සිංහලයාගේ ප්‍රශ්නය - 1

මගේ ලාංකික කොඩිය
වාමාංශික අපි බොහෝ දෙනෙක් දෙමළාගේ හෝ මුසල්මානයාගේ ප්‍රශ්නය ගැන බෙහෙවින් සංවේදී වන්නෙමු. එහෙත්, අපි සිංහලයාගේ ප්‍රශ්නය ගැන එපමණ ම සංවේදී ද?

සිංහලයාගේ ප්‍රශ්නය? සිංහලයාට මොන ප්‍රශ්නයක්දැයි අසන අයත් සිටිති.

ලංකාව සිංහල ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයකි. එහි විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ, හමුදා, පොලිස්, රාජ්‍ය, පළාත් පාලන පමණක් නොව භාෂා, සංස්කෘතික ආදී සෑම සියලු ක්ෂේත්‍රයක ම ආධිපත්‍යය ඇත්තේ සිංහලයන්ට ය. වෙනෙකක් තබා සිංහල කම්කරුවන්ට ගෙවන වැටුප දෙමළ කම්කරුවන්ට වඩා වැඩි වන අවස්ථා පවා තිබේ. එහෙව් රටක සිංහලයන්ට මොන ප්‍රශ්නයක් ද? 

සිංහලයන්ට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ ආධිපත්‍යය ගිලිහී යාම පිළිබඳ ඇති බියයි.

ආධිපත්‍යවාදය ප්‍රජාතන්ත්‍රවාදී නැත. එහෙත්, වත්මන් ලෝකය ආධිපත්‍යවාදයන් ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අගයයි. එවැනි සංදර්භයක් තුළ සිංහලයාට ද ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරමින් ලෝකය සමග පැවතිය නො හැකි ය. සිංහලයාට ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවක් වන්නේ සුළු ජාතීන්ට ද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට සිදු වූ විට ය.

සුළුතර පාතීහු ජාතික හිමිකම ඉල්ලා සිටිති. දේශපාලන බලය වෙනුවෙන් සටන් කරති. තමන් බහුතරය ලෙස ජීවත් වන ප්‍රදේශවල තමන්ගේ ම පාලනයක් පිහිටුවා ගැනීමට උත්සාහ කරති. තම ජනතාව පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඉල්ලා සිටිති.

සුළු ජාතීන්ගේ මේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ලබා දීමට සිංහලයා බය ය. එ් ඇයි?

සිංහලයා මේ රටේ බහුතර ජාතිය වුව ද, ඔහු ජීවත් වන්නේ සුළුතර මානසිකත්වයකිනි. මන්ද, හුදකලා ජාතියක් වන තමන් කලාපීය සංදර්භයකදී සුළුතර ජාතියක් වන බව ඔහු දන්නා හෙයිනි. මෙම සංකාව සිංහල ජාතිකවාදියකු විසින් ප්‍රකාශ කරන ආකාරය බලන්න.

"ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් හැටපන් දහස්‌ හයසිය තිස්‌ දෙක වටා කවයක්‌ ඇඳි විට බහුතරය වන්නේ සිංහලයන්ය. ඒ කවය ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් බහුතරය දෙමළ වනු ඇත. එම කවයම ශ්‍රී ලංකාවත් මැදපෙරදිගත් තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් අති බහුතරය මුස්‌ලිම් වනු ඇත. බහුතරය දෙමළ වනු ඇත. අති සුළුතරය සිංහල වනු ඇත. මේ තත්ත්වය ජාත්‍යන්තර හබන් කුකුළන් විසින් භාවිතයට ගනු ඇත." - මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, කැලණිය විශ්වවිද්‍යාලය. (දිවයින 2014 - 06 - 29)

සිංහල ජාතිවාදීන් අවබෝධ කර නො ගන්නා කාරණයක් වන්නේ ලංකාවේ දෙමළ හා මුස්ලිම් ජාතිකයෝ ද මේ ආකාරයෙන් ම සිතන බවයි. විශේෂයෙන් ම ලංකාවේ උතුරේ දෙමළ ජනයා තමන් දකුණු ඉන්දියානුවන්ට වඩා උසස් ජාතියක් ය යන ස්වෝත්තමවාදී මානයෙන් පෙළෙති. ලංකාවේ දෙමළ ජනයා පැත්තෙන් තමිල්නාඩුව සමග එක් වීමේ යෝජනාවක් කිසිදු කලෙක ඉදිරිපත් වී නැත. ලොව පුරා දෙමළ ජනයා එක් වී දෙමළ රාජ්‍යයක් බිහි කර ගනිමු ය යන යෝජනාව ද එවැනිම මිථ්‍යාවකි. ලංකාවේ දෙමළ මිනිසුන්ට අවශ්‍ය තමන්ගේ ඊලමක් මිස වෙනත් දෙමළ රාජ්‍යයක් නො වේ. ඔවුන්ගේ ජාතිවාදී රාජ්‍යයෙන් කඳුරට දෙමළ ජනයා පවා බැහැර කර තිබේ.

මුස්ලිම් ජාතිකයන් අතර ද භේද එමට ය. ඒවා පැත්තකින් තබමු. ලංකාවේ මුස්ලිම් මිනිසුන් තමන්ගේ ජාතියේ අය යයි අරාබිකාරයෝ සලකනවා ද? අඩු තරමේ මාලදිවයින් ජාතිකයෝවත් එසේ නො සලකති.

ඒ නිසා එක පැත්තකින් මේ බිය හුඹස් බියකි. එහෙත්, සිංහලයාගේ හුදකලාභාවය තුළ මෙයට යුක්තියුක්තභාවයක් ද නැත්තේ නැත. ‍දෙමළ මුස්ලිම් ජාතීන්ට කිසියම් මහා සංස්කෘතියක් සමග ඇති බැඳීම සිංහලයාට නැත.

දෙමළ මුස්ලිම් ජාතිකයන්ට එවැනි මහා සංස්කෘතියකින් අත් වූ සෙතක් තිබේ ද යන්න විමසා බැලුවහොත් ඇත්තෙන් ම මෙම බිය  ද තුරන් කර ගත හැකි ය. කෝ තමිල්නාඩුවේ මහා දෙමළ සංස්කෘතිය විසින් යාප‍නයේ දෙමළ අරගලය ආරක්ෂා කර තිබේ ද? තමිල්නාඩු දේශපාලකයන් ද ලංකාවේ දෙමළ ජාතිකයන්ට ගැසුවේ ගේම් නො වේ ද?

ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ස්ථාපිත කිරීම යන කාරණයේදී සුළු ජාතීන්ට අති විශාල වගකීමක් තිබේ. එහි මුල්ම පියවර සිංහලයාගේ සුළු ජාතික මානසිකත්වය තේරුම් ගැනීමයි. ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී සුළු ජාතීන් මහත් සේ වගකීම් සහගත වීම අත්‍යවශ්‍ය ය. මන්ද, සිංහලයා බෙදුම්වාදී ප්‍රවණතා ඉවසන්නේ නැත. ඔහු එයට එරෙහිව දිවි හිමියෙන් සටන් වදියි. ලෝකයේ ජාතික ආධිපත්‍යවාදී රාජ්‍ය සංදර්භයක් බවතින තත්වයක් තුළ සිංහලයා තමන්ට තිබෙන රාජ්‍ය හිමිකම දුර්වල කර ගැනීමට කැමැති වන්නේ නැත. සුළු ජාතීන්ගේ වෙන් වීමේ ප්‍රවණතා යනු ලංකාව ලේ විලක් කිරීමේ මාර්ගයක් මිස සාමය සඳහා මගක් වන්නේ නැත. මේ ඇත්තට මුහුණ නො දී ලාංකීය රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ප්‍රතිසංස්කරණය කළ නො හැකි ය.

ලංකාවේ සුළු ජාතීන් යනු තවත් සුළු ජාතියක ආධිපත්‍යයට යටත් වී සිටින පිරිසකි. මෙතැන මහ ජාතිය කියා සැබෑ එකක් නැත. එහෙයින් පීඩක ජාතිවාදයකින් ගැලවීමට සටන් කරන සුළු ජාතික ජාතිවාදය වඩා ප්‍රගතිශීලී ය වැනි සංකල්ප ඒ ආකාරයෙන් ම මෙතැනට අදාළ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරාට කාලයකට පස්සේ වැදගත් මාතෘකාවක් මතක් වෙලා. ඒ උනත් සමහර කරුණු පටන් ගන්න කොටම වැරදියට දාලයි තියෙන්නෙ. ඒවා නිවැරදි කර ගත්තේ නැත්නම් ලැබෙන උත්තරයත් වැරදියි.

    පළමුව ලාංකික කියල ජාතියක් හෝ ලංකික කොඩියක් මේ රටේ මුල පටන්ම තිබුනෙ නැහැ. ලාංකික ජාතිය ගොඩ නැගුනේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවශ්ථාවෙනුයි. කොල්වින් ආර්.ද සිල්වා මහතාට තේරුන විදියටයි ලාංකිකයෝ හැදුනේ. දෙවනුව සිංහල කියල ශුද්ධ ජාතියක් මේ රටේ නැහැ.මේ රටේ ඉන්නේ සිව් හෙළයෝ එකතුවී හැදුනු ජාතියක්. ඔවුන් හැම විටටමේ රටට එන අන්‍ය සුළු ජාතිකයන් තම ප්‍රධාන ප්‍රවාහයට ඇතුලත් කරගැනීම සිරිතක් ලෙසින් කරනවා විතරක් නෙමෙයි රටේ ඉහලම තැන දෙනවා . ඒ උනාට ජපාන් ජාතිකයන් වාගේ වාගේ අය එහෙම කරන්නේ නැහැ.
    ලෝකේ පුරාම ඉන්නා දෙමල අයට තියෙන ප්‍රශ්නය නම් ඔවුන්ට කියල රටක් නැතිකමයි.ඉතින් ඔවුන් අතීතයේ තිබුන ශ්‍රී විජය අධිරාජ්‍ය දෙමල එකක් කියල හිතල ඒක නැවත ගොඩ නගන සිහිනයේ ඉන්නවා.

    මුස්ලිම් කියල ජාතියක් නැහැ.ඉන්නේ මුස්ලිම් ආගම අදහන පිරිසක් විතරයි.අපේ රටේ ඉන්න මේ අයගෙන් වැඩි දෙනා දකුණු ඉන්දියාවෙන් ආපු දෙමල බස කථා කරන මුස්ලිම් දහම අදහන දෙමල මිනිස්සු.මැදපෙරදිග අය අපේ මුස්ලිම් අය සමානයන් විදියට පිළිගන්නේ නැත්තේ මේ කාරණය නිසයි
    අනෙක පැරා කියන අධිපතිවාදයක් මෙතන නැහැ. තියෙන්නෙ සිංහලයන් සතු ගන රාජ්‍ය (සමුහාණ්ඩු ) සංකල්පයයි.ඒකට මුල් උනේ අපි ශාක්‍යයන්ගේ නෑදෑයන් කියල සිංහලයන් සිතන කාරණය මතයයි.

    ReplyDelete
    Replies
    1. කවදාවත් පැරා මේකට උත්තර දෙන්නේ වත් පැහැදිලි කරන්නේවත් නෑ.

      Delete
    2. //දෙවනුව සිංහල කියල ශුද්ධ ජාතියක් මේ රටේ නැහැ.මේ රටේ ඉන්නේ සිව් හෙළයෝ එකතුවී හැදුනු ජාතියක්. ඔවුන් හැම විටටමේ රටට එන අන්‍ය සුළු ජාතිකයන් තම ප්‍රධාන ප්‍රවාහයට ඇතුලත් කරගැනීම සිරිතක් ලෙසින් කරනවා විතරක් නෙමෙයි රටේ ඉහලම තැන දෙනවා .//

      //ලෝකේ පුරාම ඉන්නා දෙමල අයට තියෙන ප්‍රශ්නය නම් ඔවුන්ට කියල රටක් නැතිකමයි.ඉතින් ඔවුන් අතීතයේ තිබුන ශ්‍රී විජය අධිරාජ්‍ය දෙමල එකක් කියල හිතල ඒක නැවත ගොඩ නගන සිහිනයේ ඉන්නවා.//

      //මුස්ලිම් කියල ජාතියක් නැහැ.ඉන්නේ මුස්ලිම් ආගම අදහන පිරිසක් විතරයි.අපේ රටේ ඉන්න මේ අයගෙන් වැඩි දෙනා දකුණු ඉන්දියාවෙන් ආපු දෙමල බස කථා කරන මුස්ලිම් දහම අදහන දෙමල මිනිස්සු.මැදපෙරදිග අය අපේ මුස්ලිම් අය සමානයන් විදියට පිළිගන්නේ නැත්තේ මේ කාරණය නිසයි //

      ජාතික ප්‍රශ්නයට, ප්‍රදාන කොටම සිංහල ජාතිවාදයට මුල් වෙච්ච මුලිකම සාදකයක් තමයි ජාතිවාදයෙන් ඔත්පල වෙච්ච ''ඉතිහාසයඥන්'' ගේ ගොඩ බෙහෙත් වට්ටොරු. සබැ ඉතිහාස කරුණු වෙනුවට ප්‍රබන්ද කතා හා වැරදි විස්තර කිරීම්. මේවා බොහෝ විට ඔවුන්ගේ පුද්ගලික මතයන්. මම දන්නා ඉතිහාසයට අනුව ඉහත කරුණු සියල්ල අර්ධ සත්‍ය, සත්‍ය විකුර්ති කිරීම් හෝ අසත්‍ය.

      ඉතිහාසය වැඩිදුර විෂයක් ලෙස හැදෑරු කෙනෙක් සිටිනම් තවදුර අදහස් දක්වන්න.

      Delete
    3. සුමනසේකර පප්පේ උඹට අද පෙත්ත ගන්න අමතක වුණාද? මේ රටේ ඉන්න සිංහලයෝ නම් කවදාවත් සුළු ජාතීන්ට නිසි තැන දීලා අවශෝෂනය කර ගත්තු හැටියක් පේන්න නැහැ. එහෙම අවශෝෂනය කර ගැනීමේ මූලික කොන්දේසියක් තමයි අනෙකා නාමිකව හරි සිංහල බෞද්ධ විය යුතුය කියන කාරණාව. දැන් උඹ කියන්නේ එහෙම එකක නෑය කියලද? මුස්ලිම් කියලා ජාතියක් නැහැයිලු ඊළඟට. අමු කැවිලද බං උඹට ඇයි මේ සත්‍යය විකෘති කරන්නේ?

      Delete
    4. AnonymousJuly 15, 2014 at 8:08 AM +++++++++

      Delete
    5. ඔය ඊනියා සිංහල බෞද්ධයා තරම් සුළු ජාතීන් පීඩාවට ලක් කළ වෙනත් එකකු සිටියි නම් ඒ දකුණු අප්‍රිකානු සුද්දන්, රුවන්ඩාවේ හුතුන් හා මැලේසියානු භූමිපුත්‍රයින් පමණක් විය යුතුය.

      Delete
    6. //සිව් හෙළයෝ//
      නන්දා මාලිනි කිව්වේ "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්" කියලා

      Delete
    7. wmk samarasekara

      niyamai. hariyatama pahadilikarala tiyenawa.

      chamara

      Delete
    8. සිංහලයා ගේ ආරම්භය කෙසේ සිදුවුවත් වර්තමානය වන විට සිංහලයාත් , දෙමලාත් ජානමය අතින් හොදහැටි මිශ්‍ර වී ඇත.
      සංස්ක්‍රතිය, භාෂාව හා ආගම යන සියලු අතින් සිංහලයත්, දෙමලාත් බොහෝ වෙනස් ය. නමුත් මේ දෙදෙනා අතර ඇති ලේ නෑ කම නම් මේ දේගොල්ලෝම කැමති උවත් , අකැමති උවත් ප්‍රතික්ශේප කල නොහැක
      පලමු වරට සිංහලයාගේ ජානමය සම්භන්දතා ගැන විස්තරාත්මක විද්‍යාත්මක පරීක්ශනයක් කෙරී ඇත්තේ 1961 වසරේදී අර්.එල්.කර්ක් නැමත්තෙකු අතිනි. මෙය සිදු කර ඇත්තේ දකුනු ඉන්දීය හා අග්නිදිග ආසියානු කලාපයේ මිනිසුන්ගේ රුදිරය හා සම්භ්න්දව ඔහු කල පරික්ශන වල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසුව ඔහු 1972 වසරේ දී වඩා විස්තරාත්මක ලෙස ලංකාවට විජය කුමරුගේ පැමිණීම ද සම්භන්ද කර ගේන රුදිරයේ ජානමය සම්භන්ද පරීක්ශන වාර්තාවක් ඉදිරිපත් කලා.ඔහුට අනුව සිංහලයින්ගේ ජානමය සම්භන්දතාව වඩා ලංවන්නේ දකුණු ඉන්දීයානු දෙමල, කේරල හා බෙංගාල වැසියන්ටය. මෙහිදී ඔහු ඉන්දියාවේ වයඹ දිග සිට පැමිනි විජය කුමරුගේ වංශකථාව ප්‍රතික්ශේප නොකරන නමුත් ඔහු කියා සිටින්නේ පසු කාලයේ තමින්නාඩුවේන් හා බෙංගාලයේන් පැමිණි සංක්‍රමිකයන්ගේන් සිංහලයාට ලැබුනු ජානමය දායකත්වය ඉතා ප්‍රබල බවයි.

      ඉන්පසුව වැදගත් වන්නේ එන්. සහා නමැත්තෙකු 1988 දී කරන ලද පරීක්ෂනයි. මේහිදී ඔහු කියා සිටින්නේ වර්ථමානයේ සිංහල ජනතාවත්, දෙමල ජනතාවත් අතර පැහැදිලිව දැක්විය හැකි කිසිදු ජානමය වෙනස්කමක් නොමැති බවයි.තවදුරටත් ඔහු අවධාරනය කර සිටින්නේ විජය කුමරුගේ වංශකථාව සනාථ කිරීමට ජානමය සම්භන්දතාවයක් නැති බවයි. මොහුගේ පරීක්ශණවල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ මොහු පරීකශනවලට සහභාගී කරගෙන ඇත්තේ සිංගප්පූරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිනි නැදැ නොවන, පිරිමි ශ්‍රී ලාංකිකයන් 260 ක් පමණක් වීමය.කෙසේ නමුත් 1989 දී නැවත ඔහු කරන ලද පරීකශන වලින් සිංහල හා බෙන්ගාල වැසියන් අතර සම්භන්දතාවය ඔහු පිලිඅරගේන තිබෙනවා.

      ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිංහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිංහල ජාන බෙංගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලංකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිංහල ජාතිකයන්ගෙන් බවයි.

      අවසාන වශයෙන් පාපියා, මස්ටානා හා ජයසේකර යන අය 1997 දී කරන ලද පරීක්ශනය වැදගත් වේනවා.මොවුන් ශ්‍රි ලාංකිකයන් 508 ක් ගේ රුදිර සාම්පල ඇසුරෙන් තම පරීක්ශනය කර තිබේනවා. මොවුන් ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලාංකික දෙමල හා සිංහලයන් අතර සමීප ජාන සම්බන්දතවක් තිබෙන අතර සිංහලයන් හා බෙංගාලි ජාතිකයන් අතරද සමීප සම්භන්දතාවයක් තිබේනවා.

      Delete
    9. Very interesting could you post some links for reference (if it is possible )

      Delete
    10. http://www.maiyyagelokaya.blogspot.com/2010/07/o-2.html
      Kirk, R. L. (1972). The Legend of Prince Vijaya-A Study of Sinhalese Origins. AM. J. PHYS.A NTHRO, 45, 91-100.

      Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. 67, 6, 843-866.

      N.Saha (1988). Blood genetic markers in Sri Lankan populations- reappraisal of the legend of prince Vijaya. American Journal of Physical Anthropology, 76, 217-225.

      Paphia, S. S., Mastana, S. S., & Jayasekara, R. (1996). Genetic variations in Sri Lanka. Human Biology, 68(5), 707-737.

      Delete
    11. nice! thanks a lot !

      Delete
    12. සිංහල කියන්නේ මිශ්‍ර ජාතියක් බව මැනවින් තහවුරු වෙනවා.ඒක අතීතයේදීත් එහෙමමයි.සියලු මුලාශ්‍ර වලින් සාගරයට ගලා එන විවිධ රසයෙන් හා පැහැයෙන් යුතු ජලය අවසානයේදී එකම ලුනු රසයක් මෙන්ම එකම නිල් පැහැයක් ගන්නාක් මෙන් සිංහල මහා ජාතියට අවශෝෂණය වන විවිධ සුළු ජාතින් වසර සිය ගණනක් ගිය පසු සිංහල වටිනාකම ගනිති.මේක සිංහලයන්ට පමණක් නොව එංගලන්තයේ සුද්දන්ටත් වෙලා තියෙනවා.
      අපේ ඇඟේ තියෙන්නෙ සිංහල ලේ වෙලා තියෙන්නෙ එහෙමයි. ලේ සමගින්ම ජාන ලක්ෂණද එනවා.
      මුලිකව සිංහලයන්ට තියෙන්නෙ ගන රාජ්‍යක ලක්ෂණ. ගනයක සියල්ලෝම ඒක සමානයි.සියලු දෙනාටම යම් මතයකට ඇති පක්‍ෂ සහ විපක්‍ෂ මත සාකච්චා කිරීමෙන් පසු අවසානයට ගන්නා එකම මතය ක්‍රියාත්මක කර පාලනයට සහභාගී වීමට ගනයේ ඉන්නා සියල්ලෝටම ඉඩ ලැබෙනවා
      දැන් මේ අපි කරන්නේද පක්‍ෂ විපක්‍ෂ මත සාකච්චා කිරිමම නේද ? බටහිර තිබුන ගන රාජ්‍ය රෝම රාජ්‍ය වුන අතර අපට ඒක බලපෑවේ නැහැ. ඉන්දියාවේ තිබුන ශාක්‍ය - කෝලිය,ලිවිඡවී,වේසාලි,මගධ කියන ගන රාජ්‍ය වලින් අපට බලපෑවේ ශාක්‍ය ගනයයි.බුදුන් වහන්සේ ශාක්‍ය ගනයේ ඉහලම නිෂ්පාදනය උනත්,එම ගනයේ උද්දච්චකම,අහංකාර ය මෙන්ම අන්‍යයන් ඉතා දරුණු ලෙස මද පවත්වන ගතියද තිබුනා.මේ ජාන ලක්ෂණ සිංහලයන් තුල නැද්ද?71 සහ 88/89 සිංහලයන්ගෙ නැගිටීම සිංහලයන් විසින්ම කෘර ලෙස මැඩ පැවැත්වුයේ නැද්ද?
      ප්‍රශ්නය ඇති කරන්නේ සිංහලයෝ නොවෙති.එහෙත් කුඩා භීෂණයකින් ඇතිවූ ප්‍රශ්නයක් විසඳීමට ඔවුන් ඔවුන් දෙන පිළිතුර ඉතා දැඩි භිෂණයක් බව මත ඉහිහාසයෙන් පෙනුනේ නැද්ද? අලුත්ගමදී උනේ නැවතත් ඒක ඉදිරිපත්වීම පමණයි.
      අපේ රටේ දෙමල සහ මුස්ලිම් ජනවර්ග වලට වෙලා තියෙන්නෙ මහා ජාතියට අවශෝෂණය නොවී වෙනමම අනන්‍යතාවයක් හදා ගන්නට යන මෝඩ අදහසේ විපාක විඳීමටයි.

      Delete
    13. අනේ අම්මපා උඹලා ගැන නම් කොහෙන් හිනා වෙන්නද දන්නෙ නෑ සමරසේකර ලොක්කෝ. කොහොම වුණත් දවස ගානේ පෙත්ත ගනින්. මඟ ඇරුණාම උඹටත් කරදරයි. අපටත් කරදරයි.

      Delete
    14. /සියලු මුලාශ්‍ර වලින් සාගරයට ගලා එන විවිධ රසයෙන් හා පැහැයෙන් යුතු ජලය අවසානයේදී එකම ලුනු රසයක් මෙන්ම එකම නිල් පැහැයක් ගන්නාක් මෙන්.../

      දැන් මේ අන්කල් හිතාගෙන ඉන්නේ මූදේ හැම තැනම වතුර එකම ලුණු රසයි එකම පාටයි කියලා. මේ දෙකම නැහැ. මුහුදු වතුරේ ලවණ ප්‍රමාණය තැනින් තැනට වෙනස් වෙනවා. ඒ වගේම තමයි පාට. (ඇත්තටම මුහුදු වතුරට පාට ලැබෙන්නේ සූර්යාලෝකය නිසා වැඩිපුරම.) දැන් මේ අන්කල් වැරදිලාවත් මාල දිවයිනට ගිහින් තියේ නම් දනී මාල දිවයින් වෙරළේ මුහුදු වතුරේ ලුණු ගතිය වැඩියි පැහැය ළා නිල් කියලා. කොහේද ඉතින් මේ ළිඳේ ගෙම්බො වෙන රටක් ගැන දන්නවයැ, මේකෙම ලැගගෙන ඉන්නවා මිසක. මැටි ගොඩවල්.

      Delete
    15. මම ලිඳ තුල ඉන්නා ගෙම්බෙක්ද යන්න විනිශ්චය කිරීම ඔබේ කටයුත්තක්.හැබැයි මම මේ වනවිට ගුවන් යානා 18 කට වැඩියෙන් ගොස් ගුවන් ගමන් වල යෙදී තිබෙනවා.එංගලන්තයේ, ජපානයේ සහ ඉන්දියාවේ 3/4 කට වඩා ඇවිදලා තියෙනවා.නවසිලන්තයේත් සංචාරය කර තිබෙනවා.

      Delete
    16. ඇවිද්දට වැඩක් නැහැනෙ මහත්තයෝ යමක් තමන් දකින අහන දේවල් වලින් යමක් ඉගෙන ගන්නේ නැත්නම්. ඔහේ එළෝලුවක් වගේ ඇවිදිනවා විතරයි. ලෝකයේ අනෙකුත් රටවල ජන වර්ග විවිධත්වයක් කියලා දෙයක් දැකලාම නැද්ද?

      Delete
    17. Anonymous July 16, 2014 at 2:03 PM ---
      ඔය සමරසේකර අන්කල්ගේ පරම්පරාවේ අය හදන්න බෑ, මෙයා...

      Delete
  2. මම හිතුවා පැරාලා කියන විදියට පන්ති ප්‍රශ්ණයක්ය තියෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. මාතලන් දන්න කුනුහරපයක් ලියාගෙන හිටියනම් හොදයි නේද නොදන්න දේවල් ගැන කමෙන්ට් කරනවට වඩා, දන්නෙ නැති දෙයක් තියෙනව නම් කාගෙන් හරි අහ ගන්න එක වෙනම දෙයක්. යන යන තැන රෙන්න එපා මාතලනො.

      Delete
    2. @ AnonymousJuly 15, 2014 at 10:42 AM

      ඔය මාතලන් කියන මහාචාරිය උපදෙස් දෙන්න ඔයා කව්ද? එයා බුද්ධීයෙන් අගතැන්පත්, සියල්ල දත් පොරක් හරිය.. එයා කියන දේවල්වලට අපි වගේ “ෂා එල“, “පට්ටයි“, “කියන්න ඕනැ ටික ලෙසටම කියලා තියනවා“ ජාතියෙ කමෙන්ට් එකක් දාලා මාරුවෙන්න. නැත්නම් ඉතින් සත්තු වත්තක නම් ටිකකුයි ගොන්කම ප්‍රදර්ශනය වන රස්තියාදුකාර වචන සෙට් එකකුයි අහගන්න ලැබෙයි. (අපිනම් කරන්නෙ ඒවටත් අර කියන කමෙන්ට් ම දාලා ෂේප් වෙනවා) අනික හැම පිස්සම හිතාගන ඉන්නෙ තමන් ඇර අනික් හැමෝටම පිස්සු කියලනෙ. ඉතින් අප් මහාචාරිය තුමාටත් ඒක අදාළයි. ඉඳල හිටලා ඔය අවුරුදු උත්සවයකදි හරි වෙන තැනකදී හරි සෙට් වෙන්නයි, ඔය තම්බලා කන්න හිට්ස් ටිකක් ෂේප් කරගන්නයි අපිත් ඉතින් “ඔහොම යං“ ටයිප් එකට ඉන්නවා. දුක තමයි රංජනී.

      ආයෙත් කිව්වා මාතලන්ට උපදෙස් දෙන්න ගිහින් කණ පලාගන්න එපා හරිය..
      මීට මාතලන්ගෙ බ්ලොග් සහචරයෙක්

      Delete
    3. ඉතින් මචෝ මම රුන්නම උඹලා එන්නේ. උඹලා සැන්ටිබෝඩ් එකේ මහත්තුරුද?

      දැක්කනේ මාතලන්ගේ වැඩ. ඔය සචරයෙක් කියලා තියෙන්නේ.

      ඉතින් බං මම පැරාට කොමෙන්ට් කලාම. මේ ඩුප්ලිකෙසෝන් එකේ රංජනීලට රිදෙන්නේ ඇයි පැරා.

      Delete
    4. මාතලන් මහත්තයෝ හැම පොස්ට් එකේම තමුන්ගේ බුද්ධි මට්ටම ප්‍රදර්ශනය කරමින් රෙන්න එපා.තමුන්ම දාගත්තු මහාචාර්ය පට්ටමත් එක්ක ඔහේ හරියට බ්ලොග් ලෝකෙ මර්වින් සිල්වා වගේ.ඔහේ වෙනත් අදහසක් දරනවා නම් අඩුම ගන්නේ අර උඩින් අදහස් දක්වපු සමරසේකර , මයියා වගේ කරුණු කාරණා සහිතව තමුන්ගේ මතය ඉදිරිපත් කරන්න එහෙම නැතුව මෙහෙම කුණු හරුප ගොන් පාට් දැම්මම වෙන්නේ මහාචාර්ය ගොන් පාට් රෙද්ද පල්ලෙන් බේරෙන එක විතරයි.

      Delete
    5. තමුන්ට එහෙම කරුණු කාරණා එක්ක අදහසක් දක්වන්න දැනුමක් නැත්නම් මෙහෙම ගොන් පාට් නොදා අර කොල්ලෝ කුරුට්ටෝ ටිකට කුණු හරුපයක් ලියන් ඉන්න.

      Delete
    6. අනේ තොපේ බුද්ධි මට්ටම් මාරයි නේ යකෝ, තොපි ඇවිල්ලා මොන බුද්ධිමත්තුද යකෝ. තොපිත් ඇවිල්ලා නොම්මර එකේ හාල්පාරුවොනෙ යකෝ. නැත්නම් ඉතින් කුණුහබ්බ ලියන මම වගේ එකෙක්ට මෙච්චර බය වෙයිද යකෝ. මේ රටේ කොහෙද යකෝ බුද්ධිමත්තු ඉන්නේ. එකෙක් ඉන්නවා නම් නම කියපන්කෝ මටත් ආස්සරේ කරන්නේ. සුද්දා දීලා ගියපු සිලබස් කට පාඩම් ගිරවු ටිකක් නම් ඉන්නවා උපාධි සහතික ටිකකුත් තියාගෙන. උන් ඇවිත් ගල් වැද්දෝ. බුද්ධිමත් එකෙක් හිටියනම් මොන මළදානෙටද යකෝ මම වගේ මෝඩයෙකුට මෙච්චර බය වෙන්නේ. ඒකෙන් පෙන්නන්නේ තොපි නොම්මර එකේ මරි මෝඩ ගල් වැද්දෝ කියන එක විතරයි. තිපිට මෙළෝ දෙයක් ලියන්න බෑ. තොපිට නමක ගමක් නෑ. තොපි වගේ උන් හැදෑවට ඉන්නවා ඩුප්ලිකේෂන් රෝඩ් එකෙ. අපි එහෙමද බ්ලොග් ළෝකේ හොල්ලගෙන ඉන්නේ. ඉතින් තොපිට ඉරිසියාව. පපු පැලිලා මැරියන් ගොන් හැත්ත.

      Delete
    7. චිකේ චිකේ ..මෙන්න බ්ලොග් මහාචාර්ය තුමාගේ සැබෑ ස්වරූපය .පිරුණු කළයක දිය නොසැලේ .හිස් කළගෙඩි සිය හිස් බව වසා ගනු වස් හඬ ගාති.නැගෙන්නේ බොල් හඬක් මිස අනෙකක් නොවේ.

      Delete
    8. අපි පිරුණු කල නෙමෙයි..

      හිස් ටින් මල්ලි...

      Delete
    9. @Maathalan - Priyantha Hewage

      මහත්තයෝ,
      අල්ලපු ගෙදර බල්ලා අපේ වත්තේ කැත කරාම අපි ඒවා ඉවත් කරන්නේ බයට නෙමෙයි. හිරිකිතට. පොඩි එකෙක් එහෙම පාග ගත්තොත්, එකයි

      Delete
    10. මොකෝ මාතලන් අනුමත වෙලාද ?

      Delete
    11. අපි මචෝ ගොඩාක් වෙලාවට අනුමත වෙනවා. උඹලත් වරෙන් මචෝ, ඔය ගූ අස්කරන සක්කිලිත් එක්ක වෙලාවක සෙට් වෙන්න. අපි ආතල් එකේ ඉන්නෙ මචෝ කොයි වෙලාවෙත්. බ්ලොග් කියන්නේ තව ආතල් එකක්. එනකොට මචෝ උඹලගේ සැටිපිකට එහෙම අරගෙන වරෙන්. නැත්නම් බාර් එකේ උන් දන්නෙ නෑ නේ උඹලා බුද්ධිමත් උන් කියලා. අපි ඒවා මේසෙ උඩ තියාගෙන ගහමු. උපාධී කෝට් තොප්පි දාගෙන ආවත් අවුලක් නෑ. මාත් අළුත්කඩෙන් සැටිපිකට් එකක් අරගෙන එන්නම්. නැත්නම් උඹලට හොඳ නෑ නේ. මේ වගේ සිංහළ උන් ගැන බලාගෙන ගියාම පැරා කියන කතාවත් ඇත්ත.

      Delete
    12. @ සියළු ඇනෝලාට
      මම කලින්ම කිව්වනේ මහාචාරිය මාතලන්ව විවේචනය කරලා නිකං සත්තු වත්තකම ඉන්න සත්තුන්ගෙ නම් සෙට් එකකුයි, මහාචාරිය භාවය මොනවට ප්‍රදර්ශනය වන නොම්බර එකේ වචන ටිකකුයි අහගන්න එපා කියලා. ඕ යේස්..ඇහැව්වද? ඇහැව්වද?ඇහැව්වද?

      @Maathalan - Priyantha Hewage
      ඇනෝල ටිකට කියන්න ඕන ටික ලෙසටම කියල තියෙනවා ඕ යේස්. අන්න එහෙම තමයි ඕකුන්ට දෙන්න ඕන... (පොඩි අවුලකට තියෙන්නෙ ඔයාට කඩේ ගියාම අපිට රෙද්දක් ඇඳගන පාරෙ බැහැල යන්න බැරි වෙන එකයි. ඕ යේස්..ඔයාගෙ කමෙන්ට් එක දැක්කහම පුත්තලම් බූරුවෙකුට උනත් මීටර් වෙනවා කවුද මහාචාරියා කව්ද බූරුවා කියලා ඕ යේස්. අවුලක් නෑ ලොක්කා අපිට ඉතිං කඩේයන්න හිතුනම රෙදි නැතිව හරි ඒ ටික ලෙසටම කරනවා .. ඕ යේස්..)

      මීට ඉතාලියේ සිටින බිත්තර මල්ලී

      Delete
    13. මං යනවා මචෝ නිදා ගන්න.. අපි ඉතින් මේවලින් උනත් ආතල් එකක් ගන්න එක කරන්නේ. හැබයි පත්තර මල්ලි නම් උඹලා වගේ පොන්නයෙක් නෙමෙයි. හදා ගනින්කෝ බං උඹලගේ ඉස්ටයිල් එකක්.. ගුඩ් නයිට් බ්‍රයිට් ගයිස්..

      Delete
    14. විලිලජ්ජාවෙ සන්තෝසෙ බැරුවෝ, මම පැරගෙ බ්ලොගෙන් මාතලන්ගෙ බ්ලොග ගැන දැන ගත්තෙ ඇත්තටම මුලින්ම ආසවෙන් කියෙව්ව ලිපි කීපයක් මාතලන්ගෙ, ඒව වල තියෙන හාස්‍ය නිසා. දවස් කීපයක් කියවනකොට තේරුනා එකම ජෝක් එක එහාට මෙහාට කරක කරක ලියනව කියල. තව ටිකක් යනකොට තෙරුනා මාතලන් දේශපාලනික වශයෙන් අද බාලයෙක් බව, තවත් පස්සෙ තෙරුනා මාතලන්ට සමාජවදෙ වහකදුරු බව ඒ පිලිබදව කිසිත් නොදැනත්, තව ටිකකින් තෙරුනා මාතලන් ධනවාදියෙක් නොවන බවත් ඒ පිලිබදව කිසිත් නොදන්නාව සේ හැසිරෙන බව, තව යනකොට තෙරුනා ලංකාවෙ කිසි කෙනෙක් නොදන්නවා උනාට මාතලන් යනු මහා සංගීතඥයෙක් බව, තව යනකොට තෙරුනා මාතලන්ගෙ ප්‍රියතම දේශපාලඥය රනිල් විශ්ක්‍රමසින්හ බව, අයෙත් තෙරුනා මාතලට මහින්ද රාජපක්ෂ තරම් ලංකාව තුල දේශපාලඥයෙක් නොමැති බව, පස්සෙ තේරුනා මාතලන් රොයල් කොලෙජ් පොරක් බව, තව තේරුනා මාතලට හාමුදුරු වරු වහකන්දුරු බව ඒ නමුත් මහින්දගේ බොරු ආගමික භක්තිය විවේචනය නොකරන බව, තවත් ගොඩක් දේ තෙරුනා,
      අන්තිමට තේරුනා මාතලන්ගේ ලිපි කියවා කිසිදු පලක් නොවන බව. ඒ නිසා මේ මොහොත වන විට මාතලන්ගේ කිසිම ලිපියක් කියවීමට සිතට අදහසක් එන්නෙ නෑ.
      අබිලින්ලා කට වචාල කමට දොඩවනව වගේ ලිපි ලියල වැඩක් නෑ මතලනො, මාතලන්ට බයට නෙවෙයි මේ ටික ලිව්වෙ.

      Delete
    15. පොන්නයා යනු තමන්ට හුරේ නොදමන්නාය, තමන්ට හුරේ දමන්නන් පොන්නයන් නොවන්නේය.

      Delete
    16. මොනව ලිව්වත් ඉස්සෙල්ල දේශපාලනික වෙයන් බන් මාතලන්

      Delete
    17. ඈ බන් මාතලනො උබේ ගෙදර ගූ ගොඩක් තියෙනකොට උබ ඒක අයින් කරන්නෙ නැදද? පාග පාග ඇග පුරාම ගූ ගා ගන්නවද? සක්කිලියෙක් කියන්නෙ කාටද?

      Delete
    18. මම අයින් කරන්නේ මොකටද බන් උඹලා වගේ සක්කිලි ඉන්න කොට. වරෙන් ඕන් අදත් රුන්නා..

      Delete
    19. මාතලන් තමයි පොර ආ, අනිත් උන් ඔක්කොම සක්කිලි, අර කොල්ලො කුරුට්ටො ටිකක් අල්ලගෙන රෝයල් කොලෙජ් දේශපාලනය කියල දෙන්න තරම් වටින පොරක් මාතලන් කියන්නෙ, රෝයල් කොලෙජ් එක මාරයි ආ, අපිට බැරි උනානෙ අප්ප රෝයල් යන්ඩ, රෝයල් ගියා කියන්නෙ ඉතින් මාතලන් වගේ පට්ට වැඩ්ඩෙක් කියන එකනෙ, ලංකාවෙ අනිත් ඉස්කෝල පඩ ඉස්කෝලනෙ රොයල් තමයි මාර කොලිජ් එක ආ

      Delete
  3. ලංකාවේ ජාතීන් අතර ගැටලුව අරය වැඩි වෙමින් කැරකෙන විෂම චක්‍රයක් වගේ. සිංහලුන්ගේ ක්‍රියාකලාපය නිසා සුළු ජාතින් සිංහලුන්ව විශ්වාස කරන්නේ නැ. සුළු ජාතින්ගේ 'ලාංකීය' වීමට ඇති අකමැත්ත නිසා සිංහලුන් සුළු ජතින්ව විස්වාස කරන්නෙත් නෑ.හැබැයි ජාතින් අතර ගැටලුව නිර්ක්ෂණය කරගත හැකි තරමට නාභි ගත වෙන්නේ මහා අවකාශයන්ගේ පමණයි. ක්ෂුද්‍ර තලතුල මෙවැනි ගැටළු නෑ. උදාහරණ විදියට මහජන දේපොළ හොරාකන්න, ජාවාරම් කරන්න, ක්‍රිකට් ක්‍රීඩාවට හුරේ දාන්න වගේ වැඩ වලදී ජාතිය පිළිබද සීමා ඉරි බොද වෙලා යනවා. මෙතන ගැටලුව තියෙන්නේ ලාංකීය ජාතියක් විදියට අපිට සමරන්න ජයග්‍රහණ නැතිකම. සිංහලයගේ ප්‍රශ්නේ තියෙන්නේ රටක් විදියට ඉදිරයට යාමට අපිට සැලැස්මක් නැති කම.

    ReplyDelete
    Replies
    1. කොහොමද සුළු ජාතීන් 'ලාංකීය' වෙන්නේ? උදාහරණ කිහිපයක් දෙන්න.

      Delete
    2. තමුන් ඉන්දියාවේ, පකිස්ථානයේ හෝ අරාබියේ හෝ වෙනත් රටක පුරවැසියන් නොව ලංකාවේ පුරවැසියන්යයි සිතා කටයුතු කිරීමෙන්, පුරවැසි යුතුකම් හා වගකීම් ඉටු කිරීමෙන් හා ලංකාවේ සංස්කෘතියට අනන්‍ය වීමෙන් ( දෙමල, මුස්ලිම්, මැලේ ....) ලාංකිකයෙක් විය හැක.

      Delete
    3. ලාංකීය වන්නේ ඔය ටිකෙන් විතරක් නම් අපේ සුළු ජාතීන් හැම දෙනාම ලාංකීයයි. එහෙම නොවේ කියනවා නම් උදාහරණ දෙන්න. (ඒ ගොල්ල මෙහෙම හිතනවා අරහෙම හිතනවා කියන්න එපා බොළඳයි. කවුරු හරි හිතන හැටි අපි දෙන්නෙ නැහැනෙ. මහ පොළොවේ ඇහැට පේන උදාහරණ දෙන්න. )

      Delete
    4. මේ ප්‍රශ්ණයට මුල කොහේවත් තිබුණේ නැති කෙහෙල්මල් "ලාංකික" කමක් සිංහලයාටයි දෙමළාටයි යෝනකයින්ටයි ඔබන්න හදපු එක. ඒ හැමෝම හිතන්නෙ ලාංකිකයින් කියන මහ ජාතිය ඇතුලේ තමන් සුළු ජාතිය වෙලා කියල. මේ රටේ සිංහලයට ඕනි සිංහලයෙක් වෙන්න. දෙමළාට ඕනි දෙමළෙක් වෙන්න. යෝනකයින්ට ඕනි යෝනකයෙක් වෙන්න. ඒ හැම එකාටම තමංගේ ආගන්තුක වුණ ලාංකිකයෙක් වෙයල්ලා කියල බලකරත්දී වටේ ඉන්න අනිත් එකාලව මරාගෙන මැරෙන්න තමයි හිතෙන්නෙ.

      Delete
    5. As a Muslim , I dont want to be anyone else. We want to live as Muslims keeping all our beliefs , culture and traditions. So dont try to smack things on our face that we didn't ask for.

      Delete
    6. /මේ ප්‍රශ්ණයට මුල කොහේවත් තිබුණේ නැති කෙහෙල්මල් "ලාංකික" කමක් සිංහලයාටයි දෙමළාටයි යෝනකයින්ටයි ඔබන්න හදපු එක. /

      ඒ ඔක්කෝම නමට හරි ලාංකිකයින් කළේ නැත්නම් හැම දෙනාටම වෙන වෙනම රටවල් බෙදා දෙන්න ඕනැ. ඒක කරන්න බැහැනෙ බොස්. වැරද්ද හැමදෙනාම ලාංකිකයින් කළ එකේ නෙවෙයි. සිංහල බෞද්ධයා 'ලාංකිකයා' කියන එකෙත් තනි අයිතිය මට දියෝ කියලා කෑගහන එකයි.

      Delete
    7. සුළු ජාතින්ගේ 'ලාංකීය' නොවන හැසිරීම් සදහා උදාහරණ ඔනෑ තරම්දියහැකි වුවත් ඉන් පසුව සාකච්චාව ඇදීයා හැකි දිශානතිය සලකා එසේ නොකරමි.

      //ලාංකීය වන්නේ ඔය ටිකෙන් විතරක් නම් අපේ සුළු ජාතීන් හැම දෙනාම ලාංකීයයි.//

      ගැටලුව තියෙන්නේ "ඒටිකවත්" පිළිගන්න සුළු ජාතින් මැලිකමක් දැක්වීමයි නොඑසේනම් පිලි නොගැනීමයි.

      ජාතින් අතර ගැටලුවට සිංහලයින් ගේ දායකත්වය ඉහල ප්‍රතිශතයක්, නමුත් සුළු ජාතීන්ගේ දායකත්වය සියයට බින්දුව නෙමෙයි. ඔවුනුත් මෙහි සැලකිය යුතු පංගු කරුවන්. ගැටලුවල පිටියම් සෙවීමේදී එය සැලකිය යුතුයි.

      ජාතික ගැටලුව සම්බන්ද 'NGO' විග්‍රහය සිංහල බහුතරය අතර අවඥාවට ලක්වන්නෙත් සුළු ජාතිකයින් 'බෝගස් යට හා පැටවුන්' සේ අහිංසකයින් පිරිසක් ලෙස අර්ථ දැක්වීමෙන්.

      Delete
    8. //මේ රටේ සිංහලයට ඕනි සිංහලයෙක් වෙන්න. දෙමළාට ඕනි දෙමළෙක් වෙන්න. යෝනකයින්ට ඕනි යෝනකයෙක් වෙන්න.//

      මේකම නේද ගැටලුව ? ඔක්කොම තමන්ට ඕන ඕන විදියට ජිවත් වෙන්න හැදුවාම රටක් ලෙස ඉදිරියට යන්නේ කොහොමද ? ජාතියක් ලෙස ඉදිරියට යන්නේ කොහොමද? සියලුදෙනා සමායෝජනය කරන ගමක සංකල්පයක් අවශ්‍යයි නේද ? ශරීරයේ එක එක කොටස් වෙන වෙනම ක්‍රියා කලොත් කුමක් වෙයිද ?

      Delete
    9. @AnonymousJuly 15, 2014 at 4:02 PM

      I respect your religion and right to believe it. However, what do you mean by that ‘don't try to smack things on our face’? Could you please be more specific.

      Delete
    10. //We want to live as Muslims keeping all our beliefs//
      Including Sharia law and punishment?
      Ignoring all the scientific evidence for Darwinian evolution and teaching lies to children?
      LOL bro! , are you really Muslim or somebody from Bodubala Senava ?

      Delete
    11. /*සියලුදෙනා සමායෝජනය කරන ගමක සංකල්පයක් අවශ්‍යයි නේද ? ශරීරයේ එක එක කොටස් වෙන වෙනම ක්‍රියා කලොත් කුමක් වෙයිද ?*/
      අත, අත විදියටයි වැඩ කරන්න ඕනි. එහෙම නැතිව කට විදියටවත් කකුල විදියටවත් නෙවී. මොලේ (පාලකයින්) දැන ගන්න ඕනි අතට කරන්න පුලුවන් වැඩේ අතින් ගන්න. අත, කට විදියට හරි කකුල විදියට හරි හැසිරෙන්න ගියොත් මොළේ දැන ගන්න ඕනි ඒකට එහෙම නොකරන්න අණ දෙන්න. අත දැනගන්න ඕනි ඒ අණට කීකරු වෙන්න. අනෙක් අවයවත් ඔහොමම තමයි.

      Delete
    12. /*ඒ ඔක්කෝම නමට හරි ලාංකිකයින් කළේ නැත්නම්*/ නමට හරි කිව්වේ?? හැම එකාම ලාංකික කියන විහිලුවට (ෆැන්ටසියට) රැවටිලා ඒක ඇතුලේ ඉන්න ඕනි. ඒකෙන් එලියට එන්න හැදුවොත් ඒකා දේශද්‍රෝහියෙක් ?

      Delete
    13. /සුළු ජාතින්ගේ 'ලාංකීය' නොවන හැසිරීම් සදහා උදාහරණ ඔනෑ තරම්දියහැකි වුවත් ඉන් පසුව සාකච්චාව ඇදීයා හැකි දිශානතිය සලකා එසේ නොකරමි./

      බැරිකම බෑය කියලා පිළි ගත්තා නම් ඊට වැඩිය නම්බුකාර නැද්ද?

      Delete
    14. /ගැටලුව තියෙන්නේ "ඒටිකවත්" පිළිගන්න සුළු ජාතින් මැලිකමක් දැක්වීමයි නොඑසේනම් පිලි නොගැනීමයි./

      මෙහෙම කියන්නේ සිංහල ජාතිවාදීන් සුළු පිරිසක් විතරයි නේද?

      Delete
    15. //බැරිකම බෑය කියලා පිළි ගත්තා නම් ඊට වැඩිය නම්බුකාර නැද්ද?//

      අර මඩ නා ගත්තු ඌරා සිංහයාට චැලේන්ගේ කල කතාව මතක් උනා. හරි ඌරා ඔයා දිනුම් ඔයා තමයි පොර.

      සියලු සුළු ජාතින් රහත් වෙන්න ඔන්න මෙන්නය. ආමෙන් !

      Delete
    16. 'ලාංකීයත්වය' ගැන කතා කරන්නේ සිංහල ජතිවාදින්ද ? එතකොට ඒ කාසියේ අනික් පැත්ත මොකද්ද ? ජාතිවාදය හදුනා ගැනීමේ 'ඔබේ' ලිට්මස් පරික්ෂාව කුමක්දැයි දැනගැනුමට කැමතියි .

      Delete
    17. Dear Muslim Ano,
      If you want to live like a Muslim and die like a Muslim.I cant see any wrong with that. as long as you dnt open your mouth asking "More".
      Because you dont expect any better world.
      You wanna live like how you are.
      Don't ask any religious freedom like open new mosch
      Don't ask that you wanna wear Niqab in public or in school or Uni-Muslims ladies dnt go anywhere without their men.
      Dont ask that any rights,becouse in your life y ou dont have any right other than "Gods will" , then live with it.
      If you dnt want to smell the freedom Live like as muslim in your own narrow life then.

      Delete
  4. මුස්ලීම් ව්‍යාප්තයේ භීතිකාවත් සිංහලයන්ට දරුනුවටම තිබෙනවා. එය මැඩ පැවැත්වීමට උත්සාහ ගැනීම සාදාරන නමුත් ඒ සඳහා යොදාගන්නා පිළිවෙතයි ප්‍රායෝගික නැත්තේ. බහුලව දරුවන් බිහි කිරීම පවතින ආර්තික තත්වය නිසාත් සමාජීය දැනුම නිසාත් එතරම්ම බලපාන බවක් සිතිය නොහැකි නමුත් ආගම් හර යාම ගැන අවදානයට ගත යුතුයි. මර්දනයෙන් හා භීතියක් ඇති කිරීම ප්‍රායෝගික වන්නේ නැහ. ආගමක් අදහන්නේ සිත මිස වෙන එකක් නොවෙයි. ආගමේ හරයන් කියා දීලා හදවතටයි කතා කරන්න ඕනේ. සිත පිළිගත්තා නම් වෙන මොනවද​? අද පවතින තත්වය සිංහලයාගේ අනාගත​ සෞක්‍යයට අති අන්ත්‍රාදායකයි. පූජකයන් යැයි කියාගන්නා අය තමන්ගේ අවශ්‍යතාවන් මුදුන්පත්කරගන්න ගොදුරු කර ගන්නේ තරුණ පිරිසයි. එම තරුණ පිරිස් අද දකින්නේ තනිකරවම මායාවයි. දැන් පූජකයන්ගේ වහසි බස් වලින් කුල්මත් වී අන්දමන්ද වී සිටින තරුණ පිරිස් පසු කාලීනව අල්ලපු අත්තද හරි නැත්නම් පය ගහපු අත්තද හරියි යන අනියතාවයක් දැනී කල කිරීමට පත්වීමට බොහෝ ඉඩකඩ ඇත​. සහනදායී අවසානයක් බලාපොරොත්තු වන මැදි විය තරුණ විය මෙන් නොව සියළු දේ ගැන විපරමින් බැලීමට හා ඒවා ගැන අධ්‍යනය කිරීමටත් පෙලෙඹෙයි. එතන දී ඔවුන් විකල්පයක් සොයා යෑමේ අවදානමක් තිබේ. ආගමක් කියා දිය යුත්තේ එහි ශාශ්ත්‍රූන්ට අනූව හා එම රාමුව තුල ඉඳගෙනයි. යමෙක්, එම රාමුවෙන් බැහැරව දෙසයිනම් යමක්, ඔහු දෙසන්නේ එම ශාශ්ත්‍රූන්ගේ ආගම නොව වෙන එකකි.

    ReplyDelete
    Replies
    1. Department of Census and Statistics-Sri Lanka අනුවනම් මුස්ලීම් ව්‍යාප්තයේ භීතිකාවක් නෑ. නානසාර ලග වෙන දත්ත තියනවද දන්නේ නෑ

      Delete
    2. //මුස්ලීම් ව්‍යාප්තයේ භීතිකාවත් සිංහලයන්ට දරුනුවටම තිබෙනවා.//

      ඔය කියන භීතිකාවට පිළියම තියෙන්නේ අංගොඩ විතරයි.

      Delete
    3. මිනිසුන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුනට තේරෙන ලෙසිනි. මුස්ලීම් ව්‍යාප්තවාදයේ භීතිකාවට පිළිතුරු තියෙන්නේ අංගොඩ විතරයි කියල අලි ඔලුවෙන් උත්තර දීමෙන් වෙන්නේ ඔවුන්ගේ මතය තවදුරටත් තහවුරු වීම විතරයි. සරලවම ඔවුන් ඔබ කියන දේ අහන්නේ නෑ. ඔබට ඔවුන් ඇහුම්කන් දෙනවද කියන එක අදාළ නෑ කියල ඔබ තර්ක කරන්න පුළුවන්. එහෙමනම් ඔබ ඉහළ තබපු කමෙන්ටුව අපරාදේ.අයියෝ යුනිකෝඩ් කියල තමයි කියන්න වෙන්නේ.

      මුස්ලීම් ව්‍යාප්තවාදයක් ගැන මේ රටේ සැලකිය යුතු පිරිසක් සැක පහල කරනවා. මේ පිරිස පැරාගේ අනුගාමිකයෝ ප්‍රමාණය වගේ කුඩා නම් අපි ඒ ගැන කතා කල යුතු නෑ. ඒත් ඒ ගැන කතාකරන්නේ ඒ පිරිස ප්‍රමාණාත්මකව විශාල නිසයි. මේ පිරිස මෙහෙම හිතන්නේ ඇයි? කවුරුහරි (නනසාර/හෙළ උරුමය ) ඔවුන්ට කියපු දේවල් නිසා. ඔබ එහෙනම් කලයුත්තේ ඒ දේවල් වල අසත්‍යතාවය (ඔවුනට තේරෙන අයුරින්) පැහැදිලි කිරීම. සංගණනය ජිල්මාට් එකක් කියල නනසාර කියල ඉවරයි. එනිසා එය ඔවුන් විශ්වාස කරන්නේ නෑ. මහබැංකුවේ දත්ත අවිශ්වාස කරන්න කියන ගමන් ආණ්ඩුවේ අනිත් දෙපාර්තමේන්තුවක් විශ්වාස කරන්න කියන එක සාධාරණ නෑ.

      සිංහල පවුලක ළමයි ඉන්නේ දෙන්නයි. මුස්ලිම් පවුලක ඊට වඩා ඉන්නවා නම් අංක ගණිතය අනුව මුස්ලිම් ජනතාව ප්‍රතිශතයක් ලෙස වැඩි වෙන්න ඕන. ඔවුන් බහුතරය වෙනවද කියන එක තීරණය වෙන්නේ මේ ප්‍රතිශතය කොපමණද කියන එක මත. මෙම ප්‍රතිශතය කුඩා නම් හෝ මුස්ලිම් පවුල්වල ඉන්නෙත් ළමයි දෙන්නා නම් මේ ලෝකය පවතිනතුරු ලංකාවේ බහුතරය වෙන්න මුස්ලිම්වරුන්ට බැරිවෙයි. මේ ගණන් හැදීම කරලා පෙන්වන්න.

      Delete
  5. විග්‍රහ කරන්න හරිම සරළ කේස් එකක්.
    පොදුවේ ලාංකික සියළු ජාතීන්ට ප්‍රශ්න තියනව. සුළු ජාතීන් ඔවුන් සුළු වීම නිසාම හිතනව මේක ජාතිකත්වය සම්බන්ධ අවුලක් කියල. මහජාතියත් හිතන්නෙ එහෙමයි, ප්‍රශ්නය තියෙන්නෙ තමුන්ට කියලයි හිතන්නෙ.
    මේ අතරෙ තවත් පිරිසක් ඉන්නව බහුතර බලය තියෙන්නෙ සිංහලයන් අත නිසා සිංහලයන්ට අවුලක් නෑ කියල කියන.

    ReplyDelete
  6. "මුස්ලිම්" යන යෙදුම අද බොහෝවිට භාවිතා/ව්‍යවහාර වන්නේ වැරදි ආකාරයටය. ඇත්ත වශයෙන්ම මුස්ලිම් යනු ජන වාර්ගිකයක් නොව, ඉස්ලාම් දහම අදහන, ඕනෑම ජන කොට්ඨාශයකට යෙදෙන යෙදුමකි. නමුත් ලංකාවේ බොහෝ දෙනා, විශේෂයෙන්ම ද්‍රවිඩ බස මව්භාෂාව ලෙස භාවිතා කරන ජන කොට්ඨාශය කුමක් හෝ හේතුවකට, සත්‍යය දැන දැනම, එය නොසලකා තමුන් මුස්ලිම් වාර්ගිකත්ත්වයට අයිති බව ප්‍රකාශ කරති. නමුත් ද්‍රවිඩබස කතාකරන මුස්ලිම් ජනතාවගේ උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ ඔවුන් "මරක්කල"(ඇතැම් විට "යෝනක" යනුවෙන්ය. මෙම මරක්කල නම් වචනය බිඳී ආවේ කෙසේද යන්න නම් මා දන්නේ නැති නමුත්, අතීතයේ වෙළඳාම සඳහා ලංකාවට පැමිණි අරාබිජාතික වෙළඳුන් අතර සිටි, මොරොක්කෝ (ඔවුන්ද කථා කරන්නේ අරාබි බසමය) වැසියන් හා ආවාහ වීම වැනි හේතුන්මත බිහිවූ නව පරම්පරාව "මරක්කල" යැයි හැඳින්වෙන්නට ඉඩ ඇත.
    මුස්ලිම් යන වචනය අරාබි බසින් "ඉස්ලාම් දහම අදහන්නා" යන අරුත දෙන්නකි. එය "මු+ඉස්ලාම්" හෙවත් "ඉස්ලාමය අනුගමනය කරන්නා" යන අරුත දනවන්නේය. එයට තව උදාහරණ කිහිපයක්:
    අරාබි භාෂාවෙන් "හන්දසත්" යන්න" "ඉංජිනේරු" යන අරුත දෙන අතර, එහි යෙදෙන්නා හෙවත් "ඉංජිනේරුවා" යන්නට ඇති අරාබි වචනය නම් "මු+හන්දසත්" හෙවත් "මුහන්දිස්" යන්නය.
    ලංකාවේ මුස්ලිම් වරුන් වාර්ගික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඔවුන් අතර ආගමික අනන්‍යතාවය ඇතිමුත්, වාර්ගික අනන්‍යතාවය අතින් ඔවුන් බොහෝ වෙනස්ය. මැලේසියානු/ඉන්දුනීසියානු සම්භවයක් ඇති මැලේ හෙවත් ජා ප්‍රජාවද මුස්ලිම් වන අතර ඔවුන්ගේ මව් බස වන්නේ මැලේ හෙවත් ජා බසය. අද එය දේශීය වදන් හා සම්මිශ්‍රිත වී ඇති අතර එහි ලිවීමේ භාෂාවක් ලෙස පවතින්නේ නැත.
    පකිස්තානයේ, බංගළි දේශයේ, මැලේසියාවේ, බොස්නියාවේ, අරාබියේ හෝ ලෝකයේ කවර රටක හෝ යමෙකු ඉස්ලාම් දහම අදහන්නෙකු නම් ඔහු මුස්ලිම්වරයෙකු වන නමුදු, ඔහුගේ වාර්ගිකත්වය තීරණය වන්නේ ඔහු හෝ ඇයගේ මව් බස අනුව වන අතර ලංකාවේ මරක්කල හා මැලේ යන දෙකොටසම මුස්ලිම් වන අතර ජාතියක් වශයෙන් ඔවුන් සැවොම ශ්‍රී ලාංකිකයින්ය. ඔවුන් අද අරාබියට හෝ මැලේසියාවට අයිති ජන කොට්ඨාශයක් නොවන්නේය.

    ReplyDelete
  7. ජාති ආගම් භේදයකින් තොරව අප අපේ සමාජය දෙස විවෘත මනසකින් බලමු.

    වෛද්යආ වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමග අතිශයින්ම සමීප වූ වෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්යෘ සේවාව තුළ තමන්ට කැමති වෛද්යථවරයා තෝරාගෙන පරවූ තිකාර ගැනීමට අවස්ථාවක් නොලැබේ. රජයේ පරේවාතිපත්තිය වන්නේ ද ජාති, ආගම් භේදයකින් තොරව රජයේ රෝහල් මගින් ජනතාවට සෞඛ්යේ සේවාව සැපයීමයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ අන්තවාදී ව්යාගපාර ඇති කළ මුස්ලිම් විරෝධි පරඛ් චාරයන් නිසා මුස්ලිම් වෛද්යතවරුන් ද අපහසුතාවට පත් වූ බව පෙනේ. එයට හේතුව මුස්ලිම් වෛද්ය වරුන් ජාතිවාදී ලෙස කිරරචායාකරමින් සිංහල ජාතිය බෝවීම වැළැක්වීම සඳහා පවුල් සැලසුම් කරහේතම බලහත්කාරයෙන් සිංහල මව්වරුන් වෙත ලබා දෙනවායැ’යි පරහල චාරය කිරීමයි. ඊට අමතරව මුස්ලිම්වරුන් අතර තම ජාතියේ ජනගහනය වර්ධනය කර ගැනීම සඳහා විශේෂ ව්යාිපාරයන් දියත් කර ඇති බවත් පරා වචාරය කර තිබේ.
    ශීරහනය ලංකාවේ ජනගහන වර්ධන ඉතිහාසය දෙස නැවත හැරී බැලීමේදී මුස්ලිම් (ඉස්ලාම්), බෞද්ධ, හින්දු සහ කතෝලික ජනගහනයේ වර්ධන වේගයට වඩා වැඩි බව පෙනේ. එයට හේතුව විවිධ ආගමික කොටස් අතර පවතින සංස්කෘතිකමය හේතුවක් මිස ජාතිවාදී ව්යාිපාරයක පරට තිඵලයක් නොවන බව පෙනේ.

    ශීරින ලංකාවේ අඩුම ජනගහන වර්ධන වේගයක් සටහන් වන්නේ කතෝලිකයන් අතර ය. ඊළ`ගට පිළිවෙළින් සිංහල, හින්දු සහ මුස්ලිම් ලෙස සඳහන් ලෙස කළ හැකි ය. කතෝලික පල්ලිය පවුල් සංවිධානයට (ස්වභාවික උපත් පාලන කර්ිකම හැර) විරුද්ධ වුවත් වැඩිම පවුල් සංවිධාන කරය පම භාවිත වන්නේ කතෝලිකයන් අතරය. එයට හේතුව කතෝලිකයන් අතර උගත්කම (අධ්යා පනය ලැබූවන්ගේ පර් සතිශතය) වැඩිවීමය. පැරණි සිංහල සංස්කෘතිය තුළ ද දරුවන් විශාල සංඛ්යාලවක් තැනීමේ අවශ්යවතාව තිබුණි. එයට හේතුව වැවත් දාගැබත් මුල්කර ගත් සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබුණේ කෘෂිකාර්මික සමාජයක වීමයි. එදා ගොවිතැන් කිරීම සඳහා වැඩි මිනිසුන් පරෘතිමාණයක් සිටීම සම්පතක් විය. වැඩි දරුවන් සංඛ්යාාවක් සිටින පවුල් ගමේ පොහොසත් සහ බලවත් පවුල් බවට පත්විය. එහෙත් අද සිංහල බෞද්ධයන් අතර පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ආකල්පයකි. එනම් ‘පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු, ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’ ආකල්පය යි. ගැහැනු දරුවන්ට ඉගැන්විය යුතුය යන මතය සිංහල බෞද්ධයෝ ඉතා ඉහළින් පිළිගනිති. එයට හේතුව කාන්තාවට ඇති සමාජ මට්ටම සිංහල බෞද්ධ සමාජය තුළ ඉතා ඉහළින් තිබීමයි. එවන් සමාජයක් තුළ අතිශයින්ම පෞද්ගලික කරුණු පිළිබඳව තීරණ ගැනීමේදී කාන්තාවට නිදහසක් සහ බලයක් ලැබේ. එබැවින් තමන් දරුවන් කී දෙනෙක් ලබාගත යුතුද යන තීරණය ගනු ලබන්නේ කාන්තාව විසිනි. එවන් තත්ත්වයක් තුළ සිංහල කාන්තාවන් පවුල් සැලසුම් කරුතුම භාවිතය සඳහා යොමු වීම අරුමයක් නොවේ.

    ශීරහල ලංකාවේ පවුල් සංවිධාන සංගමය ආරම්භ වූයේ 1952 දී ය. ඉන් අනතුරුව 1960 දශකයේ දී රජය මගින් පවුල් සැලසුම් කර ලංම ජනතාව තුළ පරම්භචාරණය කිරීම පරේ. තිපත්තියක් ලෙස පිළිගෙන පවුල් සෞඛ්යි කාර්යාංශය බිහිකරනු ලැබිණ. පවුල් සංවිධාන කටයුතු පවුල් සෞඛ්ය් සේවිකාවන් සහ මහජන සෞඛ්යන පරීක්ෂකවරුන් හරහා ගම් නියම්ගම්වල පරලං චලිත කරනු ලැබූ අතර ඔවුහු එම පහසුකම් නිවසට ගොස් සැපයුවෝය.

    පවුල් සෞඛ්යය නිලධාරීන් ලෙස බඳවා ගනු ලැබූ කාන්තාවන් බහුතරය සිංහල බෞද්ධ කාන්තාවන් ය. ඊළ`ගට හින්දු, දෙමළ කාන්තාවන් ය. මුස්ලිම් කාන්තාවන් පවුල් සෞඛ්ය නිලධාරීන් අතර නොමැති තරම් ය. එබැවින් මුස්ලිම් ජනතාව තුළ පවුල් සැලසුම් කරයබඳම පරකානචලිත කිරීමේ ගැටලූවක් පැනනැගුණේය. එයට හේතුව පවුල් සැලසුම් කරනත ම පිළිබඳව මුස්ලිම් කාන්තාවන් දැනුවත් කිරීම සඳහා පවුල් සෞඛ්ය නිලධාරිනියන් අපොහොසත් වීමයි. භාෂාව සහ සංස්කෘතිය ඔවුනට බාධකයක් වීමයි.
    සිංහල බෞද්ධ සමාජයක් තුළ පවුල් සැලසුම් භාවිතය වැනි අතිශයින්ම පෞද්ගලික වූ කරුණක් පිළිබඳව තීරණ ගැනීමේදී කාන්තාව බලවත් වූ අතර මුස්ලිම් සමාජය තුළ ඒ පිළිබඳව තීරණ ගැනීම පැවරුණේ පවුලේ පරංහ ධානි යා වූ පිරිමින්ට ය. මෙය ද මුස්ලිම් කාන්තාවන් අතර පවුල් සැලසුම් කරනාරම භාවිතය අඩුවීමට හේතුවක් විය.
    ඒ කෙසේ වෙතත් සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා අතර සිටින උගතුන් (ගුරුවරු, ලිපිකරුවන්, වෘත්තිකයන්) දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුන් අතර පවුල් සංවිධාන කටයුතු වෙනසක් නොමැතිව සම සේ සිදුවන බවය.

    ReplyDelete
  8. විද්යාතනුකූලව පෙනීයන තවත් විශේෂ කරුණක් තිබේ. එනම් මුස්ලිම් සමාජය තුළ ජනගහනය වැඩිවීමට පරති ධාන හේතුව පවුල් සැලසුම් කරෙන ම භාවිතය නොව මුස්ලිම් කාන්තාවන් අඩු වයසින් විවාහ වීම බවයි. කාන්තාවකට දරුවන් බිහිකිරීමේ හැකියාව ලැබෙන කාල සීමාව සාපල්යවතා වයස ලෙස හැඳින්වේ. එය සාමාන්යයයෙන් වයස අවුරුදු පහළොවත් හතළිස් පහත් (15 – 45) අතර කාලය ලෙස දැක්විය හැකිය. එය සාමාන්යවයෙන් අවුරුදු තිහකි. සිංහල කාන්තාවන්ගේ විවාහ වීමේ වයස පසුගිය දශක කිහිපය තුළ ශීඝරහැකයෙන් ඉහළ ගියත් මුස්ලිම් කාන්තාවන් සඳහා එය එසේ සිදු වුණේ නැත. සිංහල සමාජය තුළ විවාහවීමේදී කාන්තාවන්ගේ උගත්කමට සහ රැුකියාවට වැඩි සැලකිල්ලක් ලැබෙන අතර මුස්ලිම් සමාජය තුළ එම සැලකිල්ල ලැබෙන්නේ කාන්තාවන්ගේ අඩු වයසට සහ රූපාලංකාරයට මිස උගත්කමට නොවේ. නිදර්ශනයක් ලෙස කාන්තාවක වයස අවුරුදු තිහේදී විවාහ වන්නේ නම් ඇයගේ සාපල්යටතා වයස සියයට පනහකින් අඩු වේ. එනම් වයස අවුරුදු පහළොවේදී දී විවාහ වූ කාන්තාවක ලබන දරුවන් සංඛ්යා ව සියයට පනහකින් අඩු වේ. එදා දරුවන් දහදෙනා දොළොස්දෙනා බිහි කළ මව්වරුන් හිටියත් අද එවැනි මව්වරුන් දක්නට නොලැබෙන්නේ විවාහ වීමේ වයස ඉහළ යෑම නිසා මිස පවුල් සැලසුම් භාවිතය පමණක් ම නොවේ.

    කාන්තාවන් විදේශගත වීම ද දරුවන් බිහිකිරීම (ජනගහනය) අඩු වීමට තවත් හේතුවකි. මෙසේ විදේශගත වන කාන්තාවන්ගෙන් බහුතරය සිංහල සහ දෙමළ මිස මුස්ලිම් අය නොවෙන බව ද සැලකිල්ලට ගත යුතුව තිබේ. විදේශගත වන බොහෝ කාන්තාවෝ අවිවාහකයෝ ය. සිංහල සහ දෙමළ බොහෝ කාන්තාවන් විදේශගත වන්නේ තමන්ට විවාහ වීම සඳහා අවශ්යය කරන මුදල්හදල් (දෑවැද්ද) සොයා ගැනීම සඳහා ය. ඔවුන් විදේශගත වී මුදල්හදල් සොයාගෙන ගෙවල් දොරවල් වැඩිදියුණු කර ටිවී, කැසට්, ශීතකරණ යනාදිය මිලදී ගෙන, කනකර ආභරණ සකසාගෙන දෑවැද්ද සඳහා ද මුදලක් ඉතිරි කර ගන්නා විට ඇයගේ සාපල්ය තා වයසින් හරි අඩකටත් වඩා ගෙවී ගොස් හමාරය.
    සිංහල කාන්තාවන් අතර දරුඵල අඩුවීමට තවත් හේතුවක් තිබේ. එනම් ඔවුන් අධ්යානපනය කෙරෙහි වැඩි බරක් තැබීමයි. සිංහල සමාජයේ පවතින ආකල්පයක් නම් තම දරුවන් හොඳින් ඉගෙනගෙන වෛද්යයවරයකු හෝ ඉංජිනේරුවකු වනු දැකීමයි. නොඑසේ නම් රජයේ රැුකියාවක් කරනු දැකීමයි. එබැවින් උසස් අධ්යාඉපනයෙන් පසු රැුකියාවක් ලබාගෙන විවාහවීමට යෑමේදී තම සාපල්යයතා වයසින් වැඩි කොටසක් ඒ සඳහා ඔවුනට කැපකිරීමට සිදු වේ. එබැවින් ඔවුන්ට ලැබෙන දරුවන් පර ව මාණය අඩු වේ.
    ශීරකිර ලංකාවේ පවතින සංස්කෘතිය දෙස බැලීමේදී ආගමික පූජකවරුන්ට හිමි වන්නේ එම සමාජයේ ඉතා ඉහළම ස්ථානයකි. එහෙත් ඉස්ලාම් ආගමේ පූජකයන් ලෙස කටයුතු කරන්නන්ගේ වෙනසක් තිබේ. එනම් මුස්ලිම් පල්ලිවල ආගමික කටයුතු කරන පූජකවරුන් (මව්ලවිවරු) ඒවාගේ භාරකරුවන් නොවීමයි. පල්ලිවල භාරකාරත්වය හිමි වන්නේ එම පරජකවදේශයේ මුස්ලිම් දායක සභාවට ය. එබැවින් මුස්ලිම්වරුන් විසින් ගන්නා තීරණ එම දායක සභාවල නායකයන් විසින් ගන්නා තීරණ මිස පූජකවරුන් විසින් ගන්නා තීරණ නොවේ. දිනපතා පස්වරක් පල්ලියට ගොස් (පිරිමින්) යාඥා කිරීමත්, සෑම සිකුරාදාවකම පල්ලියේ ආගමික නායකයන් විසින් පවත්වන දේශනවලට සහභාගි වීමත් මගින් මුස්ලිම් සමාජය තුළට ඉතා ඉක්මණින් අදහස් උදහස් සන්නිවේදනය වේ. එවැනි පරත් බල සන්නිවේදන මාධ්ය්යක් බෞද්ධයන් සතු නොවේ. බොදුබල සේනාව ජනමාධ්යද මගින් මුස්ලිම් විරෝධි අදහස් පර සනකාශ කළත් මුස්ලිම්වරුන් ඒවාට කුපිත වී කලබල ඇතිකර නොගන්නේ ඔවුන් සහ මුස්ලිම් පල්ලිය අතර පවතින ශක්තිමත් බැඳීම නිසා ය. මෙය ද මා දකින්නේ ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයක් ලෙස ය.

    මුස්ලිම් සමාජය තුළ පූජකවරුන් (බෞද්ධ ස්වාමින්වහන්සේලා හෝ පල්ලියේ පියතුමන්ලා මෙන්) නැතිවා මෙන්ම පල්ලියේ ආගම දේශනා කරන මවුලවිවරු ද විවාහ වී සාමාන්යල දිවි පෙවෙතක් ගෙවන පුරවැසියෝය. එබැවින් පූජ්ය පක්ෂයට ඇතුළු වී විවාහ නොවීම නිසා ජනගහනය බෝවීම අඩුවීම පිළිබඳ ගැටලූවක් ද මුස්ලිම් සමාජය තුළ දක්නට නො ලැබේ.

    ReplyDelete
    Replies
    1. //විද්යාතනුකූලව පෙනීයන තවත් විශේෂ කරුණක් තිබේ. එනම් මුස්ලිම් සමාජය තුළ ජනගහනය වැඩිවීමට පරති ධාන හේතුව පවුල් සැලසුම් කරෙන ම භාවිතය නොව මුස්ලිම් කාන්තාවන් අඩු වයසින් විවාහ වීම බවයි. //

      මේ ලිපිය මම කලිනුත් කියෙව්වා. ලියල තියෙන්නේ යහපත් චේතනාවකින්, නමුත් පළමු උප්කල්පනයම වැරදියි. ජනගහන දත්ත අනුවනම් මුස්ලිම් සමාජය තුළ ජනගහනයේ අමුතු වැඩි වීමක් නෑ. ඔය කතාව නිතර නිතර කියෙවුන නිසා දැන් සමාජ ගත වෙලා.

      Delete
    2. ඔබ නිවැරැදිව ජනගහන දත්ත ලබා ගත් මූලාශ්‍රයක් වෙතොත් මෙහි දමන්න.

      Delete
    3. 2001 SL Moor 7.9%
      2011 SL Moor 9.0%

      Delete
    4. වැරදි නම් නිවැරැදි කරන්න

      Delete
  9. මාවනැල්ල පර ්තදේශයේ මා පදිංචියට පැමිණියේ 1979 වසරේ දී ය. වසර තිස්පහකට පෙරය. එදා මෙදා තුර මා පරවන දේශයේ සෞඛ්යර වෛද්යි නිලධාරි, පරන් දේශයේ දිස්තිරස් ක් වෛද්යද නිලධාරි, දිස්තිර දවක්කයේ මාතෘ හා ළමා සෞඛ්යප කටයුතු භාර වෛද්යර නිලධාරි, සෞඛ්යම සේවා අධ්ය9ක්ෂ, පේරාදෙණිය විශ්වවිද්යාරලයේ වෛද්යා පීඨයේ පරද් ජා වෛද්යු විද්යා‍ව පිළිබඳ ජ්යෙිෂ්ඨ කථිකාචාර්ය සහ මාගේ පෞද්ගලික රෝහලේ අධ්යපක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත්තෙමි. පවුල් වෛද්යි විද්යාඨව සහ පරාගේජා වෛද්යේ විද්යාුව පිළිබඳව පශ්චාත් උපාධි හදාරන වෛද්යිවරුන්ට දේශකයකු ලෙස සහ උපදේශකවරයකු ලෙස කටයුතු කරමි. එබැවින් පවුල් සැලසුම සහ ජනගහන වර්ධනය පිළිබඳ බොහෝ අත්දැකීම් මා ලබා තිබේ. මෙම වකවානුව තුළ මිලියනයකට පමණ මා පරසුමතිකාර කර තිබේ. මා වෙත පර බ තිකාර සඳහා පැමිණෙන අයගෙන් සියයට තිහක් පමණ මුස්ලිම්වරුන් ය. එහිදී මා කළ වැදගත් නිරීක්ෂණයක් නම් පවුල් සැලසුම පිළිබඳව බලපාන පර් සධාන සාධකය ඔවුන් අදහන ආගම නොව ඔවුන්ගේ උගත්කම බවයි. උගතුන් අතර බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික භේදයකින් තොරව පවුල් සංවිධාන කරෙත ම අනුගමනය කරන බව පෙනේ. එබැවින් විවාහ වීමේ වයස සහ නූගත්කම ජනගහනය වැඩිවීම සඳහා බලපාන පරුග ධාන සාධක දෙක ලෙස පෙන්වා දිය හැකිය. ජාති ආගම් භේදයකින් තොරව අප අපේ සමාජය දෙස විවෘත මනසකින් බැලූවහොත් දරුවන් වැඩි ගරා පෙමීය (අඩු වයසින් විවාහ වන) සහ උගත්කමින් අඩු (පාසල් වේලාසනින් හැර යන) සමාජය තුළ බව ඔබට වැටහෙනවා ඇත.

    බොදුබල සේනාවේ හිමිනමක මුස්ලිම් වෛද්ය වරුන් වැඩිදෙනෙක් පශ්චාත් උපාධිය (විශේෂඥතාව) සඳහා දැන් තෝරාගන්නේ ‘නාරිවේදය’ බවත් ඔවුන් එසේ කරනු ලබන්නේ සිංහල කාන්තාවනට වඳ සැත්කම් අදහසින් බවත් පරනේ කාශ කරන අයුරු මුහුණු පොතේ මා දැක තිබේ. එවැනි පරඳ සකාශයක් තුළ කිසිදු පදනමක් නැත. පශ්චාත් උපාධි සඳහා තමන්ට කැමති විෂයක් තෝරාගැනීමට ඕනෑම වෛද්යමවරයකුට නිදහස තිබේ. ඒ සඳහා විෂයයන් තෝරා ගනු ලබන්නේ විභාගවලදී ඔවුන් දක්වන දක්ෂතාවන් මතය. ශීර නි ලංකාවේ විශ්වවිද්යානලවල (වෛද්ය පීඨවල) හා පශ්චාත් උපාධි ආයතනයේ නාරිවේදය පිළිබඳව මහාචාර්යවරුන් බහුතරය සිංහල බෞද්ධ විශේෂඥ වෛද්යගවරුන් මිස මුස්ලිම්වරු නොවෙති. එබැවින් නාරිවේදය විශේෂඥතාව සඳහා තෝරාගැනීමේදී මුස්ලිම් වෛද්යගවරුන්ට විශේෂ වරපර්ව සාද ලැබීමට ඉඩකඩක් නොමැත. බොදුබල සේනාව මගින් කරනු ලබන වගකීමෙන් තොර මෙවැනි පරශේ කාශ නිසා ජනතාව කුපිත වෙනවා පමණක් නොව සිංහල මුස්ලිම් ජන කොටස් දෙක අතර ක්රෝ ධය සහ වෛරයද වර්ධනය වේ.
    -විශේෂඥ වෛද්ය‍ ආරියසේන යූ ගමගේ|Ravaya.Lk-

    ReplyDelete
  10. තර්කයක් ගොඩනගල හරි උත්තරයක් හොයන්නනම්, ඉස්සෙල්ල ගොඩ නගන තර්ක හරි වෙන්න ඕඅනෙ, නිසි නීති පිලිපදින්න ඕනෙ, තමන් ඉන්න මතයෙ ඉඳන් වැරදි මූල කරුණු මත වැරදියයට ගොඩ නගන තර්ක වල උත්තර අර පොඩි කලෙ 1 සමානයි 0 කියල ඔප්පු කරන එක වගේමයි.

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. මොකක් ගැනද කියන්නෙ? මොන තර්කෙ ගැනද?

      Delete
    2. පළමුව මම හිතනව මේ කොමෙන්ටුව දම්මෙ පැරා නොවෙයි කියා, මොකද ඔහු කියල තියනාව ඔහු ඇනෝ කොමෙන්ට් දමන්නෙ නෑ කියල.

      /*ලංකාව සිංහල ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයකි*/
      මෙහිදී ආධිපත්‍යයෙන් කියල යෙදුම වැරදි, මෙයින් හැඟෙන්නෙ සින්හලයින් විසින් අනෙකුත් ජාතීන් බලහත්කාරයෙන් පාගාගෙන සිටීමක් වැනි තෙරුමක්. ලංකාවෙ තවමත් බහුතරය සිංහල මිනිසුන්, එහිදී සියලුම අංශ වල සිංහල බහුතරයක් සිටින එක තාර්කිකයි. එහෙම නැත්නම් වෙන්න ඕනෙ කොහොමද, සිංහල 60% ඉන්නකොට ඔය කියන අංශ වල ඉන්න ඕනෙ 30% ගානෙද?
      ඉරාකයේ නම් ඉස්සර සුන්නි ආධිපත්‍යයෙන් යුත් රට කියල කියන්න පුලුවන්, සදම් ඉන්න කලෙ රටේ පාලනය සහ බහුතරයක් රාජයෙ ආයතන පිරුනෙ 30% ක් විතර වෙච්ච සුන්නි ප්‍රජාවගෙන්, එතනදි ශියා ලබ්ධිකයින්ට තිබ්බ ආකාරයෙ ආධිපත්‍යයක් ද ලංකාවෙ තියෙන්නෙ?


      /*වෙනෙකක් තබා සිංහල කම්කරුවන්ට ගෙවන වැටුප දෙමළ කම්කරුවන්ට වඩා වැඩි වන අවස්ථා පවා තිබේ*/
      මේඅවා විහුළු නේද? රජයේ හෝ පිලිගත් ආයතනක මෙහෙම රෙගුලාසි තියනවද? මම කාතාකරන්නෙ පැරාගෙ හෝ කාගෙ හරි වත්තෙ පොල් කඩන්න එන මිනිහට සලකන විදිය ගැන නෙවෙයි, එහෙම කරොත්, කියන්න පුලුවන් සිංහල වීම නිසාම මුස්ලිම් කඩයක රස්සාවක් නොදෙන එක ගැන, ඇයි එහෙම අවස්තා නැද්ද? පැරා මතුගම මුස්ලිම්, දෙමල හෝ සින්හල අයගෙ ආයතනවල ඒ ඒ ජාතියෙ අය නේද බහුතරය?

      /*සිංහලයන්ට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ ආධිපත්‍යය ගිලිහී යාම පිළිබඳ ඇති බියයි*/
      සමහර විට මහින්දට හරි රනිල්ට හරි මෙහෙම ප්‍රශ්ණයක් ඇති, නමුත් අපි සාමන්‍ය අයට නැතිවෙනවට බයවෙන්න තරම් තියන ආධිපත්‍යය මොකක්ද?

      /*සිංහලයාට ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවක් වන්නේ සුළු ජාතීන්ට ද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට සිදු වූ විට ය*/

      නෑ, සිංහලයට ගටලුව වෙන්නෙ, චෙල්වනායගම්ලා 50-50 ඉල්ලන කොට, ප්‍රබාකරන්, රටෙන් 1\3 යි මුහුදෙන් 2\3 කුයි ඉල්ලන කොට, අෂ්+රොප්ලා 10% මන්ත්‍රීකම් තියාගෙන ගොඩම එහෙට ගන්න හදනකොට.

      /*සිංහලයා මේ රටේ බහුතර ජාතිය වුව ද, ඔහු ජීවත් වන්නේ සුළුතර මානසිකත්වයකිනි. මන්ද, හුදකලා ජාතියක් වන තමන් කලාපීය සංදර්භයකදී සුළුතර ජාතියක් වන බව ඔහු දන්නා හෙයිනි*/
      ඇත්තටම මෙහෙම හිතෙනවද හැමෝටම, අනේ අපි ආසියා පොඩි සෙට් එකක්නෙ, හපොයි කිය, අනෙ මන්ද.

      ප.ගෝ.




      Delete
    3. තමුන් ගැන නිවැරදිම තක්සේරුවකට එන්න මුනිසුන්ට හරි අමාරුයි. ඒ අතින් ඔබ විශේෂයි. "පසුගාමී ගොත්ත්‍රිකයා - ප.ගෝ " නම හරියටම හලපෙනවා.

      //තර්කයක් ගොඩනගල හරි උත්තරයක් හොයන්නනම්, ඉස්සෙල්ල ගොඩ නගන තර්ක හරි වෙන්න ඕඅනෙ//

      ඔබ මේ ලිපියේ වැරදියට ගොඩනගල තියෙන තර්කය මොකද්ද කියල කියල නැනේ, අනෙක තර්ක නිසි නීති අනුව ගොඩ නවන්න මේක තර්ක ශාස්ත්‍රය හෝ නිතිය ගැන ලිපියක් නෙමෙයිනේ.

      ඔබ විශේෂ කොට දක්වා ඇති කරුණු ( තර්ක නොව, කරුණු) සදහා ඔබේ පැහිදිලි කිරීම සහ මතය සිනාහ උපදවන සුළුයි. ( පරණ විහිළු නැවත නැවත දැකීම කොහෙත්ම ප්‍රියජනක දෙයක් නෙවෙයි) ලංකාවේ සමාජය ගැන අඩු දැනුම බාගදා ඔබ වෙනත් රටක ජිවත් වෙන නිසා හෝ ලිපිය බාගෙට කියවීම නිසා විය හැකියි.

      ඔබේ අන්තිම ප්‍රශ්නයට අදාලව,

      //ඇත්තටම මෙහෙම හිතෙනවද හැමෝටම, අනේ අපි ආසියා පොඩි සෙට් එකක්නෙ, හපොයි කිය, අනෙ මන්ද.//

      මේ ටික කියෙවුවද බලන්න,

      "ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් හැටපන් දහස්‌ හයසිය තිස්‌ දෙක වටා කවයක්‌ ඇඳි විට බහුතරය වන්නේ සිංහලයන්ය. ඒ කවය ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් බහුතරය දෙමළ වනු ඇත. එම කවයම ශ්‍රී ලංකාවත් මැදපෙරදිගත් තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් අති බහුතරය මුස්‌ලිම් වනු ඇත. බහුතරය දෙමළ වනු ඇත. අති සුළුතරය සිංහල වනු ඇත. මේ තත්ත්වය ජාත්‍යන්තර හබන් කුකුළන් විසින් භාවිතයට ගනු ඇත." - මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, කැලණිය විශ්වවිද්‍යාලය. (දිවයින 2014 - 06 - 29)

      Delete
  11. Maathalanta atha nothabanu!

    ReplyDelete
  12. ඇයි මෙතන කතන්දර පොන්නයගෙ දැනුම් සම්භාරය පෙන්නල නැත්තෙ මොකද? පැන්සොන් ගියාට පස්සෙ හොටයි පුකයි දෙකම බිම ඇනිලද?

    ReplyDelete
  13. අජිත්ගේ "මගේ ලාංකික කොඩිය" ගැන..

    මේ කොමෙන්ටුව මම කලිනුත් ලියා තිබෙනවා. මේ අඹගෙඩියක හැඩය ගත්ත දූපතේ කොඩිය බැලූබැල්මට මට නම් පෙනෙන්නේ සියලුම දෙනාටම ඒකීය භාවය පිලිගැනීමට බල කරන්නක් ලෙසයි. එක ශ්‍රී ලංකාවක් යන්න දැනට සිංහල බහුතරයකගේත් මුරලිදරන්-කදිරගාමර් වැනි දෙමල ජාතිකයන්ගේත් මිස පොදුවේ දෙමල ජාතිකයන් එකඟ වන (අඩුවශයෙන් එය බැරෑරුම්ව ගන්නා ) සංකල්පයක් ලෙස සිතන්නට බැහැ. උතුරේ දැනට ඉන්නේ ස්වයං නීර්න අයිතිය පතන ජනතාවක් බව අමතක නොකල යුතුයි.

    මගේ විශ්වාසය නම් ජාතික කොඩියේ විය යුත්තේ පොදුවේ සියලු දෙනාට එකඟ විය හැකි සංකේතයකුයි. මට එවැනි යෝජනාවක් නම් දැනට නැහැ.

    - Dimithri

    ReplyDelete
  14. වැල්ලේ රෙමින් මොරටුව කන ජයවඬන
    යූඇන්පියේ රෙදි හෝදන ජයවඬන
    විජෙවඬන ලඟ කඹුරන ජයවඬන
    ලැජ්ජයි ජයවඬන,ලැජ්ජයි ජයවඬන

    අජිත් කියන දේ ලියනා ජයවඬන
    ඇඟ තරමට බුද්ධිය නැති ජයවඬන
    මඩ ගසනට උපත ලැබූ ජයවඬන
    ලැජ්ජයි ජයවඬන,ලැජ්ජයි ජයවඬන

    සුලෝහිතේ ගිය මුත් අපෙ ජයවඬන
    පාසලටත් ලැජ්ජාවකි ජයවඬන
    ලිංගය නපුංසක වූ අප ජයවඬන
    ලැජ්ජයි ජයවඬන, ලැජ්ජයි ජයවඬන

    හිරිකොත පිලේ වැටිලා ඇති ජයවඬන
    රනිල්ට දික පුදී අල්ලන ජයවඬන
    තඩි බඩ කැතට ඇති රචින්ත ජයවඬන
    ලැජ්ජයි ජයවඬන,ලැජ්ජයි ජයවඬන

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා