Posts

Showing posts with the label සී.ඒ. විග්නේශ්වරන්

මුස්ලිමුන් අතහැර දෙමළුන් සමග පැටලීමට චන්ද්‍රසිරි යළි ආණ්ඩුකාරයා කිරීම

Image
G.A. (Government Agent) චන්ද්‍රසිරි හා මහ ඇමති විග්නේශ්වරන් ආණ්ඩුවට ජාතිවාදය නැතිව බැරි ය.හරියට යුද්දෙ නැතිව පාළුයි වගේ ය.  මුස්ලිම් වතුර කොරහේ ජිහාඩ් කිඹුලන් මැරීමේ මෙහෙයුම බේරුවලින් කූටප්‍රාප්තියට පැමිණියේ ය. ආණ්ඩුවට කඩේ යන ඇමති හකීම් කියන්නේ මුස්ලිමුන් ආර්ථික වශයෙන් මර්දනය කිරීමේ උත්සාහයක් ඇති බවයි.  අපට හකීම් ඇතුළු බහුතරයක් මුස්ලිමුන්ට කියන්නට තිබෙන්නේ තව කඩේ පලයව් කියන එක ය. සිංහලයන්ට කියන්නට තිබෙන්නේ මුස්ලිමුන් ව්‍යාපාරික වශයෙන් මර්දනය කරන්නට උත්සාහ කිරීම යනු අනෙකක් නොව ලංකාවේ ආර්ථිකයට ඇණ තැබීම ම බවයි. ආණ්ඩුව ඔය පම්පෝරි ගහන ආර්ථික වර්ධන වේගය ඇති වන්නේ මේ රටේ සියලු ජාතිවල, ආගම්වල මිනිසුන් යෙදෙන ආර්ථික ක්‍රියාවලි හේතුවෙනි.  ලංකාවට ඍජු විදේශ ආයෝජන ලැබීම තවත් අඩු වන්නට ද මෙම තත්වය ඉවහල් වනු  ඇත. ලංකාවේ පුරවැසියන්ටවත් සිය ආයෝජනවල ආරක්ෂාව සහතික විය නො හැකි සංදර්භයක් තුළ විදේශිකයෝ ආයෝජන රැගෙන මෙහි ඒවි ද?  ලංකාවේ ආණ්ඩුවේ අනුග්‍රහය ලබන අන්තවාදීහු ආයෝජකයන්ට පමණක් නොව සංචාරකයන්ට පවා අනතුරුදායක තත්වයක් නිර්මානය කර තිබේ. එහෙත්, පාලක පවුලට මේ සියල්ලට වඩා ව...