Posts

Showing posts with the label සිංහල

ජාතික ගීය දෙමළෙන් ගැයීමට යළි අවසර දීම හරි ද?

Image
ජාතික ගීය දෙමළෙන් ගැයීම නැවැත්වීමට මහින්ද රාජපක්ෂ රජය ගත් තීරණය අවලංගු කර එය දෙමළෙන් ගැයීමට අවසර දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ජාතික විධායක සභාවේදී මෙම ප්‍රශ්නය මතු කළ පසු ය.  කෙසේ වෙතත් මේ පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත ය.  ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මානය කරන ලද නමෝ නමෝ මාතා ගීය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කර ජාතික ගීය ලෙස පිළි ගනු ලැබුවේ 1951දී ය. එසමයේදීම එම ගීයේ තනුවට එම් නල්ලතම්බි විසින් 'ශ්‍රී ලංකා තායේ නම් ශ්‍රී ලංකා' නම් ගීය දෙමළ කිවි එන්. නල්ලතම්බි විසින් නිර්මානය කරන ලදී.  දෙමළ ජාතිවාදීන් මෙම ගීය පිළි නො ගත් අතර, ශ්‍රී ලංකා නාමයට පවා කැමැත්තක් නො දැක්වූ හ. දෙමළ ජනතාව අතර ලංකාව සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නේ ඉලංකෛ යන වචනයයි. ශ්‍රී ලංකා යන නිල නාමය සහිත ගීය පාසල් උත්සව ආදියෙහිදී ගායනා කරන ලදී. එය නිල ජාතික ගීය නො වුණ ද ජාතික ගීයේ දෙමළ ස්වරූපය ලෙස පිළිගැනිණි. වසර පනහකට වැඩි කාලයක් ව්‍යවහාරයේ තිබුණු මෙ...

සිංහලයාගේ ප්‍රශ්නය - 2

Image
(සිංහලයාගේ ප්‍රශ්නය - 1   ලිපිය මෙතැනින් කියවිය හැකි ය.) සිංහල බෞද්ධයන් ආරක්ෂා කර ගන්නට නම් රටේ සෙසු ජාතීන් ද ආරක්ෂා කර ගත යුතු බව ගම්පොළ පැවති රැස්වීමකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ලංකාවේ බෞද්ධ ආගමික අන්තවාදී ව්‍යාපාර නිරන්තරයෙන් ම විකුණන්නේ සිංහල බෞද්ධයාට ලෝකයේ වෙනත් රටක් නැති බව හා නුදුරු අනාගතයේදී ම සෙසු ජාතීන් විසින් සිංහල බෞද්ධයා මෙම දිවයිනේ සුළුතරයක් බවට පත් කරනු ඇති බව ය. මේ බිය නිර්මානය වීමට මූලික හේතුව වන්නේ මුස්ලිම් ජනයාගේ ජනගහණ වර්ධන වේගය සෙසු ජාතීන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීමයි. මුස්ලිම් ජනගහණයේ වර්ධන වේගය අනුව, වැඩියෙන් ම තර්ජනයට ලක් වන්නේ සිංහලයෝ නොව, දෙමළ ජාතිකයෝ ය. මන්ද, යුද්ධයේ හා මහා පරිමාණ සංක්‍රමණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතියේ ජනගහණ වර්ධන වේගය ඉතා අඩු බැවිනි. ලංකාවේ ජනගහණ වර්ධනය පාලනය කළ යුතු ය. එකී පාලනය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිය ද සංවේදී විය යුතුව තිබේ. තව වසර සිය ගණනකින් හෝ මුස්ලිමුන් ජනගහණයෙන් තමන් පසු කර යනු ඇතැයි බියක් ඇතිනම් සිංහලයන් විසින් කළ යුතුව තිබෙන කාර්යය වන්නේ අතීතයේදී කළාක් මෙන් එක්කෝ මුස්ලිමුන් තම ජනවර්ගය තුළට අවශෝෂ...

සිංහලයාගේ ප්‍රශ්නය - 1

Image
මගේ ලාංකික කොඩිය වාමාංශික අපි බොහෝ දෙනෙක් දෙමළාගේ හෝ මුසල්මානයාගේ ප්‍රශ්නය ගැන බෙහෙවින් සංවේදී වන්නෙමු. එහෙත්, අපි සිංහලයාගේ ප්‍රශ්නය ගැන එපමණ ම සංවේදී ද? සිංහලයාගේ ප්‍රශ්නය? සිංහලයාට මොන ප්‍රශ්නයක්දැයි අසන අයත් සිටිති. ලංකාව සිංහල ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයකි. එහි විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ, හමුදා, පොලිස්, රාජ්‍ය, පළාත් පාලන පමණක් නොව භාෂා, සංස්කෘතික ආදී සෑම සියලු ක්ෂේත්‍රයක ම ආධිපත්‍යය ඇත්තේ සිංහලයන්ට ය. වෙනෙකක් තබා සිංහල කම්කරුවන්ට ගෙවන වැටුප දෙමළ කම්කරුවන්ට වඩා වැඩි වන අවස්ථා පවා තිබේ. එහෙව් රටක සිංහලයන්ට මොන ප්‍රශ්නයක් ද?  සිංහලයන්ට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ ආධිපත්‍යය ගිලිහී යාම පිළිබඳ ඇති බියයි. ආධිපත්‍යවාදය ප්‍රජාතන්ත්‍රවාදී නැත. එහෙත්, වත්මන් ලෝකය ආධිපත්‍යවාදයන් ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අගයයි. එවැනි සංදර්භයක් තුළ සිංහලයාට ද ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරමින් ලෝකය සමග පැවතිය නො හැකි ය. සිංහලයාට ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවක් වන්නේ සුළු ජාතීන්ට ද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට සිදු වූ විට ය. සුළුතර පාතීහු ජාතික හිමිකම ඉල්ලා සිටිති. දේශපාලන බලය වෙනුවෙන...

සැබෑ ජාතික ප්‍රශ්නය තිබෙන තැන

Image
සිංහල, දෙමළ භාෂා මාධ්‍ය දෙකෙන් ම ඉගැන්වීම කරනු ලබන මගේ පාසලේ මුස්ලිම් ගුරුවරියක් පසුගිය දිනෙක පංතියක උගන්වමින් සිටි මා හමුවට පැමිණ කරුණක් කීවා ය. ඇය කීවේ අටේ පංතියේ සිංහල ළමයකු ඇයට තංගච්චි කියා උසුළු විසුළු කළ බවයි. ඇයට පසුපසින් තංගච්චි කියා කතා කරනුඇසී බලන විට ඒ සිදුවෝ පළා ගොස් ඇත. මා ඔවුන් සොයා විමසූ කල ඒ සිසුවා කීවේ තමන්ගේ මහළුවකුට තංගච්චි කියා විහිළු නමක් ඇති බවකි. ඔහු කියන ආකාරයට ඔහු තංගච්චි යයි කීවේ ඒ සිසුවාට මිස ගුරුවරියට නොවේ.  එය තර්කානුකූල පිළිතුරක් වුවත්, දොරේ සද්දෙත්, පඩේ සද්දෙත් වෙන් කර හඳුනා ගන්නට පුළුවන් අයෙකු බැවින් මම ගුරුතුමියගෙන් සමාව ගන්නැයි සිසුවාට කීවෙමි. ඔහු එය කළේ අකැමැත්තෙන් ය. මේ ගුරුතුමිය මට කියූ තවත් කරුණු කීපයක් මෙසේ ය: “අපි දැන් පිරිමි ළමයින්ගේ පාසල් බස් එකේ එන්නේ නැහැ. සමහරු ෆෝන්වල සිංදු දාලා අපේ කණ ළඟින් තියනවා. ඔන්න බිල්ලො එනවා කියනවා. තම්බි කියනවා. දවසක් මමයි, මහත්තයායි මෝටර් සයිකලෙන් එද්දී බස් එකක ගිය ළමයි අපට රඹුටං ලෙලි මුලකින් ගැහුවා. එක දවසක් මෝටර් බයිසිකලෙන් බස් එකක් ඉස්සර කරනකොට කෙළ ගැහුවා.“ මේ ගුරුතුමිය තරමක් අතිශයෝක්තියෙන් කතා කරන...

රං ගෝලයා හෙවත් ගොන් රාළයා

Image
දුම්රිය දෙපාර්තමේන්තුවේ 'ගෝලයා' නම් තනතුරක් ඇති බව දැන ගන්නට ලැබුණේ දිනමිණ පුවත්පතේ මේ වාර්තාව හරහා ය. මේ රස කතා ලියන්නේ මහින්ද අබේසුන්දරගේ ගෝලයෝ ය. අබේසුන්දර මහින්ද රාජපක්ෂගේ චක්ගෝලයෙකි. ඇත්තෙන් ම මේ ගෝලයා නම් වචනය රසවත් පසුබිමකින් යුක්ත ය. උම්මග්ග ජාතකයේ කාලගෝලට ඒ නම වැටුණේ කළු බෝලයක් වැනි පුද්ගලයකු නිසා විය හැකි ය.  රිවිරැස පත්තරේ තිබුණු ජයසිරි සේමගේ විසින් අඳින ලස ගුරු ‍ගෝල වෙනස නම් තරගයේදී පාඨකයන්ට කරන්නට තිබුණේ ගුරුවරයාගේ චිත්‍රයත්, ගෝලයාගේ චිත්‍රයත් අතර ඇති වෙනස්කම් දහයක් සොයා සලකුණු කිරීමයි. ඉන් පසු ඒවාට අංක යොදන ආකාරය පුවත්පතේ ඇති චිත්‍රයේ අංක යොදා ඇති ආකාරය සමග ගැලපුණොත් තෑග්ග හිමි වූ බව මට මතක ය. ඇතැම් දිනෙක මට ‍ගෝලයාගේ චිත්‍රයේ වැරදි දහයකට වැඩි ගණනක් හමු වූ අවස්ථා ද තිබිණි.  ශිෂ්‍යයා ‍ගෝලයා ලෙස ආමන්ත්‍රණය කිරීම මහදැනමුත්තා කතාවලදී අපට හමු වේ. දැන් සිටින ගුරුවරු තමන් මහදැනමුත්තන් ලෙස හඳුන්වා නො ගත්තත්, තමන්ගේ සිසුන් ගෝලයන් ලෙස හැඳින්වීමට නම් කැමති ය. මා සිතන්නේ ගෝලයා යයි කීවා ම තමන්ගේ මනස තුළ හෝ ඒ පුද්ගලයාව පහත් මට්ටමක තබා ගන්නට පුළුවන් නිසා වෙන්නට පුළුවන. ...

මැරෙන එකත් පණ යන වැඩක්: නූතන සිංහල අවමංගල චාරිත්‍ර

Image
හිනා වෙන්න එපා යකෝ! නූතන සිංහල විවාහ චාරිත්‍ර ගැන මේ ලිපිය කියෙව්වේ නැතිනම් කියවන්න.  සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ) අද අපි කතා කරන්න යන්නේ නූතන සිංහල අවමංගල චාරිත්‍ර ගැනයි. මැරෙන එකත් පණ යන වැඩකැයි කියනු ලැබේ. අද කාලේ වැඩි දෙනෙක් ජීවත් වන්නේ තමන් මැරෙන බව දැනගෙන නො වේ.එහෙත්, මැරෙන්නට කලින් ඔබ ඔබේ අවමංගල්‍යයට ලක ලැහැස්ති විය යුතු ය. ඒ සඳහා ඔබ අනුන්ගේ මරණ ගෙවල්වලට ගොස් තිබිය යුතු ය. මන්ද, මැරිච්ච අය ඔබේ මරණ ගෙදරට නො ආවත්, ඔවුන්ගේ ඥාතීන් හෝ ඔබේ මරණ ගෙදරට එන්නේ ඔබ ඔවුන්ගේ මරණ ගෙදර ගොස් තිබේ නම් පමණි.  ඔබේ ඥාතීන්ගේ අවමංගල්‍යයන්ට සෙනග එන්නේ ඔබ ඔබේ ඥාති, මිත්‍රාදීන්ගේ ඥාතීන්ගේ අවමංගල්‍යයන්ට සහභාගි වී තිබේ නම් පමණි.  මෙහිදී ඇත්තෙන් ම ඔබේ අවමංගල්‍යය වන්නේ ඔබේ ම මරණය නො වේ. කොහොමත්, ඔබ මැරෙන්නට ඉන්න කෙනෙක් නො වේ. ඔබ පණ පිටින් සිටියදී, ඔබේ වයස්ගත මව, පියා මිය යාම ඔබගේ නියම රජ මඟුල ය. සොරි, අවමඟුල ය.  මරණ ගෙදර‍ට හොඳින් සෙනග පැමිණිය යුතු ය. නැතිනම් වැඩක් නැත. අවමංගල්‍යය දිනයේ සෑහෙන කාර් ප්‍රමාණයක් පැමිණිය යුතු ය. අඩු තරමේ අවමංගල්‍යයට කලින්...

ලෝගු අස්සේ ඉන්න සත්තු එළියට එන කාලෙ

මේ වීඩියෝව දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වෙන එකක්. ‍මේ කතා කරන්නේ ඇත්තට ම හාමුදුරු කෙනෙක් ද කියන එක මම දන්නෙ නැහැ. හාමුදුරු කෙනක් නම් පුදුම වෙන්න උවමනාවකුත් නැහැ. 1989 කැරැල්ල ආසන්න කාලෙ අපි රෑට හෝල්ට් ගහන්න ගියපු ලොකු පන්සලක් තිබුණා. එතන සාමනේර හිමිවරු රැසක් හිටියා. ඒගොල්ලෝ අපේ යාළු‍වෝ. ඒ කාලෙ ජවිපෙත් ජාතිවාදයට ආමන්ත්‍රණය කරමින් නේ හිටියේ. ඒ අතර හිටපු පිරිවෙන් යන පුංචි හාමුදුරු කෙනෙකුට උවමනා වෙලා තිබුණා පිරිවෙනේ ශිෂ්‍ය වර්ජන අවස්ථාවලදී වේගවත් කතා පවත්වන්න. ඉතින් එයා කාමරේ ඇතුළේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කතා පවත්වන හැටි තව පොඩි හාමුදුරු කෙනෙක් අපට උපහාසයෙන් විස්තර කළේ අර කලින් කියූ පුංචි හාමුදුරුවෝ ගහන්න එළවද්දියි. සිංහල සමාජයේ භික්ෂුව කියන්නේ පහසුවෙන් පිළි ගැනීමට ලක් වන කෙනෙක්. අද කාලෙ භික්ෂූන් වැඩි දෙනෙක් දුෂ්කර ගම්මානවල දිළිඳු පවුල්වලින් එන අය. ඒ අයට උසස් අධ්‍යාපනය ලබන්න, ආදායම් සහිත පන්සල් දේපලක් බුක්ති විඳින, කාගෙත් වැඳුම් පිදුම්වලට ලක් වන ධනවත්, බලවත් පුද්ගලයෙක් වෙන්න හරි පහසුයි. ඔවුහු ගිහියන්ට වඩා ස්ත්‍රී ආකර්ශනයටත් ලක් වෙනවා කියලායි මට හිතෙන්නේ. ‍ සංඝ සමාජයේ මේ තිබෙන ලක...

ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ (වටරැක විජිත හිමියන්ට පිළිතුරක්)

Image
මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී වටරැක විජිත හිමි හිටි හැටියේ වීරයකු ලෙස ඉස්මතු කර පෙන්වන්නට ජාතිවාදයට විරුද්ධ බලවේග උත්සාහ කළේ ය. ඒ සඳහා ඔවුන් විසින් යොදා ගනු ලැබුවේ එහිමියන් මුස්ලිම් මිනිසුන් සහභාගි වන සභාවකදී කළ කිසියම් දීර්ඝ කතාවකි.  එම කතාව ලිපිය අවසානයේ තිබේ. මට නම් එම කතාවේ කිසිදු වැදගත්කමක් නො පෙනිණි. එහි තිබෙන මූලික දෙය වන්නේ තමන්ගේ ජාතිය වන සිංහලකම හා ආගම වන බුද්ධාගම හෙළා දකිමින් මුස්ලිම් ජාතිය හා ඉස්ලාම් ආගම උඩ දැමීමයි.  එයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිවාදීන් කළේ විජිත හිමි මේ කතාව පවත්වන්නට පෙර තමන් සමග සිටියදී කරන ලද කතාවක් ප්‍රචාරය කිරීමයි. එම කතාවේ විජිත හිමියන් කරන්නේ  අප මෙහි ඉහත සඳහන් කළ කතාවේදී කරන දෙයෙහි අනෙක් පැත්තයි. මට නම් මේ කතා දෙක ම අසන්නට විශේෂ උනන්දුවක් ඇති වූයේ නැත.  සිංහල බෞද්ධයෝ ආක්‍රමණශීලී, ආධිපත්‍යවාදී ලෙස කටයුතු කරමින් සුළුතර ජාතීන් පාගති. ප්‍රගතිශීලී සිංහලයෝ මෙම ක්‍රියා හෙළා දකිමින්, ඒවාට එරෙහිව අරගළ කළ යුතු ය. වටරැක විජිත හිමියෝ කුමන හේතුවක් මත හෝ ජාතිවාදී ව්‍යාපාරය සමග බිඳුණු පසු කරන්නට පටන් ගෙ...

හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු

විදුලිබල හා බලශක්ති ඇමතිකමේ සිට පහත වැටුණු ‍චම්පික රණවකගේ කට කලකට පසු ඇරී තිබේ. ඒ හලාල් සහතිකයට එරෙහිව අද පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදීය.  පසුගිය කාලයේ බත් කන්නට හා දත් මදින්නට පමණක් කට ඇරිය, වෙන අය ලවා තමන්ට කියගන්නට බැරි කතා කිය වා ගන්නට ත තනමින් සිටි චම්පික රණවක මෙසේ විපිරියාස වන්නට එකම හේතුව තනතුරෙන් පහත දැමීම පමණක් නොවේ.  ජාතික හෙළ උරුමය ආණ්ඩුව හමුවේ දන නැමීමත් සමගම ආන්තික සිංහල බෞද්ධ ජාති ආගම්වාදී ව්‍යාපාරය තුළ ගලගොඩඅත්තේ රතනසාර භික්ෂුව ඇතුළු බොද ු බල සේනා සංවිධානය නැඟී ඒම සමග චම්පික හා අතුරලියේ රතන හිමි කලබල වී ඇති බව පෙනෙන්නට තිබේ.  ඒ නිසා දැන් චම්පිකම බැස හලාල් සටන අතට ගන්නට අමුඩ ගසමින් සිටියි. අද පැවැත්වුණු පුවත්පත් සකච්ඡාවේදී හලාල් සහතිකය සිංහල අවුරුද්දට පෙර ඉවත් නොකළොත් බහුජන සටනක් අරඹන බවට ජමියතුල් උලමා සංවිධානයටත්, හලාල් සහතිකය ලබාගන්නා නිෂ්පාදකයින්ටත් චම්පික හා රතන  හිමි අනතුරු ඇඟවූහ.  මේ අතර හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා බලය ඇති සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට විකල්ප සංවිධානයක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා ජමියතුල් උලමා නම් සංවිධානයක් ...

මේ සිංහල අපගෙ රටයි

Image
මේ සිංහල අපගෙ රටයි - අප ඉප දෙ න මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු මව්බිම වෙනුවෙන් පොර ණ ේ - දිවි දුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ 1965දී මා ඉපදෙන්නත් පෙර තිරගත වූ සාරවිට චිත්‍රපටයේ එන මහගම සේකරයන් රචනා කළ, අමරදේවයන් සංගීතවත් කළ, නන්දා මාලිනී ගයන මේ ගීය මා කුඩා කාලයේ සිට ඇලුම් කළ එකකි. පසුකලෙක ජාතිවාදයට විරුද්ධ ව්‍යාපාරවල වැඩකරද්දී බොහෝදෙනෙක් මේ ගීය හෙළා දකින තැනක සිටියත් මම නම් එදා තරමටම ඒකාලයේත් මේ ගීයට ආදරය කළෙමි. බොහෝ වාමාංශිකයන්ට සිංහල යන වදනම පිළිකුළ දනවන දෙයක් විය. ඇතැම් අන්තවාදීන් එහි කෙතරම් කෙළවරට ගියේද යත් තමන් සිංහලයන් නොවන බව පෙන්නුම් කරන්නටද උත්සාහ කළහ. විශේෂයෙන්ම සාම රාජ්‍ය නොවන සංවිධානවලට ගොඩක් මුදල් ලැබුණු සමයේ ඇතැම් සිංහල ඒන්.ජී.ඕ. නෝනලා අතර න හ ය ේ කරාබු දැමීම වැනි දෙමළ විලාසිතා ජනප්‍රිය විය. වම ආරම්භ විය යුත්තේ තමන් පයගසා...

මීගමු දෙමළ මිනිස්සු හා වේලක්කන්නි පල්ලිය ගැන කතා

ලේඛකයා වරක් ජීවිත බිය නිසා ටික කලකට ඉන්දියාවට ගියේය. ඒ ගියේ වේලක්කන්නි පල්ලි යන්නටය කියා වීසා අරගෙනය. ඔහුගේ පැරණි වාමාංශික 'සහෝදරයෝ' දක්ෂ ලෙස ඔහු රැවටූහ. ඔහු ඉන්දියාවේ නන්නත්තාර කර දැමීමෙන් අනතුරුව මේ සහෝදරවරු 'උගේ ප්‍රශ්නය අවසන්' යයි උදම් අනන්නට ඇත. එහෙත්, මේ වාමාංශික බියගුළු තුච්ඡබව ලේඛනගත කරමින්, වාමාංශික සහෝදරයින්ගේ ප්‍රියතම උපහැරණයක් අනුව 'ඔවුන්ගේ කකුලේ පැටලෙන ෂොපිං බෑගයක්' වන්නට ලේඛකයා තවම නොනැසී සිටියි. මේ වම්මුන් අතේ ආයුධ නැතිවීම හා තමන්ම මරන්නට ඉදිරිපත් වන්නට තරම් හිතේ හයියක් නැතිවීමටද ස්තුති විය යුතුය. මනුෂ්‍යත්වය හා වම අතර දුර සුවිසල් බව නැවතත් අවධාරණය කරමි.  අනාගමිකයකු වූ ලේඛකයා කිසිදිනෙක වේලක්කන්නි පල්ලි ගියේ නැත. සිංහලයකු ලෙස ලංකාවේ තිබුණු ප්‍රශ්න ප්‍රමාණවත් වූ නිසා නැති ප්‍රශ්න ඉල්ලා ගැනීමට තමිල්නාඩු ගියේද නැත. පසු කලෙක ඔහුට අහිමි වූ රැකියාව නැවත ලබාගැනීමට ලේඛකයා අභියාචනා කළේ තමන්ට මාරක ග්‍රහ අපලයක් තිබූ නිසා හාම්පුතුන්ට නොදන්වා ක්ෂණිකව රටින් පිටවන්නට තමන්ට සිදුවූ බව කියාය. පරීක්ෂණයේදී එය නොපිළිගත්තානම් ඔහු අසන්නට සිටියේ එතකොට ජ්‍යෝතිෂය බොරුද කි...

සිංහල වෙනම රාජ්‍ය සංකල්පය පරදවමු! ලංකාව දිනවමු!

Image
අපූරු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.  සිංහල ජාතික පෙරමුණ නම් පක්ෂයක ලේකම් බව කියන ජයන්ත ලියනගේ නමැත්තකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් දෙමළ, දෙමළ ජාතික හා ඊලාම් වැනි වදන් සිය නමෙහි භාවිතා කරන දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගෙන කටයුතු කරන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තිබේ.  අප සාකච්ඡා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ගැන නොව, මේ තර්කය ගැනයි.  කිසියම් දේශපාලන පක්ෂයක් සිංහල හෝ මුස්ලිම් යන වදන් සිය නමෙහි භාවිතා කරනවා නම් එම පක්ෂ ද ඒ අනුව වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා විය යුතු ය. මන්ද, ලංකාවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවිය නො හැකි අන්දමින් ම වෙන ම සිංහල හෝ මුස්ලිම් රාජ්‍යයක් ද පිහිටුවිය නො හැකි ය.  එම තර්කය අනුව ලංකාවේ වසන එක ම ජාතිය ලාංකික ජාතිය පමණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ශ්‍රී ලංකාව වනාහි ශ්‍රී ලාංකික ජාතියේ දේශයයි. මෙම තර්කය අනුව, දේශපාලන පක්ෂයක් බව කියන සිංහල ජාතික පෙරමුණ ද, ජාතික හෙළ උරුමය ද, මුස්ලිම් කොංග්‍රසය ද, තවත් එවැනි පක්ෂ ද සිංහල හා මුස්ලිම් වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා ය.  ඇත්ත...

2012 ලංකාවේ ලොකුම අභියෝගය කුමක් ද?

Image
දේදුන්න යථාර්ථයක් නො වේ නම් යථාර්ථය මෙය ද? මේ අවුරුද්දේත් ලංකාව ඉදිරියේ දිගහැරෙන ලොකු ම අභියෝගය නො විසඳුණු ජාතික ප්‍රශ්නය ම බව කීවොත් ඇතැමෙක් ඒ වර ම පිළි ගන්නට මැලි වනු ඇත.  'ඒක වෙන්නෙ කොහොම ද? දැන් යුද්දෙ ඉවරයිනේ' යි කියන්නට පුළුවන. තිබුණු යුද්ධය වැනි එකක් දෙමළ සටන්කාමීන්ට යළි අරඹන්නට බැරි බව පැහැදිලි ය.  එහෙත්, ජාතික ප්‍රශ්නය නො විසඳා තිබීම විසින් ත්‍රස්තවාදයට සරු පසක් නිර්මානය වන බව පාලකයෝ මෙන් ම සිංහල ජනතාව ද තේරුම් ගත යුතු ය. දකුණේ හුදකලා සිද්ධි වශයෙන් සිදු වන අපරාධ රැල්ල මර්දනය කරන්නට බැරි ආරක්ෂක අංශයකට ජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මක නව ත්‍රස්ත ව්‍යාපාරයක් අලුත් උපාය උපක්‍රම සමගින් මතු වුවහොත් එය තියුණු අභියෝගයක් වනු ඇත. එවැනි ව්‍යාපාරයක අරමුණ ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් කිරීම මිස භූමිය අල්ලා ගැනීම නො වේ. එය ජාත්‍යන්තර වශයෙන් දියත් වන දෙමළ ඊලාම්වාදී අරගලයට උත්ප්‍රේරකයක් වන්නට ද පුළුවන.  'වරෙව්, අපි දෙන්නම් බැටේ' යි වහසි බස් දොඩන්නට පුළුවන. දස දහස් ගණනක් ජීවිත අහිමි වූ, ජන ජීවිත බිඳ වැටුණු දෙමළ සමාජයට සිය ඊලාම් ජාතිකවාදී සිහිනය වෙනුවෙන් තවත් ජීවිත දෙන්...

මාළුන්ගේ අපේ දේශ සීමා ප්‍රශ්න හා මහින්ද රාජපක්ෂ / Sri Lanka President, fish and borders

Image
“ධීවර ප්‍රශ්නය ගැන ජනාධිපති හැටියට නොව පෞද්ගලිකව මතය කියන්න කැමැතියි. මම මේ මතයේ දිගටම හිටියා. තාමත් ඉන්නවා. මාළුවාට දේශ සීමා නැහැ. ධීවරයාටත් එහෙමමයි. මාළුවා පීනාගෙන යනවා. ධීවරයාත් ඒ පසුපස යනවා. ඒ නිසා මෙයට එකම විසඳුම ධීවරයන් එක්වී සාකච්ඡා කිරීමයි.” ජනාධිපතිතුමා විසින් පසුගියදා පළ කරන ලද මෙම මතය ඉතා ප්‍රගතිශීලී එකකි. විශේෂයෙන් ම උතුරු මුහුදේ ලාංකීය ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් සම්බන්ධ කාරණයේදී මෙම කරුණ විශේෂයෙන් අදාළ ය. පාරම්පරිකව මොවුහු ධීවර කර්මාන්තයේ යෙදුණේ ‍එක ම මුහුදක ය. මුහුදේ දේශ සීමා දිය පිට ඇඳි ඉරි ය. ඒවා දන්නේ නවීන උපකරණ පාවිච්චි කරන නාවික හමුදා ය.  1970 දශකයේදී ඉන්දීය රජය විසින් ලංකාවට භාර දෙන ලද කච්චතිවු දූපත දෙරටේ ම ධීවරයන් විසින් දැල් වේලා ගැනීම, විවේක ගැනීම හා ආගමික කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබූ එකකි. දූපත පවරා දීමේ ගිවිසුමේ ම මේ කාර්යයන් දූපතට අදාළව දෙරටේ ධීවර හිමිකම් ලෙස පිළි ගන්නා ලදී.  දේශ සීමා ගැන කිසිත් නො දත් මාළුවා පසුපස හඹා යන ධීවරයා ගැන ජනාධිපතිතුමාගේ පෞද්ගලික මතය විවේචනය කරන ඇතැමුන් කියන්නේ එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැරදි ප්‍රකාශ...

සිංහල යුනිකෝඩ්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිවයින / Sinhala unicode, Government Information Department and Divaina

Image
සිංහල යුනිකෝඩ් ගැන නැවත කතා කරන්නට ඉවහල් වන ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ. ඒ දිවයිනට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු   µeක්‌ස්‌  පතක් ලෙස හඳුන්වනු ලබන කිසිවක් නිසා ය. අපට පෙනෙන පරිදි නම් මේ හුටපටය සිදු වී ඇත්තේ සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නට යාම නිසා ය. සිද්ධිය මෙසේ ය: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අලුත්ම සිංහල මෙන්න! කොළඹ දිස්‌ත්‍රික්‌ සාහිත්‍ය මහෝත්සවය අද දින පැවැත්වෙන බව මාධ්‍යයට දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ මාධ්‍ය ඒකකය "දිවයින" ට µeක්‌ස්‌ පතක්‌ එවා තිබිණි. එහි ලිපි ශීර්ෂය වූයේ මෙයයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ සිංහල මෙසේද? මෙයට වගකිවයුත්තේ කවුද? සිංහලයේ වචන භාවිතය පිළිබඳව පොදු සම්මුතියක්‌ හා සම්ප්‍රදායක්‌ද තිබේ. කිසියම් වචනයක්‌ ලිවීමේදී හා කතා කිරීමේදිත් ඒ සම්ප්‍රදාය රැකීම සාමාන්‍ය පිළිවෙතය. එහෙත් මේ ලිපි ශීර්ෂයෙහි ප්‍රවෘත්ති, යන්න ලියා ඇත්තේ "ප්රවෘත්ති" ලෙසය. දිස්‌ත්‍රික්‌ යන්න "දිස්‌තිරික්‌" වී තිබේ. මේ වෙනසට හේතුව අපැහැදිලිය. යතුරු ලියනය හා පරිගණකය භාවිතයේදී පවා ඕනෑම සිංහල වචනය...

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කිරීම හා 'අපි විසඳුමක් නො දෙන්නෙමු' යන ප්‍රකාශය කිරීම අතර වෙනසක් නැත

Image
(2011 ජුලි 04,   W3Lanka )   ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා බව කියන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා වන යෝජනාව මේ සතියේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යන බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග කියයි.  යෝජනාව ඉදිරිපත් කරන නිමල් සිරිපාල ද සිල්වා දැන් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා පවත්වමින් සිටින රජයේ නියෝජිත පිරිසේ  ද සාමාජිකයෙකි.  මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත්‍රීන් 31ක් ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කුඩා පක්ෂවලට එකකට එක ආසනය බැගින් ලබා දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන හතරක් දී සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයට ආසන 19ක් ද විපක්‍ෂයට ආසන 12ක් ද ලබා දීමට නියමිත ය.  ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යෝජනා කරන ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පවසා තිබේ.  2005දී ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දසවීම සඳහා ය කියමින් සර්ව පාක්ෂික සම්මේලනයක් කැඳවූ අවස්ථාවේදී ද ජනාධිපත්වරයා එසේ කීවේ ය.  සර්ව පාක්ෂික සමුළුව විසින් පත් කරන ල...

ලෙස්ලි ගුණවර්ධන - කේ.එන්.ඕ. ධර්මදාස විවාදය හා ගාමිනී සුමනසේකරගේ පුවත්පත් කලාව

Image
මහාචාර්ය ලෙස්ලි රණවීර ගුණවර්ධන ( 2010 දෙසැම්බර් 26,  W3Lanka )  ඉරිදා දිවයිනෙහි කලා සටහන් තීරු ලිපියෙහි ගාමිනී සුමනසේකර මෙවර සටහනක් තබන්නේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පිළිබඳවයි. බොහෝ අවස්ථාවල ජාතිවාදී හෙවත් ජාතික ස්වෝත්තමවාදී අන්තයන්ට තල්ලු වී තිබෙන සිංහල ජාතිකවාදී පුවත්පතක කතුවරයකු වෘත්තීය විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රීය ලෝකය දෙස හෙළන බැල්ම එම ලිපියෙන් උපුට‍ගෙත් පහත සඳහන් කොටසෙහි රතු අකුරින් අප විසින් මතු කර දක්වන කොටස් දෙස අවධානය යොමු කරමින් අධ්‍යයනය කරන්න. ''සිංහල අනන්‍යතාව හා සිංහල ලකුණ වනසා දැමීම සඳහා ගොඩනැඟුණු ව්‍යාජ ඉතිහාස මැවුම්වලට ධර්මදාසයන්ගෙන් එල්ල වූයේ නිර්දය ප්‍රහාරයකි. බෙදුම්වාදී චින්තන ඉතිහාසය උඩු යටිකුරු කරමින් ඔහු ලියූ ලිපි මාලාව "දිවයින ඉරිදා සංග්‍රහයෙහි" පළවූ අයුරු මගේ මතකයට නැගෙයි. එහිලා ඔහු සිය සමකාලීන විද්වතකු වූ මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන් සමග විවාදයක පැටලුණි. ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතුන් දෙපළකගේ මෙම සංවාදය ලංකාවෙන් එපිටට පවා ඇදී ගියේය. ඉංග්‍රිසියෙන් ඇවිලී ගිය එම විවාදය ඇතැම් බටහිර විශ්වවිද්‍යාල වියතුන්ගේද අවධානයට ලක්‌විය. මහාචා...