උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල්

මේ ඔබේ දරුවාගේ පංතියයි

හදිසි දොරටුව කොහිද?
මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි.

උපුල් ශාන්ත සන්නස්ගලගෙන් සිංහල උගත් පරපුරට සිංහල බැරි වන්නට එක් හේතුවක් මෙතැන තිබේ.

මේ වනාහි කුකුළු කූඩු ය.

රොටරි ශාලාවේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ටියුෂන් පංතියට ගිය රනිල් වික්‍රමසිංහ විසින් සිසුන් තුළ බලාපොරොත්තු දල්වන ලද අනාගතය තුළ මෙවැනි කුකුළු කූඩුවල දුක් විඳීමේ පාපයෙන් මිදෙන්නට ලංකාවේ ළමයින්ට අවස්ථාව ලැබේවා යි අපි පතමු.

එසේම, ‍ජේසු ජීවමානයි පන්නයේ ඉන්ද්‍රජාලිකයන් වෙනුවට සැබෑ ගුරුවරුන් බිහි වේවා. බන්දුල ගුණවර්ධන සේ උපුල් ශාන්ත සන්නස්ගලත් ඔහුට සුදුසු තැනට ම යේවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. අම්බලමෙ පිනාJuly 28, 2014 at 10:44 PM

    අම්බලමෙ පිනාJuly 27, 2014 at 8:10 AM

    2009 සබරගමුව පලාත් මහඇමති අපේක්ෂකත්වය භාරගත්තෙත් නැති ප්‍රතික්ෂේප කලෙත් නැති උපකාරක පංති දේශක සන්නස්ගල, තම පංතිවලට අලුතින් සිසුන් බදවාගැනිම් ආසන්නයෙ එම කාලයෙ පවතින සමාජ කතිකාවකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී මාධ්‍ය සංදර්ශන පෑම එච්චර ගනන්ගන්න එපා බං. ආදරනීය වස්සා නෙ

    ReplyDelete
    Replies
    1. 'මේ වනාහි කුකුළු කූඩු ය. '

      අයිසේ අජිත් පැරකුම්, ඉතිං ඔයි තමුසෙත් මතුගම පැත්තේ ජිවත් වෙන්නේ කුකුල් කුඩුවක් වගේ තැනකනේ. දැන් තමුසේ ටියුෂන් කරන තැන A/C එහෙම දාලාද තියෙන්නේ?

      Delete
    2. උපකල්පන සිදු කිරීමේ වරදක් නැත, උපකල්පනයන් සත්‍ය කරුණු සමග පටලවා ගැනුම ගොන්කමකි

      Delete
    3. //අයිසේ අජිත් පැරකුම්, ඉතිං ඔයි තමුසෙත් මතුගම පැත්තේ ජිවත් වෙන්නේ කුකුල් කුඩුවක් වගේ තැනකනේ. දැන් තමුසේ ටියුෂන් කරන තැන A/C එහෙම දාලාද තියෙන්නේ?//

      උපකල්පන සිදු කිරීමේ වරදක් නැත, උපකල්පනයන් සත්‍ය කරුණු සමග පටලවා ගැනුම ගොන්කමකි

      Delete
  2. ''ආදරණිය වස්සන්ගේ'' ''ලී-බැරල්'' ධනවාදය!

    ReplyDelete
  3. ඔය මොනවා තිබ්බත් උනන්දුව තියෙන එකා ඉගෙන ගන්නවා......අපිත් ගිය ක්ලාස් ඔහොම තමයි...

    ReplyDelete
  4. මම නම් හිතන්නේ මෙතන ඉන්න ඔක්කොම උනන්දුව තියන උන් තමයි බන්, නැත්නම් ඔය සෙන්ටිමීටර් පහලවේ බංකුරත් කරන්නේ නැනේ බන්. අනෙක මෙතන ඉන්න උන්ගෙන් 95% වත් විභාගේ ගොඩ යනවා. (දැන් ගැටලුව තියෙන්නේ A 3 අර ගත්තත් කැම්පස් යන්න බැරි එක.) මුන් ගැන ( අතීතයේ මම, අපි ) ගැන මිට වඩා මානුෂිකව හිතන්න ඕනේ. ගැටලුව තියෙන්නේ මුන්ගේ ජිවිත ලේසි වෙන්න කරන්න පුළුවන් සුළු දේවල් ටිකවත්, මේ අහිංසකයින්ගේ සල්ලි බෙදා ගන්න මිනිස්සු නොකරන එකයි.

    ReplyDelete
    Replies
    1. yes that is true..

      Delete
    2. මම යටම ඇනෝ
      ඔවු කොහොමත් ගොඩ යනව.රචනෙ ලියල අවස්ථා සම්බන්දෙ මොනවහරි ලියල රස විදීම කුරුටුගාගත්තනම් එතනම එස් එකක් නෙ.
      මූ හම්බකරන හැටියට සේවෙ මදි එක ගැන මේ කියන්නෙ

      Delete
  5. යකෝ.....කුහක වෙන්න එපා......බලපන්...දාලා තියෙන නම" කුකුළු කූඩුව " රොටරි එකේ හැටියට නම් එහෙම කිව්වට කමක් න...පව් යකෝ...මෙතන ඉන්නවා දෙහිඅත්තකන්ඩියේ කුඹුරු කොටන අම්ම තාත්තගේ ළමයි පවා......උන්ට සල්ලි තියෙනවා නම් මේ කූඩු ගානේ රිංගන 1ක් නෑ ...සිග්මා වගේ ඒවාට යයිනෙ......අනිත් එක කව්ද කියන්නේ සන්නස්ගලගේ පන්තියේ එවුන්ට සිංහල බෑ කියල....මොන බයිලා කිව්වත් සන්නා උගන්නනවා...අපි සැළලිහිණිය පාඩම් කරේ නැති උනහම රොටරි කොරිඩෝවේ දනගහගෙන හිටිය....එත් අයෙත් ඒ දඬුවමට අකමැති නිසා අපි පාඩම් කරා...විභාගෙත් පාස් උනා......එහෙම ඉගෙනගන්න තැනට ළමයි පත් උනේ සන්නා නිසා.....

    ReplyDelete
    Replies
    1. දෙහිඅත්තකණ්ඩියේ කුඹුරු කොටන අම්මලා තාත්තලාගේ ළමයි එහේ ඉඳලා සිංහල ඉගෙන ගන්න මෙහේ එනවා කියන්නේ දෙහිඅත්තකණ්ඩියේ උසස් පෙළ සිංහල උගන්නන්න පුළුවන් ගුරුවරු නැහැ කියන එක ද?  නැතිනම් එවැනි ළමයිත් මෙවැනි පුුහු රැළිවලට අහු වෙලා කියන එක ද?

      "න්නස්ගලගේ පන්තියේ එවුන්ට සිංහල බෑ කියල....මොන බයිලා කිව්වත් සන්නා උගන්නනවා...අපි සැළලිහිණිය පාඩම් කරේ නැති උනහම රොටරි කොරිඩෝවේ දනගහගෙන හිටිය....එත් අයෙත් ඒ දඬුවමට අකමැති නිසා අපි පාඩම් කරා...විභාගෙත් පාස් උනා...."

      'උනා' නෙමෙයි ළමයා 'වුණා.' ඔබගේ සන්නාමයට පාත්‍ර වන ගුරුවරයෙක් වූ (ඌ කිව්වොත් වැරදියි) සන්නා සිංහල උගන්නා ඇති ආකාරය ඔබෙන් ම පෙනෙනවා.

      ඔය කියන රොටරිය වධකාගාරයක් ද?

      අධ්‍යාපනය කියන්නේ දියුණු විද්‍යාවක්. ඒ ගැන හදාරා බලන්න. සරළ ගුරු පුහුණුවක් තිබෙන අය පවා දන්නවා. ඔය කොරිඩෝවල දනගස්සවලා කරන උගැන්නිල්ල වැරදි බව.

      අනෙක් පැත්තෙන් ගුරු - සිසු අනුපාතය කියා වැදගත් කරුණකුත් අධ්‍යාපනයේදී අදාළ වෙනවා. මෙතැන ගුරු සිසු අනුපාතය 1:1000ට වැඩියි. සාමාන්‍යයෙන් හොඳ අනුපාතයක් ලෙස සැලකෙන්නේ 1:25 වගේ සංඛ්‍යායි.

      සන්නස්ගල හරි නම් අධ්‍යාපන මනෝ විද්‍යාව වැරදියි.

      Delete
    2. රැලි පුහුද නැද්ද කියන එක හොයන්න මේ දරුවන්ට වෙලාවක් නෑ පැරා. දෙහිඅත්තකණ්ඩියේ ඉඳන් විභාගේ පාස් වෙන්න පුලුවන්ද බැරිද කියන සරල ප්‍රශ්නය විතරයි ඔවුන්ට තියෙන්නේ.විභාගේ පාස් වෙන්න ඔවුන් ඕනෑම දුකක් විඳිනවා. දෙහිඅත්තකන්ඩියේ ළමයි ඔක්කොම කොළඹ එන්නේ නෑනේ. ඔවුන්ගේ මිතුරන් එහෙ ඉඳන් පාස් වෙනවනම් ළමයි දුක් විඳගෙන කොළඹ එන එකක් නෑ නේද?

      Delete
    3. ටියුෂන් කියන්නේ ලංකාවේ අධ්‍යාපනයේ විශේෂයෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තියෙන අර්බුදයේම එක් ප්‍රකාශන කැඩපතක් පමණයි. අනිත් අතින් ධනවාදය තුල අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් ලෙස උත්කර්ෂයට නැංවීමේදී ඇතිවන ඛේදයට උදාහරණයක්. කලයුතු පළමු දේ වෙන්නේ උසස් පෙළ සදහා ඇති අනවශ්‍ය තරගය හා පීඩනය අවම කිරීම. උසස් අධ්‍යාපනයක් ලැබීමට කැමති සියල්ලන්ටම හා උපාදියක් ලබාගැනීමට කැමති සියල්ලන්ටම විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබා ගැනීමට හැකිවන සේ අධාපනයට කරන රාජ්‍ය මැදිහත් වීම ඉහල දැමීම. මානව සම්පත් සංවර්ධනයට ආයෝජනය කිරීම පින්තකා කරන දෙයක් නොවේ. එය රටක සංවර්ධනයේ ප්‍රධාන මුලොපායකි.

      Delete
    4. හ්ම්.

      ඔබ කියන දේ වෙනකම්?

      Delete
    5. ටියුෂන් සදහා ප්‍රමිතියක් හදුන්වා දෙනු!. ටියුෂන් මුදලාලිලා රාජ්‍ය අදික්ෂණයට ලක් කරනු!!. ළමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරනු !!!

      Delete
    6. ගුරුතුමා ආ වැරදුනා සන්නගෙ සිංහල අතේ කයිතන් නේද? මම යටම ඇනෝ

      Delete
  6. මෙතන සිදුවෙලා තියෙන්න අජිත් පැරකුම් තුල සිටින සවිඥාණික ටියුෂන් මිනිසා ඔහුට නොදැනුවත්වම අවදිවීම. මොකද අපිත් දන්නවනේ අජිත් පැරකුම් උනත් ටියුෂන් කරනවා කියලා. ඉතිං අජිත්ගේ පන්ති වලට එනවටා වඩා දහස් ගණනක් සිසුන් මෙම පන්තියට එනකොට අජිත්ගේ කුහක සිත කෑ ගහනවා. උපුල් ශාන්ත උගන්වන්නේ වෙනත් විෂයක් වුවවත් උපුල් සොයනා මුදල ගණන් බලන අජිත් ඉර්ශියාවෙන් පෙළෙනවා. ඒකයි මේ 'කුකුල් කුඩු' කියන වචනය යොදා ඇත්තේ.

    වැඩි මුදලක් ඩි,වැඩි පහසුකම් සහිත සිග්මා වැනි පන්ති ඕනා තරම් තිබෙනවා. එසේම අවශ්‍ය නම් ඊටත් වඩා මුදලක් ගෙවා ගුරුවරයෙක් ගෙදරටම ගෙන්වා ගෙන ඉගෙනගත හැකියි. ඒත් ඔය ඉහත උපුල් ශාන්ත වැන්නවුන්ගෙ රොටරියේ ඇති පන්ති වලට 90 % පමණ සිසු සිසුවියන් සාමාන්‍ය රජයේ සේවකයන්ගේ,කම්කරු ජනතාවගේ ළමුන්. ඔවුන් ඔවැනි පන්තියකටත් අවශ්‍ය මුදල සොයාගන්නේ අමාරුවෙන්. අනික කුහක අජිත් මොනා කිව්වත් සන්නස්ගල ළමයිව ගොඩ දානවා. මේ ළමයින්ගෙ සියට 90-95 විභාගේ ගොඩ යනවා. A-3 ගන්න හැමෝටම කැම්පස් යන්න බැරි හින්දා හැමෝටම කැම්පස් යන්න බැරිවෙන එක ඇත. ඒත් උන් විභාගේ ගොඩ දාගෙන මොකක් හරි දෙයක් අනාගතය වෙනුවෙන් කරගන්නේ අජිත් කියනා 'කුකුල් කුඩු' හින්දා තමයි.

    මමත් දැන් කාලයක් ඉදලා අජිත් පැරකුම්ගෙ බ්ලොග් එක බලනවා. හැබැයි අද නං දැනගත්තා අජිත් පැරකුම්ගෙ මහලොකු සමාජවාදයේ හෙළුව. අජිත්ගේ සමාජවාදය කියන්නේ කම්කරු ජනයාට,සාමාන්‍ය රජයේ,පෞද්ගලික අංශයේ සේවකයන් ගෙ දරුවනට ඉගෙන ගන්න තියෙන ස්ථාන වලටත් අපහාස උපහාස කිරීමද? ඔච්චර කුහක වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මාස්ටර් ඔයාගේ නේද අර හුජ්ජ කරන්නවත් තැනක් නැති, ගිනියම් වෙච්චි ටකරං වහලයක් තියන, බිමට සිමෙන්තිවත් දාලා නැති, දූවිල්ලෙන් පිරිච්ච, ලී මෝලකින් අහක දාපු පිට පලු වලින් ෙඩස්, බංකු හදලා තියන, ඔයාගේ ගෑණි මුදලාලි වගේ ඉඳගෙන සල්ලි අයකරන, ටියුෂන් කඩේ?

      Delete
    2. ඔබ කියන ආකාරයට කම්කරු පංතියේ ජනයාගේ දරුවන් හැමදාමත් මෙවැනි කුකුළු කූඩුවල ලැග ඉගෙන ගත යුතුයි. ඉඩකඩ, වාතාශ්‍රය, ආරක්ෂාව, සුවපහසුව වෙනුවෙන් කතා කරන අය කුහකයෝ නම් මෙවැනි තැන්වල ළමයින් ගාල් කර සල්ලි කඩා ගන්නා අය කවුරුද?

      අපේ මහ ලොකු යයි ඔබ කියන සමාජවාදේ නිසා තමයි, මෙවැනි ඡායාරූපයක් පාවිච්චි කරලා මේ ළමයින්ගේ අයිතිවාසිකම් ගැන අපි කතා කරන්නේ. මෙය ඉතා නින්දිත ලෙස ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔබට නො පෙනෙන්නේ ඔබගේ කුහකකම හා සල්ලිකාරයන් වන්දනා කරන්නට තිබෙන කැමැත්ත නිසා වෙන්න ඇති. අපි කතා කරන්නේ මේ ළමයින්ට හුස්ම ගන්න තිබෙන අයිතිය ගැන.

      අනෙක මෙයත් තේරුම් ගන්න. මේ ලියන මම වුණත් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැහැ. අපි විරුද්ධ ටියුෂන් නමින් කරන මුදල් ගැරිල්ලට. අධ්‍යාපනය හා ටියුෂන් කියන්නේ එකක් නොවෙයි දෙකක්.

      Delete
    3. /අනෙක මෙයත් තේරුම් ගන්න. මේ ලියන මම වුණත් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැහැ. අපි විරුද්ධ ටියුෂන් නමින් කරන මුදල් ගැරිල්ලට. අධ්‍යාපනය හා ටියුෂන් කියන්නේ එකක් නොවෙයි දෙකක්./

      ඔබ මේ චෝදනා කරන්නේ පහත තොරතුරු දන්නා නිසා බව උපකල්පනය කරමි. (එය නොදන්නේ නම් මේ චෝදනාව පුස්සක් බවට පත්වේ.) කරුණාකර මේ තිරතුරු අපටත් ලබා දෙන්න.

      1. මේ පන්තියකට සන්නස්ගල සිසුවෙක්ගෙන් අය කරන ගණන කීයද?
      2. පන්තියකට සහභාගි වන සිසුන් ගණන කීයද? ඒ අනුව මුළු ආදායම කොපමණද?
      3. ඔහු ශාලා පහසුකම් පිණිස ගෙවන ගණන කීයද?
      4. ඔහුගේ අනෙක් වියදම් කොපමණද?
      5. ඔහුගේ ශුද්ධ ලාභය කොපමණද?

      Delete
    4. මචන් ඕක සන්නස්ගලානේ දන්නේ ඇයි අපෙන් අහන්නේ?

      Delete
    5. ජපානයේ එක ක්ලාස් එකක ඉන්න පුලුවන් උපරිම සිසුන් ගනන 40යි.
      (පාසැල්, විශ්ව විද්යාල, වගේම් පුද්ගලික ටියුෂන් වල)

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. ළමා අයිතීන් ගැන පැරකුම්ගේ හඩට තුති. ටියුෂන් වල මැර බලයත් උපරිමව තිබෙනවා.සිසුන් බියවැද්දීමට පාතාලයේ සහාය ලබා ගන්නවා.සිසුන්ගේ ඔළු කොලොප්පම් කර සුපර් ස්ටාර් මානසිකත්වයක් හදා ප්‍රේම මනෝ ලෝකවල අතරමන් කරලා සල්ලි කඩා ගැනීමයි මුන් කරන්නෙ.

      Delete
  7. මම ටියුෂන් ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඔය ක්‍රමයට සම්පූර්ණයෙන්ම තිත තියන්න ඕන. පාසැල් පවත්වන වේලාව වැඩිකරන්න ඕන. 8 ඉඳලා 3 වෙනකම්. කාලසටහනේ එක විෂයකට වෙන්කරලා තියෙන විනාඩි 40 පැයක් කරන්න ඕන. ඉස්කෝලවල තියෙන විෂය බාහිර දේවල් අත්‍යාවශ්‍ය දේවල් වලට පමණක් සීමා කරන්න ඕන. ඉගැන්වීමට සහ ඉගෙනීමට මුල් තැන දෙන්න ඕන. එතකොට ඔය කුකුළු කූඩු අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි.ඒත් එක පාර ඔතනට යන්න බෑ. පාසලෙන් පස්සේ ළමයට මොකද වෙන්නෙ? රැකියාවකට සුදුස්සෙක් කරන්නේ කොහොමද? ලංකාවෙ බොහොමයක් දරුවෝ ඉගෙන ගන්නේ අනාගතය සුරක්ෂිත කරගන්න තියෙන එකම ක්‍රමය ඒක නිසා. දැනටත් මාතර පැත්තේ පාන්දර 4 ට පන්ති තියෙනවා කියල මම අහල තියෙනවා. ඇත්තද දන්නේ නෑ.

      Delete
    2. රැකියාවක් හොයාගන්න අධ්‍යාපනය විතරක් මදි. කරන්න බලාපොරොත්තු වෙන රැකියාවට අවශ්‍ය කුශලතාත් තියෙන්න ඕන (employability skills). ඒවා පාසැලෙන් දෙන්න බෑ. අනික ටියුෂන් කියන්නේ ව්‍යාපරයක්. හැම ව්‍යාපාරයකටම තියෙන ප්‍රමිතීන් ටියුෂන් වලටත් තියෙන්න ඕන. ඉඳගන්න පුටුව, මේසය, ලමයෙකුට අවශ්‍ය ඉඩ ප්‍රමාණය (කුකුල් කූඩුවකටත් ප්‍රමිතියක් තියෙනවා. බිත්තර කිකිලියෙකුට වර්ග අඩි 2 1/2 ක් අවශ්‍යයඉ. බ්‍රොඉලර් නම් වර්ග් අඩි 1 1/2 ක් අවස්‍යයයි.) වැසිකිලි පහසුකම්, ආලෝකය, වාතාශ්‍රය ආදී වශයෙන්. කුරුණෑගල පැත්තේ තියෙන ටියුෂන් කඩේකට ලමයි එන්නේ පාන්දර ජාමේ ඉඳන්ලු. සීට් අල්ලගන්න. බොහොමයක් ලමයින්ට කොන්දේ සහ අත්පය අමාරු, මොකද කුදු වෙලා හිරවෙලා ඉඳගන්න නිසා. ලෙඩ රෝග බෝවෙන සම්භාවිතාවය වැඩියි. වැසිකිලි පහසුකම් නැති නිසා සමහර ගෑණු ලමයි වතුර බොනෑ. මූත්‍රා කරන්න වෙන නිසා. ඔය කියන හයි ෆයි ටියුෂන් කඩවල ඕවා තියෙනවද? නෑ නේ?

      ඔය පොරවල් දේශපාලනේට ආවාම අර බන්දුලයටත් වඩා හපන් වෙයි!

      Delete
    3. මල්ලි,

      සන්නස්ගල කියන්නේ තමන්ගේ අම්මවත් විකුණලා හම්බ කරන මිනිහෙක් කියන එක ගැන තර්කයක් නෑ.

      ටියුෂන් වලට ප්‍රමිති තියෙනවා නම් හොඳයි. නමුත් ඔය කුකුල් කූඩු වලට පිං සිද්ධවෙන්න ජීවිතේ ගොඩ ගියපු මිනිස්සු ගොඩක් ඉන්නවා. කුරුනෑගල යන්න ඕන නෑ. නුගේගොඩ උනත් ගොඩක් තැන්වල තත්වය එකම තමයි. අපි යන කාලේ මීට අවුරදු 15 කට විතර කලින් ඔයිටත් වඩා නරකයි. ළමයි 1000 කට විතර වැසිකිලි දෙකයි. පිරිමි ළමයි 4 දෙනෙක් මුලු 4 ට මුත්‍රා කරනවා ඉන්ටවල් එකේ. හැබැයි ඒ කාපු කට්ටේ පිහිටෙන් AL පාස් උනා කැම්පස් යන්න. කැම්පස් එකෙන් එලියට එනකොට හොඳ ජොබ් එකක් හම්බ උනා. දැන් දෙයියනේ කියල කාලා ඇඳලා එදා ටියුෂන් සර්ලා පැද්දට වඩා හොඳ වාහනයක් පැදගෙන ඉන්නවා. මගේ දෙමව්පියො නම් ඒ කුකුල් කූඩු පන්තියටත් මාව යැව්වේ අමාරුවෙන්. මට පාස් වෙන්න ටියුෂන් උදව් උනා. ඉතිං ඔක්කොම පන්ති පොෂ් වෙලා ලොකු ගණන් අය කරා නම් කවදාවත් මට මෙතනට එන්න බෑ. ටියුෂන් පන්ති පොෂ් කරලා ඒ පිරිවැය ළමයින්ගේ ගාස්තුවට එකතු කරන එකෙන් වෙන්නේ අහිංසක ළමයෙකුට ගොඩ යන්න තියෙන චාන්ස් එක නැති වෙන එක විතරයි.

      (මම කරේ විද්‍යා විෂයන්.කළා විෂයන් සම්බන්ධයෙන් ගොඩ යාම වෙනස් වෙන්න පුළුවන්.)

      Delete
    4. //ඉතිං ඔක්කොම පන්ති පොෂ් වෙලා ලොකු ගණන් අය කරා නම් කවදාවත් මට මෙතනට එන්න බෑ. ටියුෂන් පන්ති පොෂ් කරලා ඒ පිරිවැය ළමයින්ගේ ගාස්තුවට එකතු කරන එකෙන් වෙන්නේ අහිංසක ළමයෙකුට ගොඩ යන්න තියෙන චාන්ස් එක නැති වෙන එක විතරයි//

      මචං ටියුෂන් පන්ති පොෂ් කරන එකවත්, පොෂ් කරන්න යන පිරිවැය ටියුෂන් ෆී එකට එකතු කරන එකවත් නෙමෙයි කරන්න ඕනේ

      1. පුලවන් නම් උසස් පෙළ සදහා තියෙන අසීමිත තරගය අහෝසි කිරීම.

      2. එහෙම කරන්න බැරිනම් ළමුන් විශාල ප්‍රමාණයක් ඉන්න වදකාගාර වලට ප්‍රමිතියක් හදුන්වා දීම

      3. අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශ අදික්ෂණයට මේවා ලක්කිරිඉම

      4. පාසල් අධ්‍යාපනය ක්‍රමවත් කිරීම.

      Delete
    5. @AnonymousJuly 29, 2014 at 11:46 AM
      අයියා..ඔයා කියන කතාව ඔයාට ඇත්ත වෙන්න පුලුවන්. ඔයා කියන විධියට කුකුලු කූඩු තමයි ලමයි යුනිවර්සිටි යවන්නෙ. එහෙම නම් ඉස්කෝලවල ඒ ලෙවල් අයින් කරලා ටියුෂන් කඩ දැම්මනම් ගොඩනෙ. ආණ්ඩුවටත් ලේසියි... ඒකත් ගසාකන්න පුලුවන්. 275000 පමණ ඉඳගන්න ඇළ් විභාගයෙන් සියයට පනහක් පමණ පාස් වෙනවා. නමුත් යුනිවර්සිට්ය් යන්න අවස්ථාව ලැබෙන්නෙ 29000 කට විතර පමණයි. යන්න බැරිවෙන අය උපාධි කඩ ගානෙ රස්තියාදු වෙනවා.

      මෙතනදී අවශ‍ය වෙන්නෙ ටියුෂන් කඩ පොෂ් කරන එක නෙවේ. ඒවා විධිමත් කිරීම. ප්‍රමිතියක් ඇති කිරීම. එතකොට ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වේවි.

      Delete
    6. මමත් මේ ටියුෂන් සංකල්පයට ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධයි. නමුත් අපි කැමතිවුනත් නැතත් මේ ක්‍රමයෙන් මිදෙන්න නම් එහෙම ලේසි වෙන එකක් නැහැ. ඉස්කෝලේ නොගියත් ටියුෂන් යන මානසිකත්වයක්නේ තියෙන්නේ. පාසල් පද්ධතිය සවිමත් කරලා නිවැරදි ක්‍රමයක් හදනකම් මේවා සුම්මා ටෝක්. අධ්‍යාපන ඇමතිත්, අධීක්ෂන ඇමතියි නම් කැමැති වෙයි පාසල් වහලා ටියුෂන් විතරක් තියන්න.

      Delete
  8. අද පැරා තමන්ගේ මතය වෙනුවෙන් නමින් පෙනී සිටිමින් පිළිතුරු දීම අගය කරනවා.

    සන්නස්ගල මුදලාලියෙක්. ඔහු හම්බ කරන්න ඕන දෙයක් කරනවා. ඒක ගැන විවාදයක් නෑ. නමුත් ටියුෂන් ගැන පැරා කියන්නේ මොනවද කියල පැරාවත් දන්නවද? ළමයින්ට කොහොමහරි AL පාස් වෙන්න ඕන. ඉතින් මොන කට්ටක් හරි කාල ඒක කරනවා.සල්ලි තියෙන අය පැරා කියන විදියේ 1:25 අනුපාතය තියෙන AC කරපු පන්ති වලට යනවා.අනිත් අය මේවගේ සාමාන්‍ය පන්ති වලට යනවා. ගුරුවරු හැමතැනම හිටියට හැමෝටම විභාගේ පාස් වෙන්න උගන්නන්න බෑ.මේ ක්‍රමය ඇතුලේ සාමාන්‍ය පන්තියේ දරුවෙකුට විභාගේ පාස් වෙන එක ලොකු දෙයක්. මට පාසලේ රසායන විද්‍යාව ඉගැන්නුවේ ටියුෂන් වලට බොහොම ප්‍රසිද්ධ නමක් තියෙන ගුරුවරයෙක්. එතුමා පලවෙනි දවසෙම කිව්වේ මම උගන්නන්නේ විභාගේ පාස් වෙන්න. රසායන විද්‍යාව ඉගෙන ගන්න ඕන නම් ආරියරත්න මහත්තයාගේ පොත කියවල තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න. කැම්පස් ගියාම ඕන හැටියට ඉගෙන ගන්න පුළුවන්. මේ අවුරුදු දෙකේ විභාගේ පාස් වෙන්න මහන්සි වෙන්න කියලා. ඒක පැරාගේ ක්‍රමයට අනුව වැරදි වෙන්න පුළුවන්. ඒත් සර් කියපු දේ අහපු නිසා අපි නම් ගොඩ ගියා.

    පැරා කියන විදියට පන්ති කරන්න (1:25 +AC) එක ළමයෙක්ගෙන් කීයක් විතර ගන්න ඕනද? පන්තියක් කරාම ගුරුවරුන්ගේ අතටත් දැනෙන ගානක් එන්න ඕන නැද්ද?

    ReplyDelete
  9. මේ වෙන කිසිවක් නොවේ.. පැරාලා පැරාලාගේ යුතුකම නිසි ලෙස නොකිරීම.. කොටින්ම රස්සාව හරියට නොකිරීම.. කොන්ද පණ තියෙන ගුරාලා ටිකක් උන්නා නම්. ගොබ්බ ඇමතිවරු පොරවල් වෙන්නේ නෑ. එහෙම බැලුවම දොස්ස්තරලට, ගුරුවරුන්ට. කැම්පස් මහාචාර්යවරුන්ට වඩා කොන්දක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. හරියට හරි මාතලන්, පැරා උගන්වන ඉස්කොලේ ළමයි සියල්ලන්ම, අඩුගානේ පැරාගේ ගෝලයෝ හරි සියල්ලම ඉංග්‍රිසි විෂයට (භාෂාව නෙවේ) ඒ නැතත් එස් වත් ලබා ග්නනවාද?

      Delete
  10. අද නං ගලේ පහරපු බළලාට වෙච්චි වැඩේ වගේ වැඩක් වෙලා පැරාට. 1:25 + AC ඕනෙලු. සුපිරි අද්‍යාපනයක් සෑම ළමයෙකුටම ලැබෙන්න ඕනෙලු. හැබැයි කුකුල් කූඩු වානා. නැති උං ට ගස් බඩගාන්නද කියන්නේ ?

    කුකුල් කුඩු ඇතිවෙන්නේ ඉල්ලුම ට සැපයුම. ගෙවන මුදලට සරිලන පහසුකම් + අද්‍යාපනය කියන එක පැරා ගේ පාට කණ්ණාඩියට පේන්නේ නැහැ.

    යකුනේ පාරාගේ ටියුෂන් පන්තියේ මේ ඔක්කොම තියෙනවා. ෆුල් AC. ළමයි 10 යි කාන්ඩෙකට. පැරා ෆුල් සමාජවාදී සමාජ හිතවාදිය හින්ද තම කම්කරු ශ්‍රමය පොදු යහපතට ඇරෙන්න මුදලට විකුනන්නෙත් නැහැ . සිංහලෙන් කියනවා නං සල්ලි ගන්නෙත් නැහැ. ඔක්කොම එහෙ පලයල්ලා.

    ReplyDelete
    Replies
    1. "a slave does not know his master's business" (John 15.15).

      Delete
  11. මේ ලියන්නේ සියලු දෙනාට පිළිතුරු ලෙසයි. එක එක කතා වෙන වෙන ම අරගෙන උත්තර ලියන්න වෙලාවක් නැහැ.

    මෙහි උඩ ම ලියලා තිබෙනවා ‍අපි මෙම බ්ලොගය කරන්නේ සමාජවාදය ජීවන විලාසිතාවක් ලෙස ප්‍රවර්ධනය කරන්න කියලා.

    උසස් පෙළ අධික ලෙස තරගකාරී විභාගයක් විය යුතු නැහැ. විභාග සමත් වෙලා විශ්වවිද්‍යාල යන්න අවශ්‍ය අයට දරා ගත හැකි මිළක් ගෙවා අධ්‍යාපනය ලබන්න පහසුකම් තිබෙන්න ඕනැ. රජය මහජන මුදලින් අධ්‍යාපනයට වෙන් කළ යුතු ප්‍රතිශතය වැඩි කළ යුතු බව අපි කියන්නේ ඒ වෙනුවෙන්.

    අනෙක් පැත්තෙන්, උසස් පෙළ සිංහල වැනි විෂයක් සමත් වෙන්න දෙහිඅත්තකණ්ඩියේ සිට කොළඹ එන්න ඕනැ නැහැ. මේ ලියන මම උසස් පෙළට විද්‍යාව ඉගෙන ගෙන පසුව රැඳවුම් කඳවුරකදී අප්‍රේල් සිට අගෝස්තු දක්වා පමණක් තනිව ඉගෙනගෙන උසස් පෙළ සිංහලවලට සම්මානයක් ගත්තා. ඒ විධියට ම තනිවම ඉගෙනගෙන මම බාහිර උපාධියකත් සිංහල අවසන් පරීක්ෂණය සමත් වුණා.

    සිංහල උගන්නන්න පුළුවන්, සුදුසුකම් තිබෙන, පුහුණුවක් තිබෙන ගුරුවරු ඕනෑතරම් දෙහිඅත්තකණ්ඩියේ වුණත් ඉන්නවා. ඒ අයට විභාග පාස් කරන්නත් පුළුවන්. පාස් කරලාත් තිබෙනවා.

    හැබැයි ඒ අය පත්තරවල දැන්වීම් දාන්නේ නැහැ. තාප්පවල පෝස්ටර් ගහන්නේ නැහැ. තමන් ළඟට ආවේ නැතිනම් විභාගය අසමත් වෙනවා ය කියා ළමයින් බිය වැද්දීම හෙවත් බිය විකිණීම කියන මාකටිං එක කරන්නේ නැහැ.

    සමාජවාදය කියන්නේ වෙනස් ජීවිතයක් සෙවීමනේ. අපි ධනවාදී රැල්ලේ වෙළඳ ගැටවලට අහු නොවන විකල්ප ජීවිත ගැන කතා කරන්නේ ඒ නිසායි. මේ ටියුෂන් රැල්ල කියන්නේත් තවත් ප්‍රෝඩාවක්.

    විභාග පාස් කරන රහස් කා ගාවවත් නැහැ. ඔය රැල්ලට අහු නො වී විභාග පාස් වෙන්න වුණත් පුළුවන්.

    මෙතන තර්කයක් නැහැ. වෙ‍ළඳ ප්‍රෝඩාවලට අහු වෙන්න කැමති අය අහු වෙන්න. නෝ ප්‍රොබ්ලම්. අපි කතා කරන්නේ විකල්ප ජීවිතයක් ගැන. ඒකට කැමති අය අපි කියන දේ ගැන හිතන්න.

    ReplyDelete
    Replies
    1. 'දැන් අජිත් කියනවා වෙළද ප්‍රෝඩා වලට අහු වෙන්න කැමති අය අහු වෙන්න. නෝ ප්‍රොබ්ලම්. කියලා.'

      එතකොට අජිතුත් අර ගෙදර නවත්තලා තියෙන මරුටිය ගත්තේ ඒ වගේ ධනවාදී ප්‍රචාරයන්ට අහුවෙලා,සුළු ධනේශ්වරවාදියෙක් කියලා පෙන්නනනේ.

      අජිත් ලියන විකල්ප සමාජවාදය අඩුම තරමේ ඔ‍බගේ/ඔබගේ පවුලේ භාවිතාවෙත් නැත්තේ ඇයි?

      Delete
    2. ඔයාට ඒක තේරුම් ගන්න බෑ මෙයා.

      ඕක මෙතන අහනවට වඩා හොඳයි අල්ලා දෙයියෝ මිනිස්සු මවන කොට කොන එක්ක මැවුවේ ඇයි කියල පල්ලියක් ඉස්සරහට ගිහින් ඇහුව නම්.

      Delete
  12. නැවතත් මතවාදය වෙනුවෙන් පෙනී සිටීම අගය කරනවා.

    ඔබ සිංහල ගැන විතරක්ද කියන්නේ සමස්ත ටියුෂන් ගැනද?

    සරලවම ඔබ කියන්නේ මේවගේ පන්ති වලට සහභාගී වීමෙන් ළමයින්ට පලක් නෑ කියලද? සම්මානයක් ගත්ත පලියට කැම්පස් යන්න බෑ. මගෙත් එක්ක පාසලේ උසස් පෙළ පන්තියේ හිටිය එක ශිෂ්‍යයෙක් අද කේම්බ්‍රිජ් ආචාර්ය උපාධියක් අරගෙන එහෙ වැඩ. තව කෙනෙක් රජයේ ලිපිකරුවෙක් විදියට වැඩ. කේම්බ්‍රිජ් ගිය කෙනාට පරණ රේල්වේ එකේ කුකුල් කූඩුවකටත් අන්ත තැනක කාපු කට්ට එතනට යන්න උදව් වුනා. එතන කට්ට කනවට වඩා ෆිල්ම් බලන එක හොඳයි කිව්ව කෙනෙක් තමා ලිපිකරුවෙක් උනේ.

    ReplyDelete
    Replies
    1. මා කියන දෙය සියලු ටියුෂන්වලට අදාළයි. ඔය පැත්තට වගේ ම අනෙක් පැත්තටත් උදාහරණ තිබෙනවා.

      අපි කතා කරන්නේ ඔය වැනි උදාහරණ ගැන නෙමෙයි. විකල්පයක් ගැන. විකල්ප කියන්නේ ම රැල්ලට එරෙහිව යන දෙයක්.

      සමාජය යහපත් අන්දමින් වෙනස් කරන්න නම් ඒ රැල්ලට එරෙහිව යා යුතුමයි.

      ඒක මේ කේම්බ්‍රිජ් කියන්නේ දිව්‍ය ලෝකය ය කියා හිතන, ලිපිකරු රැකියාව පහත් යයි සිතන යටත් විජිත මානසිකත්වයෙන් තේරුම් ගන්න බැහැ.

      Delete
    2. නුඹ වැනි වතුපිටි වල ආදායම තිබෙන අයට යටත් විජිත මානසිකත්වය කියා සිතුනාට අපි වැනි දුප්පත් දෙමව්පියන්ගේ දුක් මහන්සියෙන් ඉගෙන ගෙන යන්තම් ජීවිතය ගොඩ දා ගත් අපිට රැකියාවේ වැටුප කියන්නේ ලොකු දෙයක්.

      ඔබගේ විකල්පය ගැලපෙන්නේ අවම ජීවන මට්ටම තියෙන අයට විතරයි. සරලවම කියනවනම් කුකුල් කූඩුවක හරි ලාබෙට ටියුෂන් තිබ්බේ නැත්නම් මට වෙන්නේ නුඹේ වත්තේ තේ කඩන්න.

      Delete
    3. //නුඹ වැනි වතුපිටි වල ආදායම තිබෙන අයට යටත් විජිත මානසිකත්වය කියා සිතුනාට අපි වැනි දුප්පත් දෙමව්පියන්ගේ දුක් මහන්සියෙන් ඉගෙන ගෙන යන්තම් ජීවිතය ගොඩ දා ගත් අපිට රැකියාවේ වැටුප කියන්නේ ලොකු දෙයක්//

      //අපිට රැකියාවේ වැටුප කියන්නේ ලොකු දෙයක්//, කේම්බ්‍රිජ් වැටුප කියන්නේ ඊටවඩා ලොකුදය්ක්, ( ලිපි කරුවාගේ වැටුප පොඩි දෙයක් !)

      Hilarious D :

      පැරගේ ගමේ ඇරියස් එකක් වගේ

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. AnonymousJuly 29, 2014 at 12:41 PM

      Hilarious D :

      අපි අමාරුවෙන් තැනකට ඇවිත් අනිත් උන්ට එන්න තියෙන පාර වහන්නේ නෑ.

      upgrade your life to a prado from maruti rather than being jealous.

      Delete
    6. AnonymousJ uly 29, 2014 at 11:09 AMටයි මේ...

      ලංකාවේ මිනිස්සු දෙකක් කිව්වොත් ඒකාන්තයෙන්ම එකක් පචයක්. ඔයා ලියලා තියෙන දෙයිනුත් 50%ක් පච.

      Delete
  13. කෝ අර මං ඉල්ලපු දත්ත පැරා තවම දීලා නැහැ. මං මේ බලාගෙන ඉන්නේ පැරා ඒ දත්ත හෙම දීලා සන්නස්ගලගේ ගැරිල්ල ඔප්පු කරන කල්.

    ReplyDelete
    Replies
    1. ඔයා සන්නස්ගලද නැත්නම් එයාගේ කාර්ඩ් මාර්ක් කරන අයියද ? ඔයාලගේ බිස්නස් කොහොමද හලෝ අපි දන්නේ ?

      Delete
    2. ඔන්න පැරාට පුක දෙන සෙට් එක ගේමට බැහැලා.

      Delete
    3. කොහොමද බන් ඔන් ලයින් පුක දෙන්නේ කලිසම ගලවල කැමරාවට අල්ලලද ?

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  14. මම නම් කැමැතියි ආණ්ඩුව පැරා කියන දේ පිළි අරන් ටියුෂන් පන්ති වල පවත්වා ගත යුතු අවම පහසුකම් ගැන නීති ගේනවා නම්. එතකොට ඔය ගස් ගෙඩි කඩන එවුන්ගේ ගොවියන්ගේ මාළුකාරයින්ගේ හෙම ළමයින්ට ටියුෂන් එන්න බැහැ. උන් ඉබේම හැලිලා තාත්තලා වගේ කුඹුරු කොටන්න, පොල් කඩන්න යයි. මගේ ළමයින්ටයි පැරාගේ ළමයින්ටයි ඒ කොල්ලන්ගේ කෙල්ලන්ගේ කරදරෙන් මිදිලා දෙයියනේ කියලා විශ්ව විද්‍යාලෙකට යන්න පුළුවන් එතකොට.

    ReplyDelete
  15. ජරාවට පත්වන්නෙක්ව ඉඳගෙන ජරාවට පත්වන දේම සොයනවා, මරණයට පත්වන්නෙක්ව ඉඳගෙන මරණයට පත්වන දේම සොයනවා. මේ අනාර්ය පර්යේෂණය කරලා මේ අසරණ ළමයි දුකෙන් මිදුනොත් තමයි පුදුමේ.
    නොයෙක් දුෂ්ටි වලින් පැටලුනු නුල් බෝල වගේ වෙලා, මේ සියලුදෙනා දුක් සහගත සසර නොයික්මවනවා නේද?

    ReplyDelete
  16. පැරාගෙන් ප්‍රශ්නයක් ඇහුවම මැද්දෙන් පැනල සංවාදය අල කරන්නේ ඇයි? බ්ලොග් එකක් කියන්නේ පත්තරයක් වගේ කියවල නිකම් ඉන්න ඕන දෙයක්ද?

    අපේ ආකල්ප මීට වඩා වෙනස් වෙන්න ඕන නැද්ද? ඇමතියෝ නිලධාරියෝ මාධ්‍ය සාකච්චා වල කරන්නෙත් මේකම නේද?

    ReplyDelete
    Replies
    1. කිසිදු සන්වාදයක් අල වී නොමැත. සිදුවී ඇත්තේ දොරේ හඩත්, පඩේ හඩත් දන්නා මිනිසුන් සංවාදයට එකතු වීම පමණි. අදහස් වැඩිවූ තරමට නොවෑ සංවාදය හොද ?

      Delete
  17. පැරා
    උඹ සමජවාදේ හොදට අත පත ගාපු පීඩිත පන්තියේ දුක දන්නා මිනිහනේ. ලංකාවේ උපකාරක පන්තිවල තත්වේ දැන ගත්තේ අදද ? එල පොර ... උඹ නම් මාර කුහකයෙක් බන්.
    ලංකාවේ එවුන් ඉගෙනගන්න විදින දුක...මුළු ක්‍රමේමේ චොර වෙලා...උඹට තියෙන ප්‍රශ්නේ සන්නසගලගේ පන්තියේ ළමයි 1000 ඉන්න එක නේද

    ReplyDelete
    Replies
    1. අහිංසක මිනිහ සන්නස්ගල පවු නේද ?

      Delete
    2. කව්ද බන් කීවේ සන්නස්ගල පව් කියල. උඹ වගේ මෝඩ අපතයන්ට මේ ලගදි සන්නස්ගල මාර කථාවක් කියල තිබුන. හොයල කියවපන්.

      Delete
    3. මචන් පැරා අද ලංකාවේ නිවාඩු නේද ? ගෙදර ඉදන් ඇනෝ ගහනවා නේ ?

      Delete
    4. පැරා කොහොමත් නිවාඩු තමයි. මොකද මිනිහා ආණ්ඩුවේ ඉස්කෝලෙක ඉංග්‍රීසි සර් කෙනෙක් කියන්නේ බොරුවට. පැරාට හරි හමං රස්සාවක් නෑ. ගෑනි නර්ස් කෙනෙක්නේ. ඒ පඩියෙන් තමයි පැරලා ජිවත් වෙන්නේ. කොටින්ම මේ බ්ලොග් එක ලියන්න යන ඉන්ටනෙට් බිලට ගෙවන්නෙත් පැරාගේ හාමිනේගේ පඩියෙන්. ඒකයි බ්ලොග් එකේ ලිපි වලින් හතර අතේ ඉන්න හැම එකටම බනින පැරා කවදාවත් නර්ස්ලට බනින්නේ,උන්ගේ වැරදි පෙන්නන්නේ නැත්තේ.

      පැරා සර් කෙනෙක් කියලා කවුරුහරි පැරාගේ ගොට්ටෙක් කියනවා නං මම කියනවා පුළුවන් නං කියන්න බලන්න පැරා උගන්වන ඉස්කෝලේ මොකක්ද කියලා. පැරා උගන්වන පාසලක්‌ ලංකාවේ නෑ. පැරාගේ ජිවිතේ තනිකරම කුහකකමින්,බොරුවෙන් පිරුණු එකක්.

      පැරා අදික ලෙස කුහක කමින් පෙලෙන්නේන්ත් පැරාගේ ජීවිතය අසාර්ථක වෙලා,පැරාලා කුකුල් කුඩුවක ජිවත් වෙද්දී අනික් අය හොදට ඉනවට.

      Delete
    5. //කව්ද බන් කීවේ සන්නස්ගල පව් කියල. උඹ වගේ මෝඩ අපතයන්ට මේ ලගදි සන්නස්ගල මාර කථාවක් කියල තිබුන. හොයල කියවපන්//
      මොකද්ද අප්පේ ඒ මාර කතාව, අර මහින්ද බයි පාස් එකට විශ් කරපු දවසේ ඉදන් කුරහන් සාටකේ දාන් ඉන්නවා කියපු එකද ?

      Delete
    6. හප්පේ මඩ පුවක් ගඳ ?සන්නස්ගලගේ කාර්ඩ් ලකුණු කරන අයියල කොමෙන්ට් කරන්න ඇවිල්ල වගේ !

      Delete

    7. ඔන්න පැරාට පුක දෙන සෙට් එක ගේමට බැහැලා.

      Delete
    8. @AnonymousJuly 29, 2014 at 4:13 PM

      මචන් උඹට පැරත් එක්ක මොන වගේ ගේම් එකක් තියනවදම් දන්නේ නෑ. හැබැයි උඹ මෙහෙම කොමෙන්ට් එකක් දාලා කොහොමද බන් නිදා ගන්නේ ? හෘද සාක්ෂියක් වගේ එකක් ඇත්තෙම නැද්ද ? අවංකවම උඹේ කොමෙන්ට් එක දක්කයින් දැක්ක තිරිසන්ම කොමෙන්ට් එකක්! ඇයි බන් බ්ලොග් වල කොමෙන්ට් දාන එක මිනි මරා ගන්නවා වගේ සීරියස් වෙන්නේ!

      චාටර් බන්, Have a life!

      Delete
    9. @AnonymousJuly 29, 2014 at 4:13 PM

      මචෝ උඹේ බ්ලෙඔග් එකට කවුරුත් එන්නෑ කියල මානසිකව වැටෙන්න එපා, බ්ලොග් එකල ලින්ක් එකක් දාපන් අපි ඇවිත් යන්න එන්නම්.

      දැන් හොද එකා වගේ බෙහෙත් බීලා නිදා ගන්න!

      Delete
    10. මලිත්ට ගහනකොට චංචලා අඬන්නේ ඇයි ?

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. පුද්ගලික අත්දැකීමක්ද මචං. උඹේ මානසික මට්ටම අනුව චාටර් ළමා කාලයක් තිබිල තියෙනවා කියල පේනවා. මිනිහෙක් වෙන්න බලපන් බන් හිවලෙක් වගේ හැමතනම් කැත කරන්නේ නැතුව.

      Delete
    14. @AnonymousJuly 29, 2014 at 10:07 PM

      පුද්ගලික අත්දැකීමක්ද මචං. උඹේ මානසික මට්ටම අනුව චාටර් ළමා කාලයක් තිබිල තියෙනවා කියල පේනවා. මිනිහෙක් වෙන්න බලපන් බන් හිවලෙක් වගේ හැමතනම් කැත කරන්නේ නැතුව.

      Delete

  18. ඔන්න පැරාට පුක දෙන සෙට් එක ගේමට බැහැලා.

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් ඔන් ලයින් පුක දෙන්නේ කලිසම ගලවල කැමරාවට අල්ලලද ?

      Delete
    2. රිදිලා

      Delete
  19. රනිල් දන්නවනේ කුකුලෝ වුනත් ඡන්ද වැලිඩ් කියලා......

    ReplyDelete
    Replies
    1. පළමු චන්දයට නිවසේ අයගේ බලපෑම හා ගෙදර දේශපාලන මතය තමයි වැදගත්. අනික රනිල අලුත් කොල්ලෝ කෙල්ලන්ට පට්ට ජෝක්.

      Delete
    2. පිස්සු..... රනිල් මේ පාර දිනනවා දිනනවාමයි.

      Delete
  20. Mama upulshantha iskole yannath kalin iskole giye,enisa mama golayekwath,kawruthnewei!NAMUTH mage prashne mekai,oya class ekata Ranil nethuwa,Mahinda hari Anurakumara hari,Achala Suranga hari giyai upakalpanaya kaloth,Para ge prathicharaya mekamada? (Asoka)

    ReplyDelete
  21. මම විශයන් බාල්දු කරනව නොවෙයි.සිංහල වගෙ විශයක් කරන්න ඔච්චර කුණුහරප කිය කිය යව්වනේ ප්‍රේමය පාන්න දෙයක් නෑ.මම ඒ ලෙවල් වලට සිංහල කෙරුවෙ පොත් ටිකක් හොයාගෙන.මට ඒ එකක් තියනව.මේව ඔක්කොම ගොන් පාට්.
    අජිත් පැරකුම් අගනා ලිපියක් ලියල.රනිල් ගැන විවේචනයකට වඩා මෙතන ගොන් පාට් එක ගැනයි කියන්න ඕන.
    රනිල් අවංක මිනිහෙක්.ඔහු සමාජ නිදහස යව්වනය ගැන පෙනී සිටින කෙනෙක්.ඒක වෙනම කතාවක්.මෙතන ටියුෂන් ගැනයි කියන්නෙ.දැන් ඕ ලෙවල් වලටත් ටියුෂන් සංස්කෘතියක් පටන් අරන්.මම දැක්ක කුඩා උප නගරෙක පෝස්ටරයක් තිබුන ඕ ලෙවල් ගණිතයට යව්වනයේ මිහිරියාව කියල.ඔතන විශ්ව විද්‍යාල වලට ළමයි සූදානම් කිරීමක් නොවෙයි ගබ්සා සායන වලට කස්ටමර්ල සොයා දීමක් මේ ටියුෂන් වලින් කෙරෙන්නෙ.

    අපේ කාලෙ පන්ති නොගියට දැන් පන්ති යන්න ඕන කියල කවුරුහරි කියාවි.අපිත් ඒ ලෙවල් ලියල මහ කාලයක් නෑ.ඔය විශයන්ට අමුතු විශය කරුණු එකතුවෙන්නෙත් නෑ.සෙල්ෆ් ස්ටඩි කරන්න හොදටම පුළුවන් ඒව.ඔය පන්තිවලට ඕඩිකොලොන් ගාගෙන එක්ටැම් ගෙවල් වලින් කුමාරියන් යන්නෙ ඉගන ගන්න නොවෙයි.ප්‍රජනන කාර්යයට.
    ලිපිය ගැන පැරකුම්ට ස්තුතිය

    ReplyDelete
    Replies
    1. මතයට එකඟ නැහැ. නමුත් කරුණු දැක්වීම අගය කරනවා.

      Delete
  22. මහනුවර අපි බයෝ කරන්න ගියේ නිශ්ශංක සර් ගේ,පතිරාජ සර්ගේ ක්ලාස් ,එකේ ෆීස් ගත්තේ මාසෙට 1200,ගොඩක් හොද පහසුකම් තිබුන,ඒ ක්ලාස් එකට නමක් වත් දාල නැහැ,හැම අවුරුද්දකම හොදම රිසාල්ට් දානවා,එත් ims වල වගේ ක්ලාස් වල අනික් ස්බ්ජෙකට් කරන්න ගියේ වවුලෝ වගේ එල්ලිලා,ඒවායේ මාසෙට ෆීස් 1000ක් ගත්තා, මට නම් හිතෙන්නේ මිට වඩා පහසුකම් සහිතව ක්ලාස් හදන්න සර්ලට බැරි කමක් නැහැ.

    ReplyDelete
  23. ලංකාවෙ ළමයි ටියුෂන් යන්නෙ ඉස්කෝලෙ උගන්වන්නෙ නැතිකමට හෝ පහසුකම් නැතිකමටම නෙවෙයි. මම කොළඹ ජනප්‍රියම පාසලක ඉගෙන ගත්තෙ. පහසුකම් ඕනවටත් වැඩියි. උසස් පෙල එක විෂයකට දෙන්නෙක් පාසැලේ ඉගැන්නුවා. ඒත් මමත් සියලුම විෂයන්ට දෙක බැගින් ටියුෂන් ගියා. පස්සෙ ලංකාවෙ විශ්ව විද්‍යාලෙ ගිහින්, ඊටත් පස්සෙ පිටරට විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්තා. නමුත් කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ හෝ පිටරට විශ්ව විද්‍යාලවල දේශකයන් මං උසස් පෙල ඉගෙන ගත්ත පාසැල් ගුරුවරු තරම්වත් හොඳට ඉගැන්නුවෙ නෑ. ඒත් අපිට ටියුෂන් යන්න බෑනෙ, ඉතින් මහන්සිවෙලා ඉගෙන ගත්තා. මෙතනදි වුණේ ගුරුවරයගෙ වැරැද්දට වඩා ලංකාවෙ ළමයි හැටියට අපි බලපොරොත්තු වුණේ 100% ගුරුවරයා පොවනකම් බලා සිටීම. එහෙම පොවන්න බැරිනම්, ගුරුවරයා හොඳ නෑ. නමුත් තේරුම් ගත යුත්තෙ, කිසිවකු පොවනකම් බලා නොසිට තමන් මහන්සියෙන් ඉගෙන ගැනීමයි. අද ඕනෙම තොරතුරක් අන්තර්ජාලෙන් ගන්න පුළුවන්, ඉතින් මේ ටියුෂන් කඩ නම් විහිළුවක්. ටියුෂන් අවශ්‍ය දුර්වල ළමයිට මිසක් සාමන්‍ය දක්ෂකමක් තියෙන අයට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. උගන්නපු දෙන්නගෙන් එක්කෙනෙකුට උගන්නන්න බෑ නේද? ටියුෂන් ගියේ නැත්නම් ලංකාවෙ විශ්ව විද්‍යාලෙ යන්න බැරි වෙන්න ඉඩ තිබ්බ නේද? එහෙම උනා නම් පිටරට ඒවාට යන්න බැරි වෙනවා නේද?

      අනිත් කරුණු වලට එකඟයි. AL තරඟකාරී නැත්නම් පාස් වෙන ඔක්කොම කැම්පස් යනවනම් ටියුෂන් ඕන නෑ.

      Delete
    2. රොබට්ගේ පච හෑල්ල ද මේ?

      Delete
  24. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  25. පැරා මරු, පැරාට මෙන්න ඩබල් සැලියුට්.......රනිල් හදිස්සියේ සන්නස්ගලගේ කුකුළ් කූඩුවට ගිය එකට පැරා මොලේ කචල් කරගෙන.දැන් පැරා පට්ට පොට්ටයෙක් වගේ ඉන්නවා නාමල් බේබි හතර වටේට 'කාල්ටන්' මොන්ටිසෝරියෙන් පහේ ශිෂත්ව සැමිනා තියලා අනුමාන කියලා ප්‍රශ්න හදලා ,ඒවා ලමයින්ට දෙන කොට අම්මලා ඒ සාම්පල් ප්‍රශ්න පත්තර අරං, රජාගේ පුතා තමයි අපේ පොඩි උන්ගේ ගැලවුං කාරයා කියලා ෂෝක් වෙනකොට පැරාගේ කට පුකේ.අනික කුකුල් කූඩුවේ ඉන්න ඕනෑ කුකුල් පැටව් නේ.පැරාට රනිල් නිසා ,[මහින්දටත් පේන රටේ අනාගතය] ළමයින්ව කුකුල් පැටව් වගේ පේන්න අරං.ඒ කුකුල් පැටව් උ/පෙළට "ඒ" සමාරථ "බි" සමරථ අරගන්න කොට පැරගේ කට කොහේ තියෙයිද.පැරාගේ සමාජවාදී ජිවන රටාවෙන් ඉඳලා චීනේ වගේ දහදුරා ධනවාදි වෙනවට වැඩිය හොඳයි අර කව්ද ලියලා තිබුණු විදියට ලී-බැරල් වෙන එක..................සැලියුට් එක පැරාට ඇයි දන්නවාද.මිනිහගේ බාලංස ලිපියට.

    ReplyDelete
    Replies
    1. "වසලයින් හා අමනයින් ට තවමත් සාමුහිකත්වය කියල දෙයක් තියන බව ඒත්තු ගන්නන්න ඕන" කියාගෙන එන පොන්නයන්ගේ ප්‍රහාරය බලාපොරොත්තු වන්න.

      අනුමාන ආයුධ

      1. ඔයාගේ මොලේ ගූ
      2. ඔයාගේ බ්ලොග් එක වේලෙනවා.
      3. කමෙන්ට් කරනවට මහින්ද පඩි ගෙවනවා.
      4. සන්නස්ගලගේ ටික්කා.

      Delete
    2. ප්‍රහාරයේ තරම දැන ගන්න ඕන නම් සමරනායක අංකල් හෝ ඔමා අමතන්න.

      Delete
    3. මල්ලි අවුල්ද ? අතීතය මතක් උනාද ?

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. ඔයා බබා හරිම කරුණු ටික අත ඇරිය නේ,

      1. මෙතන ගෝන් කතා කියන්න ඇවිත් චාටර් වෙච්ච ප්‍රසිද්ධ ප්‍රොෆයිල් පොරක් කියන එක.

      2. අනුන්ගේ බ්ලොග් වල කුණුහරුප කියන මානසික අසහන කාරයෙක් කියන එක

      3. දවසින් බාගයක් එක එකාගේ බ්ලොග් වල යුද්ද කරන ළමා මහල්ලෙක් කියන එක

      Delete
  26. පැරා වෙත කරුණාවෙන්,

    අප හට මෙහි ඇති වැඩිමනත් කොමෙන්ට් කියවීමට හිරිකිත ය. කරුණාකර ඔබේ ලිපිවලට ලැබෙන කොමෙන්ට් මොඩෙරේට් කරනු මැනවි.

    ස්තුති යි.

    ReplyDelete
  27. ලංකාවේ මින්ස්සු මෙච්චර කුහකයිද බන්...

    ReplyDelete
  28. I know Sannasgala from the University time as he was just in my previous year, he just missed his University Lecture post with a first upper class only because he was talking for a better society for the future generation. But so called socialists were trying to kill him. Sanna, we are happy as you are doing the right thing,We all bless you and the poor students that you gave free education (through scolls) will bless you too. Keep going.

    ReplyDelete
    Replies
    1. Excuse me, in what language have you written this comment?

      Delete
    2. In whatever language, he has written the truth.

      Delete
    3. @ Anonymous July 30, 2014 at 2:44 PM,

      My dear friend,
      If you want to assert a truth, first make sure it's not just an opinion that you desperately want to be true.

      Delete
  29. Sorry *Lecturer post*

    Rohan

    ReplyDelete

  30. I think beyond tuition we need a broader discussion on our total education system in an objective manner.

    Our education system is to an extent compartmentalized, to some extent racially profiled, and to greater extent lacks precise objectives.

    Our nursery education is not moderated from any institution. This has life long effect in shaping the behavior of small children.

    Then primary and secondary education system do not aligned with well defined objectives in terms of the exploring and enhancing of skills, talents, behavior and attitudes and linking them with higher education system.

    Then the prevailing higher education system which is insufficient to cater the all eligible students itself and not having any alignment with careers, professions, societal and national economic and othetr development initiatives. Further the prevailing almost failed higher education system back fire in to secondary education itself.

    My humble opinion is, any discussion about tuition in isolation of the whole system will not bring much good than mere frustration.

    Ummu Hana

    ReplyDelete
  31. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  32. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  33. පෑරා උන්නෙහේ නරකේයි අනුන්ගෙ ඈද කුද හොයන්නෙ නෑතුව තමන්ට මොනව හරි වෑඩක් කර ගත්ත නම්..

    ReplyDelete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  35. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා