සැබෑ ජාතික ප්‍රශ්නය තිබෙන තැන

සිංහල, දෙමළ භාෂා මාධ්‍ය දෙකෙන් ම ඉගැන්වීම කරනු ලබන මගේ පාසලේ මුස්ලිම් ගුරුවරියක් පසුගිය දිනෙක පංතියක උගන්වමින් සිටි මා හමුවට පැමිණ කරුණක් කීවා ය. ඇය කීවේ අටේ පංතියේ සිංහල ළමයකු ඇයට තංගච්චි කියා උසුළු විසුළු කළ බවයි.

ඇයට පසුපසින් තංගච්චි කියා කතා කරනුඇසී බලන විට ඒ සිදුවෝ පළා ගොස් ඇත. මා ඔවුන් සොයා විමසූ කල ඒ සිසුවා කීවේ තමන්ගේ මහළුවකුට තංගච්චි කියා විහිළු නමක් ඇති බවකි. ඔහු කියන ආකාරයට ඔහු තංගච්චි යයි කීවේ ඒ සිසුවාට මිස ගුරුවරියට නොවේ.  එය තර්කානුකූල පිළිතුරක් වුවත්, දොරේ සද්දෙත්, පඩේ සද්දෙත් වෙන් කර හඳුනා ගන්නට පුළුවන් අයෙකු බැවින් මම ගුරුතුමියගෙන් සමාව ගන්නැයි සිසුවාට කීවෙමි. ඔහු එය කළේ අකැමැත්තෙන් ය.

මේ ගුරුතුමිය මට කියූ තවත් කරුණු කීපයක් මෙසේ ය:

“අපි දැන් පිරිමි ළමයින්ගේ පාසල් බස් එකේ එන්නේ නැහැ. සමහරු ෆෝන්වල සිංදු දාලා අපේ කණ ළඟින් තියනවා. ඔන්න බිල්ලො එනවා කියනවා. තම්බි කියනවා. දවසක් මමයි, මහත්තයායි මෝටර් සයිකලෙන් එද්දී බස් එකක ගිය ළමයි අපට රඹුටං ලෙලි මුලකින් ගැහුවා. එක දවසක් මෝටර් බයිසිකලෙන් බස් එකක් ඉස්සර කරනකොට කෙළ ගැහුවා.“

මේ ගුරුතුමිය තරමක් අතිශයෝක්තියෙන් කතා කරනවා යි චෝදනා කරන අය සිටිති. සිංහල මිනිසුන් තමන්ට බරපතළ අසාධාරණකම් කරන බවක් පෙන්වීමේ උවමනාවක් ඇයට තිබෙන බව ඔවුහු කියති.

ඇගේ උවමනාව කුමක් වුවත්, ඇය මතු කරන කාරණයෙහි සාධාරණත්වයක් තිබේ. අපට පහත් ලෙස සලකන්නේ ඇයි? අපි ද සමාන පුරවැසියෝ වෙමු. මේ ඇගේ තර්කයයි.

අප මෙහිදී අවධානය යොමු කළ යුතු පැත්ත වන්නේ අපගේ දරුවන් අතර අපි කෙතරම් නින්දිත ජාතිවාදයක් ස්ථාපිත කර තිබේ ද යන්නයි.

බේරුවල පැත්තේ ගිනි තැබූ ගෙවල් නැවත හදන්නට පුළුවන. එහෙත්, කුඩා අවධියේ පටන් ම ජාතිවදයේ ඉහඳ තබන ලද මේ කුඩා හදවත් සුවපත් කරන්නේ කෙසේ ද? ජාතික ප්‍රශ්නය ගැඹුරු වෙමින් තිබෙන්නේ මෙතැනිනි.

ජාතිවාදීන් කරන මේ සෙල්ලම අතිශය භයානක එකක් වන්නේ ඔවුන් මේ සෙල්ලම් කරන්නේ ජාතියේ අනාගතය සමග නිසා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. "අප මෙහිදී අවධානය යොමු කළ යුතු පැත්ත වන්නේ අපගේ දරුවන් අතර අපි කෙතරම් නින්දිත ජාතිවාදයක් ස්ථාපිත කර තිබේ ද යන්නයි"

    "ජාතිවාදීන් කරන මේ සෙල්ලම අතිශය භයානක එකක් වන්නේ ඔවුන් මේ සෙල්ලම් කරන්නේ ජාතියේ අනාගතය සමග නිසා ය."

    මේ ජාතිවාදී රොත්තට තමන්ගේ ජාතිය, ආගම, රට ගැන සැබෑ කැක්කුමක් නැත

    ReplyDelete
  2. මොනව කරන්නද මිස්,අපේ සිංහල බවුද්දයො ගොඩක් තාම ඉන්නෙ වනචාරි යුගයේ.

    ReplyDelete
    Replies
    1. දන්න මඟුලක් කියනවා Ano(පැරා)

      Delete
    2. @Anonymous July 9, 2014 at 11:59 PM ---
      ඔබ දී ඇත්තේ වනචාරි පිළිතුරකි.

      Delete
    3. අපිනං එක පැත්තක. ප්‍රශ්නෙ පැරාල දෙපැත්තටම නෑ කියලා ඒ පැත්ත අවුලනවා අර පැත්ත නිවනවා කියලා මේ පැත්ත අවුලනවා ඒ පැත්ත නිවනවා කියලා...

      හරියට දෙකටම නැති එුවුන් වගේ. නෑ තුනටම නැති එවුන් වගේ... නෑ ඒකත් නෙවී මොකටවත් නැති එවුන් වගේ...

      Delete

    4. Anonymous July 10, 2014 at 6:55 AM
      පැරා අද ඉස්කෝලේ යන්න පරක්කු උනාද?

      Delete
  3. බස් වල යන මිනිස්සු බලන්නේ නැතුව කෙළ ගහනවා. කුණු දානවා. අත සෝදනවා. එම කුණු ජාතිවාදයක් නැතිව හැමෝටම වදිනවා. මම දැන් ටික දවසකට කලින් බස් එකක් නවත්වලා බුලත්කෙල ගහපු එකෙකුගේ දත් දෙකක් ගැලෙවුවා ආව කේන්තියට. ඔය වගේ සිද්දීන් ජාතිවාදී ගොඩට වැටෙනවා නම් වැරදියි. නමුත් ජතීවාදයකින් පීඩා වින්දින්නෙකුට ජාතිවාදයක් ඉලක්ක නොකල දේත් ජාතිවාදී වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ආ කොහොමද සයිලන්ට් සහන්.

      Delete
    2. සහන් දැන් එන්නේ පත්තර මල්ලීගේ ප්‍රොෆයිල් එකෙන්. මහා කළු සිංහලයා කියන්නේ වෙන එකෙක්.

      Delete
    3. ඔබගේ කමෙන්ටුව මා කියන දෙයෙහි සත්‍යතාව ඔප්පු කරයි.

      Delete
    4. ඔයගොල්ලො වගෙ අයටත් එහෙමම තමා

      Delete
    5. 'දොරේ සද්දෙත්, පඩේ සද්දෙත් වෙන් කර හඳුනා ගන්නට පුළුවන්'

      Delete
    6. පහලින් තර්කානුකූල පිළිතුරක් දී තිබුනත් මේ කියන්නේ නම් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවකි.......

      /නමුත් ජතීවාදයකින් පීඩා වින්දින්නෙකුට ජාතිවාදයක් ඉලක්ක නොකල දේත් ජාතිවාදී වෙන්න පුළුවන්./

      ඕකෙන් පැරා කියන දේ ඔප්පු වෙනව නම් පැරා කියල තියෙන්නේ මොනවද?

      Delete
  4. මානසික රෝගයක් තියෙන ගෑනියෙක් වගේ.

    ReplyDelete
    Replies

    1. ඔයාට ලෙඩක් තියනවා කියල තාම කවුරුත් කිවුවේ නැද්ද ?

      Delete
    2. # AnonymousJuly 9, 2014 at 8:32 PM

      ආ පැරා. මොකෝ මේ ඇනෝ ඇවිත්

      Delete
    3. AnonymousJuly 9, 2014 at 6:54 PM@ කියවගෙන යනකොට ඕන කෙනෙකුට ඒක තේරෙනව

      Delete
  5. තන්ගච්චි, තම්බි කියන්නේ නරක වචනයක්ද? එක අපහාසයක් වෙන්නේ කොහොමද? ගැනිට විතරක් නොවේ මේක ලියන එකාටත් පිස්සු.

    ReplyDelete
    Replies
    1. නිකම් හිතන්නකෝ වයසක සිංහල ගුරුවරියකට අාච්චි කියලා හැංගිලා කෑගහනවා කියලා. එතකොටත් අහන්නේ ආච්චි කියන්නේ නරක වචනයක් ය කියලා ද?

      විදුහල්පතිට ප්‍රින්සිපල් අයියා කියලා කිව්වට කමක් නැද්ද?

      ඔබ පාසල් ‍ගොස් තිබෙනවා ද?

      Delete
    2. චේතනාව රිදවීම නම් අම්මට 'අම්මා' කිව්වත් එය රිදෙනවාමයි.

      Delete
    3. බූරුවෝ උන්මන් තක කියල නමක් නෑ නේද. උන්මත්තක කියලානම් තියනවා. උඹ පිස්සෙක් බව අපි දන්නවා. කාට හරි කියලා ඔය නම හරියට ලියන හැටි ඉගෙනගනින්

      Delete
    4. AnonymousJuly 10, 2014 at 9:27 AM @මුස්ලිම් ගෑනියෙක් ලියන විදියට බ්ලොග් එකක් තිබුන. ඒකෙ හාමුදුරුවෙකුත් හිටිය.මේක තමයි ඒක කරල තියෙන්නෙ.භාෂාව හසුරුවන විදියට මුස්ලිම් බව පේනව.
      මේ බ්ලොග් එක දැන් පිස්සන් කොටුවක් වෙලා

      Delete
    5. කාලෙකට පස්සේ පැරා තර්කානුකූල විදියට උත්තරයක් දීල තියෙනවා........

      Delete
    6. විදුහල්පතිට අයියා කියන එක හොඳ නෑ තමයි......එකඟයි.......ටික දවසකට කලින් දොස්තරට සර් කියන්න කිව්ව එකට හෙන කේස් එකක් ඇද්ද නේද?.......කොහොමද නර්ස්ල දොස්තරලට මල්ලි කියනකොට..........

      Delete
    7. තනතුර, වෘත්තිය පැත්තකින් තියලා නමින් කතා කරන එක වැරදිද? වරදවා හිතන්න ඒපා මම ඉන්න රටේ ක්‍රමයට කරන්න ඕන යැයි කියනවා කියලා. ගුරුවරුන්ට ළමයි කතාකරන්නේMr.Brown/Mrs Brown වගේ අග නම කියලා.යුනිවසිටි එකේදි කෙලින්ම මුල් නමින්. ලෙඩ්ඩු ඩොක්ටර්ට කතා කරන්නේ නම කියලා. නර්ස්ලා ඩොක්ටර්ට කතා කරන්නේ නම කියලා. අගමැතිව අමතන්නේත් නමින්මනේ. මම හිටපු ඕමානයේත් ඔය විදිහමයි තිබුනේ . ඕමානියෝ කතාකරන්නේ කාටත් නමින්.හමුදාවේ විතරයි සර් කෑල්ල ආවේ පහල රෑන්ක්ස් වල අය කතා කරනකොට. ඒක හැම රටකම එහෙමනේ.

      Delete
    8. ආ බන්ග් පැරෝ එතකොට විදුහල්පතිට සහෝදරයා කියල කිව්වොත් හරිද??

      Delete
    9. @AnonymousJuly 10, 2014 at 2:38 PM
      හපොයි කඩප්පුලි ඇනෝ ... ඇද්ද නේද පැරා ගේ සරමෙන් ගලෝල අතටම එන්න. :D

      Delete
    10. තර්කයට තර්කයෙන් පිළිතුරු දෙන්න බැරිව එල්ලයක් නොමැතිව පහර ගැසීම නොහැකියාවේ ලක්‍ෂනයක්. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ. අනික හරි හමන් ලිපිනයක් නැති එකෙකුට පිළිතුරක් දෙන්නෙවත් කොහොමද​? ඇනෝ යන නමින් ඕනෑ හැටියට ලිස්සල යන්න පුළුවන්නේ.

      Delete
    11. @මහසොහොන්
      'සහෝදරයා' වගේ වචන ඇහෙනකොට ඔයා පයගහල ඉන්න තැන කැරක වෙනවා වගේද ?

      Delete
    12. @AnonymousJuly 10, 2014 at 11:42 PM
      යහපත් ඇනෝ. මම ඔබට නෙමෙයි කලින් කොමෙන්ටුවෙන් කතා කරේ. නමුත් ඔබ ප්‍රශ්නයක් අහපු නිසා කියන්නං.

      සහෝදරයා කියනකොට පයගහල ඉන්න තැන කැරක වෙන්නේ නං නැහැ. එත් බඩ ඔක්කාරෙට එනවා. මගේ පියා රට වටේ ගෑනු බඩ කර කර ගියේ නැති බව මට හොඳටම ෂුවර්. එක හින්ද නම කියල කතා කරාම ඇති. නෑදෑ කන් අවශ්‍ය නැහැ. ( ඔබට නං ඔබගේ පියා ගැන පොඩි සැකයක් ඇති බව පේනවා. නමුත් එව්වා පවුල ඇතුලෙම විසඳ ගැනීම සුදුසුයි. යක්කුන්ට නෑදෑ කන් කියන්න එනවට වඩා )

      Delete
    13. සහෝදරයා කියල ඇහෙන කොට බඩ ඔක්කාරෙට එන්නේ ඇයි ? මොලේ අමරුවක්ද ? යකෝ සහෝදරයා කියන්නේ තොගේ තාත්තා හු*** ජාතක වෙච්ච උන්ට විතරයි කියල උබට කියල දුන්නේ තොගේ තාත්තද අම්මද ? අපි ලංකාවේ මිනිස්සුනේ. කතා කරන්නේ නෑදෑකම් වලින් තමයි. ඇයි අවුල් වගේද ? මේ එක නෙමෙයි කන්නේ පිදුරුද ?

      Delete
  6. සැබෑ ජාතික ප්‍රශ්නය නම් මෙම බ්ලොග් කරුවා වැනි දේශද්‍රෝහී බ්ලොග් කරුවන් සිටීමයි.

    ReplyDelete
    Replies
    1. ඔයාල වගෙ කට්ටිය ඉන්නකොට පැරකුම්ලා වගෙ අය හිටියට මොකො

      Delete

    2. @AnonymousJuly 9, 2014 at 7:02 PM
      උපාසක මහත්තයට අබ සරණයි. ආපහු ඇමරිකාවට විසා හම්බ වුනිත් අපි ලස් වෙගාස් යමු.

      නානසාර

      Delete
    3. බූරුවාට ලියන්න කියන්න හැකියාවක් නැති බවක් නොතේරෙන​, අන්වර්ත නාමයක් එහි සත්‍ය තත්වය ලෙස සිතන හා එම අන්වර්ත නාමයේ අතර දුටු හිඩැස්ස ප්‍රශ්නයක් කරගත්, එයට හේතුව විය යුත්තේ වෙන යම් දෝෂයක් මිස දැනුමේ ඇති ප්‍රශ්නයක් නොවන වගක් තේරුම් ගන්න තරම් විචාර බුද්ධියක් ඇති බූරුවෙක් හෝ පිස්සෙක් නොවන උගත්, බුද්ධිමත්, දැනීම් සපිරී ඇනෝ@ උසස් හැදියාවන් සපිරි බවක් පෙන්නුම් කරන ඔබේ ප්‍රතිචාරය දැකීමෙන් හනි හනිකට පිළිතුරක් ඉදිරිපත් කළත් සිත නොසතුටු වී වැඩිපුර යමක් කියන්න සිතුනු නිසා ආයෙමත් ලීවෙමි. කොහොඹ​, කදුරු තරම් තිත්ත වුනත් ඇත්ත ඇත්තමයි. සිත් රිදවීමේ වචන බාවිතා කල පමනට සත්‍යය වසංවේ යැයි සිතීම බොලඳ කමකි. මා කලින් ප්‍රතිඡාරයේ ඉදිපත් කළ ' චේතනාව රිදවීම නම් අම්මාට අම්මා කීවත් රිදෙනවාමයි' කියන කියමන හරීයි බව ඔබගේ බුද්ධිමත් ප්‍රතිචාරය තුලින් ඔබ සනාත කර ඇත. ඔබට ස්තූතියි. පඩයේ ශබ්දයේ හා දොරේ ශබ්දයේ වෙනස ගැන ලිපිකරු කුඩා ළමයෙකුට කියනවාක් මෙන් පැහැදිලිව කියල තිබිය දීත් ඔබ එවැනි සැකයක් මතු කිරීම ඔබේ බොලඳ කම ප්‍රදර්ශනය කිරීමක් හා ප්‍රතිචාරකරුගේ අඩුපාඩු සොයා එය වසා ගැනීමට තැත් කිරීම තව දුරටත් එය තහවරු කිරීමකි. නාමයෙන් පිස්සා වන මා මොනව කීවත් බුද්ධිමතා, දැනමුත්තා ලෙස සිතන ඔබ තර්කයට තර්කයකින් මුහුන දෙන්න එපෑය​.

      Delete
  7. දරුවන් ගේ ඔය හැසිරීම සමාජයේ, ගෙදරදොරේ යතාර්ථයේ පිළිබිඹුවකි.

    අඩු ගානේ පාසල්වලින්වත් නිසි මග පෙන්වා දෙනවා නම්?

    හැබැයි, එය දඬුවම් නියම කර කරන්නට හැකි වේද යන්න ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ela kaka..........

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
  8. 'බේරුවල පැත්තේ ගිනි තැබූ ගෙවල් නැවත හදන්නට පුළුවන. එහෙත්, කුඩා අවධියේ පටන් ම ජාතිවදයේ ඉහඳ තබන ලද මේ කුඩා හදවත් සුවපත් කරන්නේ කෙසේ ද? ජාතික ප්‍රශ්නය ගැඹුරු වෙමින් තිබෙන්නේ මෙතැනිනි.'

    ඒ උනාට පැරා,තමුසෙලා 88/89 භීෂණ සමයේ මිනි මරලා/මංකොල්ලකෑම් සිදුකරලා,දේපල ගිනි තියලා කරපු දේවල් නිසා කි දාහක් පොඩි එවුන්ගේ හිත් වලට විෂ යන්න ඇත්ද? බල්ලෙක් මැරිලා හිටියත් අනේ අපොයි කියලා දුක් වූ සමාජය මේ වගේ තත්වයකට පත්කිරීමේ මුලික ක්‍රියාමාර්ගය ගත්තේ භීෂණ සමයේ මිනීමරුවෝ වෙලා ඉදලා දැන් රටට බණ කියන අයම තමයි.

    ReplyDelete
    Replies
    1. 88/89 kaaledi , owun podi ewunta oba kiyana paridi visha bieja demuwaanam ae podi ewun loku mahath vie athi mea kale unge parapura samaajawaadhie ho viplawawaadhie viya yuthui. Namuth noothana vedihitiyo unnathikaamie aathmaarthakamie bahutharayak nowea da ?

      Delete
    2. 87/89 නොවේ.මේ රටේ අපරාධ ඉහල ගියේ 1971 න් පසුය.පොලිස් වාර්තා අරන් බලන්න.ඊට පෙර මේ රටේ සිටියේ පාරෙ මැරී සිටි බල්ලෙකුටත් අනුකම්පා කළ ජාතියකි.මිනීමැරුමක් වුනොත් මාස ගනන් කවිකොල ගසයි.ජේවීපී කාරයන් මේ මානසිකත්වය මොනතරම් වෙනස් කළාද කිව හොත් මිනීමැරීම සාමාන්‍යකරනය විය.මීට හේතුව ජවිපෙ මාවෝවාදී දර්ශනයයි

      Delete
    3. මාවෝවාදය කියන්නෙ මොකක්ද ඇනෝ. නිකම් දැනගන්න අහන්නෙ

      Delete
    4. මාවෝගේ දැක්මට පදනම් වුනේ ගම විසින් නගරය පෝෂනය කරයි යන්නය.ගම නගරයෙන් විනිර්මුක්ත කරන අතර ගමේ පාලනය කැරලිකරුවන් අතට පත් වේ.මෙය තනිකරම භීෂනයෙන් සිදුකෙරේ.මාවෝට එල්ලවුන ප්‍රධාන චෝදනාවක් නම් මිනීමැරීමයීඑට හැරෙන තැපෑලෙන් ලැබුන පිළිතුර නම් මිනීමරනවා මදි කියන එකයි.ගමේ සියළුම විරුද්ධවාදීන් අමානුෂික ලෙස ඝාතනය කරන අතර කැරලිකරුවන්ගේ අනුදැනුමෙන් තොරව කිසිම දෙයක් ගමේ සිදු නොවේ.මෙවැනි ගම් එකිනෙක් යා කෙරෙන අතර ගමට නගරයෙන් එන අය මරා දැමේ.ගැමි සංස්කෘතිය රැකීම ලෙස මෙය හදුන්වා දී ද ඇත.කාලයක් යන විට ගම්මුන්ට කැරළිකරුවන්ගෙන් තොර ලෝකයක් නැතිවේ.ගමෙන් නගරයට එල්ලකෙරෙන ප්‍රහාර වලින් හා ගමෙන් ලැබෙන පෝෂනය නැති කමින් නගරය කඩා වැටේ.මෙය චීනයේ හා කාම්බෝජයේ සාර්ථක විය.නේපාලයේ හා ඉන්දියාවේ මාවෝකල්ලි වල දර්ශනයද මෙයයි.


      87/89 කාඅල්යේ ජවිපෙ අත්හදා බැලුවේ මෙයයි.ග්‍රාමසේවකලා,විදුඅල්පතිවරු ආදී ගමේ ප්‍රභූවරු මරාදැමෙන අතර කැංගරු උසාවි ක්‍රියාත්මක කෙරේ.බලහත්කාරෙන් පෙළැපාලිවලට ගෙන යයි.කඩ වසයි.පීඩාව එන්නේ කැරළිකරුවන්ගෙන් වුනත් එහි වගක්ජීම රජයට පැවරීම සිදුවේ.
      එහෙත් ජවිපෙ තේරුම් නොගත් දෙය නම් ලංකාවේ ගමෙන් නගරය පෝෂනය වෙනවාට වඩා නගරය විසින් ගම පෝෂනය කරන අබව්යි.ගැමියන්ට නගරයේ රැකියා අවශ්‍යය..මේ රැකියා ලැබෙන්නේ විදේශීය ආයෝජනයන්ගෙනි.
      එදා මාවෝ උගතුන් මරන විට කන්නාඩි දැමූ අය පවා මැරීය.නමුත් චීනයේ ,කාම්බෝජයේ මෙන් ලංකාවේ භික්ෂූන්ට කැරළිකරුවන්ගෙන් හානියක් නොවීය.කාම්බ්පෝජයේ පොල්පොට් එරට සියළු භික්ෂූන් මැරූ අතර සියළු වෘත්තිකයන්ද මැරීය.
      සමාජවාදය යනු ලවක් දෙවක් නැතිව මිනීමැරීම නොවේ.සමාජවාදය ,විප්ලවය යන වචන ඇසෙන විටත් සංත්‍රාසයක් ඇතිවන ආකාරයට මෙරට ජනතාවගේ මනස් සකස් වී ඇත්තේ ජවිපෙ විකාරරූපී දැක්ම නිසාය.

      Delete
    5. @AnonymousJuly 10, 2014 at 9:47 AM
      /*සමාජවාදය යනු ලවක් දෙවක් නැතිව මිනීමැරීම නොවේ.සමාජවාදය ,විප්ලවය යන වචන ඇසෙන විටත් සංත්‍රාසයක් ඇතිවන ආකාරයට මෙරට ජනතාවගේ මනස් සකස් වී ඇත්තේ ජවිපෙ විකාරරූපී දැක්ම නිසාය.*/

      පොඩි කරෙක්ෂන් එකක්.

      සමාජවාදය පොතේ තියෙනකන් එහෙම තමයි. එත් ඒක සමාජයේ ස්ථාපනය කරන්න හදපු හැම මිනිහම කොහෙත් කෙළවර උනේ මිනී කඳු පිටිං ගොඩ ගහල. ඒ අතින් බැලුවම සමාජවාදය කියන්නේ මනස් විකුර්ති මිනීමරුවන්ට ලයිසන් දෙන දර්ශනයක්.

      Delete
    6. ලබ්බ තමයි, අනේ උබලගෙ ධනවාදය.

      Delete
    7. AnonymousJuly 10, 2014 at 9:47 AM
      උඹල වගේ ගොන් වාහෙල ඉන්නකොට මාවො කල්ලි බිහි වෙන එක අහන්නත් දෙයක්ද?

      Delete
    8. AnonymousJuly 10, 2014 at 9:47 AM
      නගරය විසින් පෝෂනය ගම මොකද්ද කියල පොඩ්ඩක් කියනවද? අපි ලංකාව උදාහරණයකට ගමු, ලංකාවෙ ඉතින් නගරය කිව්වොත් ඒ කොළඹනෙ, කොළඹ මොනවද තියෙන්නෙ? කන්ඩ ගෙඩියක්, ඛනිජ සම්පතක්, වගා බිමක්, මාළු ටිකක් නම් එහෙන් මෙහෙන් ඇති මයෙ හිතෙ, වෙන මුකුත් නැනෙ. බිල්ඩිම් ගොඩක් තියෙනව, පාර්ලිමේන්තුව තියෙනව, වාහන ගොඩක් තියෙනව, අරක තියෙනව මේක තියෙනව, මේව හදන්න සල්ලි කොහෙන්ද? ගමේ මිනිස්සුනට නූගත් වෙන්න ඉඩ ඇරල ඒ මිනිස්සුන්ගෙන් හූරගෙන කන සල්ලි තමයි ඔය. විදේශීය ආයොජන රෙද්ද තමයි, ඔය මොන ආයෝජනෙත් මේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය අනුව තමයි, නැත්තන් ඉතින් අනේ පව් ලංකාවෙ ම්නිස්සු කියල අයොජකයො ඇවිත් කිසිම ලාභයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ආයොජනය කරනවද?
      එතකොට ඒ ගමේ මිනිස්සු උන්ව හූරගෙන කන්න සුලු පිරිසකට ඉඩ දීල නිකම් බලගෙන ඉන්ඩද?
      ඉස්සෙල්ල හූරන් කන එක නවත්තපන්. සියලු දෙනාට සම්පත් බෙදිල යන විදියට මේව වෙනස් කරපන්, උබල මහ ලොකු ධනවාදියො උබලම වෙනස් කරපන්කො එහෙනම්, එතකොට මිනි මැරෙන එක ඉබේ නවතියි, නැත්නම් හැමදාම මිනිමැරෙයි. උබල ටික දෙනෙක් එකතු වෙලා මුලු මිනිස් සමාජයම ටික ටික මරනව ඒක ඉවසගන්න බැරි උනාම උන් උබලව සමුල ගාතනය කරනව.

      Delete
    9. @ මහසොහොන් පිල්ලිය
      මේ දවස්වල ඉරාකේ සිරියාවේ මිනි කදු ගොඩ ගහන්නෙත් සමාජවාදින්ද ? ඇමරිකාවේ ඉන්න මෝඩ ධනවාදියෝ ටික රහත් වෙලාද මන්ද ?

      Delete
    10. AnonymousJuly 10, 2014 at 9:47 AM
      මහසොහොන් පිල්ලියJuly 10, 2014 at 4:11 PM
      කටු ටිකක් සූප්පල උඹලගෙ තියෙන සතුට, අපිට අනිත් උන් සූප්පු කරපු කටු එපා, අපි හැමෝම මස් ටික බෙදාගෙන කමු.

      Delete
    11. හි හි. පොඩ්ඩක් රිදිලා වගේ. ආ මෙන්න: Red Book මේකන් ක්වොට් දෙක තුනක් පාඩං කරගෙන හිස්ටිරියාව හැදිලා වගේ පොත උඩට කරලා වන වන හයියෙන් එව්වා කිව්වම රිදුම පොඩ්ඩක් අඩු වෙයි. :)

      @AnonymousJuly 11, 2014 at 12:12 AM
      මම වෙජිටේරියන් මචං.

      Delete
    12. එහෙනම් උන් රෙන බෙටි වෙන්ඩ ඇති කන්නෙ.

      Delete
    13. පොත් කියවන්නම ඕනෙ නෑ බන්

      Delete
    14. @මහසොහොන් පිල්ලිය
      ඒ මොකද්ද බන් 'හිස්ටෙරියාව හැදිලා වගේ' කියන්නේ අර උඹ කරනවා වගේ තප්පු ලන එකද ?

      මේ එක නෙමෙයි දීප්ති කුමාර ධනවාදීද? හිස්ටෙරියව ගැන මෙතන කතා කරන්නේ එතන කොමෙන්ට් දාන්න බයද ?

      (උඹට විතරක් නෙවෙයි අපිටත් තිමාන සයිට් එක පේනවා)

      Delete
  9. සම-හරක් ඇනයින්ට නම් 88/89න් තොර ලෝකයක් නැතුවමද කොහෙද?

    ReplyDelete
    Replies

    1. 88-89 විතරද, 65 ඉදන් අද දක්වා පැරාලා පට්ට ජාතිවාදියෝ.
      සමාජවාදය,පංති අරගලය.මාක්ස්,චේ ආදිය පැරාල ගේම් ගහන්න දාපු වෙස් මුහුනු.

      මෙ නිළ මැස්සෝ දැන් අපෙන් අහනවා
      “කුඩා අවධියේ පටන් ම ජාතිවදයේ ඉහඳ තබන ලද මේ කුඩා හදවත් සුවපත් කරන්නේ කෙසේ ද?“ කියලා

      අම්මගෙ රෙද්ද.

      Delete
    2. සම-හරක් ඇනයින්ට නම් තම්බින්ට පු_ දීමෙන් තොර ලෝකයක් නැතුවමද කොහෙද?

      Delete
  10. අශෝක අධිරාජ්‍යයා අද හිටියා නම් බොහෝම දුක් වෙයි ලංකාවට බුද්ධාගම හඳුන්වාදීම ගැන. මොකද, අතීතයේ සිංහලයා බුද්ධාගම උපයෝගී කර ගත්තේ තමුන්ගේ සිත නිවා ගැනීමට හා යහපත් ලෙස සමාජයේ හැසිරීමට. ඒත් වර්තමානයේ සිංහලයා එය භාවිතා කරන්නේ අනුන්ට පීඩා කිරීමට හා හිංසනයට. අඳෝමැයි!

    ReplyDelete
    Replies
    1. Pala gobbaya yanna.

      Delete
    2. @Anonymous July 10, 2014 at 6:52 PM ---
      වනචාරී ඇනයා වෙත ----
      උඹේ කොමෙන්ටුවෙන්ම මම කියලා තියෙන දේ සත්‍යයි කියලා ඔප්පු වුණා.

      Delete
  11. ඔය ජාතිවාදී කැල්ල පැත්තකින් තිබ්බත් දැන් කාළෙ හැදෙන පොඩි උන් නම් මහ එපාක‍රපු සත්තු ටිකක් කියල හිතෙනව ස්කෝලෙ ඇරෙන වෙලාවක බස් එකක ගියොත්.
    අපිත් ඒදවස් වල ඇට්ට‍ර වැඩ ක‍රා ඒත් දන්න කෙනෙක් එක වැරදි කිව්වම ඒක පිලිගන්න හටි එගැන ලැජ්ජ‍්රට හ‍රි පත්වෙන්න පුලුවන් විදියට හිටිය ඒත් දැන් ඉන්න කාලකන්නින්ට නම් දෙන්න තියේන සුළුම දඩුවම තමයි දත් දෙකක් ගැලවෙන්න ගහන එක

    ReplyDelete
  12. මේ ගුරුවරියට තංගච්චි කියා කී කතාව සත්‍යයක් විය හැකියැයි මා සිතමි.එහෙත් පාරේදී රඹුටන් ලෙලිවලින් පහර දුන් කතාවත් කෙළ ගැසූ කතාවත් සත්‍ය විය නොහැක.මේ රටේ මිනිසුන් වගකීමෙන් වැඩ නොකරන බව අපි දනිමු.ජාතිවාදයක කතාවක් නැතිව නිකම් වැරදීමෙන් රඹුටන් ලෙල්ලක් සිරුරේ වැදුනත් මෙම ගුරුවරිය එය සංවිධානාත්මක මුස්ලිම් විරෝධයකට බැර කරනු පෙනේ.මේ තත්වය දිගට ගියහොත් එය ඇයට විශාල පීඩාවක් නිසා මනෝ වෛද්‍ය උපදේශනයක පිහිට ලැබීම සුදුසුය.

    මෙවැනි කතාවක් මට මතක් වෙයි.දෙමළ ජාතිකයෙක් බස් රියක අසුනක වාඩි වී සිටියේය.ඔහු ගේ අසුනට අල්ලපු අසුන වැස්සට තෙමී ඇත.ඔහු ලඟට එන සියල්ලෝම තෙමිලා කියා යයි.මොහුට ඇසෙන්නේ දෙමලා කියා කියන ලෙසයි.මොහු ජාතිවාදී පීඩාවක් සිදුවේයැයි බියෙන් මිරිකී සිටියාලු.මේ 13 කිට්ටුව කතාවකි.ඇත්ත බොරු මොක වුනත් මෙතනත් වී ඇත්තේ එහෙම දේකි.

    අපේ පළාත් වල මුස්ලිම්වරුන්ට මෙවැනි කිසිම කරදරයක් නැත.මුස්ලිම් නිවසක් ගිනිගත් විට අවට සිංහලයෝ දිවි පරදුවට තබා ඔවුන් බේරා ගත් බව අසන්නට ලැබුනි.
    පැරකුම් යනු හමුදාව සමඟ වෛරෙන් සිටින්නෙකි.ඔහුට 87/89 කාලයේ අත්දැකීම් ඊට හේතුවයි.ඔහු එම වෛරය සිංහල ජාතියටම පරාවර්තනය කර හරී.ඔය කියන ජාතිවාදයක් අපේ සමාජයේ නැත.මා මතුගම ගැන නොදන්නා නමුත් මතුගම ඉන්නේත් අපේ නගරයේ සිටින විදියේ අය මිස අමුතු මිනිස්සු නොවේ.අපේ නගරයේ නැති අමුතු ජාතිවාදයක් මතුගම තිබිය නොහැක.මේවා අතිශයෝක්ති වන අතර මතුගම ජනතාවටද කරන නිග්‍රහයකි.

    ReplyDelete
    Replies
    1. උඹ මහා මෝඩයෙක් බන්.....උඹ කියන විදියට බ්ලොග් ලියන්න පුලුවන්ද?......කොල්ලෙක් ටීචර්ට තන්ගච්චි කිව්වා කියල කිව්වම මෙලෝ රහක් තියෙනවද?.......ලංකාවේ මීට කලින් ටීචර්ලට නම් කියලම නැද්ද?.......

      වැඩ දාලා පඩ දාල ලියන්නේ.........ලියන එකා වගේම කියවන එවුනුත් දොරේ සද්දෙයි පඩේ සද්දෙයි අඳුර ගන්න ඕන........

      Delete
  13. ///// අපගේ දරුවන් අතර අපි කෙතරම් නින්දිත ජාතිවාදයක් ස්ථාපිත කර තිබේ ද යන්නයි"/////////

    දරුවන්????????????

    පිස්සුද පැරා.....දරුවන්ගේ තාත්තාලා අතරත් තියෙන්නේ ඔය තත්වයම තමයි. දරුවෝ ගැන කවර කතාද.

    ReplyDelete
  14. අපේ පැරා අයියට ඒවා මේවා කියන්න එපා.....එයා තරම් මේ ලෝකේ ගැන දන්නා කවුරුවත් තාම බිහිවෙලත් නෑ....බිහිවෙන්නෙත් නෑ........බුදුහාමුදුරුවන්ටත් වඩා අපේ පැරා අයිය හැම දේ ගැනම දන්නවා......ඒකනේ දැන් ආගමක් අදහන්නේ නැත්තේ........මම නම් අපේ පැරා අයියව අදහනවා......එයා කැමති ඕනම දෙයක් එයාට දෙනවා.......

    ReplyDelete
    Replies
    1. @ Anonymous July 10, 2014 at 2:44 PM ----

      මිනිහෙක් වුණාම ආගමක් අදහන්නම ඕනෙද ගොනෝ?

      Delete
    2. උඹ ඕන පුකක් අදහපන්. අපි උඹ අදහන ආගමට විතරක් නෙවෙයි හැම ආගමකටම ගරු කරන්නෙ එක හා සමානව. උබත් පුරුදු වෙයන් ආගම් අදහන් නැති අපිටත් ගරු කරන්ඩ. නැත්තන් උඹ අදහන ආගම හරියට ඉගෙන ගනින්

      Delete
  15. e රිසියාJuly 10, 2014 at 5:33 PM

    w3lanka පෙරට
    මෙතෙක් කියැවූ පිටු ගණන
    2206171
    paraට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.
    බොගට ජය !

    ReplyDelete
  16. Daraganagaraye "Kalu nazar" bomba samaga asuwela bithna giyamase kalabalawaldi ME nazar 88-89 sannaddaJvp karuwek,Awesinama police wartha(88-89) saha giyamase.kagenda ethakota mun puruduwune APENDA?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා