රජපක්ෂ ක්‍රමය වෙනස් කරන සටන ඇරඹේ

Image Credit: Twitter/ Azzam Ameen
රාජපක්ෂ ක්‍රමය මේ රටේ ඇති ගැටලුවලින් ප්‍රධාන ගැටලුවකි. ඒ ගැටලුවට විසඳුම් සෙවූ පමණින් සියලු ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත. එහෙත් රාජපක්ෂ ක්‍රමයට අභියෝග කිරීම අතිශය දේශපාලනික ය. 

රාජපක්ෂ ක්‍රමය යනු කුමක් ද?

රාජපක්ෂ ක්‍රමය නිර්මානය වන ප්‍රධාන කුළුණු හතරක් තිබේ. 

එකක්, ගෝඨාභ‍යගේ මිලිටරි ආඥාදායකත්වය හා කොලොම්පුර පොදු අවකාශ නිර්මානයයි. එහි මූලික ලක්ෂණය ප්‍රජාතන්ත්‍ර විරෝධයයි.

දෙවැන්න, බැසිල්ගේ සංවර්ධන චින්තනයයි. එය එක අන්තයකින් කැසිනෝකාරයන් පසුපස යාම හා අනෙක් අන්තයෙන් දිවිනැගුම නම් නාස්තිකාරදිළිඳුකම දුරලීමේ වැඩසටහන විසින් නිරූපණය වන රටේ ආර්ථිකය මත සිටුවන ලද පිළලයකි. චීන ආයෝජන මෙහි ප්‍රාණ නාලියයි. දූෂණය එහි ආත්මයයි.

තෙවැන්න, නාමල් බේබිගේ රාත්‍රී මෝටර් රේස්වලින් නියෝජනය වන සෙල්ලක්කාර නාස්තිකාරවාදයයි. 

සිව්වැන්න, මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරනු ලබන අයහපාලනයයි. ඒ කියන්නේ නීතියේ ආධිපත්‍යය බල්ලාට දමන, ඥාති මිත්‍ර සංග්‍රහය උත්කර්ෂයට නගන, ප්‍රජාතන්ත්‍රවාදයට ඔච්චම් කරන, දූෂණය රජ කරවන පාලන ක්‍රමවේදයයි. 

රාජපක්ෂ ක්‍රමය වෙනස් කළ යුතු යයි අප කියන්නේ ලංකාවට එය තව දුරටත් දරා ගන්නට බැරි නිසා ය. 

රාජපක්ෂ ක්‍රමය යනු කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම දූෂණයයි. අපි ද පවතින්නේ එහි දූෂණයේ මහිමයෙනි. විශේෂත්වය එයයි. කාටත් දූෂිතයකු වීමේ අවස්ථාව එයින් සැලසේ. නිදසුනක් ලෙස රජයේ සේවකයාට අයිස් ගහන්නට නිදහස ඇත. ගොවියාට පොහොර ටිකක් නාස්ති කරන්නට අවස්ථාව ඇත. 

එහෙත් ගැටලුව වන්නේ මේ රටේ දිළින්දන්ගේත්, මධ්‍යම පංතිකයන්ගේත් ජීවිත කාලකන්නි වීම දවසින් දවස වැඩි වනවා මිස දරුවන්ට හෝ යහපත් අනාගතයක සේයාවක් දකින්නට නො ලැබීමයි. 

අපේ ජීවිත කාලකන්නිකම අමතක කරන්නට ඔවුහු අපට කුඩු, ගංජා, කසිප්පු, මෙගා හා ජාතික අභිමානය දී ඇත. 

රාජපක්ෂ ක්‍රමය තුළ දේශපාලනය යනු ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමයි. "වැඩක් නෑ, මොනවා කළත් මුන්ව පන්නන්න බැහැ. අපටත් තිබෙන්නේ ‍වල කටෙන් ම ‍‍ගොඩ එන ක්‍රමයක් හොයන එකයි," කියා පුටුවට ම කතිරය ගහන්නට ජනතාව පොළඹවනු ලැබේ. 

මේ සමග ඇති ඡායාරූපය වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි. මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයන් එක එක්කෙනා ගත්තොත් ඔවුන්ගේ වටිනාකම්වලට වඩා වැඩි යමක් ඔවුන් එකට වාඩි වී සිටින විට ඇති වේ. කොටින් ම කියනවා නම්, ජනතාවට බලාපොරොත්තුවේ හුස්මක් ගන්නට හිතෙන ආමන්ත්‍රණයක් මෙම ඡායාරූපයේ තිබේ. 

රාජපක්ෂ ක්‍රමය වෙනස් කිරීමට ඉදිරියට යාම සඳහා අපි ඔබට සුබ පතමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ""මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයන් එක එක්කෙනා ගත්තොත් ඔවුන්ගේ වටිනාකම්වලට වඩා වැඩි යමක් ඔවුන් එකට වාඩි වී සිටින විට ඇති වේ. ""

    මොවුන් වෙන වෙනම ගතහොත් , එක් අයෙක් වත් ජනාධිපති කමට සුදුසු නැත.

    ජනාධිපති කම ලංකාවට සුදුසු නැත.

    අපට අද අවශ්‍ය අඩුම තරමින් නායකයන් තුන් දෙනෙක් වගකීම් බෙදාගෙන, රට පාලනය කරන, ක්‍රමයකි.

    ඔවුන්, ඍජුවම ප්‍රශ්න කිරීමේ අයිතිය, ජනතාවට තිබිය යුතුය..

    විදේශ අධීක්ෂණයක් තිබේනම්, එයද යහපත් වනු ඇත.

    මෙයට අමතරව, මුළු රටේම, ජනතාවගේ ආකල්පමය, වෙනසක් ඇති විය යුතුය..


    චන්ද්‍රිකා ඔච්චර හොරකම් කලත් දඬුවම් නොදීමද ප්‍රශ්නයකි..
    (වික්ටර් අයිවන් ගේ චෞර රැජින කියවන්න...)

    ReplyDelete
    Replies
    1. ලිබරල්+වාදීයාJuly 25, 2014 at 4:51 PM

      රට රකින රනිිල් !

      Delete
  2. Victor Ivan ta penenne Chandrika wa witharda

    ReplyDelete
  3. මේ කාලකන්නි ගොබිලෝ සෙට් එකත් එක්ක ????
    හිකිස් ! කොරයි මේං කියල !!!

    ReplyDelete
    Replies
    1. රට කාලකන්නි කරපු, මහින්දයටයි,අනිත් සෙට් එක්ටයි, ජබර කලන්තෙ හැදිල ඇති.ජය වේවා ඔහොම ඉදිරියටම යන්න!!

      Delete
    2. ඔව් බං මහින්ද කන්නෙත් නෑලු. අන්න රට පනින්න ප්ලේන් එකකුත් තියං ඉන්නවලු.

      අනේ හුකේ. හීනෙ ඉවර උනාම සරම පොඩ්ඩක් බලපං. සරමේම ගිහින් ගිහිං ඇති.

      Delete
    3. රට ! මොන රටක්ද කුනු කානුවක් ඇතුලෙන් එලියට එයි.අපි එතකන් බලාගෙන ඉන්නවා.

      Delete
  4. මේ ෆෝටෝ එක දැක්කම මට මතක් උනේ, අපේ මාමන්ඩිටයි, නැන්දම්මටයි පින් පිණිස වැඩිහිටි නිවාසෙකට දානයක් දීපු දවස. මිනිස්සුන්ට මොරාල් එකක් එන්න අඩු ගානේ දාන්න ඕන අර චන්ද්‍රිකා විජේගේ මරණේ දවසෙ නිදහස් චතුරශ්‍රය ගාව අත් දෙක උස්සගෙන ඉන්නවා වගේ ෆොටෝ එකක් වත්. මේක දැක්කම් මට හිතුනේ කාගේ හරි මළ ගෙදරක ගිහින්ද කියලා සෙට් එකම.

    පැරා වෙනස් කරන්න ඕන රජපක්ෂ ක්‍රමය නෙමෙයි. මේ පාදඩ ක්‍රමය. මේ ක්‍රමේ ඇහුලේ සෝභිත අවත් කරන්නේ ඕඅකමයි. ඕන නම් අපි ඒ ගැන කතා කරමු. මේ ඇවිල්ලා ආඬී හත් දෙනාගේ කැඳ හැලි.

    මම කැමතියි රනිල් පොදු අපේක්ෂකයා වෙනවනම්. ඒත් ඒක කවදාවත් වෙන්නේ නෑ. උනොත් නම් ජයග්‍රගණයක් ගැන පොඩි අපේක්ෂාවක් හරි තියා ගන්න පුළුවන්.

    පැරාගේ ෆෝටෝ සිලෙක්ෂන් නම් අන්තිමයි.. මම ඕය පෝස්ට් එක ලිව්වා නම් දාන්නේ. ප්ලේබෝයි මැගසින් එකේ කෙල්ලෝ සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. අනේ පල ඩෝ යන්න, උඹේ බොගේ දාපන් කාගෙ හරි හෙලුවෙන් ඉන්න පින්තූරයක්, ඊට පස්සෙ පට්ට ෆොටෝ එක කිකිය අර පොඩි උන් ටිකත් එක්ක ඒක බල බල අතේ ගහපන්, අනේ උඹ දන්න දේශපාලනෙ, කව්ද දිනන්නෙ කියල වාචාල කමට කියවන එකද යකෝ දේශපාලනේ කියන්නෙ.

      Delete
    2. නෑ උඹලා වගේ ගොන් ආතල් අරන්, ඊට පස්සෙ නාහෙන් අඬන එක.

      උඹ කොච්චර විතර ළොකු එකෙක්ද මචං. මොකක්ද උඹේ ළොකු. මොළේද එහෙම නැත්නම් ඔළුවද? යට ඔළුව නම් වෙන්න බෑ. එහෙම නම් මේ වගේ වැඩ කරන්න බෑ නේ. මම ඇහුවේ උඩ ඔළුව.

      Delete
    3. /නෑ උඹලා වගේ ගොන් ආතල් අරන්, ඊට පස්සෙ නාහෙන් අඬන එක. /

      ++++

      Delete
    4. මාතලන් මහත්තයගේ විචක්ෂණ දේශපාලන දැනුමින් අපිට කියනවද මේ පාදඩ ක්‍රමය කොහොමද වෙනස් කරන්න ඕන . මොනවද කරන්න ඕන කියල.කරුණාකරල කුණුහරුපයකින් නම් උත්තර දෙන්න එපා.

      Delete
    5. මාතලන් කරන එකම දේ කකුලෙන් අදින එකයි.ඒකටම සෙට් වුන කොමෙන්ටුවො ටිකකුත් ඉන්නව.

      Delete
    6. මම ලියලා තියෙනවා හොයාගෙන කියවන්න. ඔයාලා වගේ බුද්ධිමත් අයට ඒවා මිස් වෙන්න ඇති. කොහොම හරි මම කියපු දේට තමයිදැන් ඔක්කෝම සෙට් වෙන්න යන්නේ.

      Delete
  5. ඉඟුරු දීල මිරිස් ගන්නවා වාගෙයි.
    කාලේ වෙනස් උනාට සිංහලය තාමත් මෝඩයා

    ReplyDelete
  6. මෙන්න රජතුමා උත්තර දෙන්න පාවිච්චි කරන දේවල්.

