ආචාර්ය නිර්මාල්ට ආචාර්ය මර්වින් හිමු වීම

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අලුත්ම චරිතය ආචාර්ය මර්වින් සිල්වා ය. 


ඔහු ඒ සඳහා මැදිහත් වන්නට කැමති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත. 


මර්වින් සිල්වා මීට පෙර මෙවැනි ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් විසඳා ඇද්ද යන්න අපි නො දනිමු.  අප‍ සිතන පරිදි නම් මර්වින් සිල්වා යනු බරපතල ප්‍රශ්නයක් මිස කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නො වේ. 


මර්වින් සිල්වා යනු ආචාර්ය යන පට්ටම නමට ඉදිරියෙන් යොදන කෙනෙකි. මෑත යුගයේ බිහි වූ හොඳ විද්‍යාර්ථියකු යයි අප සිතන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හෝ ඒ තරමට සිය ආචාර්ය උපාධිය ප්‍රදර්ශනය නො කරයි. 


මර්වින් සිල්වාට මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වීමට ලජ්ජාවක් නැතිකම තරම් ලංකාවේ සමාජ පරිහාණිය පිළිබඳ ප්‍රකාශයක් තවත් නැත. 


කෙසේ වෙතත්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ආචාර්ය මර්වින් සිල්වා හමු වීම නාට්‍යමය වශයෙන් රසවත් ය. මීළඟ දෙබස් ඛණ්ඩය ඇත්තේ ආචාර්ය නිර්මාල්ට ය. ඔහු නිහඬ ය. ඇයි? කන්න ඕනැ වුණා ම කබරගොයාත් තලගොයා වෙනවා ද? 


සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් නො වන බව ඔබ කීවා අපට මතක ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දුෂාන්July 23, 2012 at 1:57 PM

    මර්වින් සිල්වාට මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වීමට ලජ්ජාවක් නැතිකම තරම් ලංකාවේ සමාජ පරිහාණිය පිළිබඳ ප්‍රකාශයක් තවත් නැත.

    හරියට හරි .100%

    ReplyDelete
  2. නොදකින් විතරක්! මා සාමාන්‍යයෙන් අරූගෙ නම තියන ප්‍රවුර්තියක් වත් බලන්නේ නැහැ. ඔන්න බලන්න, ඕකා ආයිත් චන්දෙ ඉල්ලනකොට අපේ අයියලා රොද බැඳගෙන නොදේද කියලා. පස්සේ කියමු ජිල් මාර්ට් වලින් දිනුවේ කියලා. මෙහෙමත් ජාතියක්!

    ReplyDelete
  3. කබරගොයා තලගොයා කෙසේවෙතත්, තවත් දවසක ඉර පායනවා තමන්ගේ අඹු දරුවන් එක්ක බලන්න ජීවත් වෙනවද කියන මටටමට මේ ආණ්ඩුව තර්ජනය කරනකොට, ඔබ කීවසේම බුද්දීමතෙකු නිසා නිහඬ වීම හැර විකල්පයක් නැතිවිය හැක. මොකද ඉතින් ඉතින් රටේ ජීවත් වෙන කාලකන්නි පත්කරපු, ඒ ලුම්පන් මුගදයන් නියෝජනය කරන මෙර්වින්ලා කරන කියන ඕන දෙයක් අමතකරන ජනතාවක් වෙනුවෙන් සීමා රහිතව කැපකිරීම කිරීම තරම් මෝඩ ක්‍රියාවක් තවත් නැති විය හැක.

    පැරකුම්, ඔයත් සීමා දාගෙන නේද මේවා කරන්නේ, හෙට දවසේ ජීවිතය වෙනුවෙන්?

    ReplyDelete
  4. මේක මෙතනට කෙලින්ම අදාල නැති උනත් බටහිර හා වාමාංශික විද්‍යාර්තීන් ගේ මලපහ උනත් රස කර කර තළුමරමින් දෙසාබාන (JVP , X-group , ජන අරගල, etc ) උන්ට තේරෙන්නැති හෝ විහින් අමතක කරන ප්‍රෝඩාවක් නම්.

    ලෝකයේ ඔක්කොම විප්ලව වලට මුල් වූ ප්‍රංශ විප්ලවය පීඩිත ජනතාව විසින් පීඩනය වැලක්වීමට කල නමුත් අවුරුදු කීපයකට පසුව රජෙකු වෙනුවට අධිරාජයෙකු නිපදවා මුළු ලෝකයටම පීඩනය දුනි. අදටත් යටත් විජිත සහිත, ඒවායින් යැපෙන පැරිසියේ සර්කොසිල නොදකින දෙයත් එයය්. එයම රුසියාවත් විප්ලවයේ සිට අද දක්වා කරමින් සිටි. එතකොට ලංකාවේ මේ මතවාද පස්සේ යන විද්‍යාර්තීන්, හා කාඩර්ල ඔලුව උඩ තියාගෙන මේ රටේ ඇති කරන්න හදන්නේ, ප්‍රන්සයේ රුසියාවේ මෙන් අදිරජ්‍යවාදී ක්‍රමයක් ද? එහෙනම් කැරකිලා කැරකිලා අන්තිමට යන්නේ අපහු ප්‍රංශය, රුසියාව දැන් ගෙනයන ධනවාදී ක්‍රමේට නේද? නිර්මාල් කොච්චර අවංක උනත් වැරැද්ද මෙය නොදකීමයි. ලෝකෙන් ප්‍රතික්ෂේප වෙච්ච කුණු ගොඩවල් බලෙන් පටවන්න හදන මිනිස්සු, ප්‍රයෝගිකත්වයක් නැති හුදෙකලා චරිත වීම, නොවැලක්විය හැකි සත්‍යයකි! මෙර්වින් වගේ පුද්ගලය්ක්ගෙන් ඉල්ලීම් ඉල්ලන තැනට වැටීමට මෙය හේතුවක් වුවාද යන්න විමසිය යුත්තකි.

    ReplyDelete
  5. එක එක මතවාදවල එල්බගෙන ඉඳලා වැඩක් නෑ. මෙතන තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒකාධිපති ආණ්ඩුවක් රට සුරාගෙන කමින් බලු දේශපාලනයක නිරත වෙනවා. ඒකට එරෙහිව නැගීසිටින්න නිදහස්
    මතධාරියෙකු වියයුතුයි.

    ReplyDelete
  6. සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් නො වන බව ඔබ කීවා අපට මතක ය.

    This month salaries have been suspended already! so, what do you think. its not a fight for salary.

    D.A. Rajapaksage kale family planning thibbanam......

    ReplyDelete
  7. මේ ආචාරිය ගොල්ලංට තියෙන්නෙ මේ වුර්තීය කිරියා මාර්ගෙ පැත්තක දාල ආන්ඩුවට තම ඉල්ලීම් ඉදිරිපත් කොරල පිටු දෙහෙක දැන්නීම් අතිරේකයක් සති අන්ත පත්තර වල පල කොරන එක... එයාල මේ ආන්ඩුවට චන්දෙ දෙන්න කියල ජහමනයගෙන් ඉල්ලල ඒ වගෙ දාපු දැන්වීම් අපිට තාම අමතක නෑ.....

    ReplyDelete
  8. @July 24, 2012 6:43 PM

    "D.A. Rajapaksage kale family planning thibbanam......"

    1000% agree. Maxa!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා