රජයේ සේවකයෝ රටින් පැන යන්නේ ඇයි?
නීති විරෝධීව ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට තැත් කර කල්කුඩා මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර රජයේ සේවකයන් 16ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඔවුන් අතරින් එක් අයෙකු පොලිස් නිලධාරියෙකි. විස්තර මෙතැනින්
රජයේ සේවකයෝ වනාහි මේ රටේ වැඩි ම රැකියා සුරක්ෂිතභාවය ඇති හා විශ්‍රාම වැටුප නිසා වැඩිම අනාගත සුරක්ෂිතභාවය ඇති පිරිස ලෙස සැලකිය හැකි ය.
පසුගිය සමයේ වත්මන් පාලක පිරිස බලයට පත් කිරීම සඳහා වැඩියෙන් ම කඩේ ගිය බලවේගය ද මෙයයි. එහෙත්, පොරොන්දු වූ රු. 2500 වැටුප් වැඩි වීම නොදී සිටීමේ පටන් ම රජය මෙම බලවේගය නොතකා හැරියේ ය.
එසේම, රාජ්‍ය සේවයට අලුතෙන් පිරිස් බඳවා ගැනීම හැර (ප්‍රචාරය කරන තරම් බඳවා ගැනීම් සිදු වන්නේ ද නැත.) රාජ්‍ය සේවයේ ඵලදායිතාව උසස් කිරීම සඳහා ගත් පියවරක් ද නැත.
රජයේ සේවකයන් තව දුරටත් රම රැකියාවල රැඳී සිටින්නේ බොහෝ විට වෙනත් රැකියා නැතිකමත්, අඩු පඩියට හිලව් පිණිස අඩුවෙන් වැඩ කිරීමේ අවස්ථාව ලැබෙන නිසාත් ය.
රජයේ සේවක වෘත්තීය සමිතිවල කොන්ද බිඳ දමා ඇත. එම වෘත්තීය සමිති බොහොමයක නායකයෝ ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබා ගැනීම පිණිස වෘත්තීය සමිති බලය පාවිච්චි කරන්නෝ ය.
පොදු රජයේ සේවකයන් හා මෙම වෘත්තීය සමිති අතර ඇත්තේ නාමික සම්බන්ධයක් පමණි.
රජයේ සේවකයන් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ රැකියාව කරන අතරතුර, සාධාරණ අන්දමින් නම් සිල්ලර කඩයක් කිරීම, කුඹුරු වගාව, ගුරුවරු නම් ටියුෂන් වැනි ව්‍යාපාරයක් කිරීම හා අයථා අන්දමින් නම් පගා ගැසීම, කොමිස් ගැසීම, වංචා කිරීම වැනි ක්‍රියා හරහා අමතර මුදලක් උපයා ගැනීමටයි.
මේ වන විට රජයේ සේවකයන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ කුමන අන්දමකින් හෝ සිය මධ්‍යම පංතික සිහින සැබෑ කර ගැනීම ඔවුන්ට දුෂ්කර වී තිබීමයි.
විශේෂයෙන් ම සිය දරුවන් සම්බන්ධයෙන් වූ අනාගත සුබ සිහින සැබෑ කර ගැනීමේ මාර්ග එන්න, එන්න ම ඇහිරෙමින් තිබේ. එපමණක් නොව, දේශපාලකයන් සමග සම්බන්ධ අධ්‍යතන අපරාධ රැල්ල විසින් රටේ ඇති කර තිබෙන්නේ මහත් අනාරක්ෂිත තත්වයකි.
දෙමළ ජනයා දෙමළ වීම නිසා මුහුණ දෙන විශේෂ තත්වය මතත්, දෙමළ ජනයාට සංක්‍රමණය වීම හා දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඇති වැඩි හැකියාව මතත්, දෙමළ මිනිසුන් නීති විරෝධී සංක්‍රමණයට යොමු වීම වැඩි වී තිබෙන මුත්, සිංහල මිනිසුන් අතර ද තත්වයේ වෙනසක් නැත.
සරළව කීවොත්, සිංහලයන් කෙතරම් ජාතික අභිමානයෙන් යුත් පිරිසක් වුවත්, අද වන විට පවතින තත්වය තුළ මිනිසුන්ට ලංකාවෙන් පිට වීම සඳහා දොරටු විවර කළොත් මධ්‍යම පංතික දේශප්‍රේමීන් කී දෙනෙක් ලෝකෙන් උතුම් රටේ ඉතිරි වේද යන්න සැක සහිත ය.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

1000% true
ReplyDeleteමතුපිටින් පෙන්වන ආශ්චර්යයේ සැබෑ තත්වය එලෙසය.නගර අලංකරණය කිරීමෙන් හෝ කාපට් පාරවල් තැනීමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳිය හැකියි සිතන්නන්ට මෙය පාඩමකි
ReplyDeleteඇත්ත. ඕක තමයි කාරණය. නැත්නං විශ්‍රාම වැටුප බල්ලට දාල රට පනින්නෙ මොකටද?
ReplyDeleteදේශප්‍රේමය රැකගන්න හොදම තැන තියෙන්නෙ මේ රටෙන් පිට කොහේ හරි තැනක.
ReplyDeleteඔන්න දැන් CHINA TOWN හම්බන්තොට දානවලු . එතකොට ඔය ඔක්කොම හරියි මයේ හිතේ .
ReplyDeleteඅර නරිය මිදි තිත්තයි කිව්වා වගේ මේකෙන් එලියට යන්න චාන්ස් එකක් නැති උන් යන උන්ටයි ගියපු උන්ටයි බැන බැන දේශප්‍රේමේ කාල් ගානවා.හැබැයි චාන්ස් එකක් අවොත් කට්ටිය එක පයින්.රාජ්‍ය සේවය ගැන නම් ඉතින් කතා මොටෝ.එක පුටුවට තුන් දෙනා ගානේ ඉන්න අපේ රාජ්‍ය සේවය දුර්වල කළමනාකරණය සහ සම්පත් නාස්තිය පිළිබද හොඳ කේස් ස්ටඩි එකක්.රජයේ සේවකයන්ගේ ජීවන මට්ටම ගැන කවර කතාද විශ්ව විද්‍යාලේ ආචාර්ය කෙනෙකුගේ පඩියට වඩා අද කාලේ මේසන් බාස් කෙනෙක් හම්බ කරනව.
ReplyDelete// සිංහලයන් කෙතරම් ජාතික අභිමානයෙන් යුත් පිරිසක් වුවත්// හේ හේ ....මොන අභිමානද සහෝදරයා...සිංහයෝ බලු වෙලා බල්ලෝ සිංහයෝ වෙලා.....
ReplyDelete16 ක්!!! සෑහෙන ලොකු ගානක්නෙ....
ReplyDeleteඔය ඇත්තේ දුප්පත්ම රජයේ සේවකයෝ ටිකක්...පොලිස් නිලදාරියෙක් කියන්නෙත් මහා ලොක්කෙක් නෙවේ...නිවන සොයාගෙන යන කාලෙට ආවේ නැති හුඟ දෙනකු හොයාගෙන යන නිවන තියෙන්නේ බටහිර රටවල...මෙහෙදී නොකරන රැකියා ඒ රටවලදී කරනවා...මේකට එකම හේතුව ආර්ථික ලාභය සොයාගෙන යාම නොවේ...සමාජයීය වශයෙන් තියෙන පිරිහීම...දේශපාලන නායකත්වයේ ඇති ගරා වැටීම...වැනි බොහෝ කරුණු බලපානවා...රට ගැන කොච්චර කිව්වත් රටට ආදරය කරනවට වැඩ තමන්ට ආදරය කරන අත්මාර්තයක් මිනිස්සු ගාව වැඩෙන තත්වයක් තිබෙනවා...මෙහෙම ගියාම මේ රටේ ඉපදෙන්න ප්‍රර්ථනා කරලා මැරෙන කෙනකු හොයාගන්න බැරිවෙන කාලයක් උදාවෙනවා
ReplyDeleteMr.Abeysinge oya wage modayo thama malata passe ayemath ipadenawa kiyala wishwasakaranne. Ehema aya thama wediyama mehe inneth.Ithin un Mehe ipadenna balagena nam nemeie rata paninne.May thiyena jeewithaya tikak hari saru karaganne thama ehema karanne.Prarthana kalata mehe ipadenne nehe ayemath.Garbashaye indeddi amma rata giyoth rata antharbawaye indan selection ekedi mara case ekak thama.
ReplyDeleteගතවන මොහොතේ ශිෂ්ට මිනිසුන් සහිත ලෝකය විසින් යළිත් අපව නිර්දය ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙමින් සිටී. ඒ ජාතියක් ලෙස අපේ අශීලාචාරකම පිළිබඳවය. මෙවර ඒ ප්‍රශ්න කිරීම මතුවන්නේ පැරණි ලේබලවලින් නොවේ. අශිෂ්ට මිනිස් ජාවාරම්කාරයින්ට ඉඩ හරස සලසන, ඔවුන්ට පහසුවෙන් සැරිසැරිය හැකි පරිසරයක් නිර්මාණය කරන නීතියක් නැති රටක් ලෙසය. මනුෂ්‍යත්වයෙන් තොර දුගී හිගන රටක් ලෙසය. උපන් රටට ගෞරවයක් ආදරයක් අභිමානයක් තබා ජීවත් වීමේ බලාපොරොත්තුවක් වත් නිර්මාණය කරගත නොහැකිව අසරණ වන මිනිසුන් පිරිසක් සහිත රටක් ලෙසය. මේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයින්ගේ නීති විරෝධී සංක්‍රමණ තුළම ඇත්තේ දැවැන්ත සමාජ ෙදවාචකයක ප්‍රකාශනයකි. මහා සංග්‍රාමයකින් අනතුරුව සුනු විසුණු වී ගිය සමාජයක ජීවිත යථාවත් කිරීම සඳහා අපගේ ප්‍රවේශය ප්‍රායෝගිකද යන්න පිළිබඳ වන තියුණු ප්‍රශ්න කිරීම දැන් සිදුවෙමින් ඇත්තේ මේ ආකාරයටය.
ReplyDelete