Posts

Showing posts with the label මර්වින් සිල්වා

මණ්ඩලේ කචල් - භයානක ආතල්

Image
මේ වීඩියෝව බලන්න. මර්වින් සිල්වා ඉදිරිපත් කරන චෝදනා අතිශය වැදගත් ය. ඔහු පවසන්නේ ලංකාවේ සිදු වී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය හා රාගම ලොකු සීයා ඝාතනය වැනි ඝාතන රැසක් සිදු කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව බවයි. භාරත ලක්ෂ්මන් ඝාතනය නම් කිසියම් හදිසි සිද්ධියක් බව පෙනේ. එහෙත්, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රවිරාජ්, මාධ්‍යවේදී සිවරාම්, කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මහේෂ්වරන්, මූතූර්හි රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් 17ක් මැරීම, වැලිකඩ සිරගෙදර සිරකරුවන් සමූහ වශයෙන් මරා දැමීම වැනි ඝාතන රැසක් හා මාධ්‍යකරුවන්ට පහර දීම, පුද්ගලයන් පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම ආදිය පිළිබඳ විමර්ශන යළි මතු කර ගත යුතු ය. අපි මර්වින් සිල්වාට ගරු නො කරමු. අප ඔහු සලකන්නේ අපරාධ සහායකයකු ලෙසයි. අපරාධ සහායකයකුගේ පාපොච්චාරණයක් යනු අතිශය වැදගත් සාක්කියකි. මර්වින් සිල්වාගේ චෝදනා මෙන් ම ඔහුට ඇති චෝදනා ද විභාග කළ යුතු ය. තමන්ට එරෙහිව චෝදනා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස දැන් ඔහු ප්‍රසිද්ධියේ අභියෝග කරයි. ඒ චෝදනා විධිමත් අන්දමින් පැමිණිලි ලෙස ඉදිරිපත් කළ යුතු ය. මහින්ද රාජපක්ෂ ළඟ ෆයිල් තිබේ නම් ඒවා ඉදිරිපත්...

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

Image
ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු!  කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

කැලනියේ හසිත මඩවල කතාවේ පිටපතේ දුබලකම්

ලංකාවේ කතා පිටපත් රචකයන්ගේ ඇති ප්‍රධාන දුබලකමක් වන්නේ ඔවුන් විසින් ලියනු ලබන කතාවල මුල මැද අග හා අන්තර් සම්බන්ධය නිසි ලෙස නොගැලපීමයි.  කැලනියේ හසිත මඩවල ඝාතනය පිළිබඳ කතාවක් අද දිවයිනේ පළවී තිබේ. එය කියවන්න . කතාව හොඳය.  එහි අඩුපාඩු මේවාය. මිනීමරුවා ලෙස සැකකරන රංගනගේ අම්මාට බැන වැදී පහර දුන් ප්‍රධාන පුද්ගලයා වන්නේ කැලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීරයි. එහෙත් දැවැන්ත ප්ලෑනක් ගසා මරන්නේ හසිත මඩවලවය.  පිටපතේ ප්‍රධාන දුබලකම එයයි. හදිස්සියෙන් කතා ලියන්න ගියාම ඔය වගේ දුබලකම් ඇතිවෙනවාය. දිගටම කරගෙන යන්න. අනාගතයේදී සාර්ථක වන්නට පුළුවන.  මේ කතාවට සම්බන්ධ අතුරු කතාවක මෙවැනි දෙබසක් තිබිය හැකිය. "බැරිද සර් පොලිසියට කියන්න මේක ෂේප් කරන්න කියලා." "උඹ කියපන්." "මං කිව්වට අහන්නෙ නැහැ සර්. සර්ගෙ ඕඩර්ස්ය කියලා උන් පිස්සු බල්ලො වගේ හොයනවා." "දැම්ම කියන්න බැහැ. උඹ අරූව ඉක්මණින් පිට කරපන්. ඌ අහුවුණේ නැතිනම් වැඩේ ෂේප්නෙ.මං ප්‍රසන්නයව ෂේප් කරල දාන්නං. දැනට ඌ ඔහෙ කෑගහපුවාවෙ." "හරි සර්, රං ගනයවනම් අපි හෙටම සිංගප්පූරු අරිනවා." "...

මාලක සිල්වා මේ රටේ අධ්‍යාපන ඇමති වනහැටි

Image
අනාගත අධ්‍යාපන ඇමති මැරවර මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුතාවන, මේ වනවිට ඇමරිකාවේ අධ්‍යාපනය ලබන බව කියන කලහකාරී මාලක සිල්වා ලංකාවේ මීළඟ අධ්‍යාපන ඇමති විය හැකි බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඊයේ අධිකරණයේදී පැවසූ බව මාධ්‍යවල වාර්තා විය. එය සත්තකින්ම විය හැකි දෙයකි. මේ වනවිට ලංකාවේ මහජන සම්බන්ධතා ඇමති වන්නේ ඔහුගේ තාත්තාය.  ඇමති මර්වින් සිල්වා මහජන සම්බන්ධකම් පාලනය කළහොත් ඉතා කෙටි කලකින් ලංකාවේ මහජනතාව අතර සම්බන්ධකම් සතුන් අතර සම්බන්ධකම් වැනි තත්වයක‍‍ට පත් වනු ඇත. ඒ කියන්නේ ඉක්මණින්ම මහජනයා තිරිසනුන්ගේ තත්වයට පත් වනු ඇත. එවිට ඕනෑම සතකු‍ට මේ රටේ අධ්‍යාපන ඇමතිකම කළ හැකිය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ආචාර්ය නිර්මාල්ට ආචාර්ය මර්වින් හිමු වීම

Image
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අලුත්ම චරිතය ආචාර්ය මර්වින් සිල්වා ය.  ඔහු ඒ සඳහා මැදිහත් වන්නට කැමති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත.  මර්වින් සිල්වා මීට පෙර මෙවැනි ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් විසඳා ඇද්ද යන්න අපි නො දනිමු.  අප‍ සිතන පරිදි නම් මර්වින් සිල්වා යනු බරපතල ප්‍රශ්නයක් මිස කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නො වේ.  මර්වින් සිල්වා යනු ආචාර්ය යන පට්ටම නමට ඉදිරියෙන් යොදන කෙනෙකි. මෑත යුගයේ බිහි වූ හොඳ විද්‍යාර්ථියකු යයි අප සිතන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හෝ ඒ තරමට සිය ආචාර්ය උපාධිය ප්‍රදර්ශනය නො කරයි.  මර්වින් සිල්වාට මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වීමට ලජ්ජාවක් නැතිකම තරම් ලංකාවේ සමාජ පරිහාණිය පිළිබඳ ප්‍රකාශයක් තවත් නැත.  කෙසේ වෙතත්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ආචාර්ය මර්වින් සිල්වා හමු වීම නාට්‍යමය වශයෙන් රසවත් ය. මීළඟ දෙබස් ඛණ්ඩය ඇත්තේ ආචාර්ය නිර්මාල්ට ය. ඔහු නිහඬ ය. ඇයි? කන්න ඕනැ වුණා ම කබරගොයාත් තලගොයා වෙනවා ද?  සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් නො වන බව ඔබ කීවා...

කතරගම දෙවියන්ගේ සම්බන්ධීකරණ නිලධාරිකමක් මර්වින් සිල්වා ඇමතිතුමාට

Image
'මහජන' සමබන්ධතා ඇමති මර්වින් සිල්වාගේ දේශපාලන කල දසාව නරක් වි තිබෙන්නේ කාලි මෑණියන්ගේ සාපය වැදීමෙන් බව මුන්නේශ්වරම් කෝවිලේ පූජක තැන පවසා තිබේ. ඇමති මර්වින් සිල්වා මෙම දේවාලයට පැමිණ එහි බිලි පුද පිණිස රඳවා තිබූ සතුන් මුදවා වීරයා වීමේ මාධය සංදර්ශනයක් පැවැත්වූවේ ය. පසුව එම බිලි පූජාවට එරෙහිව අධිකරණ නියෝගයක් ද ලබා ගැනිණි. මෙම මාධ්‍ය ජවනිකාවත් සමග ලංකාවේ සුළුතර ආගම් රාජ්‍ය මර්දනයට ලක් වන බවට මතයක් ලෝකය පුරා පැතිර ගිය අතර, එවැනි ක්‍රියාවල නො යෙදෙන ලෙස රජයෙන් මෙවැනි ජනප්‍රියවාදී දේශපාලකයන්ට උපදෙස් දෙන ලදී. මාධ්‍ය ආවරණයෙන් තොරව ඉන් පසුවත් එවැනි බිලි පූජා පැවැත්වුණු අතර වීරයෝ සද්ද, බද්ද නැතිව උන් හ. ඔවුන් දෙවියන්ට බිය නැතත්, ජනාධිපතිතුමාට හා සහෝදරයින්ට බය ය.  බොහෝ ආගම්වල මෙවැනි ආන්තික ක්‍රියා තිබේ. අහිංසාවාදී බුදුන්ගේ දහම පවා අද වන විට එයින් ජීවත් වන්නන් විසින් හිංසක ආගමක් බවට පෙරළාගෙන තිබේ. පසුගිය කාලයේ යුද්ධයට ආවැඩූ බෞද්ධයෝ මිනිස් බිලි පූජාවක් අනුමත කළ බව ප්‍රතික්ෂේප කළ නො හැක.  දෙවියන් තමන්ගේ පැත්තේ යයි මර්වින් සිල්වා කියන විට අදේවවාදීන් වන අපට නම් අධෝ මුඛයෙනුත් හිනා ය...

අපි මර්වින්ට - මර්වින් අපිට! මේ තහනම වහා ඉවත් කරනු!

Image
ඇමති මර්වින් සිල්වාටත්, ඔහුට අභියෝත කරන කැලනිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලාටත් මාධ්‍යවලට කතා නො කර කට පියාගෙන ඉන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොක්කන් අවවාද කර ඇත.  දැන් ඇති ප්‍රශ්නය මෙයයි. මාධ්‍යවලට කයිවාරු ගසන්නේ නැතිනම් මර්වින් සිල්වා වැනි දේශපාලකයන් වෙන කුමක් කරන්න ද?  මාධ්‍යවලට කට පූච්චානම් දෙඩවීම හැර ඔවුන් දන්නා වෙන දෙයක් තිබේ ද?  මොවුහු ඇත්ත වශයෙන් ම චන්ඩි ද නො වෙති. පාතාල නායකයන් ලෙස පෙනී සිටියත්, ඇත්ත ම කීවොත්, ඔය කොළඹ වතු ටිකක ලුම්පන් නායක්වයට වැඩි යමක් ද මොවුන්ට නැත. රාජ්‍ය බලය නැතිනම් ඔවුන්ගේ චන්ඩිකම් කැළේ ය. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විධායක බලයේ හයියෙන් චන්ඩි පාට් දාන්නට ඕනැ කොකෙකුට පුළුවන. මර්වින් සිල්වා විපක්ෂයේ සිටි කාලයක කළ චන්ඩිකම් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.  මෙවැනි චරිත ඇත්තෙන් ම චන්ඩි නො ව මාධ්‍ය ‍ජෝක්කාරයෝ ය. ඔවුන්ගේ චන්ඩි පාට් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට සිනා උපදවන විකට ජවනිකා ය.  ඒ නිසා මේ තහනම වහා ඉවත් කළ යුතු ය. කන්න, බොන්න නැතත්. අනාගතය අවිනිශ්චිත වුණත් සිනා වී ඉන්නට මේ රටේ ජනතාවට ඇති අයිතියට ශ්‍රී ලංකා නිදහස් පක්...

මර්වින් සිල්වාගේ දාමරිකකම්වලට මුහුණ දුන් ඔහුගේ එඩිතරකම අගයමු

Image
මර්වින් සිල්වා පුහු චන්ඩියෙක් බව ඔප්පු කරන වීඩියෝවකි, මෙය. ඔහුට මුහුණ දෙන මේ ඡන්දදායකයා නිර්භීතව, මහාත්මා ලෙස හැසිරෙයි. ඔහු අසැබි වදන් නො දොඩයි. දාමරිකකම්වලට විරෝධය දක්වයි. තමන්ට අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සටන් කරයි. රාජ්‍ය බලයෙන් හා අවි බලයෙන් සන්නද්ධ මර්වින් සිල්වා සමූහයක් සමග එක්ව ඔහුට පහර දෙන්නේ ඒ එඩිතරකමට ඇති බිය නිසා ය. මහජනතාව මේ දාමරිකයන්ට විරුද්ධව ඉදිරියට ආ යුත්තේ මෙසේ ය. නාඳුනන ඔබ මේ මොහොතේ අපේ වීරයෙකි. මුන්ට තිබෙන බිය නැති කර ගැනීම දවසේ අවශ්‍යතාවකි. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පෑලියගොඩ මාළු, ෆෙඩරල් මර්වින් හා අලකේශ්වර

Image
(2011 අප්‍රේල් 11,   W3Lanka )   පෑලියගොඩ මාළු වෙළඳපොළේ ජංජාලය වැදගත් දේශපාලන සිද්ධියකි. මන්ද, එය හුදු මර්වින් සිල්වා හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් දෙපළ අතර ගැටුමක් නො ව, ධනවාදය හා පසුගාමිත්වය අතර ගැටුමක් වන බැවිනි. ධීවර ඇමති රාජිත සේනාරත්න ම පවසන පරිදි පෑලිගොඩ කප්පම් කල්ලි පිටුපස ඇමති මර්වින් සිල්වා සිටියි. පෑලිගොඩ නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇතුළු මර්වින් සිල්වාගේ මැරයන් බව කියන පුද්ගලයන් 14ක් මේ වන විට කප්පම් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු තවත් හයදෙනෙක් නීතියෙන් බේරීමට සැඏවී සිටිති. මර්වින් සිල්වා ද මරු විකාරෙන් මෙන් ඩී.ඒ. රාජපක්ෂ මහින්ද පියාණන් ගැන නන් දොඩවමින් සිටියි. ඔහුට අන්තිම ගැලවිල්ල ඇත්තේ ඒ සම්බන්ධයෙහි ය. පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය මේ වන විට ප්‍රදේශයේ පොලිසියේ ආරක්ෂාවෙන් ඉවත් කර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානයත යටතට පත් කර තිබේ. මර්වින් සිල්වාගේ තර්කය වන්නේ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ පාලනය පෑලියගොඩ නගර සභාවට හිමි විය යුතු බවයි. මෙය ෆෙඩර්ල්වාදී තර්කනයකි. ගමේ දේ පාලනය කිරීමේ බලය ගමට හ...

ලංකාවට බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධුවරයෙක් හා දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍රයෙක් පහළ වෙති

Image
(2011 මාර්තු 30,   W3Lanka )  මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිලිබඳ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අටමස්තානධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් පසුගිය දා අනුරාධපුර මහා විහාරයේදී පිරිනමන ලදී. ඒ අනුව, ආචාර්ය මර්වින් සිල්වා බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු වරයෙකි. ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක නාහිමි ප්‍රමුඛ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට “දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍ර” ගෞරව නාමය පිරිනැමීමට තීරණය කැර ඇත. ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍ර යෙකි. බු දු ස සු න බැ බ ලේ වා ! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කැලණියේ රතු, කොළ කොඩි බෑ, අරිද? ලෑස්ති වෙයව් උස්සන්න සුදු කොඩි!

Image
( 2011 ජනවාරි 12,  W3Lanka )  කැලණිය පළාතේ කොළ කොඩි, රතු කොඩි දැමිය නොහැකි යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා කැලණියේ නාරම්මිතිය ප්‍රදේශයේ පැවැති උත්සවයක්‌ අමතා ප්‍රකාශ කර ඇත. ඒ කියන්නේ ආණ්ඩුවත් එක්ක කූට්ටාලි වී සිටින වාසුදේව නානායක්කාර හා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලට ද කැලණියේ රතු කොඩි නො දැමිය හැකි බවයි. කැලණිය හරහා දුම්රිය ගමනාගමනය කරන විට ද මොන හේතුවක් නිසා හෝ කොළ කොඩි, රතු කොඩි නො ඔසවන්නට දුම්රිය දෙපාර්තමේන්තුව ද වග බලා ගත යුතු ය. දන්නවනේ, නැතිනම් සිදු වන්නේ සුදු කොඩි ඔසවන්නට ය. Bookmark, remember easily and come again   www.w3lanka.com

මහජන අනන්‍යතාවෙන් ඉල්ලා අස් වීමේ ප්‍රකාශය

Image
( 2010 නොවැම්බර් 22,  W3Lanka )  මෙම ලේඛකයා අද දින සිට මහජන යන අනන්‍යතාවෙන් ඉවත් වන බව දැනුම් දෙනු ලැබේ. කොටින්‍ ම කීවොත් මෙම ලේඛකයා මින් ඉදිරියට මහජනයාගෙන් කෙනෙකු නො වන බව කරුණාවෙන් සලකන්න. අපේ සමහර කමෙන්ටුකරුවන් සේ හරකෙක්, බූරුවෙක් ලෙස සැලකුවාට වරදක් නැත.  අභිනව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාට උණුසුම් සුබ පැතුම්! අද සිට මෙම ලේඛකයා සම්බන්ධ කටයුතු භාර ගන්නා ලෙස ආරුමුගම් තොන්ඩමන් ඇමතිගෙන් ආඩම්බරයෙන් ඉල්ලා සිටිමි.  Bookmark, remember easily and come again   www.w3lanka.com

නඩු බලවන්න ගිය නඩුකාර උතුමකුට ලැබුණු දඬුවම ගැන

Image
( 2010 නොවැම්බර් 04,  W3Lanka )   'නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ' යන ප්‍රස්ථා පිරුළ කවුරුත් දනිති. 'නඩු යන්නෝ - වැනසෙන්නෝ' යි ද තවත් ප්‍රස්ථා පිරුළක් තිබේ. නඩු යනු මෙරට පීඩිතයන්ට සහනවලට වඩා අසහන ගෙන දෙන දෙයකි. නඩුවල පැටලුණු විට පෙරකදෝරුවන්ගේ ගිනි කෑම දරා ගන්නට මිනිසුන්ට සිදු වේ. ඊටත් වඩා දරා ගන්නට අමාරු දෙයක් ඇත. ඒ වනාහි උසාවියේ තිබෙන ඌෂ්ණයයි. උසාවියකට ගිය කල, ඒ අංශයෙන් පළපුරුද්ද නැති ලංකාවේ දුප්පත්, අසරණ මිනිස්සු මහත් සේ අසරණ වෙති. බුලත් විටක් කෑවොත්, කිඹුහුමක් ගියොත්, ජංගම දුරකථනය නාද වුණොත්, විනිසුරුවරයා අකැමැති ඇඳුමක් ඇද සිටියොත් පවා මිනිසකු වැරදිකරුවකු විය හැකි ය. විනිසුරුවරුන් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ ලංකාවේ සමාජ තත්වය පිළිබඳ කිසිත් නො දන්නා, සර්ව සාධාරණත්වය රජයන පිටසක්වළ ලෝකයක සිට පැමිණි පිරිසක් සේ ය. එහෙත් විනිසුරුවරු වන්නේ ද අප වැනි පෘථග්ජනයෝ ය. තිස්සමහාරාමයේ මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් විනිසුරු ධුරය දැරූ 45 හැවිරිදි අනුර සෙනෙවිරත්න මිතුරන් සිව්දෙනෙකු සමග කොල්ලුපිටියේ කැරෝකේ සමාජ ශාලාවකට පැමිණ, අතේ මිටේ මුදල් හදල් ඇති අය ගන්නා ෆ...

සරසවි සිසුන්ගේ ලුම්පන් අම්මලාගේ නාසි සංදර්ශන, ගොබෙල්ස් මීඩියා හා සරසවිය මුදා ගැනීමේ මෙහෙයුම

Image
ලු ( 2010 ඔක්තෝබර් 28,  W3Lanka )   අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූ බව අද දිනමිණ වාර්තා කර තිබේ. මේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීන්ගේ හැසිරීම දැක බලා ගන්නට අවශ්‍ය නම් ඩේලි මිරර් පුවත්පතේ මෙම වීඩියෝව බලන්න. ඔවුන් අම්මලා, තාත්තලා වන්නට පුළුවන. එහෙත්, ඔවුන් කී දෙනෙකු සරසවි සිසුන්ගේ අම්මලා, තාත්තලා ද යන්න සොයා බැලිය යුතු ය. 'කාගෙ ද මේ බලවේගේ - මර්වින්ගේ බලවේගේ' යන සුපුරුදු සටන් පාඨය කටින් පිට වීම වළක්වා ගත නො හැකි මෙම බීමත් මැරවර පිරිස සරසවි සිසුවකුට අඩන්තේට්ටම් කරන ආකාරය අද පුවත්පත් රැසක පළ වූ ඡායාරූපවලින් පෙනේ. මෙම උද්ඝෝෂණයේදී ගැහැනුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය හා සරසවි සිසුවකුට අඩන්තේට්ටම් කරන ආකාරය දැක ගත හැකි ය. ඒ අතරින් එක් ගැහැනියක වන්නේ දිනමිණට අනුව 'එම අවස්ථාවට සහභාගි වූ බියගම කාන්තා සංවිධානයේ සාමාජිකා බිමල්කා පොත්තෙවෙලයි.' දිනමිණ කියන අන්දමින් නම් 'ප්‍රදේශයේ ජන...

ජනාධිපති සිය බැලයන්ට හැරෙන තැපෑලෙන් එවූ තෑග්ග | The return gift from Sri Lanka President to his henchmen

Image
( 2010 සැප්තැම්බර් 09,  W3Lanka )  ජනතා නියෝජිතයන් යයි කියන පිරිස් විසින් විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලතල හා ජනාධීපති ලෙස වැජඹිය හැකි කාලය වැඩි කරමින් කළ ක්‍රියාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හැරෙන තැපෑලෙන් සම්මානයක් පුද කර තිබේ.  ඒ මර්වින් සිල්වා යළි මහාමාර්ග නියෝජ්‍ය ඇමති තනතුරේ පිහිටුවීමයි.  ජනාධීපතිවරයා සිය පවුලේ ජය තහවුරු කර ගත් සැණින් කළ මෙම ක්‍රියාවෙන් සංකේතවත් වන්නේ එතුමාට මෙම ජනතා නියෝජිතයන් පිළිබඳ ඇති ආකල්පයයි.  161ක් ආණ්ඩු ගැති මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගස් බැඳීමයි. එහෙව් එකේ කැමැත්තෙන් ඉදිරිපත් වූ එකෙකු ගස් බැඳි මර්වින් සිල්වාට කෙණෙහිලි කිරීම වැරැදි බව එතුමා‍ ඒත්තු ගන්වා ඇත.  තිස් දෙවසරක් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කර, අන්තිමේදී එහි නරක වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට අත් එසවූ වාසුදේව නානායක්කාර වැනි අය සිටින රටක මර්වින් සිල්වා අතිශය වැදගත් සංකේතයකි.  මර්වින් සිල්වා මේ රටේ ජනාධිපති පදවියට සුදුසු බව අප කීවේ අද නොව 2007දී ය. මේ ලිපිය නැවත කියවන්න.  මර්වින් සිල්වා ජනාධි...

ගස් බඳින රඟපෑම් ද අසභ්‍ය රැඟුම් සේ තහනම් කළ යුතු ය

Image
( 2010 සැප්තැම්බර් 01,  W3Lanka )  කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මන්ත්‍රී මර්වින් සිල්වා කළ ගස්‌ බැඳීම තමන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු එක්‌ව ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කළ රඟපෑමක්‌ බවට එම සිද්ධියට මුහුණපෑ සමෘද්ධි සංවර්ධන නිලධාරියා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දිවුරුම් පෙත්සම් දෙකක්‌ විනය කමිටුවට ලබා දී තිබෙන නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහු විනය පරීක්ෂණයෙන් නිදහස් කර නැවත  කැලනියආසන සංවිධායක ධුරය ලබා දී ඇත.  ජනාධිපතිවරයා නුදුරු අනාගතයේදී ම මොහු නැවත නියෝජ්‍ය ඇමති තනතුරේ හෝ ඇතැම් විට කැබ්නට් ඇමති ධුරයක පිහිටුවීමට ඉඩ තිබේ.  ජංගම දුරකථන ඔස්‌සේ ප්‍රචාරය කළ අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටි තරුණ තරුණියන් හැට දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක්‌ පසුගිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට පවසා තිබිණි.  අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටීම කියන්නේ ද රංගනයකි. ඒ රංගනය තහනම් බව මෙම පුවත අනුව පෙනේ. ඒවා තහනම් කරන්නට ඇත්තේ ඒවා බලා මිනිසුන් යම් අනර්ථකාරී හැඟීමක් ඇති කර ගන්නා නිසා වන්නට පුළුවන.  කැලනියේ මර්...

මර්වින් සිල්වා ජනාධිපති වනතුරු | Until Mervin Becomes President

Image
( (2010 අගෝස්තු 11,  W3Lanka  -  මෙම සටහන 2007 දෙසැම්බර් අග හරියේදී ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න. කාලය විසින් තත්වයන් වෙනස් කර තිබේද යන්න තීරණය කිරීම ඔබට භාර ය.)  දුටුගැමුණු පරපුරෙන් පැවත එන, ගරු කම්කරු ඇමති ආචාර්ය මර්වින් සිල්වා යන නාමකරණය සමග ‛දුටුගැමුණු‛, ‛ගරු‛, ‛ කම්කරු ඇමති‛ හා ‛ආචාර්ය‛ යන පද සියල්ල ම අර්ථ ශුන්‍ය හිස් වචන බවට පත් වේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා භූමියේදී ආචාර්ය මර්වින් සිල්වා අවමානයට ලක් කළ පිරිසගෙන් අති බහුතරය 2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂටත් ඡන්දය පාවිචිචි කළ අය බවට සැකයක් නැත. මර්වින්ට ඇන්න ටොකු එක අතකින් මර්වින් නමැති රූකඩය නටවන රාජපක්ෂ බල හවුලට ඇන්න ටොක්කක් වන අතර ම අනෙක් අතින් තම තමන්ටම ඇන ගත් ටොකු බව කිව යුතුව තිබේ. කෙසේ වෙතත්, පාලකයන්ගේ සපත්තු ලෙවකෑම බඩරස්සාව කර ගත් අධ්‍යක්ෂකලා සිටින රූපවාහිනියේදී මෙම දේශපාලක මැරවරයාට කදිම පාඩමක් ඉගැන්වූ රූපවාහිනී කම්කරුවන්ට අපි හිස නමා ආචාර කරමු. ආචාර්ය මර්වින් සිල්වා 2004 මහ මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. එම මැතිවරණය...

මර්වින් සිල්වා නාඩගමේ අවසානය ව්‍යාජ එකක්ද? | Is Mervin Silva melodrama ending rationally?

Image
(2010 අගෝස්තු 11,  W3Lanka )  දරුවකු අසනීප වීම හේතුව ලෙස දක්වමින් ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගි නොවූ සමෘද්ධි නිලධාරියකු ගස් බැඳි මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා එම ධුරයෙන් ඉවත් කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමට ද විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඊයේ (10) ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේය. දීර්ඝ කාලයක් තිස්සේ මර්වින් සිල්වාගේ අවනිතික ක්‍රියා හේතුවෙන් රජයට ඇති වී තිබෙන අපකීර්තිය හා ඒ පිළිබඳ ඇති මහජන විරෝධය ඇගයීමෙන් අනතුරුව ඔහු ඉවත් කිරීම සිය පැවැත්මට වඩා වාසිදායක බව වටහා ගැනීම මෙම ඉවත් කිරීමට හේතු වී ඇති බව වාර්තා වේ.  එහෙත්, ජනමාධ්‍ය, පොලිසිය හා ‍ජනතාව ඉදිරියේ රජයේ සේවා ස්ථානයක බලහත්කාරය පාවිච්චි කරමින් රජයේ සේවකයකුට සාපරාධී ලෙස ප්‍රසිද්ධියේ වධ හිංසා පැමිණවීමෙන් මෙම දේශපාලකයා විසින් කරන ලද අපරාධයට එරෙහිව තවමත් නිතිය ක්‍රියාත්මක වී නැත.  එකී අපරාධය සම්බන්ධයෙන් අපරාධයට ලක් වූ නිලධාරියා පැමිණිල්ලක් කර නොමැති බැවින් ක්‍රියාමාර්ග ගැනීම අපහසු වි ඇති බ...