මාලක සිල්වා මේ රටේ අධ්‍යාපන ඇමති වනහැටි

අනාගත අධ්‍යාපන ඇමති
මැරවර මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුතාවන, මේ වනවිට ඇමරිකාවේ අධ්‍යාපනය ලබන බව කියන කලහකාරී මාලක සිල්වා ලංකාවේ මීළඟ අධ්‍යාපන ඇමති විය හැකි බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඊයේ අධිකරණයේදී පැවසූ බව මාධ්‍යවල වාර්තා විය.

එය සත්තකින්ම විය හැකි දෙයකි. මේ වනවිට ලංකාවේ මහජන සම්බන්ධතා ඇමති වන්නේ ඔහුගේ තාත්තාය. 

ඇමති මර්වින් සිල්වා මහජන සම්බන්ධකම් පාලනය කළහොත් ඉතා කෙටි කලකින් ලංකාවේ මහජනතාව අතර සම්බන්ධකම් සතුන් අතර සම්බන්ධකම් වැනි තත්වයක‍‍ට පත් වනු ඇත.

ඒ කියන්නේ ඉක්මණින්ම මහජනයා තිරිසනුන්ගේ තත්වයට පත් වනු ඇත.

එවිට ඕනෑම සතකු‍ට මේ රටේ අධ්‍යාපන ඇමතිකම කළ හැකිය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මට නම් හිතෙන්නේ තව බලන් ඉන්න අවශ්‍ය නැහැ. අදම මාලකව පත් කරන්න පුළුවන්. ඔන්න ඔහේ ඔය ඇමෙරිකන් ස්ටඩීස් අල්ලලා දාල මේක බාර ගන්න මාලක. එතකොට එස්බී හා බන්දුලට මොකද කරන්නේ කියන එක තමයි ලොකුම ප්‍රශ්නය. මාලකට ඔය අමාත්‍යංශ දෙකම ලොකු නැහැ. කෝ අර පශු සම්පත් ඇමති තාම තොණ්ඩා මන්ද?

    ReplyDelete
  2. ඔබ නම සඳහන් කළ නීතීඥ මහතා විහිළු කතාවෙයි සමත්යැ. නමුත් එක් විහිළුවක් සඳහා ඔහුගේ අගය කිරීම් ඉතා ඉහල මට්ටමක පවති. කුඩු පිටි කිරීමට බොහෝ සමත්යැ. දූත මෙහෙවර පවා අතැර රාජ්‍ය සේවයට පැමිණ ඇති මොහු, මෑතකදි දුමිදූ සිල්වා මහතා වින්දිතයා බව ප්‍රකාෂ කළේය. මා හට එතනම මළ පහ විය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා