මුස්ලිමුන් අතහැර දෙමළුන් සමග පැටලීමට චන්ද්‍රසිරි යළි ආණ්ඩුකාරයා කිරීම

G.A. (Government Agent) චන්ද්‍රසිරි හා මහ ඇමති විග්නේශ්වරන්
ආණ්ඩුවට ජාතිවාදය නැතිව බැරි ය.හරියට යුද්දෙ නැතිව පාළුයි වගේ ය. 

මුස්ලිම් වතුර කොරහේ ජිහාඩ් කිඹුලන් මැරීමේ මෙහෙයුම බේරුවලින් කූටප්‍රාප්තියට පැමිණියේ ය. ආණ්ඩුවට කඩේ යන ඇමති හකීම් කියන්නේ මුස්ලිමුන් ආර්ථික වශයෙන් මර්දනය කිරීමේ උත්සාහයක් ඇති බවයි. 

අපට හකීම් ඇතුළු බහුතරයක් මුස්ලිමුන්ට කියන්නට තිබෙන්නේ තව කඩේ පලයව් කියන එක ය. සිංහලයන්ට කියන්නට තිබෙන්නේ මුස්ලිමුන් ව්‍යාපාරික වශයෙන් මර්දනය කරන්නට උත්සාහ කිරීම යනු අනෙකක් නොව ලංකාවේ ආර්ථිකයට ඇණ තැබීම ම බවයි. ආණ්ඩුව ඔය පම්පෝරි ගහන ආර්ථික වර්ධන වේගය ඇති වන්නේ මේ රටේ සියලු ජාතිවල, ආගම්වල මිනිසුන් යෙදෙන ආර්ථික ක්‍රියාවලි හේතුවෙනි. 

ලංකාවට ඍජු විදේශ ආයෝජන ලැබීම තවත් අඩු වන්නට ද මෙම තත්වය ඉවහල් වනු  ඇත. ලංකාවේ පුරවැසියන්ටවත් සිය ආයෝජනවල ආරක්ෂාව සහතික විය නො හැකි සංදර්භයක් තුළ විදේශිකයෝ ආයෝජන රැගෙන මෙහි ඒවි ද? 

ලංකාවේ ආණ්ඩුවේ අනුග්‍රහය ලබන අන්තවාදීහු ආයෝජකයන්ට පමණක් නොව සංචාරකයන්ට පවා අනතුරුදායක තත්වයක් නිර්මානය කර තිබේ.

එහෙත්, පාලක පවුලට මේ සියල්ලට වඩා වැදගත් වන්නේ පවුලේ බලය රැක ගැනීමයි. ඔවුන් දන්නා එකම විද්‍යාව ද කුමන හෝ ආකාරයකින් බලය රැක ගැනීමේ විද්‍යාවයි. 

මුස්ලිමුන් වෙත ග්‍රහණය මඳක් බුරුල් කළ ආණ්ඩුව දැන් යළිත් දෙමළ ජනයා සමග පටලැවිල්ලක් හදා ගන්නට මුල පුරා තිබේ. දෙමළ ජාතික සන්ධානයට රිද්දන්නට පුළුවන් නිලයක් ආණ්ඩුවට අසු වී තිබේ. ඒ හමුදා ප්‍රධානියකු වන මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යළි උතුරේ ආණ්ඩුකාර තනතුර‍ට පත් කිරීමයි. 

ද කිරට බළල්ලුත් සාක්කි කියන්නාක් මෙන් ජාතික නිදහස් පෙරමුණ ද වහා ඉදිරිපත් වී ආණ්ඩුවේ මෙම පියවර අගය කර නිවේදනයක් නිකුත් කර තිබේ. 

මේජර් ජනරාල් චන්ද්‍රසි‍රි‍‍ගේ සේවා කාලය දිගු කිරීම යනු පුද්ගලයකු සම්බන්ධ කරුණක් ලෙස සැලකිය නො හැකි ය. මේ දිගු කරන්නේ උතුරු පළාත ඇතුළු සමස්ත රටට ම හමුදා ආධිපත්‍යයේ බලපෑමේ හස්තයයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන බලපෑමේ හස්තයයි. සිංහල ආධිපත්‍යවාදයේ හස්තයයි. දෙමළ හා මුස්ලිම් විරෝධයේ හස්තයයි. ජාතිවාදයේ හා ආගම්වාදයේ හස්තයයි. සංහිඳියා විරෝධයේ හස්තයයි.

ආණ්ඩුවට කිසිදු ප්‍රශ්නයකට විසඳුම් නැත. ආණ්ඩුව කරන්නේ ප්‍රශ්නවලින් පැවැත්ම තහවුරු කර ගැනීමයි. උපහැරණයකින් කියනවා නම් පෙරළුණ පිට හොඳයි කීමයි. 

මේක හරියට කුස්සිය ගිනි ගත්තාට පසු එහි තිබී බැදුණු කොස් ඇට රස කර, කර කනවා වැනි දෙයකි. 

චන්ද්‍රසිරිට විරුද්ධව විග්නේශ්වරන් අස් වන්නට යන බවක් කියැවිණි. මේ වනාහි දෙමළ ජනයාගේ පැත්තෙන් ගත් කල මුහුණත් එක්ක තරහ වී නහය කපා ගැනීම වැනි වැඩකි. 

සිංහල ජාතිවාදීන්ට ද අවශ්‍ය වන්නේ ඔහු වැනි මධ්‍යස්ථ මතවාදියකු වෙනුවට ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයකු උතුරේ මහ ඇමති තනතුරට පත් කර ගැනීමටයි. 

ජාතිවාදයට හා ජාතිවාදයේ සරණ යන ආණ්ඩුවට පැවැත්ම තහවුරු කර ගත හැක්කේ එවිට ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා මතු කරන දේත් ඇත්තක් තියෙනවා. ඒත් මෙන්න මේ පැත්තත් ලංකිකයෝ හැටියට බලන්න ඕන නේද පැරා. උතුරේ දෙමළ ආච්චි කෙනෙකුට වාතයක් ගියත් ජයලලිතට රපෝර්තු කරණ. රටේ සියළුම දේශපාළණ පක්ෂ ගැන කිසිම විශ්වාසයක් නැති. තමිල්නාඩුව තම මව්බිමයි කියලා හිතාගෙන ඉන්න ප්‍රභාකරන්ටත් එපා වෙලා මරලා දාපු හොරිකඩ දේශපාළඥයන් පිරිසක් යම් කිසි බලපෑමකට යටත්ව පවත්වා ගැනීම ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවත් හොඳයි නේද?

    ඔය කිව්වට විගා අයින් වෙන්නේ නෑ. විමල්ගේ අයියා එයා. පැරා කළබල වෙන්න එපා. අපේ පොලිටික්කෝ ඔක්කෝම අර පොඩි කාළේ අම්මා අරගෙන දීපූ බෙලෙක් ටික්කෝ වගේමයි. සද්දේ විතරයි. මෙළෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. මාතලන්! මීට මාස කීපයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා උතුරේ මහා ඇමති වරයාට දුන් පොරොන්දුවක් තිබෙනවා.ඒ වර්තමාන ආණ්ඩුකාරවරයාගේ දූර කාලය අවසන් වීමෙන් පසුව ඔහු වෙනුවට වෙනත් සිවිල් පුද්ගලයෙකු ඒ තනතුරට පත්කරන බව.මේ පොරොන්දුව කඩකිරීම නිවැරදිද?.දිගින් දිගටම මේ රැවටීම පවත්වාගෙන යාම නිවැරදිද?විශේෂයෙන්ම රටේ පාලකයාගේ ලිඛිත හෝ වාචික ප්‍රකාශ විශ්වාස කල නොහැකි ඒවා වූ විට ඒ රටේ ජනතාව පත්වන තත්වය කවරේද?.ඔබට මෙය සුළු දෙයක් වුවත් රටේ අනාගතය කෙරෙහි අතිශය අයහපත් බලපෑම් කරනු ඇත.

      Delete
    2. /විශේෂයෙන්ම රටේ පාලකයාගේ ලිඛිත හෝ වාචික ප්‍රකාශ විශ්වාස කල නොහැකි ඒවා වූ විට ඒ රටේ ජනතාව පත්වන තත්වය කවරේද?/

      හයියෝ ඇනෝ.......උඹ මොන ලෝකෙද බං මෙච්චර කල් හිටියේ.......මෙච්චර තොරොම්බල් කරපු විධායක ජනාධිපති ක්‍රමය කියන එකම ගනින්කෝ........මස ගානක් නෙවි ඕක දැන් දශක ගානක් තිස්සේ අපි අයින් කරනවනේ.......වෙන එකක් තියා දෙවෙනි පාර ඉල්ලද්දීවත් අපි අහනවද කලින් සැරේ ඕක අයින් කරනවා කිව්වා නේද කියලා.........

      /මේ පොරොන්දුව කඩකිරීම නිවැරදිද?.දිගින් දිගටම මේ රැවටීම පවත්වාගෙන යාම නිවැරදිද?/

      නිවැරදියි......මොකද මේක ලංකාවනේ......ආශ්චර්ය හසන්ත මහත්තයෝ.....ආශ්චර්ය....

      /ඔබට මෙය සුළු දෙයක් වුවත් රටේ අනාගතය කෙරෙහි අතිශය අයහපත් බලපෑම් කරනු ඇත./

      ඒවා කොහෙද? අපිට අබ සරණ කියල එකක් තියෙනවනේ.......

      Delete
    3. අනේ මම කියන්න ඕන ටික ඇනෝ කෙනෙක් ඇදලා ඇරලා. මෙයාලා මාර පව් අප්පා. ඕන් තව රජ කෙප්පයක් කෙලින්නලු යන්නේ ඊළඟ ජනපතිවරනෙට. ඒ කඹෙත් හොදට හපලා කන්න මහත්තයෝ. කඹ කෑවට කමක් නෑ. මළපහ කර ගන්න ගියාම තමයි අමාරු. යකෝ මහින්ද මහත්තයට කඩේ යන පිවත් කන්නේ නෑ එයා දෙන ලණු.

      Delete
    4. මටනම් ලනු ගිලින්න ඕන නැහැ මාතලන්.දේශපාලකයෝ මත්තේ මම නහින්නේ නැහැ.ප්‍රශ්නේ වෙන්නේ අනාගත පරපුරටයි උන්ටයි කඹ රෙන්න වෙන්නේ.

      Delete
    5. අනාගතේ මොකක්ද බං නිදහස හම්බ උන දා ඉඳන් ලණු කන එකනේ කරන්නේ. අනාගතෙත් එහෙමම තමයි.

      Delete
    6. මතලන්ගේ දේශපාලන දර්ශනය ......රනිල් හොඳයි නෑ නෑ මහින්ද හොඳයි... අනුර කුමාර හොඳයි ..ජෙප්පො නරකයි....කාලක් ගහනව කිව්වම ලාල් කාන්ත හොඳයි....සමජවාදේ අපෝ....අපෝ ඒක පිස්සුවක් ..උගත්තු වහ කදුරු....මං ඔය උඩින් පල්ලෙන් අතගාල ලියන බයිල තමයි දර්ශනේ....අනික් උන් මොනාද .දන්නේ...මේ වගේ හීනමාන පිස්සෙක් සමග වාද වලට නොයන්න....ලොකුම මෝඩකම නොදන්නා බව නොදැනීමයි..

      Delete
    7. ඒ විතරද ...ඇයි ජාතික සමගිය ගොඩ නගන්න ඕන..දෙමළුන්ට උන්ගේ අයිතිය දෙන්න ඕන...හැබැයි දෙමළුන්ට ගේම දෙන්නත් ඕන...රසවින්දනය...කලාව...ක්‍රීඩාව ..ඒ තියා රති කෙලිය ගැන මං තරම් දැනුමක් ඇති තව එකෙක් ඉන්නවද..? අනික් උන් මොනවද දන්නෙ ..මාතලන්ට කී බෝඩ් එක හම්බුනා වගෙයි යනුවෙන් උපහැරණයක් අලුතෙන් බිහිවිය හැක !

      Delete
    8. ඒ විතරද ...ඇයි ජාතික සමගිය ගොඩ නගන්න ඕන..දෙමළුන්ට උන්ගේ අයිතිය දෙන්න ඕන...හැබැයි දෙමළුන්ට ගේම දෙන්නත් ඕන...රසවින්දනය...කලාව...ක්‍රීඩාව ..ඒ තියා රති කෙලිය ගැන මං තරම් දැනුමක් ඇති තව එකෙක් ඉන්නවද..? අනික් උන් මොනවද දන්නෙ ..මාතලන්ට කී බෝඩ් එක හම්බුනා වගෙයි යනුවෙන් උපහැරණයක් අලුතෙන් බිහිවිය හැක !

      Delete
    9. තව තියනවා,
      ඇයි මුස්ලිම් මිනිස්සු. උන්ගේ ගෑනු කළු කබා අදින එක මට වහකදුරුවාගේ. උන් කොහොමටත් ගානට වැඩියි. ලංකාව ජිහාඩ් වේගෙන එන්නේ. හැන්දෑවට ඇයිබන් මුන් පාර මැද්දේ සෙට්වෙන්නේ. රටම ජිහාඩ්, හමාස්, අල් ජසීරා වෙලා ඉවරයි, උන් බෝවෙන්නේ මාරම වේගයකින්. මුන් තැන් තැන් වල පල්ලි ගහන කොට මට කනට ගහනවා වගේ. මේ ටිකම නේද අර බොදු බල සේනාවේ අය කියන්නේ. ඒ වුනාට සේනාවේ උන් ඉන්නවා නේද උන් මට පෙන්න බෑ. ඇත්තමයි බන් මුස්ලිම් උන්ට වඩා උන්ව පෙන්න බෑ.

      Delete
    10. ඇයි දාස් කැපිටාල්. එක සුරංගනා කථා පොතක්නෙ ( මාතලන් එක කියවල තියනවලු හොදේ)!. හැරී පොටර් දාස් කැපිටාල් වලට වඩා හොදයි.

      Delete
    11. මාතලන් යනු මෝඩ චූන් ගන්න පොරක්. අනිත් උන්ගෙ මත ඉවසන්න කියල ඌ අනිත් උන්ට පට්ට කුනුහර්පෙන් බනිනව, සංගීතෙ පැත්තෙන් ගත්තොත් මාතලන් එල්විස් ප්‍රෙස්ලිටත් වඩා පොරක්, ඒකටම හරියන සෙට් එකක් ඉන්නව පොර එක්ක හුරේ මාතලන් කියන්න මාතලන්ට ඉතින් පට්ට චූන්.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. @AnonymousJuly 14, 2014 at 8:29 AM
      ඕකත් එක්තර විදියක මානසික අසහනයක්

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. AnonymousJuly 14, 2014 at 12:12 PM
      ලෙඩේට ප්‍රතිකාරයක් මේකෙන් වෙනවනම් පැරා කරන්නෙ එක්තරා විදියක සමාජ මෙහෙවරක්

      Delete
    4. ඔයා හැංගිලා පැරා අයියට කඩේ යනව නේද? අපි නම් එළිපිට යනවා...

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. @AnonymousJuly 14, 2014 at 8:29 AM
      වාක්‍ය අගට තිත් දන්නේ තාම හරියට වාක්‍යක් ලියා ගන්න බැරිද? නැත්නම් හද මෝරන කාලෙට ලෙඩේ වැඩි වෙනවද ?

      Delete
    7. මේ එක නෙමෙයි, අනුන්ගේ බ්ලොග් වලට ඇවිත් කැත කරන්නේ ඔයාගේ බ්ලොග් එක බලන්න කවුරුත් එන්නැති නිසාද ?

      Delete
    8. අගට තිත් දාන ඇනෝ, ඉදිරියේදිවත් තිත් නොදා කමෙන්ට් කරන්න නැත්නම් ඔබව හදුනාගැනීමට අපට පුලුවන් ඒකත් ලෙඩේම එක පැතිකඩක් වෙන්නත් පුලුවන් බ්ලොග් වලින් ප්‍රතිකාර ගන්න ගමන් වද්‍යවරයෙක් හමුවන්න.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
  3. @ Maathalan - Priyantha HewageJuly 14, 2014 at 7:53 AM
    මේක මඩ ගැසීමක් කියල හිතන්න එපා.
    මාතලන් යනු ආණ්ඩුවට කඩේ යන්නෙකි, ඩුප්ලිකේට් විමල් වීරවන්ශ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. @AnonymousJuly 14, 2014 at 11:50 AM
      ඔබගේ කතාව 100%ක්ම අනුමත කරමි.
      //මේක මඩ ගැසීමක් කියල හිතන්න එපා.//
      ගූ ගොඩකට මඩ ගහලා ඇති වැඩක් තියනවැයි?
      //මාතලන් යනු ආණ්ඩුවට කඩේ යන්නෙකි, ඩුප්ලිකේට් විමල් වීරවන්ශ කෙනෙක්.//
      අයියො තව තියෙනවා ඉඳගෙන....
      ඇයි එයා බ්ලොග් පිළිබඳ මහාචාරිය කෙනෙකි. සියල්ල දත්තෙකිමර්වින්ගෙ පට්ට ගෝලයෙකි. කුණුහරුප පප්පෙකි.
      හි.හි.

      Delete
    2. බොහෝම ස්ත්තූයි ඇනෝ කැරක්ටර් සැටිපිකට් එකට. එනවනම් වරෙන් මචෝ හැන්දෑවට කොලෝනියල් එකට.

      Delete
  4. colonial ekanam maru.uda thattuwata wada yata thattuwa niyami.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා