ජනාධිපති ලටපට මඩුවේ උපදේශක තනතුරු

ලංකාවෙ මිනිස්සු කැමති නැහැ, පාවිච්චි කළ පරණ බඩු කුණු ලොරියට දෙන්න. ඒකට හේතු කීපයක් තියෙනවා. 

මට හිතෙන්නේ පළමු කාරණය තමයි කුණු ලොරියේ එකා ඒවා වැඩි ගානට විකුණාගනියි කියා හිතා ඇතිකරගන්නා ඉරිසියාව. කවුරුහරි අපි වීසි කරන ඒවා අරන් හදාගෙන පාවිච්චි කරනවා දකින්නත් අපි කැමති නැහැ. 

සමහරවිට ඒ භාණ්ඩය කවදාහරි නැවත උවමනාවෙන්න ඉඩ තියෙනවාය කියලා හිතන එකත් තවත් හේතුවත්. ඒ වුණාට උවමනාවෙන්නේ බොහොම කලාතුරකින්. 

සමහරවිට මේ පරණ බඩු කලක් තිබුණාම ඒවාට එකතු වෙන පෞරාණික වටිනාකම නිසා පරම්පරාවෙ වෙන කෙනෙකුට හරි ඒක ගානකට විකුණාගන්න පුළුවන් නිසාත් තියාගන්නවා. හරියට අර ගෙම්බා මහන මැෂින් වගේ. 

ඉතින් මේ වගේ බඩු පුරවාපු මඩුවක්, කාමරයක් වැනි මොකක් හෝ තැනක් හුඟක් ගෙවල්වල තියෙනවා. 

ආණ්ඩුවට හෙවත් රාජපක්ෂ පවුල් පාලනයට තිබෙන මෙවැනි තැනක් තමයි, ජනාධිපති උපදේශක අංශය. මේකේ බැසිලුත් ඉන්නවා. එයා උපදෙසුත් දෙනවා. වාසුත් ඉන්නවා. එයත් හිතන් ඉන්නවා එයා ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා කියා. 

ඒත්, හුඟදෙනෙක් දන්නවා මේක ලොක්කා තමන්ට දුන්නේ මහජන මුදලින් කාලා ඇඳලා, මහජනතාවට ලොකුව පෙන්නගෙන ජීවත්වෙන්න මිසක් වෙන මොහොකටවත් නොවන බව. මේගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ තනතුර පාවිච්චි කරලා ළමයෙකුව ඉස්කෝලෙකට දාදෙන්නවත් බැහැ. ජනාධිපතිතුමා මෙයාලාගෙන් උපදෙස් නොගන්නවා විතරක් නෙමෙයි, මේගොල්ලන්ට ජනාධිපතිතුමාව හමුවෙන්නත් ලැබෙන්නේ නැහැ. පව්! 

හේමකුමාරට මේ වැඩේ එපාවෙලා අන්න ගෙදර ගිහින් අලුත් පක්ෂයක් හදනවයි කිය කියා කෑගහනවා. 

මේගොල්ලොත් හරියට අර දිළිඳු සහනාධාර ලබන කට්ටිය වගේ. මහජන මුදලින් තරමක පඩියකුයි වාහනෙයි, ඩ්‍රයිවරුයි, තෙලුයි, ආණ්ඩුව ගානේ කන්න බොන්න අවස්ථායි වගේ දේවල් ටිකක් ලැබෙනවා ඇති. වැඩකුත් නැති එකේ ඉතින් ඔය මදෑ. මොකද මේ කට්ටිය රස්සාවල්ය කියලා වෙන මොනවා කරන්නද? 

මේ රටේ මහජනතාව මේ අයට වැටුප් ගෙවන්න විඳින දුකම ඇති ඔවුන්ට මතු ආත්මවල දෙව් මිනිස් හා ජනාධිපති උපදේශක සැප කෙළවර අමා මහ නිවන් සම්පත් ලබන්න. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. niyameta liyala thiyabawa

    ReplyDelete
  2. මහත්තයට බැරිද.. ළොක්කට කතා කොරලා... මටත් එකක් අරන් දෙන්න.. අපිත් ආසයි ජීප් වල යන්න.. රෑට ක්ලබ් ගානේ ගිහින් නොමිලේ ඩ්‍රින්ක් එකක් දාගන්න. එක එක කොම්පැනි වල ඩිරෙක්ට බෝඩ් එකේ ඉන්න. පවුලේ වෙඩින් වලට, මරණෙට, බනට, දානෙට, ළොක්කව ගෙන්නට අහල පහල අයට පෙන්නන්න. අපේ පවුල් වල ඒවුන්ගේ ඇඟේ ඉන්න මාළු ටික නටවන්න. පොලීසියට පාට් දාන්න. අන්න ඒ වගේ දේවල් කීපයක් කරගන්න. අනේ පොඩ්ඩක් බලන්න.. හොඳෙයි....

    ReplyDelete
  3. @ මාතලන්; රාජ ගුණ වයල සින්දුවක් ගහල DVD එකක් ගහල, ඔය නිතරම මන්දිරේට යන ආරපාරුවෙක් අල්ලගන පෝය දවසකට මන්දිරේට ගිහිල්ල දුන්නනම් මොකක් හරිගන්න පුළුවන්.බණත් අහල,කිරිබත්,සිනිසම්බල්,කෙසෙල්,ඇපල් කාල ගෙඩි දෙක තුනකුත් සාක්කුවේ දාගෙන වැඩෙත් කරගෙන එන්න පුළුවන් මාතලන්.

    ReplyDelete
  4. brilliant piece of writing !!!!

    ReplyDelete
  5. පිල්ලෙයට වෙච්ච දෙයක්. පව්

    ReplyDelete
  6. නියම කතාව.
    අපි ඉතින් සතුටු වෙමු රැකියා විරහිත නාකියෝන්ටයි කොල්ලොන්ටයි බල්ලොන්ටයි හැම කෙනාටම රස්සා දෙන්න අපි සම්මාදම් වෙලා තියෙනවා කියලා.
    සාධු! සාධු!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා