල නැති නවීන අසපු භික්ෂූන්ගේ ආධිපත්‍යයෙන් යුත් ව්‍යාපාරයක් නිසා එහි ආධිපත්‍යය තුළ සංඝ සංස්ථාවේ විප්ලවයක් අපේක්ෂා කළ හැකි වනු ඇති අතර එය සංඝයා වහන්සේලාගේ ලිංගික නිදහස වැනි කරුණුවලදී රැඩිකල් අන්දමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.


අවසාන වශයෙන් මෙය ද කිව යුතු ය. භික්ෂුවක් අනාගත ජනාධිපතිවරණයකට තරග කරමින් පවත්නා දේශපාලන ක්‍රමයට ප්‍රබල අභියෝගයක් එල්ල කරන එක වළක්වන්නට විජේදාස රාජපක්ෂට පමණක් නොව ගෝඨාභය රාජපක්ෂට ද බැරි ය. 

මේ පිළිබඳ තවත් ලිපියක් මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ක්‍රිෂ්ණාJuly 10, 2012 at 9:30 PM

    බුදුන් වැඩියෙ තුන් සැරයයි,පස් හය වතාවක් ආවා නම් කොහොමට හිටිද.

    ReplyDelete
  2. මටත් තියෙන්නේ ඔබ අහන ප්‍රශ්නයමයි. දැන් මේ භික්ෂුන්ට චන්දෙ ඉල්ලන එක තහනම් කරන්න හදන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නද, නැත්නම් බුද්ධාගම රැක ගන්නද? බුද්ධාගම රැක ගන්න නම්, මේ චන්දෙ දෙන බෞද්ධයන්ටත්, චන්දෙ ඉල්ලන හාමුදුරු (හොරුන්ටත්) වඩා කැක්කුමක් හෝ අයිතියක් විජේදාසට තියනවාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා