පලස්තීනයේ නො නිමෙන ගින්න

ලෝකය පාපන්දු ලෝක කුසලානය දෙස ඇස යොමු කර සිටියදී පසුගිය ජුනි 12දා ඊශ්‍රායලයත්, පලස්තීනයත් අතර තවත් යුද්ධයක බිජුවට වැපිරිණි. මෙ වන විට ගාසා තීරය යුද පිටියක් වී හමාර ය. ගුවන් හා මිසයිල ප්‍රහාරවලින් සිදු වී තිබෙන මරණ හා දේපල හානි සංඛ්‍යාව සුවිසල් ය.

එයාල්, ගිලාඩ් හා නෆ්තාලි යනු ඊශ්‍රායල් ජාතික නව යොවුන් වියේ පාසල් සිසුන් තිදෙනෙකි. ජුනි 12දා රාත්‍රියේ ඔවුන් සිය පාසලේ සිට බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසයක පිහිටි සිය නිවෙස්වලට පැමිණෙමින් සිටිය හ. ඔවුහු ගමන් කරමින් සිටියේ අතරමග හමු වන වාහනවලින් යා හැකි දුර යමිනි.

එහෙත්, අතරමගදී ඔවුන්ගේ සම්බන්ධතාව ගිලිහී ගියේ ය. ඔවුහු අතුරුදහන් වූ හ. ඊශ්‍රායල් හමුදාව ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ හ.

ඒ මෙහෙයුම ඉතා ප්‍රචණ්ඩ එකක් විය. මුහුණු ආවරණය කර ගත් ඊශ්‍රායල් සොල්දාදුවෝ මහ රෑ පලස්තීන ජාතිකයන්ගේ නිවෙස්වලට කඩා පැන සියලු භාණ්ඩ අවුස්සා, පෙරළා දමා නිවසින් එළියට පැමිණියේ නිවැසි තරුණයන් අත් අඩංගුවට‍ අරගෙන ය.

සති තුනක් තිස්සේ පැවති මේ මෙහෙයුම්වලදී 700කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී. එයින් 400ක් පමණ පිරිසක් තවමත් අත් අඩංගුවේ ය. චෝදනා රහිතව සිරකරුවන් දිගින් දිගට ම අත් අඩංගුවේ තබා ගැනීම ඊශ්‍රායලයේ සාමාන්‍ය භාවිතාවකි.

මේ ඔස්සේ ඇවිළී ගිය ගැටුම්වලදී පලස්තීන සටන්කාමීන් විසින් මිසයිල් ප්‍රහාර එල්ල කරන ලද අතර ඊශ්‍රායල් හමුදා ගුවන් ප්‍රහාර මාලාවක් ම එල්ල කළේ ය. පලස්තීන ජාතිකයෝ ගණනාවක් මිය ගිය හ. පලස්තීන ජාතිකයෝ මෙන් ම ඊශ්‍රායල් ජාතිකයෝ ද රැසක් මෙම ප්‍රහාර හේතුවෙන් අනාථ වූ හ.  වීදි සටන් ද පැවතිණි.

ජුනි 30දා අතුරුදහන් වූ තරුණයන්ගේ මළ සිරුරු සොයා ගන්නා ලදී. ඒවා හීබ්‍රන්හි ගුහාවක් අසල බාගෙට වළලා තිබිණි. මේ වන විට හමුදා මෙහෙයුම් හේතුවෙන් පලස්තීන ජාතිකයෝ හයදෙනෙක් මිය‍ ගොස් සිටිය හ. ජුලි 01දා උදේ ඊශ්‍රායල් හමුදා විසින් උතුරු පලස්තීනයේ ජෙනින් අනාථ කඳවුරේදී 16 හැවිරිදි පිරිමි ළමයකු මරා දමන ලදී.

රජ්‍ය න‍ායකයෝ ද ඇතුළුව 50,000කට වැඩි පිරිසක් මරා දමන ලද ඊශ්‍රායල් තරුණයන් තිදෙනාගේ අවමංගල්‍ය මෙහෙයට සහභාගි වූ හ. "අපි ඔබ නැතිව ගී ගයන්නට ඉගෙන ගන්නම්," යි නෆ්තාලිගේ මව හැඬූ කඳුළින් කීවා ය.

එදා රෑ දක්ෂිණාංශික ඊශ්‍රායල් කල්ලි වීදි බැස "අරාබීන්ට මරණය!" යන සටන් පාඨය කියමින් වීදිවල යන පලස්තීන ජාතිකයන්ට පහර දුන් හ. පසුදින උදයේ 16 හැවිරිදි පලස්තීන ජාතික මුහම්මඩ් හුසේන් අබු කදීර්ගේ සිරුර ‍ජෙරුසලමේ කැළෑවක තිබී හමු විය. ඔහුගේ සි‍රුර ද අර ඊශ්‍රායල් ජාතික සිසුන් තිදෙනාගේ සිරුරු වළ දමා තිබුණු ආකාරයට ම බාගෙට වළ දමා කුණු වෙන්නට හැර තිබිණි.

 ඇමරිකාවේ ‍පුරවැසියකු වූ ෆ්ලොරිඩාහි වාසය කරන තරික් අබු කදීර් පසුගිය බ්‍රහස්පතින්දා ජෙරුසලම වෙත පැමිණෙමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් ඊශ්‍රායල් දේශසීමා පොලිසිය ඔහුට අමානුෂික ලෙස පහර දුන්නේ ය. පසුව නිදහස් කරන ලදමුත් ඔහු තවමත් සිටින්නේ නිවාස අඩස්සියේ ය.

මෙම සිද්ධි දාමය පිටුපස සමාජ මාධ්‍යවල දැවැන්ත ක්‍රියාකාරිත්වයක් දැකිය හැකි විය. මරා දමන ලද ඊශ්‍රායල් ජාතික පිරිමි ළමුන් තිදෙනා වෙනුවෙන් ලොව පුරා ජනයා විසින් ‍ලියන ලද ශෝකප්‍රකාශ ට්විටර් ඔස්සේ වයරස් ආකාරයෙන් පැතිරිණි. එහෙත්, මරා දමන ලද පලස්තීන ජාතිකයන් ගැන නම් ඒ තරම් උනන්දුවක් සමාජ මාධ්‍යවල දක්නට නො ලැබිණි. ඔවුන්ගේ නම් පවා ප්‍රසිද්ධ වූයේ නැත. මාධ්‍ය විසින් පලස්තීන ජාතිකයන්ගේ මරණ වාර්තා කරනු ලැබුවේ ඉලක්කම් ලෙසයි. ජුලි 04දා වන විට මෙම ගැටුම හේතුවෙන් පලස්තීන ජාතිකයෝ අටදෙනෙක් මිය ගොස් සිටිය හ. ඒ අතර, පළමු ගුවන් ප්‍රහාරයට ගොදුරු වූ සත් හැවිරිදි පලස්තීන දරුවකු ද සිටියේ ය.

පලස්තීනය තවමත් පැහැදිලිව නිදහස් රාජ්‍යයක් පවට පත් වී නැත. පලස්තීනය 2012දී එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන නීරීක්ෂක රටක් ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වීම එරට ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයකි. පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස්ට අනුව එය රටක් ලෙස පලස්තීනයට පිළිගැනීමක් ලැබීමේ අවසාන බලාපොරොත්තුවයි. ඒ සමග පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සැසිවාරවලට හා වෙනත් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම්වලට ස්වාධීනව සහභාගි වීමේ අවස්ථාව ලැබී ඇත.

පලස්තීන අර්බුදයේ ඉතිහාසය ගැන බූන්දි වෙබ් අඩවියට සටහන් කරන සංඛ කිරිිවැල මෙසේ ලියයි:
ගාසා තීරුවෙහි පාලනය හොබවන්නේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය විසිනි. මිලියන එක හමාරක පමණ ජනයා මෙහි වාසය කරති. තවත් මිලියන දෙක හමාරකට අධික ජනතාවයක් බටහිර ඉවුරේ වාසය කරති. පලස්තීනය යනු බටහිර ඉවුර හා ගාසා තීරුව යන කොටස් දෙකම එක් කොටගත් නිල නොවන රාජ්‍යයකි. පලස්තීනයේ එක් කොටසක් වන ගාසා තීරුවේ බලය හමාස් සංවිධානය විසින් හොබවන අතර බටහිර ඉවුරේ බලය හොබවන්නේ ෆාටා සංවිධානය විසිනි. ඊශ්‍රායලය මෙන්ම ඇමරිකාව හා බටහිර රටවල් සියල්ල පලස්තීන නායකත්වය ලෙස ‍පිළිගනු ලබන්නේ ෆාටා හි නායක හා පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස් පමණි. (හිටපු පලස්තීන ජනාධිපති යසර් අර්ෆත්ගේ අනුගාමිකයා) එහෙත් බටහිර ඉවුර හා ගාසා තීරුවේ බලය සමගි සන්ධාන රජයක් මගින් පාලනය කිරීමට උත්සාහ දැරුවද, පලස්තීනයේ ප්‍රධාන දේශපාලන සංවිධාන දෙක අතර හටගත් යුද්ධයෙන් ගාසා තීරුවේ බලය සම්පූර්‍ණයෙන් අත්පත්කර ගැනීමට හමාස් සංවිධානය සමත් විය.

වසර 2007දී හමාස් පාලනය ගාසා තීරුවෙහි ස්ථාපිත වූවායින් පසුව, ඊශ්‍රායලය විසින් එකී ප්‍රදේශයට දැඩි ලෙස සම්බාධක පනවන ලදී. ගොඩනැගිලි සදහා අත්‍යවශ්‍ය සිමෙන්ති පවා ගාසා තීරුවට රැගෙන යාමට අවසරයක් නොමැත. ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය නිල දේශපාලන සංවිධානයක් ලෙස පිළිගනු නොලබන අතර ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම්කර ඇත. අනෙක් අතට හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය යනුවෙන් ‍රටක් නොපවතින බවට විශ්වාස කරනු ලබයි. මේ නිසා මෙකී දෙපාර්ශවය විසින් එකිනෙකාගේ විනාශය අරමුණු කොටගෙන ඇත.

අන්තවාදී හමාස් සංවිධානය මේ වන විට පලස්තීන අර්බුදය විසඳීමෙහි ප්‍රධාන බාධකයක් වී තිබේ. ඒ පිළිබඳව සංඛ කිරිඳිවැල මෙසේ සටහන් කරයි:
අධිරාජ්‍යවාදයේ අතකොළුවක් හා එහි අනුගාමි‍කයෙක් ලෙස ප්‍රකට ඊශ්‍රායලය විසින්ම හමාස් සංවිධානය ගොඩනැගීමට සහ ඊට බලය අත්පත්කරගැනීම සදහා වැඩි දායකත්වයක් දක්වා ඇත. පලස්තීන විමුක්ති අරගලයේ පුරෝගාමී වූ යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති සංවිධානයට (PLO) එරෙහි විකල්ප සංවිධානයක් ලෙස 1980 දශකයේ මුල්භාගයේ සිට හමාස් සංවිධානයට සියලු පහසුකම් සපයන ලද්දේ ඊශ්‍රායලය විසිනි. කුප්‍රකට අල්ඛයිඩා හා තලේබාන් ආදර්ශ ඉදිරියට ගෙන යමින්, හමාස් අන්තවාදී සංවිධානය පලස්තීන අර්බුදය විසදාලිය නොහැකි මට්ටමට රැගෙන ගිය පිළිකාවක් බවට පත්කොට හමාරය.

හමාස් සංවිධානය යටතේ පලස්තීන ජනයාට කිසිදු ආකාරයට නිදහසක් බුක්ති විදිමට ඉඩකඩක් නැත. එක් පසෙකින් ඊශ්‍රායල් මිලිටරි යටපත් කිරීමත්, අනෙක් පසින් හමාස් සංවිධානයේ සමාජ, දේශපාලනික මෙන්ම සංස්කෘතික යටපත් කිරීමත් විසින් පලස්තීන ජනයා මිහිමත අපායක සිරගත කොට ඇත. ගාසා තීරුවේ ක්‍රියාත්මක සියළු වෘත්තීය සමිති, සමාජ සංවිධාන සදහා හමාස් සංවිධානය සීමා සටහන් කොට ඇත. ඉස්ලාම් අන්තවාදී විශ්වාස ර‍ටේ නීතිය බවට පත්ව ඇත. අනෙකුත් සියළුම සමාජ සංවිධාන, සංස්කෘතික එළැඹුම් යටපත් කොට ඇත.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මචං පැරා අපි මේ ගැන අඩියක් ගහලම කතා කරමුද?

    ReplyDelete
    Replies
    1. මචන් උඹේ ගොන් පාර්ට් ඇති වෙලා බන්. ඇල්කොහොල් වලට මොලේ සෙෙල මැරිලද ?

      Delete
    2. නිමි ඇඳුම් වෙළෙඳසැලේ
      ආරක්‍ෂක කුටියක්‌ තුළ ඇඳුම් මාරුකරමින් සිටි
      තරුණියගේ පින්තූර ගත් තරුණයා අධිකරණයට

      වැලිමඩ - අර්නි දඹදෙණිය

      පසුගිය 10 දින බදුල්ල බසාර් වීදියේ නිමි ඇඳුම් වෙළෙඳ හලක ආරක්‍ෂිත කාමරයක්‌ තුළ ඇඳුම් මාරු කරමින් සිටි තරුණියකගේ සේයාරූ එයට ඉහළින් සිට ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ මුස්‌ලිම් වෙළෙඳ සේවකයකු 24 දින බදුල්ල මහෙස්‌ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය ඉදිරියට පමුණුවන ලදුව ජාතීන් අතර ගැටුම් උත්සන්න කිරීමට තුඩුදෙන පහත් ක්‍රියා කිරීමෙන් වළකින ලෙසට අවවාද කරමින් රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙසට නියම කළාය.

      මෙම සැකකරු වූයේ ජෙයනූඩීන් මොහොමඩ් අස්‌රාමි නම් 20 හැවිරිදි තරුණයකු වන අතර බදුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ටිරොන් රත්නායක මහතා සැකකරුට ඇප ලබාදිමෙන් මහජන නොසන්සුන්තාවක්‌ මතුවිය හැකි බවට අධිකරණය දැනුවත් කළේය.

      එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීව ජයසිංහ මහතා හා නීතිඥ කාශ්‍යප පෙරේරා මහතා තරුණු දක්‌වමින් සැකකරුට එරෙහිව තිබෙන නඩු භාණ්‌ඩ මෙතෙක්‌ අධිකරණයට ඉදිරිපත් කර නැති බව පෙන්වා දුන්නේය.

      මේ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුට යළි මෙවැනි පහත්ක්‍රියාවල යෙදුන හොත් නඩු විභාගය අවසන් වන තුරුම ඇප අවලංගු කරන බව දන්වමින් මුදාහැර තිබිණි.

      Delete
    3. @ AnonymousJuly 11, 2014 at 8:49 AM >>>>>
      එතකොට අර තමුන්ගෙන් බෙහෙත් ගන්න ආපු තරුණියන් වැසිකිලියට යවා හොරෙන් ෆොටෝ ගත්තු දොස්තරට මොකද වුණේ?

      Delete
  2. ඇත්තෙන්ම පසුගීය දශක තුනක පමණ කාලයක්, හමුදා දැනුම සහ ජාත්‍යන්තර දේශපාලන දැනුම වර්ධනය කරගැනීම සඳහා, මා මෙම ගැටලුව තරමක් සවිස්තරාත්මකව අධ්‍යයනය කළා. මටත් හිතෙන්නේ කවදා හෝ තුන්වැනි ලෝක යුද්ධයකට පාර කැපෙන ආකාරයට, මේ තත්වය වඩාත් දරුණු වෙමින් පවතින බවයි. ඊශ්‍රායලය යුද්ධ ශක්තිය සහ ඇමරිකානු අනුකම්පාව/ආධාරය යටතේ හිටියත්, තනිවීමේ බියෙන් පෙලෙන නිසාත්, ඔවුන්ට ආධාර කරන කිසිදු රටක් අහල පහල නැති නිසාත් තමයි, මෙතරම් දරුනුවී තිබෙන්නේ. අනික් අතට, පලස්තීනය කියන්නේ, ඉතා අසංවිධානාත්මක, කාලීනව වෙනස්වන ප්‍රතිපත්ති සහිත, රාජ්‍යයක් කියා කිව නොහැකි මට්ටමේ සංවිධානයක්. ඔවුන් බලල් අත කරගත් අය, ඒ මිනිසුන් බිලිදී තම දුෂ්ඨ, නින්දිත අවශ්‍යතා සපුරාගන්නා බවකුයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේකෙන් නොවෙයි ලෝක යුද්ධයක් ඇතිවෙන්නෙ සුන්නි ශියා ගැටුමෙන්.සුන්නින් ශියා දේවස්තාන විනාශ කරන කොට දැඩි ඉරාන මැදිහත්වීමක් වෙන්න ඉඩ තිබෙනව

      Delete
  3. අපේ පැරා අයියගේ පැසුණු බුද්ධිය පරිනත දැනුම මේ සාරගර්භ ලිපිය පුරා තිබෙන ආකාරය බලන්න.......ඔයා වෙන වෙන අයගේ ලියුම් කෑලි මේකෙ දාන්න එපා අයියේ....මම ආස නෑ ඕවට........කිරිඳිවැල කියන එකා ඔයා වගේ ලස්සන නැති ගෝරිල්ලෙක් වගේ එකෙක් වෙන්න ඇති.......

    ReplyDelete
    Replies
    1. කුමුදු නංගිJuly 11, 2014 at 4:21 PM

      පැරා අයියේ, කුකුල් මස් වලින් රසවත් චිකන් කරියක් හදන හැටි ඊලග පෝස්ටුවෙන් දාන්න. ප්ලී...ස් මගෙ සුදු පැරා අයිය නෙ.

      Delete
  4. ස්වයං වින්දනය ගැන දුර්මත රාශියක් පවතිද්දී ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක කණ්ඩායමක් විසින් නව මතයක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඔවුන් පවසන්නේ ස්වයං වින්දනයේ යෙදීම ශරීර සෞඛ්‍යට බොහෝ හිතකර බවයි.

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි මෙම විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යාඥයෙකු (public health scientist) වන Anthony Santella හා මහාචාර්ය Chenoa Cooper පවසන්නේ මෙමඟින් දියවැඩියාව හා පිළිකා රෝග වලින්ද වැලකිය හැකි බවයි.

    ඇමරිකානු වාර්තාවකට අනුව එරට පුරුෂයින්ගෙන් 94්‍රක් හා ස්ත්‍රීන්ගෙන් 85්‍රක් ස්වයංවින්දනයේ යෙදෙයි theconversation වෙබ් අඩවියට ලිපියක් ලියමින් ඔවුන් පවසන්නේ කාන්තාවන් මෙම ක්‍රියාවේ යෙදීම නිසා ගැබ් ගෙල හා මුත්‍රා ආශ්‍රිත ආසාදන වලින් වැලකිය හැකි බවයි.

    එමෙන්ම මෙමඟින් ආතතිය අඩුවන බවත්ල නින්ද නොයාමේ රෝගයෙන් පෙලෙන්නන්ට එයට විසඳුමක් ලැබෙන බවත්ල රුධිර පීඩනය අඩුවන බවත්ල ආත්මාභිමානය වැඩිවන බවත් පවසනවා

    ReplyDelete
    Replies
    1. ආයු රක්ඛන්තු ආවඩා!!!!!!!!

      Delete
    2. මාස්ටර් BJuly 11, 2014 at 3:11 PM

      දවස ට කීවරක් ද ?

      Delete
  5. බංග්ලාදේශ් වල බෞද්ධයෝ මරද්දි බෞද්ධ වීම නිසාම , එය කිසිම මුසල්මානුවෙයක් හෝ මුස්ලිම් / අරාබි රටක් හෙලා දැක තිබේද? නිකන් ලකුණු එකතු කරගන්න විතරක් ලියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ලකුණු එකතු කර ගන්න නෙවෙයි ඕයි සල්ලි එකතු කර ගන්න. නැතුව ත්මුසේද මගේ පවුලට කන්න අඳින්න දෙන්නේ ?
      පැරා

      Delete
    2. @Anonymous July 11, 2014 at 9:22 AM >>>
      බංග්ලාදේශයේ බෞද්ධයන්ව මරන කොට උඹ බලා ගෙන හිටියද?

      Delete
    3. ඔව් ඇයි අහන්නේ?

      Delete
    4. එහෙනම් ඉතින් උඹ බේරගන්න එපැයි මෙතන අඩන්නෙ නැතුව

      Delete
  6. පැරා, ඔයාගේ බ්ලොග් එකට දාන කොමෙන්ටු මොඩරේට් නොකළොත් ඔයාගේ බ්ලොග් එක නිකං අර ලංකාසීනිව්ස් වගේ කඩමාල්ලක් වෙයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් විතරක් නෙමෙයි,මේකේ තියෙන ලිපිත් තනිකර පල් හෑලි තමයි. මේ ජරා ලිපි එක්ක බලද්දී සීනිවුස් තව හොදයි..

      Delete
    2. @Anonymous July 11, 2014 at 10:12 AM >>>>>
      තමුන්නැහෙත් මොළය උඩ වාඩි වෙන හෙළයෙක්ද?

      Delete
    3. பைத்தியம் அரசியல்July 11, 2014 at 3:52 PM

      වනක්කම් අයියා!

      “AnonymousJuly 11, 2014 at 10:07 AM
      පැරා, ඔයාගේ බ්ලොග් එකට දාන කොමෙන්ටු මොඩරේට් නොකළොත් ඔයාගේ බ්ලොග් එක නිකං අර ලංකාසීනිව්ස් වගේ කඩමාල්ලක් වෙයි.“

      මහත්මයා , කොමෙන්ටු මොඩරේට් කරන්න කලින් ඔබතුමා සමාජවාදි මහදැනමුුත්තා අප් ග්‍රේඞ් කරන්න.

      මහත්මයා, ලංකාසීනිව්ස් ෆෝමැට් එක වෙනස්.

      නන්රි.

      Delete

    4. තමන්ගෙ බොගට තමාම ඇනෝ ගැහිම වරදක් විදියට නීතියේ් කොතැනකවත් නැ.

      Delete
    5. තමන්ට හිතෙන හිතෙන දේවල් කෙටීම වරදක් බවද නීතියේ නොමැත

      Delete
    6. @ பைத்தியம் அரசியல்July 11, 2014 at 3:52 PM

      பெரா தனது வலைப்பதிவில் கருத்துக்கள் மிதமான உரிமை உண்டு.

      Delete
  7. මෙතන දෙපැත්තක් තියනව.ඊශ්‍රායල්කාරයො ම්ලේච්ඡ ක්‍රියා කරන බව ඇත්ත.ඒත් ඒ අය ඉන්න භූමියෙ අවුරුදු දහස් ගනනක උරුමයක් තියනව නේද? බයිබලේ පරන ගිවිසුමේ වගේම ඊශ්‍රායල් වරුන්ගෙ උරුමය ගැන මූලාශ්‍ර තියනව නේද.ඊශ්‍රායල් රාජ්‍ය අනිවාර්ය සාධකයක්.ඒක පිළි අරන් කෑලි දෙකකට තියන ඊශ්‍රායල් රාජ්‍ය එකක් කරල පොඩ්ඩක් දෙගොල්ල ඈත් වෙන විදියට බෝඩර් හැදුවනම් ඉවරයි.මේ සිතියම තියන විදියට මරාගන්න ලේසියි

    ReplyDelete
    Replies
    1. Spot on......!
      Hail Israel......!

      Delete
    2. @Reader,

      පුක තමයි

      Delete
  8. @ මයියා -----
    උඹ මෙක ලිව්වේ උඹේ මොළය උඩ වාඩි වෙලාද? ...... පව්, මොළේ තැළුණද දන්නේ නෑ...????

    ReplyDelete
  9. එතකොට ලංකා ආණ්ඩුව 1970 දී කොළඹ තිබුණු ඊශ්‍රායල් තානාපති කාර්යාලය වහලා ඊශ්‍රායල් තානාපතිටයි සේවක මණ්ඩලයටයි රටින් පිටවෙන්න කිව්වේ මොකද?

    ReplyDelete
  10. @AnonymousJuly 11, 2014 at 1:59 PM
    මයියා ගේ කෙසේ වෙතත් උඹේ නම් මොලේ තැලිලා හැඩයි. බොරුවට තප්පුලන්නේ නැතුව කරුණු ඇතුව මයියා වැරදි දෙයක් ලියල තියනවනම් ඔප්පු කරපන්.

    ReplyDelete
  11. බුද්දාගන් කාරයෝ කියලා කියා ගන්න එවුන්ගේ ජයග්‍රහණයක් තමයි කකා බ්ලොග් ලිවීම නතර කිරීම.

    ReplyDelete
  12. 'අධිරාජ්‍යවාදයේ අතකොළුවක් හා එහි අනුගාමි‍කයෙක් ලෙස ප්‍රකට ඊශ්‍රායලය' මෙම ප්‍රකාශය සම්පූර්නයෙන්ම වැරදිය.අධිරාජ්‍යවාදයේ යන්නෙන් අදහස් කරනුයේ ඇමරිකාව විය හැක.
    ඊශ්‍රායෙලය ඇමරිකාව හා විශේෂ සම්බන්ධකම් පවත්වනවා විය හැක.සියළුම ආකාර ආධාර එරටින් ලැබෙනවා විය හැක.
    එහෙත් ඊශ්‍රායෙලය කොන්ද කෙලින් තියා ගෙන වැඩ කරන රටකි.!ඇමරිකාව හෝ වෙනත් කවර රටක් හෝ කරන කියන පරිදි නැටීමට ඊශ්‍රායෙලය සූදානම් නැත.හමාස්කාරයින් ඊශ්‍රායෙලයට පහර දුන්විට ඊශ්‍රායෙලය , ඇමරිකාව හෝ වෙනත් කවර රටක් හෝ කියන දෙය ඇසුවේ නැත.හමාස් කාරයාට කුඩු වෙන තුරුම පහර දුනි.!!
    Ananda

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා