Posts

Showing posts with the label මාලක සිල්වා

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

Image
ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු!  කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

මාලක සිල්වා මේ රටේ අධ්‍යාපන ඇමති වනහැටි

Image
අනාගත අධ්‍යාපන ඇමති මැරවර මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුතාවන, මේ වනවිට ඇමරිකාවේ අධ්‍යාපනය ලබන බව කියන කලහකාරී මාලක සිල්වා ලංකාවේ මීළඟ අධ්‍යාපන ඇමති විය හැකි බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඊයේ අධිකරණයේදී පැවසූ බව මාධ්‍යවල වාර්තා විය. එය සත්තකින්ම විය හැකි දෙයකි. මේ වනවිට ලංකාවේ මහජන සම්බන්ධතා ඇමති වන්නේ ඔහුගේ තාත්තාය.  ඇමති මර්වින් සිල්වා මහජන සම්බන්ධකම් පාලනය කළහොත් ඉතා කෙටි කලකින් ලංකාවේ මහජනතාව අතර සම්බන්ධකම් සතුන් අතර සම්බන්ධකම් වැනි තත්වයක‍‍ට පත් වනු ඇත. ඒ කියන්නේ ඉක්මණින්ම මහජනයා තිරිසනුන්ගේ තත්වයට පත් වනු ඇත. එවිට ඕනෑම සතකු‍ට මේ රටේ අධ්‍යාපන ඇමතිකම කළ හැකිය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

මෙන්න අඩෝ ගඩ්ඩෙක්! (මාලක සිල්වා හා සංජීව බංඩාර)

Image
ඔන්න අපේ යාලුවෙක් ඉන්නවා ගාමිනී චන්ද්‍රදාස කියලා. මිනිහා දැන් ගුරුවරයෙක්. පොල්ගොල්ල ගුරු විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ එක දවසක් හොස්ටල් එකේදි එක ගුරු සිසුවෙක් කොරිඩෝවේ සිට කෑගැහුවාලු 'මෙන්න අඩෝ ගඩ්ඩෙක්' කියලා. ඉතින් අනෙක් ගුරු සිසුවෝ කට්ටිය දඩ-බඩ ගාලා ඇඳ පොලු, කොහු එහෙම අරගෙන එළියට පැනලා හොයනවලු ගඩ්ඩාව. කෝ මොකෙක්වත් නැහැ. මේ අය සෙව්වේ සර්පයෙකුව. ඒත් බළලෙකුනම් ඉඳලා තියෙනවා, කකුල්වල එහෙමත් හැපි හැපී. කවුරුවත් ගණන්ගත්තෙ නැහැලු. බලනකොට අර කෑගහපු ගුරු සිසුවාගේ ගම් පැත්තේ බළලාට කියන්නේ ගඩ්ඩා කියලලු.  පොලිසිය මාලක සිල්වාව, දුමින්ද සිල්වාව, රදලියගොඩ යකඩ හොරාව එහෙම හොයන්නෙත් අර ගඩ්ඩා හෙව්වා වගේ. වෙනසකට තියෙන්නේ උන් දන්නවා ගඩ්ඩා කියන්නේ බළලාට බව. ඒ වුණාට නොදන්නවා වගේ පඳුරු පල්ලේ අහරකුක්කන්ව හොයනවා.  දැන් අපි හිතමුකෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලේ කැඳවුම්කාර සංජීව බංඩාර ළමයා මාලක සිල්වා වගේ කෙනෙකු වුණානම් කොහොමද? එහෙනම් මිනිහා ඩැමේජ් කරපු ජීප් එක හෙට උසාවිය‍ට ඇවිත් කියනවා, මට මෙයා ගැහුවෙ නැහැ, තාප්පයක් මගේ ඇ‍ඟේ හැපුණා කියලා. බිඳුනයි කියපු වින්ඩ්ස්ක්‍රීන් එක ගෙදර තිබිලා හම්බවුණා ...

නඩු බලවන්න ගිය නඩුකාර උතුමකුට ලැබුණු දඬුවම ගැන

Image
( 2010 නොවැම්බර් 04,  W3Lanka )   'නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ' යන ප්‍රස්ථා පිරුළ කවුරුත් දනිති. 'නඩු යන්නෝ - වැනසෙන්නෝ' යි ද තවත් ප්‍රස්ථා පිරුළක් තිබේ. නඩු යනු මෙරට පීඩිතයන්ට සහනවලට වඩා අසහන ගෙන දෙන දෙයකි. නඩුවල පැටලුණු විට පෙරකදෝරුවන්ගේ ගිනි කෑම දරා ගන්නට මිනිසුන්ට සිදු වේ. ඊටත් වඩා දරා ගන්නට අමාරු දෙයක් ඇත. ඒ වනාහි උසාවියේ තිබෙන ඌෂ්ණයයි. උසාවියකට ගිය කල, ඒ අංශයෙන් පළපුරුද්ද නැති ලංකාවේ දුප්පත්, අසරණ මිනිස්සු මහත් සේ අසරණ වෙති. බුලත් විටක් කෑවොත්, කිඹුහුමක් ගියොත්, ජංගම දුරකථනය නාද වුණොත්, විනිසුරුවරයා අකැමැති ඇඳුමක් ඇද සිටියොත් පවා මිනිසකු වැරදිකරුවකු විය හැකි ය. විනිසුරුවරුන් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ ලංකාවේ සමාජ තත්වය පිළිබඳ කිසිත් නො දන්නා, සර්ව සාධාරණත්වය රජයන පිටසක්වළ ලෝකයක සිට පැමිණි පිරිසක් සේ ය. එහෙත් විනිසුරුවරු වන්නේ ද අප වැනි පෘථග්ජනයෝ ය. තිස්සමහාරාමයේ මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් විනිසුරු ධුරය දැරූ 45 හැවිරිදි අනුර සෙනෙවිරත්න මිතුරන් සිව්දෙනෙකු සමග කොල්ලුපිටියේ කැරෝකේ සමාජ ශාලාවකට පැමිණ, අතේ මිටේ මුදල් හදල් ඇති අය ගන්නා ෆ...