නඩු බලවන්න ගිය නඩුකාර උතුමකුට ලැබුණු දඬුවම ගැන

(2010 නොවැම්බර් 04, W3Lanka) 'නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ' යන ප්‍රස්ථා පිරුළ කවුරුත් දනිති. 'නඩු යන්නෝ - වැනසෙන්නෝ' යි ද තවත් ප්‍රස්ථා පිරුළක් තිබේ.


නඩු යනු මෙරට පීඩිතයන්ට සහනවලට වඩා අසහන ගෙන දෙන දෙයකි.


නඩුවල පැටලුණු විට පෙරකදෝරුවන්ගේ ගිනි කෑම දරා ගන්නට මිනිසුන්ට සිදු වේ.


ඊටත් වඩා දරා ගන්නට අමාරු දෙයක් ඇත. ඒ වනාහි උසාවියේ තිබෙන ඌෂ්ණයයි. උසාවියකට ගිය කල, ඒ අංශයෙන් පළපුරුද්ද නැති ලංකාවේ දුප්පත්, අසරණ මිනිස්සු මහත් සේ අසරණ වෙති.


බුලත් විටක් කෑවොත්, කිඹුහුමක් ගියොත්, ජංගම දුරකථනය නාද වුණොත්, විනිසුරුවරයා අකැමැති ඇඳුමක් ඇද සිටියොත් පවා මිනිසකු වැරදිකරුවකු විය හැකි ය.


විනිසුරුවරුන් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ ලංකාවේ සමාජ තත්වය පිළිබඳ කිසිත් නො දන්නා, සර්ව සාධාරණත්වය රජයන පිටසක්වළ ලෝකයක සිට පැමිණි පිරිසක් සේ ය.


එහෙත් විනිසුරුවරු වන්නේ ද අප වැනි පෘථග්ජනයෝ ය.


තිස්සමහාරාමයේ මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් විනිසුරු ධුරය දැරූ 45 හැවිරිදි අනුර සෙනෙවිරත්න මිතුරන් සිව්දෙනෙකු සමග කොල්ලුපිටියේ කැරෝකේ සමාජ ශාලාවකට පැමිණ, අතේ මිටේ මුදල් හදල් ඇති අය ගන්නා ෆන් එකක් ගන්නට ගොස් අවුලක් හදා ගත්තේ ය. එහි සේවිකාවන්ගේ කාමරයකට බලෙන් රිංගන්නට ගොස් එය වැළැක්වීමට පැමිණි වේටර්වරුන් දෙදෙනෙකුට පහර දී, රාජකාරි ගිනි අවිය පෙන්වා ආරක්ෂක නිලධාරීන්ට ද තර්ජනය කළේ ය. එපමණකින් නො නැවතී සිද්ධිය වූ තැනට පැමිණි පොලිසියට හැඳුනුම්පත පෙන්වා අන්තිමේදී ‍මිතුරන් ද සමග පොලිස් ස්ථානයෙන් පළා ගියේ ය. 


එයා නම් මෙයා මාර ම නෝටි පොරකි. මීට ටික කලකට ඉහතදී, මෙවැනි සංදර්ශනයක් පෙන්වූ මහානුභාව සම්පන්න මර්වින් සිල්වා ඇමතීන්ද්‍රයාගේ පුත් මාලක සිල්වාණෝ පවා සෑහෙන කරදරයකට මුහුණ දුන්නේ ය. 


එහෙව් එකේ මෙහෙව් උන්නැහේලාට බේරෙන්නට දෙනවා නම් ඉතින් නන්දක්කේ කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්? 


ඔන්න දැන් මේ නඩු බලවන්න ගිය උන්නාන්සේ අධිකරණ සේවා කොමිසම විසින් සේවයෙන් පහ කර තිබේ. 


කපුවන් වූ පළියට දේවාලයේ මළ පහ කරන්නට බැරි බව මෙම කතාවේ ආදර්ශයයි. 


ඒත් ඉතින් අප නම් කියන්නේ මෙවැනි අය ද පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීම සුදුසු බව ය. 


කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික ඇති බව අනෙකුත් උන්නාන්සේලාත් මේ රටේ පීඩිත අසරණයන් විෂයෙහි තීරණ, තීන්දු ගන්නා විට සිතා බැලිය යුතු ය. 

Comments

  1. ඉතින් නන්දක්කේ....? (LOL)

    ReplyDelete
  2. උගත් මිනිස්සුන්ගෙන් කොටසක් මෙහෙම තමයි. එයාලට මතක නැහැ කොහෙන්ද ආවෙ කියලවත්..

    ReplyDelete
  3. කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්?

    ReplyDelete
  4. ඉතින් නන්දක්කේ කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්?

    habai me ankaluth ektharaaa widiyakata aluth lowak gana thamai hithala thiyenne.. :) :)

    ReplyDelete
  5. balagena, umbawa hire dawi, ADHIKARANAYATA APAHASA KALA KIYALA !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


    ETHAKOTA APITA , umbe wal pal blog eka nethi wenawa

    ReplyDelete
  6. නපුරු කලට සතහට පැමිනෙන විපත
    එදුරු නොවේ කල පව් පලඩෙව මිස

    ReplyDelete
  7. එල වැඩේ'''බල්ලට ගිය නිතියක මහත?????

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා