මීගමු දෙමළ මිනිස්සු හා වේලක්කන්නි පල්ලිය ගැන කතා
ලේඛකයා වරක් ජීවිත බිය නිසා ටික කලකට ඉන්දියාවට ගියේය. ඒ ගියේ වේලක්කන්නි පල්ලි යන්නටය කියා වීසා අරගෙනය. ඔහුගේ පැරණි වාමාංශික 'සහෝදරයෝ' දක්ෂ ලෙස ඔහු රැවටූහ. ඔහු ඉන්දියාවේ නන්නත්තාර කර දැමීමෙන් අනතුරුව මේ සහෝදරවරු 'උගේ ප්‍රශ්නය අවසන්' යයි උදම් අනන්නට ඇත. එහෙත්, මේ වාමාංශික බියගුළු තුච්ඡබව ලේඛනගත කරමින්, වාමාංශික සහෝදරයින්ගේ ප්‍රියතම උපහැරණයක් අනුව 'ඔවුන්ගේ කකුලේ පැටලෙන ෂොපිං බෑගයක්' වන්නට ලේඛකයා තවම නොනැසී සිටියි. මේ වම්මුන් අතේ ආයුධ නැතිවීම හා තමන්ම මරන්නට ඉදිරිපත් වන්නට තරම් හිතේ හයියක් නැතිවීමටද ස්තුති විය යුතුය. මනුෂ්‍යත්වය හා වම අතර දුර සුවිසල් බව නැවතත් අවධාරණය කරමි.
අනාගමිකයකු වූ ලේඛකයා කිසිදිනෙක වේලක්කන්නි පල්ලි ගියේ නැත. සිංහලයකු ලෙස ලංකාවේ තිබුණු ප්‍රශ්න ප්‍රමාණවත් වූ නිසා නැති ප්‍රශ්න ඉල්ලා ගැනීමට තමිල්නාඩු ගියේද නැත. පසු කලෙක ඔහුට අහිමි වූ රැකියාව නැවත ලබාගැනීමට ලේඛකයා අභියාචනා කළේ තමන්ට මාරක ග්‍රහ අපලයක් තිබූ නිසා හාම්පුතුන්ට නොදන්වා ක්ෂණිකව රටින් පිටවන්නට තමන්ට සිදුවූ බව කියාය. පරීක්ෂණයේදී එය නොපිළිගත්තානම් ඔහු අසන්නට සිටියේ එතකොට ජ්‍යෝතිෂය බොරුද කියාය.
වේලක්කන්නි පල්ලිය මේ දිනවල නැවත කතාබහට ලක් වී තිබේ. ඒ වේලක්කන්නි පල්ලි යන්නට ගිය මීගමුවේ පිරිසක් එහිදී ප්‍රහාරයකට ලක් වීම නිසාය.
තමන් බේරුණේ දෙමළෙන් කතා කර තමන්ද දෙමළ බව කී නිසා යයි ඔවුන්ගෙන් ඇතැමෙක් ලංකාවට පැමිණි පසු කීහ.
මීගමුව සුවිශේෂ ප්‍රදේශයකි. දෙමළ මිනිසුන් ජීවත් වන ප්‍රදේශයක් ලෙස සලකා දෙමළ ඊලාම්වාදීහු ඊලාම් සිතියමට මීගමුවද ඇතුළත් කළහ. එහෙත් මීගමුවේ දෙමළ මිනිස්සු දැන් දෙමළදැයි ප්‍රශ්නයක් මතු වේ. තමිල්නාඩුවේදී තමන් දෙමළ බව කීවාට ඔවුහු ලංකාවේදී එසේ කියන්නට මැලිවෙති.
මේ මීගමු ජනයා අතර තම මුල් ජාතිය ගැන සැඟවුණ කැක්කුමක්ද තිබේ. මේ කැක්කුම කෙතරම්ද යත්, මෙම ලේඛකයා දෙමළ ස්වයංනිර්ණ හිමිකම මූලික කරගෙන දේශපාලනයේ යෙදුණු කණ්ඩායමක් ප්‍රශ්න කිරීමට පටන් ගත්දා සිට, ඒ වනතෙක් ඔහු තමන්ට සමීප මිතුරකු යයි සැලකූ එක් මීගමු මිතුරකු කතාබහ පවා නැවැත්වීය.
මීගමුවේ දෙමළ සම්භවයක් ඇති මිනිසුන්ගේ නම් ක්‍රිස්තියානි නම් නිසා ඒවායින් ජාතිය පිළිබිඹු වන්නේ නැත. එසේම පරම්පරා දෙක තුනක සිට මේ මිනිස්සු වැඩිදෙනෙක් කතා කරන්නේද, ඉගෙන ගන්නේද සිංහල බසිනි. එහෙත් ඇතැමෙකුගේ හැඳුනුම්පත්වල තවමත් ජාතිය ලෙස සඳහන් වන්නේ ලාංකීය දෙමළබව අසා ඇත්තෙමි. ජාතිය යනු වෙනස් කළ හැකි දෙයකි. ජාතිය වෙනස් කිරීමට ඇති හැකියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේද මානව හිමිකමක් ලෙස සැලකේ.
මේ ප්‍රඥප්ති කිසිවක් නැති අතීතයේදී ලංකාව ලෝකයේ එක එක කොදෙව්වලින් පැමිණි මිනිසුන්ට සිංහලයන් වීමට අවස්ථාව දුන්නේය. නලින් ද සිල්වලාගේ ටිල්වින් සිල්වලාගේ මුතුන් මිත්තෝ දකුණු ඉන්දියාවෙන් පැමිණ මෙහි පදිංචි වී සිංහලයන් බවට පත් වූයේ එසේය. එහෙත්, මේ සිල්වලා ළඟ තිබෙන ජාතිවාදයේ ප්‍රතිඵලයක් ලෙස දැන් ලංකාවේ මිනිසුන්ට ජාතිය වෙනස් කිරීම පහසු නැත.
මට පොන්නයියා ආනන්දන් කියා මිතුරෙක් සිටියි. ඔහු දැන් නම භාවිතා කරන්නේ පී. ආනන්ද කියාය. ඔහුගේ දරුවෝ ළහිරු ආනන්ද, පමිත් ආනන්ද වෙති. ඔවුන් කලක් තිස්සේ කොළඹ උතුරේ ජීවත් වෙමින් බොහෝදුරට සිංහල වී සිටිති. ආගම ක්‍රිස්තියානිය. හැඳුනුම්පතේ ඇති ඉන්දියානු දෙමළ යන යෙදුම ප්‍රශ්නයක් නිසා ඔවුහු තමන් සිංහලය කියා කීමට කැමතිය. ඒ සඳහා මව් පාර්ශ්වයේ සීයා සිංහල වීම මතුකොට දක්වති. එහෙත්, ඒ සීයාගේද බිරිඳ දෙමළය. දෙමළ - සිංහල කලවම් විවාහ ඔවුන්ගේ සමාජයේදී දැනටත් ප්‍රශ්නයක් නොවේ.
දෙමළ සම්භවයක් ඇති මිනිසුන් සිංහල ලෙස ජාතියෙන් වෙනස් වන්නට හෙවත් ස්වීකරණය වෙන්නට උත්සාහ කිරීම දැන් අරුත්සුන්ය.
අප උත්සාහ කළ යුත්තේ දෙමළ ජනයා සිංහල කරන්නට නොව සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැවොම සැබෑ ලංකික අනන්‍යතාවක් සොයා යන්නටය.
කණගාටුවට මෙන් දැන් සිදුවෙමින් පවතින්නේ එහි අනෙක් පැත්තයි.
ප්‍රභාකරන් සිටි කාලයට වඩා දැන් ලාංකීය ඉතිහාසය ඊලමට ළඟය. අර මීගමු මිතුරා දැන් පිටරටය. ඔහු ඇත්තෙන්ම සතුටු ඇති. එහෙත්, ඔහු වැනි මිතුරන් අහිමිවීම ගැන අපි අදත් වැළපෙමු. හෙට ඒ වැළපීම සදාතනික දෙයක් වන්නට ඇති ඉඩකඩ වැඩිය.
මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

අද පවතින තත්වය අනුව සිංහල වෙලා විතරක් මදි. තෝරගන්න ඕන තමන් දේශප්‍රේමින්ගේ ජාතියේද, දේශද්‍රෝහීන්ගේ ජාතියේද කියලත්. නැත්නම් ඉතින් පැවත්මක් ඇත්තෙම නෑ. මෙයාලා දෙමල කියලා කිව්වාම උන් කිව්වලු පිටකොටුවේ ඉන්න සිංහල අය ඔක්කෝම දෙමළ කතා කරනවා කියලා. ඒකනම් සහතික ඇත්ත. ඕක බලෙන් උගන්වන්න ඕන නෑ අවශ්‍ය එකා ඉගෙනගනියි. ඒත් ජාතිවාදෙනම් ළෝකය පවතින තුරා තියේවී.
ReplyDeleteවඳින්නට ගියේ මා අර වේලක්කන්නි
ReplyDeleteඒකටත් වැඩේ දුන්න මේ කාලක්කන්නි
අපි දන්නේ පී ආනන්ද වගේ මෑත සිංහලකරණ උදාහරණ විතරයි. නමුත් නං එක්ක ජාතිය ඉන්දියාන් සිට ලාංකික එකකට මාරුවීම අනාදිමත් කාලයක සිට තිබුණා.
ReplyDeleteඅපේ ආච්චි ගේ පෙළපත් නම ඉලේපෙරුම - මං හිතන්නේ අරිට්ට කී වෙන්ඩු පෙරුමාල් එක්ක ආපු ඉලෙයිප්පෙරුමාල් මීමුත්තාගේ පවුලේ අයයි ආච්චිලා! සූරියප්පෙරුමාල්ලාත් ඒ දවස්වලම තමයි එන්න ඇත්තේ!
kako nikan boru nokiya hitapan.
ReplyDeleteචන්ඩියා පුළුවන් නම් නම කියපං
Delete