ඉතිහාස මළ විකාර මැද කොස්තාපල් පුන්‍යසෝම
පසුගිය දිනෙක මා ඉන්ටනෙට් කැෆේ එකක සිටියදී එහි පැමිණි අයෙක් එහි කොස්තාපල් පුන්‍යසෝම හොර වීඩියෝ එක තිබේදැයි විමසනු ඇසිණි.
එවැනි හොර වීඩියෝ පටි ගැන දන්වන අයට තෑගි දෙන බවට පත්තරවල දැන්වීම් ද පළ වේ.
ඉවත් කිරීමට පෙර හොරෙන් කොස්තාපල් පුන්‍යසෝම බලන්නැයි කියන ව්‍යාජ සබඳතා සමාජ ජාල වෙබ් අඩවිවල බෙදා ගැනේ.
මේ රටේ කලා ශිල්පීන් රඟපාන, මේ රටේ නිපදවන ලද චිත්‍රපටයක් මුදල් ගෙවා චිත්‍රපට ශාලාවකින් බලන්නට තරම් නිර්ලෝභී මිනිසුන්සොයා ගැනීම කෙතරම් දුෂ්කර ද යන්න මට තේරුම් ගියේ කොස්තාපල් පුන්‍යසෝම බලන්නට චිත්‍රපට ශාලාවට ගිය විට ය. මේ තරම් ජනප්‍රිය කොස්තාපල් පුන්‍යසෝම බලන්නට සිටියේ දහදෙනෙක් පමණි.
ඉතිහාස කෝලම් සිනමා රැල්ල ඇතැමෙක් හඳුන්වන්නේ ජාතිකවාදී සිනමා රැල්ල කියා ය. එත්, අපේ ජාතියේ අය ඒ චිත්‍රපටවලත් බලන්නේ හොර වීඩියෝවයි. රෙද්දෙ ජාතිකවාදය කියන්නේ මේවාට ය.
ආණ්ඩුවේ අනුග්‍රහය ලබමින් ඉතිහාසය වමාරා කන ජාතිවාදී සිනමා රැල්ලක් මැද කොස්තාපල් පුන්‍යසෝම වැනි චිත්‍රපටයක් නිර්මානය වීමත් ලොකු දෙයකි. එහෙත්, මුළු චිත්‍රපටය පුරාම දකින්නට ලැබෙන්නේ ලංකාවේ කතාකරුවන්ගේ පොදු දුර්වලතාව වන කතාවක් ගොතා ගැනීමේ නො හැකියාවයි.
මේ කතා ගොතා ගැනීමට බැරිකම ඇත්තට ම ජාතික ප්‍රශ්නයකි. ලංකාවේ ළමා පොත් ලියන අය ගොතන ගොන් කතා කියවන ළමා පරපුර කතාවක් රස විඳිය හැකි වැඩිහිටියන් ලෙස වැඩෙනවා ද යන්නත් ප්‍රශ්නයකි.
කොස්තාපල් පුන්‍යසෝම ච්ත්‍රපටයේ කතා රචකයා සියුම් ලෙස සිතුවා නම් මේ කතාව මීට වඩා හාස්‍යජනක, වඩා රසවත් එකක් කර ගන්නට තිබිණි.
මෙහිදී මට මතක් වන චිත්‍රපටය නම්, මිස්ටර් බීන්ගේ චරිතය රඟන රොවන් ඇට්කින්සන් රඟපෑ ජොනී ඉංග්ලිෂ් චිත්‍රපටයයි. එහි කතාව කෙතරම් සියුම් ලෙස ගොතනවාද යත්, එක් තැනක ජොනී තමන්ට කිසිවකු පහර දුන්නා යයි බොරුවට කියන විස්තර අනුව පොලිස් චිත්‍ර ශිල්පියකු අඳින චිත්‍රයේ තිබෙන රූපය ඇති පුද්ගලයෙක් චිත්‍රපටයේ අවසානයේදී අපට ඇත්තට ම හමු වෙයි. අවසන් ජවනිකාවේදී වැරදීමකින් බොත්තමක් එබීමෙන් කාරයේ අසුන ගැලවී උඩට විසි වෙන ජොනී පිහිනුම් තටාකයකට ඇද වැටෙන විට අර චිත්‍රයේ ඇඳි රූපය හිමි පුද්ගලයා ඒ අසල අසුනක සිටිනු දක්නට ලැබේ.
නිර්මානය කිරීමට අමාරුම දෙය හාස්‍යයයි. කොස්තාපල් පුන්‍යසෝම චිත්‍රපටය මීට වඩා සියුම් ලෙස හාස්‍යයෙන් සපිරි එකක් බවට පත් කිරීමේ හැකියාව එහි අධ්‍යක්ෂවරයාට තිබෙන්නට ඇත. අවශ්‍ය වන්නේ විවේකී බුද්ධියයි.
එසේම, මෙම කතා පුවත ඔස්සේ ලංකාවේ පවතින සමාජ පරිහානිය ගැඹුරින් විවරණය කිරීමට හා ඒ ඔස්සේ තියුණු උපහාසයක් මතු කිරීමට තිබුණු අවස්ථාව ද අදියුරුවරයාට මගහැරී තිබේ. එවැනි එක් ජවනිකාවක් මට සිහිපත් වේ. ඒ කොස්තාපල් පුන්‍යසෝම පාරේ ඇවිදින විට හමුවන රෝද පුටුවක හිඳගෙන සීයේ කොළ ගණින ආබාධිත සිඟන්නා ය. මේ සිඟන්නා දාහේ කොළ ගැන්නා නම් කොහොමද? සල්ලි කොළ හුළඟේ යද්දී ආබාධිතයා වහා රෝද පුටුවෙන් බැස ඇවිද ගොස් එය අහුලා ගනියි.
ලංකාවේ සමාජයේ තිබෙන සැබෑ හාස්‍යය කොස්තාපල් පුන්‍යසෝම නිර්මාපකයාට මගහැරී ගොසිනි.
චිත්‍රපටයේ අවසන් ජවනිකාවේදී කොස්තාපල් පුන්‍යසෝම වීරයකු කරන්නට නිර්මානකරුවා දරන උත්සාහය ඇත්තට ම විහිළුවකි. හිනා යන්නේ කතාකරුවා ගැන ය. ජොනී ඉංග්ලිෂ් චිත්‍රපටයේ කවටයා වීරයකු වන ආකාරය කෙතරම් කදිමට නිර්මානය කර තිබේදැයි මට සිතේ. ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරු ජනප්‍රිය විදේශ චිත්‍රපටයක්වත් බලන්නේ නැද්ද?
කොස්තාපල් පුන්‍යසෝම අනායාසයෙන් සිනා මතු කරන සියුම් හාස්‍යයෙන් සපිරි චිත්‍රපටයක නොවේ. එහෙත්, සිංහල සිනමාව යයි කියා පෙන්නන ඉතිහාස මළ විකාර සමග බැලූ කල එය හොඳ චිත්‍රපටයකි. ඊළඟට එන්නට නියමිත ඇහැලේපොළ කුමාරිහාමි ය. මුන් ඒ ගැහැනියගේ කතාව ද දියේ ගිල්වා මරනවා ඇත.
විහිළු ඇත්තේ විහිළු තිබෙනවා යි කියන තැන්වල නො වේ. මාර සීරියස් ය කියන තැන්වල ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

ela
ReplyDelete“විහිළු ඇත්තේ විහිළු තිබෙනවා යි කියන තැන්වල නො වේ. මාර සීරියස් ය කියන තැන්වල ය.“
Deleteකොස්තාපල් අ.පැ ජයසිංහයන් ගෙ මෙම අඅඅ3ක්්බන් වෙබ් අඩවිය තමා මාගෙ විනෝද උයන. අම්මපා ..ඕ ඉයර්ස්..
අයිසෙ ලමයි, ඒ තුමා ගෙ සීරියස් ය කියන පොස්ට් වලට හිනාම වෙලා වෙලා අඩන හැටිත් මතක නැ ඕයි !
W3Lanka කොමෙන්ට් හංගන නිසා මෙම කොමෙන්ට් කොපි
මාතලං
රාජ්
හිරු
අරු
සඅුන්
හරි
කස්
වෙත එවමි.
විහිළු මාර සීරියස්.
Deleteඅැත්ත තමයි
ReplyDeleteගමේ කොල්ලෙක් පුඤ්ඤසෝම මූවි එකේ හොර කොපියක් සෙවීම පුදුමයක් නෑ, අර බණ භාවනා කරන ඩබ්එම්කේ සමරසේකර පවා පාවිච්චි කරන්නේ වින්ඩෝස් හොර කොපියක් නේ!
ReplyDeletehttp://kathandara.blogspot.com/2014/07/end-of-era.html?showComment=1405487257520#c1480558469049278213
ඔහුම එය පිළිගන්නවා. ඒ අතින් අවංක හොරෙක්.
මං දන්න විදියට කකා රැපියල් 25000ක් විතර වෙද්දි හොඳ කොම්පියුටරයක් හොයාගන්න පුළුවන් ලංකාවෙ... ( මම 7000ට පාවිච්චි කරපු හොඳ එකක් ගත්ත සිංහල ටයිප් කරන්න..) ඒත් වින්ඩෝස් ඔරිජිනල් එකක් ගන්න කීයක් යනවද... ගන්න තැනක් තියෙනවද... මම දන්නෙ නැති හින්ද ඇහුවෙ...
Deleteවින්ඩෝස් ඔරිජිනල් සීඩී එකක්*
Deleteක.කා., අවංක හොරු සහ වංක හොරු කියලා දෙජාතියක් නෑ. වරද පිළිගත්තත් නැතත් හොරා හොරා ම යි. වරද පිළි ගත්තු හොරාට අනුකම්පාව දැක්වීම යි කළ යුත්තේ. මේ කොමෙන්ටුව ලියන මම මේ පරිගණකයේ ස්ථාපනය කර තිබෙන Windows 8.1 පිටපත කොළඹ Barclays සාප්පුවෙන් මිළ දී ගත්තේ රුපියල් 12,000 කට.
Deleteපැරා පාවිච්චි කරන්නේ ඔරිජිනල් එකක්ද? පරණ කම්පියුටරයක් තියාගෙන බ්ලොග් ලියනවා වැල බලනවා කියල පරණ පොස්ට් එකක තිබුනා. අලුත් ලැප් එකේ නම් OEM එකක් ඇතිනේ.
DeleteBarclays එකට යන්න එපා. ටියුලිප් එක තමා හොදම. ආයේ TechZone වගේ හොර ගුහවල් වල පස් පාගන්න එපා.
Deleteමටත් වින්ඩෝස් අමුතුවෙන් ගන්න වෙලා නෑ, කවදාවත්!
Deleteකොම්පීටරේ කැඩෙන කල්ම ඒකේ දාලා තියෙන ජනේලේ තමයි පාවිච්චිය.
අපරාදෙ ඒක ඩවුන්ලෝඩ් කරන්න ගිය මෙගා බයිට් ගාන. කාටූන් එකක්නෙ. මෙලෝ රහක් නෑ. තියෙන්නෙ ගොන් ජෝක් විතරයි. හොඳ වෙලේට හෝල් එකකට නොගියෙ. ඔය පත්තරවල යන මෙලෝ යකෙකුට හිනා යන්නෙ නැති කොමිට් කෑලිත් මේකට ඔබ්බවලා තියෙනවා මම දැක්කා..
ReplyDeleteකොස්තාපල් පුණ්‍යසෝම මොන ජරාවක්ද?
ReplyDeleteපැරා ඊයේ දෙරණ වාද පිටිය බැලුවේ නැද්ද?
හොයාගෙන බලන්න. හිනා කාලා මැරෙනවා. හාට් ඇටෑක් තියෙනවා නම් බලන්න එපා.
පොලිස් මාද්දිය ප්‍රකාසකයි, කුප්‍රකට සින්දු කියන නියෝජ්ජ පොලිස්පති කෙනෙකුයි රඟපෑවේ.
බන්දුයි ටෙනියයි දැක්කා නම් හෙම වහ බීලා මැරෙණවා. අන්න සෝ..
ඒකනම් නියම කොමිඩිය බං. ලැජ්ජාවේ බැහැ. ඇස්ට්‍රික්ස් & ඔබ්ලික්ස් වගේ.
Delete+++++
Deleteකැමර් කොපියක් හොදයි ලංකාවෙ ෆිල්ම් හෝල්වලට වඩා.
ReplyDeleteසමහර ඒවගෙ හුජ්ජ ගද, තව එකක පාරෙ යන බස්වල සද්දෙ, තව එකක ෆැන් එක කැරකැවෙනව කෝච්චියෙ එන්ජිමක් වගේ, සුපිරි කියන සැවෝයි එකට ගියා තව ඩිංගෙන් හීතලට මිදිල මැරෙනව ඕවට යනවට වඩා හොදයි ගෙද‍්ර ඉදන් බලනව.
ඔච්චර පුළුවන් නම් පැරා චිත්‍රපටියක් කරා නම් ඉවරයිනේ. උඹ තමා පොර. අනිත් ඔක්කොම ඔටුවෝ. අනේ පැරෝ !
ReplyDeleteමං නං උදේ ඉඳන් හවස් වෙනකං බලන ටීවී සීරීස් ෆිල්ම්ස් අරවා මේව ඔක්කොම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරපුව... ලංකාවෙ ෆිල්ම් එකක් නං ආසාවට ඩවුන්ලෝඩ් කරලවත් බලන්න හිතෙන්නෙ නැති හින්ද පුණ්‌යසොම ගැන කියන්න දන්නෙ නෑ... ජොනි ඉංග්ලිෂ් නං බැලුව.. ( පැරා ඒකත් බැලුවෙ ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලද.. මං නං ඩවුන්ලෝඩ් කරපු එකක් බැලුවෙ..)
ReplyDeleteඅවුරුදු 7කට විතර කලින් හෝල් එකකට ගිහින් බැලුව අලිමංකඩ (?) ෆිල්ම් එකේ නම හරියටම මතක නෑ... පොත කියවල තිබ්බ හින්ද ගිහින් බැලුව.. ඊට පස්සෙ සිංහල ෆිල්ම්ස් අතෑරිය...
//ලංකාවේ ළමා පොත් ලියන අය ගොතන ගොන් කතා කියවන ළමා පරපුර කතාවක් රස විඳිය හැකි වැඩිහිටියන් ලෙස වැඩෙනවා ද යන්නත් ප්‍රශ්නයකි. //
පැරා පොඩි කාලෙ කියෙව්වෙත් මේ ගොන් කතාමද, නැත්තං වෙන රටකින් ගෙනාපු කතා විතරද... මේක මේ තරහකට ඇහුවා නෙවෙයි... මට පෝස්ට් එක කියවද්දි හිතුන දෙයක්... පැරාට මතක් කරලා දෙන්න ඕනෙ වුනේ ලංකාවෙ ළමා කතා රචකයො ඉන්නෙ එක්කෙනෙක් විතරක් නෙවෙයි කියල....
සුපිරි කොමෙන්ටුව හිරුවෝ.
Deleteපැරා හරියට මේක කියෙව්වොත් ආයේ රෙදි අඳින්නේ නැහැ.
ඔන්න දැන් පැරා ඇනෝ ඇවිත් හිරුවට දෙනවා ගේමක් උඩින් යන්න. කියන ඒවා සාත්තර සුමනේ වගේ මම කියන්නම්. හිරුවගේ මොලේ ගූ. පාට කන්නාඩි දාල ඉන්නේ. මහින්ද සල්ලි දෙනවා. සමහරවිට හිරු ගණිකාවක් කියන්නත් බැරි නෑ. හැබැයි කවදාවත් ඔය ප්‍රශ්නවලට උත්තර නම් හම්බ වෙන්නේ නෑ.
Deleteදැන් පැරාට පුක දෙන එකෙක් ඇවිත් මටත් බනියි.
that so called entrepreneurial writer, Para loved. through a post here. puh those are the the writers. puh
Deleteපුඥ්ඥසෝම අසාර්ථක උනේ ඇයි?
ReplyDeleteමහ එකාගේ ඉඳන් චිත්‍රපටි හදන එකාට දක්වාම රජ මාන්දම ගහලා තියෙන්නේ.
ReplyDeleteමේ කතාව ගොතා ගන්න බැරි වීම කියන එක දැන් ලේඛකයන්ටත් තියෙනවා. මම මගේ පොඩි දුවට ගෙනත් දෙන ළමා කතන්දර කියවලා බැලුවාම හිතෙනවා ළමා කතන්දර මේ වගේ පිරිහිලා නම් මේවා කියවලා හැදෙන පරපුර මොන වගේ වෙයිද කියලා. හැම කතාවකම වගේ තියෙන්නේ පිටු දෙක තුනයි, අනිත් එක කතාවෙන් කියන්න අදහස් කරන දේ කියවෙන්නේ නැහැ. කොහේ හරි වැරැද්දක් තියෙනවා.
ReplyDeleteමම පස්සේ ස්නෝ වයිට්, රපුන්සෙල්, බ්රේව්, සින්ඩරෙල්ලා, තම්බලීනා වගේ කතා ගෙනල්ලා කියලා දුන්නා. චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරලා දුන්නා. දැන් දුවටත් අර සිංහල කතා එපා වෙලා, හේතුව නිර්මාණශීලී බවක් නැහැ.
මම අත්දැකීමක් කියන්නම් , බල්ලගේ වැඩේ බූරුවා කරන කතාවෙදි, බූරුවා හොද හිතින් ගමරාලගේ ගේ හොරු බිදින එකෙන් බේරගන්න කෑ ගහනවා. බල්ලත් නිදි. ඒත් අන්තිමට ගමරාල ඇවිල්ලා බූරුවට ගහනවා කෑ ගහන්න එපා කියලා. ඒ වෙනකොට බූරුවාගේ කෑ ගැහිල්ලට හොරා දුවලා. මගේ දුව අහනවා ඇයි එයා බූරුවට ගහන්නේ කියලා. මම කිව්වා අයිති නැති දෙයක් කරන්න ගිය නිසා කියලා. ඒත් කෙල්ලට ප්‍රශ්ණයක්, හොඳ වැඩක් කරාම ඇයි ගහන්නේ කියලා අහනවා... මොකක්ද මම දෙන උත්තරය....
අනේ ගෙදර ඉඳන් බ්ලොග් එකක්වත් කොටන්න තිබුන කාලය, අනේ වාහන තදබදය අස්සේ පිච්චුන ඉන්දන, අනේ අපරාදේ ගෙදරට වෙලා හොද්දක් බතක් උයාගෙන කන්න තිබුණු අවස්ථාව, අනේ විකාර පුඤ්ඤසෝම, අයියෝ වර්ණසූරියගේ බූමිතෙල් මොලය.
ReplyDeleteරටක් පිරිහෙද්දි හැම දෙයක්ම පිරිහෙනව.යථාර්තය ඒකයි.
ReplyDeleteඔය ෆිල්ම් එක යූ ටියුබ් එකේ තියෙනවා නේද?
ReplyDeleteපුඤ්ඤසෝම නම් මහ විකාරයක්. මමත් නිකන් හම්බුනත් සිංහල ෆිල්ම් නම් බලන්නෙ නෑ. ලංකාවෙ කොමඩි ෆිල්ම්වල බිම පෙරලෙන එකයි, රෙදි ගලවගන්න එකයි, දෙපිට කැපෙන වචන කියන එකයි වගේ ප්‍රාථමික ක්‍රියා ඇරෙන්න ඇති විහිළුවක් නෑ. ෆිල්ම් හදන එක අපේ රස්සාව නෙවි නේ. ඒව කරන මිනිස්සු, මිනිස්සුන්ට බලන් ඉන්න පුළුවන් දෙයක් හදන්නෙ නැත්නම් ඉතිං අපි මොනව කරන්නද, ටොරන්ට්වලින් බාගෙන බලන්න පුළුවන් එකක් බලනව මිසක්.
ලංකාවේ ජනප්‍රිය වෙන්නේ ඉතිහාසය වමාරන , වවංශේ කබල් ගැන චිත්තරපටි විතරයි.
ReplyDeleteඅද ඉන්න අපේ චිත්‍රපට නිෂ්පාදකයන් නිර්මාණාත්මක දේවල් නිර්මානාත්මක විදියට හිතන්නෙ නැහැ 70 - 80 දශකවල වාණිජ චිත්‍රපටවල පවා නිර්ණාත්මක චිත්‍රපටවල සාධනීය ලක්ෂන තිබුණා
ReplyDeleteඉතාහිසට විකුණගෙන කෑම මේකල හොද මාකට් එකක්.
මොනව වුනත් හොඳ විචාරයක් මම සිංහල ෆිල්ම් එකක් බලන්නෙ කලාතුරකින්
මං නං මෑත කාලයේ දී බලපු සියළුම සිංහල චිත්‍රපටි හොඳ ඒවා.
ReplyDelete1. බොර දිය පොකුණ - ඉතා හොඳයි
2. ඔබ නැතුව ඔබත් එක්ක - ඉතා හොඳයි
3. නීමෝ ලයිව් - නරකම නෑ
දකුනු අප්‍රිකාවෙන් ගෙනල්ල ලංකාවට සමපෝෂ බෙදනවයි කියන එක ඇත්තක්ද?
ReplyDeleteසිංහල කොමඩියක් කියලා මතක හිටින එකකට බැලුවේ සිකුරු හතේ. ඒත් හොදටම හිනාවුණේ මචං ෆිල්ම් එක බලලා.
ReplyDeletePera film ekak kaloth eka aniwaryayenma sambhawya ekakwenawa,ohu etharamma wisharadai!!
ReplyDelete