    1. රනිල් - බටලන්ද, සාම ගිවිසුම, මුතාලිෆ්,
    2 චන්ද්‍රිකා - ලියන්න කම්මැලියි.
    3 සම්බන්ධන් - කොටි
    4 ෆොන්සේකා - සුදු කොඩි
    5 ශිරානි - ට්‍රිලියම්, NSB
    6 රවී - සතොස
    7 ජවිපෙ - 89

    අනිත් එක පින්තුරේ නැති උනත් ඔය රැස්වීමේ මුලසුනේ ඉන්න සෝභිත හාමුදුරුවොත් ඇතුලත්ව මේ ඔක්කොම ගිය පාර ෆොන්සේකාගේ කඳවුරේ තමයි හිටියේ. රජා එලවන්න ඕන තමයි. ඒත් ඔටුන්න දෙන්නේ කාටද? රජා පරදියි වගේ හිතුනොත් බලන්න පුළුවන් මේගොල්ලෝ ඔටුන්නට දඟලන විදිය. ඔටුන්න ආයෙත් චන්ද්‍රිකාට දෙන්න කැමති කවුද? රනිල්ට දෙන්න කැමති අය හිටියට නායක කමෙන් යන්නේ නැති එකා සිංහාසනෙන් බස්සන පුළුවන් කියල හිතනවද?

    ReplyDelete
    Replies
    1. හොඳ තර්කය​, ඒත් යමක් කල යුතුමයි නේද? අපට වෙනසක් ඕනේනම් ඕක කරවගන්න ඔය ඉන්න කිහිප දෙනාට පිටින් හෝ එක්කෙනෙක් මත විශ්වාසයක් තැබිය යුතුමයි. තවත් කරු, සජිත් වැනි විකල්ප ගත හැකියි, ඒ හැම විකල්පයක්ම බොහෝ විට ඒ.ජා.පය මත පදනම් වූ එකක් මයි විය යුත්තේය​. දැන් අරක්ගෙන ඉන්නේ යකෙක්ම​ බව තහවරු නිසා සුළුපහේ අවදානමකට මුහුන දෙන්නත් අපට සිද්දවෙනව​. දැනටමත් කබලේ ඉන්නා අපි වැටුනොත් ලිප තුලටම මිස වෙන කොහාටද​? 2002 දී රනිල්ගෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් දක්නට ලැබුනා.

      Delete
    2. බොහෝ දුරට එකඟයි.

      /2002 දී රනිල්ගෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් දක්නට ලැබුනා./

      ඒත් රනිල් පැරදෙන්න එක හේතුවක් වුනෙත් ඒකම නේද? (යුද්ධය/සාමය/කොටි අනාගැනීම හැරුණු කොට)

      Delete
    3. // හොඳ තර්කය​, ඒත් යමක් කල යුතුමයි නේද? //

      මුලින්ම කල යුත්තේ ආඬි හත් දෙනා කැඳ ඉවූ විදියට සමස්ත දේශපාලන ක්‍රමයක් වෙනස් කළ නොහැකි බව තේරුම් ගැනීමයි. (චන්ද්‍රිකා වගේ කම්බ හෙරක් ඉස්සරහින් තියාගෙන) රාජපක්ස ආණ්ඩුව ගෙදර යා යුතුයි කියාත් විධායක ජනාදිපති ක්‍රමය පට්ට චාටර් කියාත් එකඟ වුනාට වඩා දෙයක් ඔය රැස්වීමෙදි උනා ලු ද?

      දන්නෙ නැති නිසා අහන්නෙ.

      නස්රුදින් දවසක් ලයිට් කනුවක් යට පන දාගෙන මොකක් හරි හොයනව යාලුවෙක් දැක්කා. මොකද ඇහුවම කිව්වා "මගෙ යතුර මෙතන නැති වුනා" කියල. ඉතින් මිනිහත් පව් නේ කියල එකතු වෙලා, දෙන්නම පැය ගානක් හෙව්වා. හොඳටම හති වැටුනු තැන යාලුව අහනව "ඔයාට හොඳටම ෂුවර් ද මෙතනයි යතුර වැටුනෙ කියලා?"

      නස්රුදින් කිව්වා "පිස්සුද මෙතන නෙවෙයි අර කළුවරේ වැටුනෙ" කියලා.

      යාළුවට මල පැනලා ඇහුව "එහෙනම් &£තො මෙතන හොයන්නෙ %කටද එතන නෙ හොයන්න ඕන" කියලා.

      නස්රුදින් කිව්වා "තමුසෙට පිස්සුද කලුවරේ හොයන්න අමාරුයි නෙ ඕයි ඒකයි මේ ලේසි තැන හොයන්නෙ" කියලා.

      Delete
    4. ළඟ ළඟ ගේමක් හෝ දිය හැක්කේ රනිල්ට පමණි. එහෙත් ඔහු මෙවරත් බොහෝ දුර පරදිණු ඇත. ඌව ඡන්දයේ ප්‍රතිඵලය සියල්ලන්ටම විශාල පාඩමක් කියා දෙණු ඇත.

      Delete
    5. මගෙත් රනිල්ට ලොකු කැමැත්තක් නෑ ඒත් මෙතන ඉන්න සෙට් එකෙන් නම් ඔය කියන යහ පාලනේ ටිකක් හරි ප්‍රැක්ටිස් කරපු එකා රනිල්. අනික මූල්‍ය විනය අතින් පොර සෑහෙන හොඳ තැනක හිටියා ඇමතිල දෙතුන් දෙනෙක් ගෙ ගොන් පාට් ඇර. පොර පාටි එක ගෙනියන විදිය වෙනම කතාවක්.

      Delete
    6. මචෝ එකම විකල්පය රනිල්ය කියලා මම කියන්නේ සෑහෙන කල් ඉඳන්. දැන් දැන් ඒ මතය පොදු මතයක් වේගන වගේ එන්නේ. ඒත් සෝභිත ගෙනාවොත් නම්. ඒකට රනිල් සහයෝගය දෙනවා නම්. රනිල් කියන්නෙත් නොම්මර එකේ මෝඩයෙක් කියන එක විතරයි කියන්න තියෙන්නේ. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදය යම් තරමකට හෝ බේරා ගැනීමට මම නම් මහින්ද මහත්තය රෙදි නැතුව කඩේ යනවා. සෝභිතත් කාළෙකට කලින් නානසාර කෙනෙක් තමයි නොම්මර එකේ.

      Delete
    7. අනේ අනේ මාතලන් අන්තිමට ඔහේගේ හැම දේශපාලන විවරණයක්ම ඉවර වෙන්නේ රජාට රෙදි නැතුව කඩේ යාමෙන්. ඔහෙත් පට්ට විශ්ලේෂකයෙක් නොවැ .

      Delete
    8. ඒත් රනිල් පැරදෙන්න එක හේතුවක් වුනෙත් ඒකම නේද? (යුද්ධය/සාමය/කොටි අනාගැනීම හැරුණු කොට)

      එකඟයි !

      එම වකවානුවේ රනිල්ට ඔහුගේ පිළිවෙතට අනූව රට ගෙනයන්න චඳ්‍රිකා අවස්තාව ලබා දී තිබුනානම් මහත්මා දේශපාලනයක හරය විඳගන්න අවස්තාවක් ලැබී තිබෙන්නට අපට බොහෝ දුරට ඉඩකඩ​ තිබුනා.

      Delete
  7. රාජිත සේනාරත්නට අනතුරක ඉව වැටිලා තියනවා. මිනිහා කියලා තියනවා තරුණ පිරිස් යලිත් නැගිටින්න පුළුවන් බවත්, ඒ පිරිස් අතර නවීන තාක්ෂණයෙන් වේගයෙන් අදහස් හුවමාරුවක් සහ සංවිධානය වීමක් පෙනෙන්න තිබෙන බවත්, සන්නද්ධ සටනකට පවා ඔවුන් අරඅඳින්නට ඉඩ ඇති බවත්. මට පෙනෙන්නේ මිනිහා ඊයේ පෙරේදා ඉඳලා කාටහරි කියලා අන්තර්ජාලයේ තියන ලංකාවේ දේශපාලන තොරතුරු අහගන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. රාජිත සේනාරත්න දැන්ද කොහෙද ඇහැරිලා තියෙන්නේ..

      Delete
  8. තවමත් අන්තර්ජාලය බලන්නේ (වැල බැලීමට හැර) රටේ චන්ද දායකයන්ගේ බොහොම සුළු පිරිසයි. දේශපාලකයෝ අමතන්නේ චන්ද තියෙන තැනට මිසක් වෙන තැන් වලට නෙවි. අන්තර්ජාලය ඔස්සේ ආණ්ඩු පෙරලන්න ලංකාවේ තාම බෑ. අනාගතේ සමහරවිට පුළුවන් වෙයි. එතකොට දේශපාලකයෝ එතනට කතා ක‍රන්න ගනියි.

    ලංකාවේ චන්දෙ දෙන බහුතරයකට ඕන තමන් කරන මරි වැඩ වලින් තමන්ව බේරගන්න එකෙක්ව. අල්ලපු ගෙදර මිනිහ එක්ක රණ්ඩුවෙලා පොලිසියට ගියාම බෙර ගන්නවා නම්, අනුන්ගේ සල්ලි වලින් පාරට තාර දානවනම්, ඉඳල හිටලා ඔය මොනවා හරි බඩු මුට්ටු ටිකක් බෙදනවානම් ඒ ඇති. ඒවාට වියදම් කරන්නේ රටේ සල්ලි කියන එකවත් බෙදනවා වගේ කීප ගුනයක් සාක්කුවට දාගන්නවා කියන එකවත් මුන්ට අදාළ නෑ.

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත මිස නිවැරදි දෙය නෙවෙයි. මහින්ද තරම් මේක හරියට අඳුර ගත්තු එකෙක් ලොවෙත් නෑ. ඊනිව්ස් එක ගඩාෆි වගේ ලොක්ක එලවන්න හීන දැක්කට චන්දෙන් පස්සේ ලොක්කම දිනන හේතුව ඕකයි. නැතුව හොර චන්ද ජිල් මාට් නෙවි. හොර චන්ද දන්නේ නෑ කියල මම කියන්නේ නෑ. නමුත් ලොක්ක දිනන්නේ අපේ ගොං හැත්ත ගිහින් කතිරෙ ගහන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔයා කියල තියෙන දේ ඇත්තක් තියෙනව.ලංකාවෙ මිනිස්සු හැම වෙලේම බලන්නෙ මොන මගඩියක් කරල හරි ගොඩ යන්න.ඒත් එකෙක් එහෙම ගොඩ යද්දි සීයක් විතර පහලට වැටෙනව.මොකද රට ඇතුලෙ ආදායම දව්ස ගානෙ පහලට වැටෙනව.එතකොට මිනිස්සුන්ට හිතන්න වෙනව වෙනසක් දකින්න.

      Delete
  9. සීෂේල්ස් මූලෝපාය: දූෂනයක හිම කන්ද

    සුනන්ද දේශප්රිය

    කුඩා දූපත් මාලාවකින් සමන්විත අප්රිකාව ආසන්නයේ පිහිටි සීෂෙල්ස් රටේ ජනගහණය 90,000කි. රට කුඩා නමුත් එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයක් තිබේ. එමෙන්ම ශ්රී ලංකා මහජන බැංකුවට එරට විදේශ ශාඛාවක් තිබේ. එහි ශ්රී ලාංකික සේවකයින් නැත. එඑහි අගනුවර වන වික්ටෝරියාව කරා බිලියන ගනනින් පාඩු ලබන මිහින් ලංකා ගුවන් සේවය ගමනක ද යෙදෙයි. එරට ශ්රී ලංකාවේ ආයෝජනයක් නැති අතර එරටට ද ශ්රී ලංකාවෙහි ආයෝජනය කිරීමට ශක්තියක් නැත. එනමුත් ජනාධිපති රාජපක්ෂ ම මේ වන විට දෙවරක් සීෂෙල්ස් කරා සංචාරය කර තිබේ.

    පුදුමයි! එත් ඇත්ත. ඒ නිසාම ඇයි කියා අප ඇසිය යුතු නොවේ ද?

    මෙම ප්රශ්නයට විස්තරාත්මක පිළිතුරක් සපයන එජාප පාර්ලිමේන්තු මංත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ ඒ අන් හේතුවක් නිසා නොව මේ සියල්ල සිදු වන්නේ සීෂේලස් වනාහී කලු සල්ලි සුදු කිරීමේ ජාවාරම්කාර මධ්යස්ථානයක් නිසා බවයි. මුල්ය ක්ෂේත්රයෙහි මේ සමස්ත ක්රියාවළයට කියන්නේ ශීෂෙල්ස් මූලෝපාය කියා ය. එරට බැංකුවක එක්සත් ජනපද ඩොලර් මිලියනයක් තැන්පත් කරන ඕනෑම අයෙකුට ඉන් පසු කිසිම නීතිමය ප්රශ්නයකින් තොරව ඇති පදම් කළු සල්ලි එරට දී සෝදා පිරිසිදු කර වෙනත් තැන්හි වුව ආයෝජනය කළ හැකි ය. ලෝක මුල්ය ආයතන ශීෂෙලස් වර්ග කර ඇත්තේ මූල්ය විනිවිදභාවයක් නැති අන්තර් ජාතික වශයෙන් මූල්ය වගවීමක් නැති රටක් ලෙස ය.

    පෙරළා නොදැමුණි නම් ජනාධිපති රාජපක්ෂගේ අන්තර් ජාතික මිතුරන් විය හැකිව තිබූ යුක්රේනයේ අඥාදායක යනුකොවිච් සහ ටියුනීසියාවේ ඒකාධිපති බෙන් අලි සහ ඔහුගේ පුත්රයා ශීෂේලස්හි කලු සල්ලි ආයෝජනය කර තිබුණි.

    එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ ලඟින්නේ යැයි කියමනක් තිබේ.

    ශීෂෙල්ස්හි ආයෝජනය කිරීමට දැවැන්ත ධන සම්භාර සපයා ගත හැක්කේ කෙසේ ද
    ? විවිධාකාර සළු පිළිවලින් වසන ලද මහා පරිමාණ දූෂන හරහා පමණය. කෝටි-ප්රකෝටි ගණනනින් කැරෙන කුඩු ජාවාරම් පිටුපස ආන්ඩුවේ දේශපාලනඥයින් සිටින බව කියන්නේ අප නොව රාජපක්ෂ ආන්ඩුවේම මැති ඇමැතිවරුන් ය. මෑත දී අල්ලා ගන්නා ලද එක් කුඩු තොගයක වටිනාකම රුපියල් ලක්ෂ 7000 ක් බව වාර්තා විය. කුඩු මෙන්ම කැසිනෝ ජාවාරම් ද කොටස් වෙළද පොළෙහි කැරෙන දැවැන්ත දූෂණ මෙන්ම දැවැන්ත යටිතල ජාවාරමේ කොමිස් ද එවැනි මහා පරිමාණ ධනෝපායන මාර්ග බවට අද පත්ව තිබේ.

    ඉහත කී කරුණ විසින් ශීෂෙල්ස් මූලෝපායට අදාළ තවත් පැතිමානයකට අප ගෙන යයි. එනම් ශ්රී ලංකාවේ අප අත්දකිමින් සිටින පරිදි ප්රජාතන්ත්රවාදී ලෙස බලයට පත් වන දේශපාලනඥයින් පසුව ප්රජාතන්ත්රවාදී සළුපිළි උනා දමා පවුල්වාදී අධිකාරවාදයක් ස්ථාපිත කර ගන්නේ ඇයිද යන ප්රශ්නය යි.

    සිම්බාබ්වේහි රොබට් මුගාබේ, පිලිපීනයේ හිටපු අඥාදායක පර්ඩිනන්ඩ් මාර්කොස්, බෙලරුස්හි ජනාධිපති ඇලෙක්ස්සැන්ඩර් යුකෂෙන්කෝ යනාදීහු ඒ සඳහා උදාහරණ වෙති. හිට්ලර් තවත් උදාහරණයකි. ප්රජාතන්තුවාදයට ස්තුති වන්නට බලයට පැමිණෙන මෙවැනි රාජ්ය නායකයින් පසුව වරදක් බව දැන දැනම ප්රජාතන්ත්රවාදය අහෝසි කරන්නේ මන්ද?

    ඊට ඇත්තේ කෙටි පිළිතුරකි. එනම් දිගටම බලයේ රුදී සිටීමේ ආශාව නිසා ය. දිගටම බලයේ රුදී සිටීමට ලොල් වන්නේ ඇයි? අඩුම වශයෙන් හේතු දෙකක් දැක්ක හැකි ය එකක් නම් රාජ්ය බලය යොදා ගනිමින් මහා ධන සම්පත් ගරා ගැනීමත් ධන කුවේර ජීවිත ගත කිරීමටත් ය. දෙවැන්න නම් උග්ර ජාතිකවාදයයි. උදාහරණයක් ගන්නේ නම් මහජන ජන්දයෙන් බලයට පැමිණි අඥාදායකයකු වූ ඇඩොලොප් හිට්ලර්ගේ අරමුණ වූයේ යුදෙව් විරෝධය සහ ජර්මානු ජාතිකවාදය මිස ධනය ගරා ගැනීම නොවේ. සිම්බාබ්වේහි මුගාබේ සුදු ජාතික විරෝධී ජාතිකවාදයේ සහ ධන තන්හාවේ සම්මිශ්රනයකි. පිලිපීනයේ මාර්කොස්ට ජාතිකවාදයක් තිබුණේ ම නැත. ඔහු ඇමෙරිකානු හිතවාදී අඥාදායකයකු විය.

    ශ්රි ලංකාව යනු රාජපක්ෂ පවුල විසින් පවත්වාගෙන යනු ලබන අර්ධ ඒකාධිපති රාජ්යකි. රාජපක්ෂවරුන් 17වන සංසෝධනය අහෝසි කර සියළු ස්වාධීන කොමිසන් සභා සිය අණසකට ගෙන අගවිනිසුරුවරිය පළවා හැර අධිකරණය ද සිය අතට ගත් බව අපි දනිමු. රටේ සියළු ආර්ථික, දේශපාලන සහ යුද්ධ මර්මස්ථාන ඇත්තේ රාජපක්ෂවරුන් යටතේ ය. ජනමාධ්ය නිදහසක් නැත. සුලුතර ජන ප්රජාවන් මර්දනයේ යකඩ සපත්තුවට යට කොට තිබේ.

    එවැනි රටක් අර්ධ ඒකාධිපති නොවන්නේ නම් වෙන කුමක් ද? එහි අරමුණ කුමක් විය හැකි ද?

    ReplyDelete
  10. දූෂණයෙන් සහ භිෂනයෙන් සජ්ජිත මේ අර්ධ ඒකාධිපතිත්වය පවත්වා ගැනෙන්නේ ජාතිය ආරක්ෂා කිරීමේ නාමයෙනි. එය හුදු ව්යාජයකි. ඒ බව පෙන්වන හොදම සාධකය නම් බලයට පැමිණීමට පෙර රාජපක්ෂවරුන්ගේ පරාදීසය ඇමෙරිකා එක්සත් ජනපදය වීම ය. අදත් ඔවුන්ගේ දෙවැනි මව්රට ඇමෙරිකාව ය. බලයට ඒමට පෙර රාජපක්ෂවරුන්ට අද තිබෙන බව පෙන්වන ජාතිආලය තිබුණේ නැත. ජාතිආලය තිබුණා නම් පරාදීසය සොයා ඇමෙරිකාවේ පදංචියට යන්නේ නැත.

    එනයින් තර්කානුකූලව බැස ගත හැකි නිගමනය නම් ශ්රී ලංකාව ඥාති සංග්රහය මත පදනම් වූ අධිපතිවාදී රාජ්යක් බවට පරිවර්ථනය කිරීමේ එකම අභිප්රාය අසීමිත ධන තන්හාව බවයි. බල තන්හාව ඇතිව තිබෙන්නේ ධන කනහිව නිසා ය.

    ආචාර්ය හර්ෂ ද සිල්වා වත්මන් රාජපක්ෂ ආන්ඩුව මහා පරිමාණ දුෂීත ජාවාරම් වලින් සජ්ජිත වී ඇති බව පෙන්වා දෙමින් සිටින එක් දේශපාලනඥයෙකි.

    මේ එක් උදාහරණයකි.

    ශ්රී ලංකාවේ වැඩ කරන ජනයාට අයත් අර්ථ සාධක අරමුදල මේ වන විට රුපියල් බිලියන දහසකට ආසන්න ශ්රී ලංකාවේ ඇති විශාලතම ධන සම්පතකි. මෙම අරමුදල 2011 වර්ෂයෙන් පසු එහි විගණක වාර්තා තවම ඉදිරිපත් කර නැත. 2001 වසරෙහි මහා බැංකුවේ අනුදැනුම යටතේ කරන ලද දූෂිත ආයෝජන 58ක් නිසා අරමුදල බිලියන 11.7 ක පාඩුවක් ලැබුවේ ය.

    නමුත් ඒ පාඩුවෙන් ලාභ ලැබූ ජාවාරම්කරුවෝ රොත්තක් ම සිටියහ. ලාභ බිලියන ගණනිනි. ආන්ඩුව කළේ වැඩකට නැති ජාවාරම්කාර සමාගම් වල කොටස් වැඩි මිලකට ( රු 50 කොටස 250කට ලෙස) ගැනීම යි. එමගින් ජාවාරම්කරුවන්ගේ කල්ල මරේ ගිය අතර කොටස් මිල පහල නියම මිලට පහත වැටනු කළ අර්ථ සාධක අරමුදල පාඩු පිට කොටස් විකුණා දැමුවා ය. පාඩුව අර්ථ සාධක අරමුදල විඳ ගත්තා ය. ඇත්ත වශයෙන්ම නම් සිදු වූයේ අදාළ ජාවාරම්කරුවන්ට ආන්ඩුව වක්ර ලෙස ධන සම්පත් ලබා දිම යි.

    වෘත්තීය සමිති සිය සාමාජිකයන්ගේ අරමුදල කබානීසියා කිරීම ගැන ශ්රේෂ්ඨාධිකරණයට ගියෝ ය. අප කව්රුත් කවරෙක්දැයි දන්නා මොහොන් පීරීස් අගිවිනිසුරු ආසනයේ සිට නඩුව වීසි කර දැම්මේ ය.

    රාජපක්ෂවරුන්ගේ යටිතල කොන්ත්රාත් ලැබීමට වාසනාව ලබා ඇති මහා පරිමාණ ව්යාපාරිකයකු වන්නේ ඇක්සස් අධිපති සුමල් පෙරේරා ය. ලඟදී දිනෙක තවත් අපූරු ජාවාරමක් සිදු විය. සුමල් පෙරේරාගේ සමාගම ජනාධිපති රාජපක්ෂ පුතෙකුට රුපියල් මිලියනයක් තෑගි දුන්නේ ය. 2013 වසරෙහි මිලියන1.1ක් තෑගි දුන්නේ ය. ඒ ඔහුගේ රගර් ක්රීඩා ජීවිතයට මිලක් වශයෙනි. ජනමාධ්ය වාර්තා කර තබූයේ ශ්රී ලංකාවේ වෙනත් කිසිදු රගර් ක්රීඩකයකුට එවැනි වරමක් ලැබී නැති බවයි.

    හරිම වාසනාවකි! ප්රජාතන්ත්රවාදී රටක දී නම් මෙවැනි පරිත්යගයන්ට තියන්නේ 'රජ පවුලට පගාවක්' කියා ය. ලංකාවේ දී කියන නම නොදනිමු!

    දූෂණයේ චක්රය එවැනි ය. ශ්රී ලංකාවේ ප්රධානතම කැසිනෝ ව්යාපාරිකයා රාජපක්ෂවාදී ජනමාධ්ය සඳහා මුදල් ආයෝජනය කරයි. හිරුණිකා කියන්නේ සිය පියාට වෙඩි තැබූ ( දුමින්ද) කුඩු ජාවාරම්කාරයකු බව ය. දුමින්ද පවුල රාජපක්ෂ පවුලේ හිතවතුන් ය. කුඩු ජාවාරම් සඳහා ලියුම් දෙන්නේ අගමැති ය. ආන්ඩුවේ ක්රීඩා ඇමැති දූෂනයෙන් හම්බ කර ඇතැයි කියන්නේ ඔහුගේ බිරිඳ ය. ජනාධිපති පවුලේ තානාපති ඥාතියකු රුපියල් මිලියන 45ක් වංචා කර හසුවූයේ ඊයේ පෙරේදා ය. ජනාධිපති රාජපක්ෂය කෝටි ගණනාවක පුද්ගලික අරමුදලක් චීනයෙන් ලබා දුන් බව ලියුවේ සන්ඩේ ලීඩර් ය. ශ්රී ලංකාවේ තහනම් කර ඇති වෙබ් අඩවියක් මෑත දී නම් ගම් ඇතිව චෝදනා කළේ දූෂනයෙන් ඉපයූ ශ්රී ලාංකික ධන සම්පත් විදේශවල තැන්පත් කිරීමේ පකිස්ථානුවන් මූලිකත්වය දරන ව්යපාරික ජාලයක්ම ඇති බවයි

    ශ්රී ලංකාන්ඩුවේ ශීෂෙල්ස් මූලෝපාය අප තේරුම් ගත යුත්තේ එම සන්දර්භය තුළ ය.

    ජූනි මාසයෙහි ශ්රී ලංකාවෙහි එස් 400 වර්ගයේ බෙන්ස් කාර් 40ක් ලියා පදිංචි කෙරුණි. ඉන් එකක මිල ශ්රී ලංකාවේ දී ලක්ෂ 300කට ආසන්න විය යුතුය. මෑත දී රාජපක්ෂවරුන්ගේ විවෘත කිරීමේ උත්සවයට පමණක් ලක්ෂ 300ක් වැය කල බවට වාර්තා වන කොළඹ “Arcade Independence Square” නම් සුපිරි වෙළද සැළෙහි රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 300 දක්වා මිල විය හැකි HUBOLT ස්විස් ඔරලොසු විකිනීමට තිබෙනවා ඇත.

    ReplyDelete

  11. මේසා මුදල් කන්දරා වැය කළ හැක්කේ දේශපාලන පංතියේ ජාවාරම්කරුන්ට හැර අන් කවරකුට ද? කලු සල්ලි සුදු කැරෙන ශීෂේලස් මූලෝපාය අවශ්ය වන්නේ එනිසා ය.

    මෙම ධනකුවේරයන් බිහි කැරෙන දූෂිත ආර්ථිකයට තවත් උදාහරණයක් දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ ලොව අධිකම මිලැති දුම්රිය මාර්ගය බිහි වන්නේ ශ්රී ලංකාවේ බවයි. එනම් මාතර සිට බෙලිඅත්ත කරා ය. එවැනි මඟක කිලෝ මීටරයක සාමන්ය පිරිවැය ඩොලර් මිලියන 2.1කි. රාජපක්ෂවරුන්ගේ පිරිවැය ඩොලර් මිලියන 14.7ක් නොහොත් හත් ගුණයකි. සියල්ල පොලියට ගැනෙන්නේ වීනයෙනි. කොතරම් මුදල් කන්දරාවක් කොමිස් ලෙස විසිවනු ඇත් ද?

    සීෂෙල්ස් මූලෝපාය අවශ්ය එනිසා ය. මතක තබා ගත යුතු අනෙක් කරුණ නම් අපට පෙනෙන්නේ පාවෙන අයිස් කන්දේ මුදුන පමණක් බව ය. මුහුද මතුපිට පෙනේනේ අයිස් කන්දෙන් වැඩිම වශයෙන් හතෙන් එකක් පමණයි. භීෂනයෙන් ඇති කැරෙන දූෂණයක් එවැනි ය.

    (පාර්ලිමේන්තු මංත්රී හර්ෂ ද සිල්වා මහතා විසින් ඉංග්රීසි පුවත් පතකට දෙන ලද සම්මුඛ සාකච්ජාවක වූ කරුණූ කිහිපයක් ද ඇසුරු කර ගන්නා ලදී. )

    ReplyDelete
    Replies
    1. එල +++
      හැබැයි පැරා පව්

      Delete
  12. ඔන්න ඊනිව්ස් කියන දේ
    ---------------------------

    රනිල්-චන්ද්‍රිකා-ෆොන්සේකා-ශිරාණි-සම්බන්ධන්-ජාහෙඋ-ජවිපෙ-සෝභිත හිමි එක පෙරමුණකට ආ ඒ ඓතිහාසික රැලියේ මොකද වුණේ..?---

    (ලංකා ඊ නිව්ස් -2014.ජූලි.24, ප.ව.11.30) එළැඹෙන ජනාධිපතිවරණයේදී වඩා වැදගත් වන්නේ අපේක්ෂකයා කවුද යන්න නොව 'අපේක්ෂකත්වය' හා ඔවුන් එකඟ වෙන්නේ කුමක් සඳහාද? යන්න බව පවසමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම නිසා අවලංගු වූ ස්වාධීන කොමිෂන් සභා යලි ස්ථාපනය කරන ලෙස ඉල්ලන, විධායක ජනාධිපතිට නැවතීමේ තිත තැඛෙන ඓතිහාසික සමගි ගමන ආරම්භ කරමින් අනාගත ජනාධිපතිවරණයකදී සමගි වන දේශපාලන කවරේදැයි සංඛේතවත් කෙරෙන සමගි රැලිය අද සවස කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ.

    මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම ඓතිහාසික රැස්වීම සඳහා එජාප ජාතික නායක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පසුගිය වාරයේ පොදු අපෙක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, රෙජීමය විසින් එළවන ලද නමුත් තවමත් නීත්‍යානුකූල අගවිනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායක, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික හෙළ උරුමය වෙනුවෙන් පා.ම. රතන හිමි සහ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන දේශපාලන නායකයන්ද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය යන අය මේ සඳහා සහභාගී වී ඉදිරි පෙලේම අසුන්ගෙන සිටීම ඓතිහාසික දසුනක් විය.

    මෙහිදී දේශපාලන පක්ෂ නායකයන් කතා නොපැවැත්වූ අතර ඔවුහු මේ උත්තරීතර කාර්ය සඳහා සහභාගී වෙමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන්ගේ ඇති කැපවීම පෙන්නුම් කළහ.

    ප්‍රථමයෙන් සභාව ඇමැතුවේ පේරාදෙනිය සරසවියේ නීති අංශයේ පීඨාධිපති ආචාර්ය දීපිකා උඩගම යි. විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරමින් පූර්ණ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු වුවද ඒ සඳහා ඇති අපහසුතා තමාට තේරුම් ගත හැකි යයි ඇය පැවසුවාය. ඉන්පසුව මුලසුන ගෙන සිටි මාදුලූවාවේ සෝභිත හිමි අදහස් දැක්වූ අතර එහිමියන් කියා සිටියේ ජනාධිපතිට පිස්සු හැදුනොත් ඔහු ඉවත් කිරීමේ ක්‍රමයක් තිබිය යුතු බැවින් ඒ සඳහා වගන්ති ඇතුලත් කරන්නැයි මේ ජනාධිපති ක්‍රමය ඇති කරද්දී ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා එදා කියා සිටි බවත් අද ඒ කතාව සාක්ෂාත් වී ඇති බවත් පැවසීය. විධායක ජනාධිපති ක්‍රමය යටතේ රටේ ප්‍රශ්න විසඳී නැති බව කී උන් වහන්සේ අද ලංකාව කුඩු වලින් ස්වයංපෝෂිත වූ රටක් වී ඇතැයි කීහ. 'කුඩු අල්ලනවා, ඒත් කුඩු ගේන එකා අල්ලන්නේ නෑ. ඇල්ලූවාට පසුව කුඩුත් වාෂ්ප වෙනවා' යි පැවසූහ.

    චන්ද්‍රිකා ජනාධිපතිනිය ලෙස කටයුතු කරද්දී ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථා කෙටුම්පතක් 2008 දී ගෙන ආ නමුත් එය අසාර්ථක වූ අතර එම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න ද දේශනාවක් කෙළේය. ඔහු ඉතා වැදගත් කරුණු රැසක් ගෙන හැර පෑ අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී වඩා වැදගත් වන්නේ අපේක්ෂකයා කවුද යන්න නොව 'අපේක්ෂකත්වය' හා ඔවුන් එකඟ වෙන්නේ කුමක් සඳහාද? යන්න යැයි ඔහු අවධාරණය කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා පමණක් නොව නව ව්‍යවස්ථාව කුමක්ද එය ක්‍රියාත්මක කරන දිනය පවා ජනාධිපතිවරණයට පෙර මහජනතාවට ඉදිරිපත් කළයුතු යැයි ඔහු පැවසීය. සත්‍ය වශයෙන්ම ඔහුගේ දේශනයෙන් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි කෙරෙන මාර්ග සිතියමයි.

    ReplyDelete
  13. ඔව් මෙය සියලු දෙනාම එක්ව කල යුතු දෙයක්, නමුත් චන්ද්‍රිකා මෙතන මොනවද කරන්නේ එයා බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පොරොන්දුවෙන් අවරුදු දහයකට වැඩිය බලයේ ඉඳල වැඩේ කලේ නැහැ. කරපු නැති දෙයක් වෙනුවෙන් දැන් මොකටද.

    ReplyDelete
    Replies
    1. SHE PRESENTED A DRAFT CONSTITUTION, BUT IN THE PARLIAMENT UNPERS BURNT THAT.

      Delete
    2. OK, may be, I'm not aware of it, Thanks.

      Delete
  14. කියනදේ කරන රනිල් කරයි නේද

    ReplyDelete
  15. ඔය ජරා රාජපක්ෂ ක්‍රමය වෙනස් කරනවනම් ඉතින් ඒ මහින්ද මහත්තයා තමයි...

    ReplyDelete
  16. NO MORE JULY නමින් ආතල් කෝටියක් සමග ගු බවුසරක් නාපු සිලංකාවේ රැඩිකල් පොරවල් සහ උන්ගෙ මැණිවරුන්ට, පුල්ලෙයාරේ දෙවිපිහිටයි!

    PLEASE NO MORE " NO MORE JULY"

    ReplyDelete
  17. පෞද්ගලිකව මා ධනවාදයට කැමතිය,හේතුව තමාගේ දක්ෂ තාවය මත හැකි තරම් සුඛෝපබෝගිව ජීවත් වීමට කෙනෙකුට හැකි වීමයි,එහෙත් අන්ත අසරණ දුගියාටද නොමැරී ජීවත් වීමට තරම්.සුබසාධන ක්‍රමයක් ද එතුල අන්තර්ගත විය යුතුය,එමෙන්ම කෙනෙකුට නැගී සිටීමට තරම් වාතාවරණයක් ද තිබිය යුතුය.,අනෙක පෞද්ගලිකව මා දුප්පත්කමට ,නැති බැරි කමට අකමැතිය.....හේතුව නැති බැරි එකා කෙසේ හෝ ඉගෙන ගෙන හෝ කට්ට කා හෝ නැගිටිය යුතුය,එයට තවමත් මේ රටේ ඉඩක් නැතැයි නිදහසට කරුණු ගොනු කල නොහැකිය..

    ReplyDelete
  18. මේ ඔබාමා දිවුරුම් දුන් 2009 ජනවාරියේ මා ලියූ කවි පන්තියකින් කොටසක්.

    වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
    ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
    බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
    වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

    ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
    කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
    ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
    අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

    බලයට එන්න පෙර නිදහස භාෂණ යේ
    පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තන යේ
    තම පණ වුවද දෙන්නයි සැරසී සිටි යේ
    අමතක වේ ද බලයට පත් වූ හැටි යේ

    ReplyDelete
    Replies
    1. මෙන්න සම්පූර්ණ කවි පන්තිය අදාල කතන්දරේ සමග.

      http://kathandara.blogspot.com.au/2011/03/kathandara-kaaraya-learns-lesson-again.html

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා