දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු ගුටි ඇන ගන්නා රාගම ‍රෝහල

රාගම රෝහලේ සේවකයන් කාට හරි පහර දෙන්නට දොරවල් කඩමින් රැස් කන දර්ශනයක් හා හෙදියක යයි අනුමාන කළ හැකි අයෙක් තමන්ට පහර දෙමින් ඇති බව කියන වීඩියෝවක් ඊයේ සමාජ ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබිණි. එම වීඩියෝවේ ම තුවාල ලැබූ හෙදියක් ට්‍රොලියක තබා තල්ලු කරන දර්ශනයක් ද දක්නට ලැබිණි. 

රාගම රෝහලේ වින්නඹුවරියන්ට හෙදියන් පහර දී ඇති බවට ද චෝදනාවක් එල්ල වේ. ඔවුන් ද රෝහල්ගතව ඇති බව වාර්තා වේ. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හා එහි සාමාජිකයකු වන රෝහල් අධ්‍යක්ෂවරයාට ගැටුම ඇවිළවීම හා පක්ෂපාතීව කටයුතු කිරීම සම්බන්ධ චෝදනා එල්ල වී තිබේ‍.

එකම ආයතනයක වැඩ කරන ශ්‍රමිකයන් ‍පිල් බෙදී මෙසේ ගුටි ඇන ගන්නා තත්වයක් ඇති වීම ඇත්තෙන් ම ආණ්ඩුවට ඉතා හොඳ තත්වයකි. සෞඛ්‍ය ඇමතිවරයා නිහඬව තොපි කෙළ ගනිල්ලා යි බලා සිටින්නේ ඒ නිසා ය. 

පවතින තත්වය තුළ සියලු දෙනා එකතු වී වැඩි වැටුප් වෙනුවෙන් අරගල කරනවා වෙනුව‍ට අත්සන් කරන පොත, අනෙකාට වැටුප් වැඩි කරන එකට විරෝධය හා වෘත්තීය පුහුණුවීම් වැනි කාරණා සම්බන්ධයෙන් මරා ගන්නා තත්වයක් නිර්මානය වීම ආණ්ඩුවට කෙතරම් ආශිර්වාදයක් ද?

මෙවැනි ම තත්වයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ ද ඇති විය. ආණ්ඩු විරෝධය ඉස්මතු වෙමින්, ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ගොඩනැගීම වැනි සාධනීය සංවර්ධනයන් සිදු වෙමින් තිබියදී ‍බොදු බල සේනාව ලවා සිංහල මුස්ලිම් කෝලාහලයක් අවුළුවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේ ය. දැන් අර ආණ්ඩු විරෝධය හා ප්‍රගතිශීලී දේශපාලනයන් සංවර්ධනයන් සියල්ල අවසන් ය. සිංහල හා මුස්ලිම් මිනිස්සු ඇණ කොටා ගනිද්දී දෙමළ ජනයා දිව හක්කේ ගසාගෙන සිනාව මැඩගෙන සිටිති.

බොදු බල සේනාව දේශපාලන ක්ෂේත්‍රය තුළ රඟන අන්තවාදී භූමිකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රඟන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. දැනට ඇති වී තිබෙන හෙද - වින්නඹු ගැටුමේදී දොස්තර සංගමය සිටින්නේ වින්නඹුවන්ගේ පැත්තේ ය. හෙද විරෝධය පසුබිමේ සමාජයේ සාමාන්‍ය ස්ත්‍රී විරෝධී අදහස් ද තිබේ. 

දේශපාලන ක්ෂේත්‍රයේදී සිංහලයන් බොදු බල සේනාවට පක්ෂ වන්නා සේ ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී රටේ වැඩි දෙනා පක්ෂ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයටයි. එයට හේතුව වනාහි අඩුවෙන් ම වැඩ කර, වෘත්තීය සමිති බලහත්කාරය පාවිච්චි කර මහජන මුදල් කුට්ටියක් කඩා ගන්නා ගමන් පෞද්ගලික පීපී ජාවාරමක් කර ගත හැකි රටේ තිබෙන ඉහළම පිළි ගැනීමක් තිබෙන වෘත්තිය දොස්තරකම වීමයි. එය දේශපාලන වෘත්තියට වඩා සුරක්ෂිත ය. එහෙත් ඒ තරමට ම දූෂිත ය. ලංකාවේ සියලු මිනිස්සු සිතාගෙන ඉන්නේ තමන්ගේ දරුවන් වෛද්‍යවරුන් කිරීමටයි. ඒ නිසා කවුරුවත් වෛද්‍ය සංගමයේ ත්‍රස්තවාදයට එරෙහි වන්නේ නැත. 

ඔය නර්ස් නෝනලා ද ඉස්සර දොස්තරලා වෙන්නට සිතාගෙන සිට බැරි වූ අයයි. දැන් ඔවුන් සිතාගෙන ඉන්නේ තමන්ගේ දරුවන් දොස්තරලා කරන්නට ය.

ලංකාවේ ඉන්නේ මිනිසුන් වර්ග දෙකකි. ඒ වනාහි දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු හා දොස්තරලා වෙන්නට සිටින මිනිස්සු යන ‍දෙකොටසයි. 

අත්සන් පොතට හෙදියන් හා වින්නඹුවන් ගුටි ඇන ගන්නා අතරේ දොස්තරලා මොන පොතකවත් අත්සන් නො කර රාජකාරියට අමතරව අතිකාලත් කර, ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකත් කර ගනිති.

සෞඛ්‍ය ඇමති අගමැතිකම හා ජනාධිපතිකම හිස මතට කඩා පාත් වෙතැයි දවල් සිහින දකිමින් සිටියි. 

කම්කරු පන්තියට ජය වේවා!

මේ ලිපිත් කියෙව්වද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. වැරැද්ද හෙදියන්ගේ. බනින්නේ දොස්තරලට. හිකිස් !!
    එහෙමත් නැතුව බැහැ නේ ... නැත්නං ගෙදර ගියාම පොලු පාරක් වැදෙයි ඔළුවට නෝනාගෙන් නේද පැරා.
    දැන් පැරාට කියන්න පුළුවන් සෞක්‍ය ප්‍රශ්නය ගැනත් ඕන් මම ලිව්වා කියල.

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ පැරා මේ ලිපියනම් ග්‍රේට් නැත්නම් එක්ශලන්ට් කියල කියන්න බෑ.
      මොකක් හරි අඩුවක් නැත්නම් අන්බැලන්ස් එකක් දැනෙනවා.

      Delete
    2. මේවා ලිව්වා වගේ නෙමෙයි නේ. පැරා ගෙදර ජීවත් වෙන්න එපාය. නැත්නම් නෝනා පුකට ඉන්ජෙක්සොන් එකක් ගහවි. මම මේ සයනයි ටිකක් හොය හොය ඉන්නේ. සිරින්ජරේක දාලා, අර සමන් රත්නප්‍රියගෙයි, හාමුදුර්වන්ගෙයි පුකට විඳින්න.

      Delete
    3. සමන්ටයි හාමුදුරුවන්ටයි විතරක් මදි,සෞඛ්‍ය අමාත්‍යාංශයෙම තියෙන ප්‍රශ්ණ ඔක්කොටම වගකියන්න ඕන පාදෙනණියකියන බලු දොස්තරය ඇතුලු දොස්තර සංගමය මුන් හැම එකාගෙම පුකට බ්ංදුව ගානෙ ඉතිරි කරගනින්

      Delete
  2. Muta docalath ekka thiyena mala, oka hamadama ohomamai. Rubbish writing.

    ReplyDelete
    Replies
    1. පැරා ළිපියේ පැහැදිලිව ලියලා තියෙන්නේ ඇනෝ. මේ රටේ මිනිස්සු ජාති දෙකයි. ඩොක්ටර්ස් ඇන් නන් ඩොන්ටර්ස්..

      මාර සීන් එක කියන්නේ. වලිය තියෙන්නේ නර්ස්ලයි මිඩ් වයිෆ්ලයි අතරේ. පැරා ගහන්නේ දොස්තරට. පැරත් හරියට ආන්ඩුව වගේ. ගිනි තියන්නේ නානසාර, හිරේ යන්නේ සිරිපාල.

      Delete
    2. අනේ ඔයාගෙ ටිකිරි මොලේ මාතලන්.
      ඕක ඔච්චර ඔඩු දුවන්න හේතුව ඩොකාල කියල දන්නෙම නෑ නේද

      Delete
    3. ඇත්තද මෙයා.. අර රාගම හොස්සපිටැල් එකේ මරා ගන්නේ දොස්තරලයි, දොස්තරලයි වෙන්න ඇති නේ.

      Delete
    4. ඩොකාල නොවෙයි .පට්ට වේස හෙදො.උන් කියන කුණුහරප මාතලන්ගෙ පෝස්ට් එකේ ලස්සනට කට්ටිය කොමෙන්ට් කරල.වේදනාවෙන් ඉන්න තිරිසන් සතෙකුටවත් සැර කරන්න බෑ කියල පත්තර මල්ලි කියපු එක ඇත්ත.දරුවො ලැබෙන්න එන අම්මලට කුණුහරප කියන හෙදියන්ට ජනතා කෝපය ප්‍රමාණවත් නොවීමයි මට පුදුම.
      ප්‍රයිවෙට් හොස්පිට්ල් වල මුන් ඉන්නෙ සිල් අරන් වගෙ.එතකොට දුප්පත් එකාටමද මුන්ගෙ ගෙම්බර්.

      Delete
  3. itin para nondoctorne. itin mehema liyan nathuwa kohomada

    ReplyDelete
  4. අයිසේ පැරා,තමුසේ මාර කුහකයෙක් නෙ ඔයි. පැරාගේ ගෑනි නර්ස් කෙනෙක් හින්දා මෙතන උන්ගේ වැරැද්ද ගැන ලියන්නේ නැතිව වෙන වෙන එවුන අල්ලාගෙන ඩොක්ටර්ස්ලටයි,ආණ්ඩුවටයි බනිනවා.
    දැන් බලනවකො පැරකුම්ලා ඒ යුද්ධයේ අන්තිම කලේ කරයි කියපු දේවල් ගැන,බාලචන්ද්‍රන් ගැන පැරකුම් ලිව්වේ නිකං දෑහින් බලං හිටියා වගේ. අර එලියට ආපු යුධ අපරාධ කරයි කියන වීඩියෝ වැල ඉන්නේ හමුදාවම කියලා ටක්කෙටම සිකුරුයි කියලා තමයි පැරාලා ලිපි ලිව්වේ.
    ඒත් මෙතන පැරා ලිපිය ලියන්නේ අමුතුම විදියට.’ හෙදියක යයි අනුමාන කළ හැකි අයෙක් පහර දෙනවලු’, ‘ වින්නඹුවරියන්ට හෙදියන් පහර දී ඇති බවට ද චෝදනාවක් එල්ල වෙනවලු,ඒ අය රෝහල් ගත කරලා කියලා වාර්තා වෙනවලු’
    මෙතන ලිපිය ලියද්දි ලියන්නේ ‘ලු’ කියලා දාලා. හැබැයි හමුදාව ගැන,බේරුවල ගැන එහෙම ලියද්දි නං නිකං ඇස් දෙකෙන් බලං හිටියා වගේ තමයි එක එක අපරාධ චෝදනා එල්ල කරන්නේ.

    ReplyDelete
    Replies
    1. "අයිසේ පැරා,තමුසේ මාර කුහකයෙක් නෙ ඔයි."
      අනේ බාන් .. උඹහේ අදද මේක දන්නේ ?

      පාරාට මම මේක ගැන ලියන්න කියල පහුගිය ලිපියක කිව්වම මෙහෙම එකක් තමයි මම නං බලාපොරොතු උනේ. නැතුව කොහොමද මුන්නැහෙ ගෙදර ගිහිල්ල වසන්නේ ?

      Delete
  5. ane nursela paw thaniwelaa. doctorla , midwifela, nursela okkoma nurselawa thani karalaa.adanna epa. oyaa nondoctorsla gana liyanna sudo

    ReplyDelete
  6. oyaa samaajawaadee drushtiyada paraaa. chi ane oyaa gana nan kalakiruna meyaa. oyath ara katti deken nondoctor dukenda inne paraaaa

    ReplyDelete
  7. මට දොස්තරලා ගැන ඉරිසියයි......මගේ ගෑනි මාව බැන්දේ ඩොකෙක් බඳින්න බැරි වෙච්ච හින්දා........ගෑනි මට වඩා වාට්ටුවේ ඩොකාට සලකනවා.......චාන්ස් දෙනවද දන්නෙත් නෑ.........

    අනේ පැරෝ.......දොස්ත්රලගේ අපමණ වැරදි තිබුනත් උඹගේ මේ ලිපියෙන් කියවෙන්නේ මෙන්න මේ විලාපය නේද?

    ReplyDelete
    Replies
    1. මාටහලන්ගෙ පොස්ට් එකේ කොමෙන්ට් කරල තියෙනව හෙදියන්ගෙ බලුකම් ගැන.අම්මලට කුණුහරප කියන හැටි දාල තියෙනව.හෙදියො කියන්නෙ යුරෝපයෙ පොලීකාර යුදෙව්වො වගෙ සමාජ වෛරයට ලක් වන පිරිසක්.

      Delete
  8. හෙදියන් යනු ආවතේවකාරියන් පිරිසකි.මුල් යුගයේ ඔවුන්ට පැවරුනේ තේ අල්ලනව වගෙ වැඩය.කිතුනු කන්‍යා සොහොයුරියන් හෙද සේවයේ නියැලුනි.කිසිම වෘත්තීය පුහුණුවක් අවශ්‍ය නැති කම්කරු මට්ටමේ රැකියාවකි.එහෙත් වෛද්‍යවරුන් සමඟ කටයුතු කරන නිසා හෙදියන්ට වැදගත්කමක් ආරෝපනය වී ඇත.
    හෙද සේවය සදහා මෑතක් වන තුරුම බඳවා ගත්තේ උසස් පෙළ කලා විශය ධාරාවෙනි.
    හෙද වැඩ වර්ජන වලදී අවබෝධ වූ ප්‍රධානම දෙයක් නම් වෛද්‍යවරුන්ට සර් කීමට හෙදියන් කැමති නැති නැති නිසාලු.
    වින්නඹුවන් තමන්ගෙ යටතේ සිටිය යුතු යැයි ද ඔවුන් තමන්ට මැඩම් කියන්නට ඕන යැ‍යිද කියමින් එය ආයතන පරිපාලන ක්‍රමය බවත් එම තරාතිරම් ක්‍රමය බිද වැටුනොත් පරිපාලනය බිද වැටෙන බවත් අඩමින් කියන්නෙ හෙදියෝය.
    ප්‍රශ්නය මෙයයි.මේ අය මේ ඉල්ලන්නෙ ඔවුන්ට හිමි නැති දෙයකි.
    වෛද්‍යවරුන්ගෙ මොන වැරදි තිබුනත් ඔවුන් උසස් පෙළින් ඉහළ ළකුණු ලබා පස් අවුරුදු උපාධියක් කළ අයයි.ඔවුන්ගෙ වැරදි කරන්නට තමන්ට අයිතියක් ඇතැයි හෙදියන් කියන්නෙ නම් වරදකි.
    දොස්තරල පමනක් නොවේ හෙදියොත් ඉන්නෙ වැඩිපුර නිකම්ය.ඕ ටී කර දොස්තරලගෙ පඩියට කිට්ටු පඩියක් ගනියි.හෙදියන් යනු ආවතේවකාරයන් මිස උසස් නිළධාරීන් නොවේ.නමුත් ඔවුන්ට එම ආවතේව කටයුතු වලට කිසියම් දැනුමක් අවශ්‍යය.කතුර ගේන්න කියපුවම බන්ඩි කියතක් ගේන්න ඉඩ ඇති නිසා බන්ඩි කියතයි කතුරයි අතර වෙනස් වැනි සාමාන්‍ය දැණුමක් අවශ්‍යය.
    හෙදියන් ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඉගෙන ගන්න ඕනය.
    උගත් වෛද්‍යවරයා ලබන වරප්‍රසාද නූගත් හෙදිය පැතීම එක ලොකුම වරදකි.

    ReplyDelete
    Replies
    1. //උගත් වෛද්‍යවරයා ලබන වරප්‍රසාද නූගත් හෙදිය පැතීම එක ලොකුම වරදකි//
      මේකට එකඟ වෙන්න බෑ. උගත් බුද්ධිමත් නර්ස්ලා ඉන්නවා නැත්නම් කොහොමද නර්සිං ට්‍රේනිං කරන්නේ. ඒවගේම උගත් කියලා හිතනා බුද්ධිය නැති දොස්තරලත් ඉන්නවා.

      Delete
    2. හෙදියන් යනු හුදු ආවතේව කාරියන් නොවේ. එයද වෘත්තිමය රැකියාවකි. ගැටලුව පවතින්නේ ඔවුන් දොස්තරලා වීමට නොහැකි වූ හීනමානය නිසා දක්වන ප්‍රතිචාරවලය.

      Delete
    3. උගත් වෛද්‍යවරයා / නූගත් හෙදිය මේවාට එකග විය නොහැකියි,ලංකාවෙ උසස් පෙල විද්‍යා විශයධාරාවෙන් විශ්ව විද්‍යාලයට යාමට ලකුනු ප්‍රමාණවත් නොවූ සිසුන් හා ලංකාවේ ආර්ථික තත්වය මත නොතේරුනු සිසුන් කොටසක් හෙද පාටමාලාවලට ඉල්ලුම් කරනු ලබයි. කොලබ දිස්ත්‍රික්කයෙන් මෙඩිකල් කොලීජියට යන්න බැරුව හෙදව්ඍතියට බැදෙන සිසුවිය ලබා ඇති ලකුනු සම කරන අම්පාර සිසුවිය මෙඩිකල් කොලීජියට තෝරාගනු ලබයි,ලංකාවේ ක්‍රමය එයයි. එනිසා අපහාස කිරීමට පෙර කරුනු සොයාබැලීම වටිනා බව ඉහත ප්‍රකාශ කර ඇති ඇනෝලාට දන්වමි, එලෙසම පුහුල් හොරා කරින් දැනෙන බව ත්, මහා උගත් කමක් ඇති ප්‍රකාශ දෙස බැලීමෙන් වටහා ගත හැක.

      Delete
    4. මේකනම් දොස්තරයෙක්ම තමා ලියල තියෙන්නෙ.

      Delete
  9. අත් අම්මලට හෙදියො මාර අපහාසලු කරන්නෙ.ලිංගික ක්‍රියාව පවා මතක් කර කර අපහාස කරනවලු.හෙදියන්ට සමාජ විරෝධය එල්ල වෙනව මදි.මේ වගෙ වැරදි කරන හෙදියන්ට ඉතාම දැඩි දඩුවම් දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. දුප්පත් අම්මලට හෙදියො මාර අපහාසලු කරන්නෙ.ලිංගික ක්‍රියාව පවා මතක් කර කර අපහාස කරනවලු.හෙදියන්ට සමාජ විරෝධය එල්ල වෙනව මදි.මේ වගෙ වැරදි කරන හෙදියන්ට ඉතාම දැඩි දඩුවම් දිය යුතුයි.

      Delete
  10. ප්‍රංශ විප්ලවය ගැන කියන විට කියන ජනප්‍රිය කියමනක් නම් කම්කරු පන්තිය විප්ලවය කළත් බලය හිමිවුනේ මධ්‍යම පන්තියට කියාය.ඇත්තෙන්ම ප්‍රංශයේද කම්කරුවන් කළ විප්ලවයක් නැත.එය මධ්‍යම පාන්තික උගතුන් පිරිසකගේ අවශ්‍යතාවයකි.එයට මූල බීජ සැපයුනේ ඊට සියවසකට පෙර එංගලන්තයේ චාල්ස් රජු හිස ගසා දැමීමෙනි.සෝවියට් දේශයේද තරාතිරම් තිබුනි.ඒ අනුව තරා තිරම් පිළිබඳ ආශාව මිනිසා තුල අවිඥානිකව තිබෙන්නකි.
    ලංකාවේ කැරළි දෙකක් ඇතිවුනේ ඉහළ උගත් ධනපති සමාජය ගම්වල උගත් තරුණයක් නොසළකා හැරීමය.මෙම උගත් තරුණ පිරිසට අවශ්‍ය වුනේ ලොක්කන්ගේ පිළට යාමටය.එයට ලොක්කන් අකමැති වූ නිසා ලොක්කන්ට වෛර කළහ.
    තමන්ට යම් ඉලක්කයකට කවදාවත් යාමට බැරි යැයි සිතන විට මිනිසා එම ඉලක්ක වල සිටින අයට වෛර නොකරයි.ඒ වෙනුවට වන්දනාමාන කරයි.හාමුලාට බත් බැලයන් ගරු කරන්නෙ ඒ පදනමිනි.ගැටළුව ඇත්තේ සුදුසුකම් සමාන වන විටය.නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන අවස්ථා සුලබ වීම නිසා ගැප් එක අඩු වී ඇත.හෙදියන් දොස්තරලාට හිමි වරදාන බලාපොරොත්තුවන අතරම වින්නඹු අම්මලා ඉදිරියේ මැඩම්ලා වෙන්නේත් මේ පදනමිනි.දොස්තරලා එක්ක වලියෙදි හෙදියො සමාජවාදීය.ඔවුන් සමානාත්මතාවට කැමතිය.හැබැයි වින්නඹුවන් ගේමට එන විට සමාජවාදය හෝ සමානාත්මහාවට වඩා වැඩවසම්වාදය හොඳය.හෙදියන් පමනක් නොව කෝකත් ඔහොම තමාය.
    අප දොස්තරලාගේ තරාතිරම්වාදයට බමුණු කුලයට එරෙහි වෙමු.එසේම හෙදියන්ගේ බලු බමුණු කුලයටද ඊට වැඩි වේගයකින් එරෙහි වෙමු.

    ReplyDelete
  11. මම නම් කියන්නේ ලංකාවේ ආරෝග්‍යශාලාවල කන්‍යා සොහොයුරියන් හට පෙර කල දී මෙන් සේවය කිරීමට අවකාශ දිය යුතුයි කියලා. එහෙම වුණොත්...... අනේ වාසනාවන් !!!

    ReplyDelete
  12. පැරා කියන විදියට නම් පැරාගේ ඉස්කෝලේ ඉන්න ලිපිකාරිනියන් ගුරුවරුන්ට සර් කියන්න ඕන නෑ. කොහොමද ඉස්කෝලේ ඉන්න ක්ලාක් ළමයි පැරා කියල කතා කරනකොට තියෙන ආතල් එක.

    ගුරුවරු ටියුෂන් කරාට කමක් නෑ. දොස්තරලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න හොඳ නෑ.

    සමාජවාදය ගෙදරින් වගේ නරකද තමන්ගේ වෘත්තියෙන් ඕවා පටන් ගත්තොත්. මොකද වැඩ නොකර පඩි ගන්න ගුරුවරු නැතුව නෙවි නේ.

    ReplyDelete
    Replies
    1. ඔය සර් කියන වචනෙ ඉස්කෝලවල එච්චර ලොකු එකක් නොවෙයි.රෝහල් වල කාර්යාල වල හරිම සාන්ද්‍ර වචනයක් වන සර් ,මැඩම් වගෙ වචන ඉස්කෝලවල තනුකයි.එහෙම වෙලා තියෙන්නෙ ගුරුවරු එකිනෙකාට ඒ වචනෙන් ආමන්ත්‍රනය කරන නිසයි.හරිම අපූරුයි ඒක.ළමයි සර් කිව්වට ඒක එහෙමට ඇඟට දැනෙන්නෙ නෑ.
      ඕක කොමන් කරන්න ඕන.පාර අතුගාන අයටත් සර් මැඩම් කියන්න ඕන.ඕක මත්තෙනෙ ඔය හැම එකාම මැරෙන්නෙ.

      Delete
    2. ප්‍රංශයේ වෙනසක් නැතුව දොස්තරලා ඉංජිනේරුවන්ගේ සිට පාර අතුගාන එකාට/එකියටත් කියන්නේ Monsieur (මහත්මයා) හා Madam (මහත්මිය) කියාය.

      Delete
  13. මගේ සිව් හැවිරිදි කුඩා දියණිය නොදන්නාකමින් පැනඩෝල් පෙති හතරක් බී ලේඩි රිජ්වේ එකට රැගෙන ගියෙමි.

    මුලින්ම මුණ ගැසුණු වයසක හෙදිය නපුරු ලෙස ඇසුවේ මෙවන් ප්‍රශ්නයකි. "ඇයි පැනඩෝල් පෙති හතරක් බීලා නැවතුණේ තව බොන්න තිබුණනෙ"

    මුන්ගෙ හැටි දැක්වීමට මෙය ඇතිය සිතමි.

    ReplyDelete
    Replies
    1. උඹට තිබුනෙ බැල්ලිගෙ හොස්ස තලල පැනඩෝල් ටිකක් දෙන්න..

      Delete
  14. "දේශපාලන ක්ෂේත්‍රයේදී සිංහලයන් බොදු බල සේනාවට පක්ෂ වන්නා සේ ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී රටේ වැඩි දෙනා පක්ෂ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයටයි. "

    මේක උඩින් තියන කොමෙන්ට් වලින්ම ඔප්පුවෙනවා

    ReplyDelete
  15. මේ හෙදි ප්‍රශ්නය නෙවෙයි, මෙතන කොමෙන්ට්කරලා තියන හුග දෙනෙක්ට මේ ලිපියෙන් කියන පණිවිඩය තේරුම් ගන්ඩ බෙරිවෙලා තියන එක පුදුමයි..

    ReplyDelete
  16. ඕනෑ ම සමාජයක මෝඩයෝ වැඩි යි, නුවණැත්තෝ අඩු යි.

    ඒ වගේ ම,

    ඕනෑ ම බ්ලොග් පෝස්ටුවකට කොමෙන්ටු ලියන අයගෙන් මෝඩයෝ වැඩි යි, නුවණැත්තෝ අඩු යි.

    ඒ කාරණය මෙතන ලියලා තියෙන කොමෙන්ටුවලින් හොඳට දැක ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඇවිල්ල බක පණ්ඩිතය !

      Delete
    2. කට පියන් සිටිනතුරු නුඹද නුවනැත්තෙකි

      Delete
    3. ගස් ගෙම්බෝ දෙන්නෙක් මගෙ කොමෙන්ටුව උඩ රීලා...
      මේකෙන් ම මම කිවූ කාරණය සනාථ වෙනවා.

      Delete
    4. සන්තොසද?

      Delete
  17. ධර්මරත්නJuly 2, 2014 at 6:41 PM

    ජනාධිපති කමට නුසුදුසු බුවාලා ජනාධිපති වන රටේ ඔවත් ප්‍රශ්නද පැරා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි, පුතා.

      Delete
  18. මම ලමයි තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක්,දෙන්නෙක් වැදුවෙ වින්නඹු අම්මල,ඒත් මේ පාර මේ අරගලය නිසා තුන්වෙනි බබා වැදුවෙ වින්නඹු නර්ස්ලගෙ උපකාරෙන්,කලින් පාර වලදි මම නොසෑහෙන්න බැනුම් ඇහුව වින්නඹු අම්මලගෙන්, තටමන්න කිය කියා මගේ තට්ටමටත් පහර දීල තියෙනව,ඒ වගේම කලින් වතා වලදි මගේ මැහුම් කැඩිල පැසවන්න උනා, ලඟ රෝහල තියෙත්දි වින්නඹු අම්ම මාව යොමු කලේ හැම විටකම එම් ඕ එච් දොස්තර මහතාගෙ පුද්ගලික සායනයට, අපිට හරියට ප්‍රශ්ණ වින්නඹු අම්මගෙන්, ලමය හම්බ වෙන්න කලින් අපිව බලෙන් නර්ස්ලට විරුද්ද උද්ගෝසනේකටත් ඇරගන ගියා,අපි ලමයට බෙහෙත්ටික විද්දව ගන්න තියෙන නිසා වින්නඹු අම්මලගෙ වචනෙට පිටින් යන්න බැහැ,ලමය හම්බ උන වෙලාවෙත් කලින් පාරවල් දෙකේදිම "මම ලමයව ගත්තෙ," කිය කිය වාට්ටුවෙන් පිට වෙන වෙලාවෙ පිදේනි අරගන්න වින්නඹු අම්මල එනව,ගෙදර ගියාම ගමේ වින්නඹු අම්මට පිදේනි දෙන්න ඕන ,මොනවහරි නොදුන්නොත් වත්තෙන් පිටට යන ගමන් ගස්ලබු තියෙන්නෙ කියල ගහ දිහා බලනව,ඉතින් කඩල දෙනව.ලමයාට් හරි මට හරි ප්‍රශ්ණයක් උනොත් වින්නඹු අම්ම කියන දොස්තර ගාවට යන්න ඕන.මෙතන මේ දෙගොල්ල එකතු වෙලා අපිව හූරගන කනාව්. ගිය දෙපාරෙම ප්‍රසූතිය ඉවර වෙලා වැදුම් ගෙයි ඉඳන් වාට්ටුවට යනකොට ලමයව කුණුමාලුකෑල්ල වගේ මගේ කකුල් අතර තියල ට්‍රෝලිය තල්ලු කරගන යනව,බයයි ලමය වැටෙයිද කියල.මේ පාර නර්ස් මිසීල බොහෝම කරුණාවෙන් ප්‍රසූතිය සිද්ද කලා,බැන්නෙ නෑ,ඒ වගේම වාට්ටුවට යනකොට උපදෙස් දුන්න මොනාම් ප්‍රශ්ණයක් උනත් රෝහලේ සායනායට් එන්න කියල ,එතැඅන් දී අපිට ප්‍රතිකාරත් ලමයට බෙහෙතුත් විදිනව කිව්ව ,ඒක අපට ලොකු සහනයක්,වැදුම් ගෙයි ඉදල වාට්ටුවාට් යනකම් මගේ පැටිය වඩාගන ආවෙ නර්ස් මිසී කෙනෙක් ,කම්කරු ගෑනු දෙන්නෙක් වෙන්න ඇති ට්‍රොලිය තල්ලු කරාගන ආව,ඇත්තටම වෙන වාට්ටු වල මිසීල වගේ නෙමෙයි එයාල මගේ හිතට ලොකු හයියක් උනා, මගේ ප්‍රසූතිය සිද්ද කලේ නර්ස් මිසී කෙනෙක්,වින්නඹු අම්මත් ලග හිටියට එයාට ප්‍රසූතිය කරන්න ලැබුනෙ නැහැ.ඒ වගේම ප්‍රසූතිය ඉවර උනාම මට ආපු පිපාසාව බඩගින්න නර්ස් මිසී ගෙනත් දුන්න කිරි වීදුරුවෙන් සමනය උනා මම තව එකකුත් ඉල්ලගන බීව,ඒ වගේම දොස්තර මහතුනුත් ඉතාම කරුණාවෙන් මට උදව් කලා, දෙවියෝ රැක දෙන්න ඕන රත්නපුර රෝහලේ ප්‍රසූතාගාරයේ හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලය.

    ReplyDelete
    Replies
    1. This is a nurse

      Delete
    2. cant you see its a fiction. This person is good in writing. But unfortunately hasn't done a proper study.

      Delete
    3. අපි ජීවත් වෙන්නෙ මහ පොලවෙ අපේ දුක කියන්න ඉතිරි වෙලා ඉන්නෙ සමන් දෙවියො විතරයි ,උඩ මේක ට විරුද්දව අදහස් දක්වන පොලවෙ පය නොගහ ඉන්න මහත ඉන්නෙ බෙල්ල වටේ තියෙන නලාවෙ ඌශ්ණෙන් වෙන්න ඕනි,මම ත් නර්ස් ලගෙ අකටයිතුකම් වලට ඇතිතරම් ලක් වෙලා තියෙනව , වරක් මගේ තාත්ත ඇක්සිඩන්ට් වෙලා ඔය රෝහලට ගෙනිච්ච වෙලාවෙ දොස්තර ප්‍රතිකාර ලියල දීල තිබියදීත් එක නර්ස් කෙනෙක් තාත්තගෙ සුදුපාට ක්‍රීම් එකක් සීරිම් වල තැවරුවේ ජීවිතේටම පිරිමි උරිස්සක් දැක්කෙ එදා වගේ මහා අපුලෙන් ලිංගික අවයවයක් දිහා බලන්න වගේ, බිමත් ක්රීම් ගුලියක් ඉහිරවමින් මහා නොසැලකිල්ලෙන්, මම හිතන්නෙ ඒක ප්‍රතිජීවක ක්‍රීම් එකක්, ඒව හසුරුවන විදිය සාමාන්‍ය අපත් දන්නව ,ඒත් හෙදිය දන්නෙ නෑ. ඒ වගේම මගේ මවගේ මුත්‍රා ආසාදනයක් සදහා වාට්ටුවේ නවත්වා සිටින විට ඇගේ අතේ නහරයකට දිය යුතු බෙහෙතක් නහරයකට නොදී කටුව පිට පැන තිබුන, සේලයින් එකේ බටය දිගේ ලේ ඇවිත් තිබුන, මව අත වේදනා දෙන බව හා ඉදිමී ඇති බව වරින්වර පැවසූවත් නර්ස් ගානකටවත් ඇරගන නැහැ,සවස අපි මව බලන්න යන විටත් මව දැඩි වේදනාවෙන් හිටියෙ, වෙන වාට්ටුවක හිටි සහෝදර දොස්තර මහතෙකුට පැවසූ විට ඔහු විත් බලා එම වාට්ටුවේ දොස්තර මහතෙකුට දන්වා තමා එය නිවැරදි කරගන්න උනේ.වයසක අම්ම වාට්ටුවෙන් යනකම්ම අම්මට නර්ස් ලා ඇනුම්පද කියල එයාට ආයෙ රෝහලට එන්න එපා කලා,බහුතර නර්ස් සමාජය මෙහෙම කියල අපි දන්නව. අපි කාටද කියන්නෙ ,සුලු සේවකයො ගත්තත් අතේ ගාන තියනකම් වීල් චෙයා එකෙන් වාට්ටුවට ගෙනියන ලෙඩාගෙ බාරකරුවන් ගාවින් හෙල්ලෙන්නැහැ.සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩල සමිති අටවගන එකිනෙකා පරයන්න ලොකු තරගයක ,රෝගී සේවාව අමතක කරල . පරිපාලනය බාර දොස්තරල ගේ සමිතිය ඔක්කොටම ඉස්සරහින් ,කාටද අපි මේව කියන්නෙ..
      රටේ රජයක් තියෙනව ,බදු ගන්නව ,රජයේ සෞඛ්‍ය සේවය බල්ලන්ට බැල්ලියන්ට නටන තැනක් කරල ,මම මේ කිව්වෙ උඩ ඉන්න මහත්තයට හෝ නෝනට, ඉන්න හීන ලෝකෙන් බිමට බැහැල බලන්න ,නැවතත් මගේ ස්තුතිය රත්නපුර රෝහලේ ප්‍රසූතාගාරයේ සියලු කාර්ය මණ්ඩලයට හා අගනා මහජන සේවයට.

      Delete
    4. ලඟදි ළමයෙක් හම්බ උනාලු. ඒත් මෙච්චර හෑලි කොටනවා.....අපි අහුවෙයි.....ළමය කිරි එහෙම බොන්නේ නැතුවැයි?

      Delete
  19. දොස්තරගේ හිනාවේ වෙනස බලාගන්න ඕනි නම් උදේ රෝහල් සායනයේදී හමුවී, වෙස් මාරුකරගන සවස පුද්ගලික සායනයේදී හමුවී බලන්න, සල්ලි වලට මුන් බල්ලන්ගේ පුකටත් දිවදාන හැටි පුද්ගලික සායනයේදී බලාගත හැකිය.

    ReplyDelete
  20. මේ දෙපාර්තුමේන්තුවෙ පරිපාලනය කරන්නත් එම් බි බි එස් තියෙන්න ඕන,කොච්චර හොද පරිපාලනයක්ද ම<මේ පරිපාලනේ ඇතුලේ තමා මෑතක නිකුත් උන ඔසු පනත අමාත්‍යාංශය තුලදී අස්තාන ගත වුනා කියන්නෙ ..පස්සෙ හම්බවෙනව ,කාටත් නොපෙන්ව අනුමත වෙනව ,අනුමත උනාට පස්සෙ ඒක අන්තර්ගතයෙ තියෙන්නෙ අස්තාන ගතවූ එකේ තියෙන ඒව නෙමේලු... සේනක බිබිලෙගෙ නමට මුවාවෙලා තියපු සරුව පිත්තල මල් වඩමක්ලු...ඕක ඉතිං අස්තාන ගතකොරල තමුංට ඕනෑවිදියට ලියාගන තියෙන්නෙ නර්ස්ල වෙන්ට බැ නේද, වැඩිම ලකුනු ඇරගත්ත දොස්තර වරුනි..? දොස්තරල පරිපාලනේ යස අපූරුවට කොරන නිසා තමයි අන්තර් කාර්ය මණ්ඩල එකිනෙකා කොටවල තමුන්ගෙ බලය තහවුරු කරගන්න ,මහින්දගෙ තියරිය අනුගමනය කරන්නෙ නේද. යකෝ තොපිලගෙ පරම්පරාවම , දොස්තරලද, තොපෙ මතුඋපදින පරම්පරාවත් තොපිට් දොස්තර කම උරුමයක්ද, මේ නැතිකරන්නෙ විනාශකරන්නෙ තොපේ එදා වේල උදෙසා ජනතාවගේ අයිතියයි,තොපිට දවසක තේරෙයි.

    ReplyDelete
  21. දොස්තරලගෙ දෙබිඩ්ඩො නාටකය තමා පුද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දමනු, ඒත් පුද්ගලික රෝහල් අරිනු.

    ReplyDelete
  22. hemahediyakma,arakadakappalkari hediyangemimenn maninnaepa.eekath Ara hema,hamudurunamakma BBS nowenawa wgethami.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා