සම්බන්ධන් ජනාධිපති හමුවීම තුළින් හෙළිවන ලංකාවේ දෙමළ දේශපාලනයේ නව ප්‍රවණතාව

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවෙයි. 

ඔවුන් සාකච්ඡා කරන්නට නියමිතව ඇත්තේ නැගෙනහිර පළාත් සභා ආණ්ඩුවේ පාලනයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වන ආකාරයයි. 

අද පවතින තත්වය තුළ, ආණ්ඩුවට සම්බන්ධයක් නැති මහජන නියෝජිතයන්ගෙන් මහජනතාවට පලක් ප්‍රයෝජනයක් නැත. ඔවුන්ට ඈත ගමක පාරක් කොංක්‍රීට් කරදෙන්නටවත් බැරිය. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව සමග කේවෙල් කර තමන්ට වාසි ලබාගනිද්දී දෙමළ ජාතික සන්ධානය එසේ නොකරන්නේ ඇයිද යන ප්‍රශ්නකිරීම ඇති විය. කරුණා අම්මාන්ලා, පිල්ලෙයන්ලා, දේවානන්දාලා වැනි දෙමළ ප්‍රතිගාමීන්ට සමාජ පිළිගැනීමක් ඇතිවන්නේද මෙම සංදර්භය තුළයි. ඉතින් මෙතෙක් පිටතින් සිට කළ නිරීක්ෂක භූමිකාවට තිත තබන්නට දැන් දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. ඔව්හිද ආණ්ඩුව සමග සම්මුතිගත වනු ඇත.

මේ වනාහි දෙමළ ඊලාම්වාදයේ තීරණාත්මක පරාජයක් බව පිළිගන්නට සිදුවනු ඇත. ලංකාවේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඩයස්පෝරාවේ පාලනයෙන් මුළුමනින්ම ගිලිහී යමින් තිබේ. එය සිදු වන්නේ ලංකාවේ දෙමළ ජනතාව ජීවත්වන පොළවේ යථාර්ථයන් අනුවය. 

උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනයාට අවශ්‍යව ඇත්තේ තම ජීවිත නැවත ගොඩනඟාගන්නටය. දරුවන්ට අනාගතයක් සකසා දෙන්නටය. උතුරු - නැගෙනහිරට බාධාවකින් තොරව ව්‍යාප්ත වෙමින් තිබෙන ධනවාදයෙන් සිය ජීවිතයට ආලෝකයක් ලබාගත හැකිවනු ඇති බව දෙමළ ජනයා සිතති. බිමටම ඇද වැටුණු මිනිසුන්ට ලෑලි කෑල්ලක් මතට නැගීම වුව ඉහළයාමකි. 

දෙමළ ඩයස්පෝරාවේ ජාතිවාදී දේශපාලනය අසමත් එකක් බව පිළිගන්නට සිදු වේ. සුළු ජාතීන් සමග බලය බෙදාගන්නට කිසිදු සූදානමක් නැති, දූෂිත, ඒකාධිපති පාලනයක් දී තිබියදී පවා ප්‍රජාතන්ත්‍රවාදයේ සටන්පාඨ රාජ්‍යතාන්ත්‍රිකව මොළවාගැනීමට දෙමළ ජාතිවාදීන් අසමත් වන්නේ ජාතිවාදය තුළ ඇතුළතින්ම අඩංගු වන නිශේධනීය ලක්ෂණ නිසාය. 

ලාංකීය දේශපාලන ප්‍රජාව තුළ සිදුවන සංවර්ධනයන් විසින් ඉල්ලාසිටින්නේ මුළුමනින්ම නැවුම් දේශපාලන ප්‍රවේශයන්ය. දෙමළ, සිංහල, මුස්ලිම් ජාතිවාදයන් සම්පූර්ණයෙන්ම යල්පැනයමින් තිබේ. පීඩිත හෝ ප්‍රතිචාරාත්මක ජාතිවාදයන් ලෙස හෝ මේවායේ හරයක් ඇති බව නොපෙනේ. 

ලෝකයට විවෘත ලාංකීය ජාතිකවාදයක් අපි යෝජනා කරමු.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. දෙමල සංවිධානයට මොළේ තියෙනවනම් කරන්න ඕන ඒ දේ. එතකොට ලොක්කා වටේ යන්නේ නැතුව ඊළඟට තියන්නේ උතුරු පලාත් සභාවේ චන්දේ, එහෙම උනොත් දෙමලා සංවිධානයට එහෙත් බලය ලැබෙනවා. අනෙක් කාරනය ලොක්කා එක්ක ෂේප් නම් සියළුම දේ ලැබෙනවා. (කොන්ත්‍රාත් වලිනුත් ෂෙයාර් එකක් ලැබෙයි.). මට දුක හකීම්ට තියෙන මොලේ දෙමල සංවිධානෙට නැති එක. ඔය එකෙකුටවත් ලොක්කව තම්බන්න නම් ලැබෙන්නේ නෑ. බැරිම උනොත් සල්ලිවලට හරි හතරක් ගන්නවා. මෙන්න කැට.

    ReplyDelete
  2. ජනතාව මොකද? සාක්කුවට ගානක් වැටෙනවානම් කියලා සම්බන්දන්ට හිතෙන්න ඇති.බය නැතිව හොරකන් කරන්න පුලුවන් ආංඩුවක් දැන් ලංකාවේ තියනවා.

    ReplyDelete
  3. දෙමළ සංධානයත් දෙමළ ජනයාගේ ගැටලුවලට නියම විසඳුමක් නොවේ යැයි මගේ හැගීම

    ReplyDelete
  4. සම්බන්ධන් සරත් ෆොන්සේකාට ජනාධිපතිවරනයේදී සහය දෙන්න තීරනය කිරීමම මට අදහා ගත නොහැක්කක් විය. අදත් මගේ විශ්වාසය නම් ඔවුන් කලයුතුව තිබුනේ ටීඑන්ඒ ලෙස වෙනම තරඟ කිරීම බවයි.

    රජය සමග වන ඕනෑම ආකාරයක කේවල් කිරීමක්, සංධානයක් ඔබ කියූ දෙමළ ඊලාම්වාදයේ පමනක් නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන සැමගේ පරාජයක් වනු ඇත.

    ආන්ඩුව සමග සම්මුති(යක් යනු අනිවාර්ය මර උගුලකි )ගත නොවීමේ ශක්තිය සහ අවංක උවමනාව දෙමල ජාතික සංධානය සතුවනු ඇතැයි පතමි. මෙම සාකච්ඡා මුලුමනින්ම බිඳවැටේවා!

    -Dimithri

    ReplyDelete
  5. බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා