උපුල්ගේ කුකුළු කූඩුවෙන් රනිල්ගේ ධනවාදය හරහා සමාජවාදයට සංවාදයක්


අපට ලෝකය වෙනස් කළ හැකි බලවත් ම ආයුධය අධ්‍යාපනයයි -නෙල්සන් මැන‍්ඩෙලා
සිද්ධි දෙකක්.

පළමුවැන්න තමයි අපි මෙහි සටහන් කළ උපුල්ගේ කුකුළු කූඩුවට රනිල් යාම.

මෙතනදී අපට ඕනෑ වුණ ‍දේ ඇත්තට ම වුණා. අපට ඕනෑ වී තිබෙන්නේ අපේ ජීවිත නැවත ප්‍රශ්න කරන්නයි. එහෙම ප්‍රශ්න කරමින් ඒවා නැවත සමාජවාදී ලෙස අර්ථකථනය කරන්නයි අපට අවශ්‍ය.

මේක සමාජවාදය ගැන න්‍යාය වපුරනවාට වඩා අමාරු ප්‍රායෝගික වැඩක්.

මහින්දගේ ආණ්ඩුව, ඇමරිකාව, ඊශ්‍රායලය හෝ මුස්ලිම් අන්තවාදය ප්‍රශ්න කළ විට වගේ නෙමෙයි, තමන්ගේ ම ජීවිත ප්‍රශ්න කළ විට වැඩි දෙනෙක් කුපිත වෙනවා.

අපට ඕනෑ වුණේ අධ්‍යාපනය ගැන සමාජවාදී විධියට හිතන්න පොළඹවන්න. සමාජවාදී අධ්‍යාපනය කියන්නේ මොකක් ද?

සමාජවාදී අධ්‍යාපනය කියන්නේ පුළුවන් තරම් උපාධි නම අගට එකතු කර ගැනීම නෙමෙයි. වැඩිපුර ආදායම් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන උපාධි පසුපස හඹා යාමත් නොවෙයි. කොටින්ම කියනවා නම් ලංකාවේ වර්තමානයේ තිබෙන තරගකාරී අධ්‍යාපනය දේහය ම නොවෙයි.

මම හිතන්නේ සමාජවාදී අධ්‍යාපනයක් විය යුත්තේ මිනිසාගේ නිර්මානශීලිත්වයට ප්‍රමුඛස්ථානය දෙන එකක්. මිනිසුන් අධ්‍යාපනය ලැබිය යුත්තේ පුද්ගලයාගේත්, මිනිස් සමාජයේත්, සොබාදහමේත් යහපැවැත්ම තහවුරු කරන්නත්, ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත් විය යුතුයි.

මේ තිබෙන අධ්‍යාපනය එවැන්නක් නො වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

අපි කියන්නේ නැහැ පවතින අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම බැහැර කරන්න ය කියලා. අප කළ යුතුව තිබෙන්නේ එය සමග අරගලයකුයි. කොහොමද එය කරන්නේ?

අංක එක, අපි තේරුම් ගත යුතුයි අපේ ජීවිතයේ අරමුණ මොකක් ද කියලා. මම නම් සිතන්නේ සතුටින් ජීවත් වීම තමයි, අපේ අරමුණ විය යුත්තේ. එතකොට එන ප්‍රශ්නය සතුට මොකක් ද කියන එකයි. ධනවාදය තුළ නම් සතුට කියන්නේ හැකි තරම් පරිභෝජනයයි. සමාජවාදය තුළත් සතුට නිර්මානය වෙන්න පරිභෝජනය දායක වෙනවා. එහෙත්, එය බුද්ධිමත් පරිභෝජනයක් විය යුතුයි. හැබැයි, සමාජවාදය තුළ සතුට කියන්නේ පරිභෝජනය විතරක් නෙමෙයි. ආදරය, සහකම්පනය, සහෘදත්වය, බෙදාහදාගැනීම වැනි තවත දේත් එහි තිබෙනවා.

ධනවාදය තුළ සමාජවාදී සංකල්ප වුණත් අහුලගෙන අලෙවි කරන්න පුළුවන්.

දුක කියන්නේ සතුටේ ප්‍රතිවිරුද්ධ දෙයකට වඩා එහි ම තවත් පැතිකඩක් ය කියා තේරුම් ගන්න එකත් සමාජවාදය සඳහා වැදගත්. හරියට මරණය කියන්නේ ජීවිතයේ ම කොටසක් වගේ. ‍

‍මේ අවබෝධයට එන්න පුළුවන් නම්, අපට මහා ආශාවන් පසුපස හඹා යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට උපුල් ශාන්ත සන්නස්ගල තරම් සල්ලි හම්බ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම හරි අනෙක් අය පාගාගෙන දුවලා ගිහින් ලොකු තැනක් අල්ලගන්න අවශ්‍යතාවක් ඇති වන්නේත් නැහැ.

හැබැයි මේ එක්ක ම අපි මිනිස් අයිතිවාසිකම්, ශ්‍රමික හිමිකම්, සමාජ විෂමතා අවම කිරීම, නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වෙනුවෙනුත් අරගල කරන්න ඕනැ. මේ දේවලුත් මිළ දී ගන්න සිදු වන පරිසරයක සමාජවාදී ජීවිත වෙනුවෙන් වූ අරගලය අති දුෂ්කර වෙනවා.

දෙවෙනි සිද්ධිය තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා මුහුණ දුන් රිය අනතුර.

සමහරු අනුර සහෝදරයා ගමන් ගත් රිය ගැන කතා කරන්නේ හරිම කුහක විධියටයි. ඔහු ගමන් ගත් රිය අප නම් සිතන ආකාරයට නිතර ගමන් බිමන් යන ඔහු වැනි කෙනෙකුගේ භාවිතයට ප්‍රමාණවත් එකක් මිස, උවමනාවට වැඩි සුඛෝපභෝගී රියක් නෙමෙයි.

සමහරු හිතනවා සමාජවාදය කියන්නේ පරිභෝජනයට විරුද්ධ දෙයක් කියලා. නැහැ. සමාජවාදය බුද්ධිමත් පරිභෝජනයට විරුද්ධ නැහැ. සමාජවාදය විරුද්ධ පරිභෝජනවාදයටයි. ඒ කියන්නේ භාණ්ඩ වන්දනාවටයි.

සමාජවාදියෙක් වුණා ම කාර් එකක යන්න හොඳ නැහැ, කොණ්ඩෙ ජෙල් ගාන්න හොඳ නැහැ, ටයි කෝට් අඳින්න හොඳ නැහැ ආදී වශයෙන් හිතන ‍මෝඩ සමාජවාදයේ යුගය ඉවරයි.

නාලා එන්න.  


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. සම හරක් අය ලියල තිබුන,එයාව ඉක්මනින්ම කොලඹ ගෙනිහිල්ල ප්‍රතිකාර කලේ,ලොකු මිනිස්සුන්ට වෙනම සලකන හින්ද කියල.මට හිතෙන විදියට පාර්ලිමේන්තුවෙ උගත් කියල කියන්න පුලුවන්, ප්‍රයෝජනවත් දෙයක් කතා කරන්න පුලුවන්, එකම කෙනා අනුර කුමාර විතරයි.වැඩකට නැති හරක්,ඉහලම පහසුකම් ලබන රටක ඔහොමවත් වුන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. //පාර්ලිමේන්තුවෙ උගත් කියල කියන්න පුලුවන්, ප්‍රයෝජනවත් දෙයක් කතා කරන්න පුලුවන්, එකම කෙනා අනුර කුමාර විතරයි//
      ෂුවර් ද? හර්ෂ ද සිල්වා, චම්පික රණවක , සරත් අමුණුගම, සුමන්තිරන් වගේ අය ගැන මොකද හිතන්නේ?

      Delete
  2. මට ආශාවන් පසුපස හඹා යන්නට අවශ්‍යයි. උපුල් ශාන්ත සන්නස්ගල තරම් සල්ලි හම්බ කරන්නත් අවශ්‍යයි. මගේ හැකියාව භාවිතා කරලා .. කාටවත් හිරිහැරයක් නැතිව දුවලා ගිහින් ලොකු තැනක් අල්ලගන්නත් අවශ්‍යයි. ස්ඛෝපභෝගී ලෙස සුපිරි ආහාර , ඇඳුම් , නිවාස , වාහන , අද්‍යාපනය සහ සෞක්‍ය සේවා ලබා ගැනීමට මට අවශ්‍යයි. හැකියාව සහ උවමනාව තිබෙද්දී හිඟන්නෙක් වගේ ජිවත් වෙන්න , අනුන්ට අතපාන්න මට අවශ්‍ය නැහැ.

    ඔබගේ දරිද්‍ර සිහින මට එපා. මට මගේම සිහින තිබෙනවා. මට ඔබේ දරිද්‍ර සිහින කොන්වින්ස් කරන්න හදන්න එපා

    දැන් මගේ ප්‍රශ්නය ....
    1. ඔබගේ සමාජවාදී සිහින රාජ්‍යයේ මා වගේ කෙනෙකුට හිමි තැන කුමක්ද ? සිපිරි ගෙයද ? හිසට උණ්ඩයක්ද ?
    2. මේ ඔප්ෂන් දෙක ඇර පසුගිය ශතවර්ෂයේ "සමාජවාදී" මිනීමරු රාජ්‍ය වල අපි වගේ අයට හිමි වුන වෙනත් ඉරණමක් තිබේද ?

    උදේ නෑවා :)

    ReplyDelete
    Replies
    1. ඔබේ කැමැත්තක් කරන්න. අපි කරන්නේ වෙනස් ජීවන රටාවක් යෝජනා කිරීම පමණි.

      Delete
    2. 1. ඔබේ යෝජනාව පරම සත්‍ය විය යුතු නැත. එනිසාම සියල්ලන් එය පිළිගත යුතු නැත. ප්‍රශ්න කිරීමට හැකි විය යුතුය.

      2. ප්‍රශ්න කිරීමෙන් පසුවද පිළිනොගන්නා පිරිසක් සිටිය හැක. (රසෙන් වැඩි වැනිලද චොකලට්ද වගේ කේස්) මෙසේ යෝජනාව පිලිනොගන්නා අය සම්බන්ධව කරන්නේ කුමක්ද? ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ උන්නතිකාමී පරිභෝජනවාදී ජීවිතය ගෙවාගෙන ඉන්න දෙනවද?

      Delete
    3. එහෙනං පැරා ඔයා යෝජනා කර කර ඉන්න අපි සත පහකට ගණන් ගන්නේ නැහැ.

      මහසෝනා එළකිරි කතාව මචං.

      Delete
    4. හා මචං, තව අය ඉන්නවනම් කියපන් අපි ලිස්ට් එකට දැන්නම්

      Delete
  3. මෙතනදි පැරා සීමාවක් යෝජනා කරනවා. ඒ සීමාව කුමක්ද? එහෙම සීමාවක් නම් කිරීම සාධාරනද? එය පුද්ගලයාගෙන් පුදගලයාට වෙනස් වීම වරදක්ද? නීතී රීතී මගින් මිනිසුන්ගේ සිතුම් පැතුම් ඇහිරීම මානුෂිකද?

    ප්‍රශ්ණය තිබෙන්නේ අනුර කුමාරගේ වාහනයේ සුඛෝපභෝගී කමේ වත්. අනුර කුමාර ගැනවත් නොවේ. ඔවුන් කියනා දේ හා කරනා දේ අතර ඇති පරස්පරයයි. පැරා හිතන්නේ ඩියුටි නැතිව මේකේ මාකට් ප්‍රයිස් එක කීයයි කියලද? එතකොට එයා පොඩි එකා එක්ක ඉන්න පොටෝ එකේ මේ වාහනේ නොදා පොඩි මෝටර් බයිසිකලයක් දාලා තිබුනේ ඇයි. අනික අපි දන්නවය පැරාට තියෙන්නේ මරූටියක්ය කිව්වට. තියෙන්නේ බෙන්ස් එකක්ද කියලා. අපි හිතුවේ ජෙප්පෝ කැබ් වල යනවා කිව්වම. අර විදුලි බල මන්ඩලේ උන් කන පැලෙන්න ගහලා සෙට් එක පිටින් එන්නේ බ්‍රේක් ඩවුන් වලට කැබ් එකක. ඒ වගේ ඒවා කියලා.

    ReplyDelete
    Replies
    1. වසලයා. අමනයා. ළමා මහල්ලා.

      කෝ මගේ ඇනෝ සේනාව? පිම්පියනි පහරා දෙනු!!!

      Delete
    2. අපි නිවාඩු පැරායියේ

      Delete
    3. මානසික අසමතුලිතා ඇත්තන් වියරුවෙන් හා නිරුවතින් නටන විට අපි ඔවුන් නවත්වන්නට යන්නේ නැත. ඒ අඳ බාලයින් තවතවත් වියරු වෙන නිසා වෙනි. ඔබ සනීප වූ දිනක කියන්න. අපි දේශපාලනය කථා කරමු.

      Delete
    4. කතා කරහං මාතේ කතා කරහං.

      Delete
    5. "Strange Case of Dr Jekyll and Mr Hyde"

      අපිට රෑ දනියෙල් දවල් මිගේල් කියන්නත් පුළුවන්

      Delete
  4. මේගොල්ලන්ගේ සමාජවාදය ජිනා මැඩම්ගේ පතිවත වගේ

    ReplyDelete
    Replies
    1. සමරෙ අංකල් වගේ මූත් ටිකක් වැඩියි නේද? මුටත් ගහමුද?

      Delete
    2. මොකෙන්ද ? කි බෝර්ඩ් එකෙන්ද ?

      Delete
  5. කෞශල්‍යJuly 31, 2014 at 7:57 AM

    මම හිතන විදිහට මේක ධනවාදයෙවත් සමාජවදයෙවත් ප්‍රශ්නයක් නෙවෙයි මනුස්සයා හිතන විදිහේ ප්‍රශ්නයක්. මේ ලෝකේ සමහර මිනිස්සු උප්පත්තියෙන්ම උන්නතිකාමී. මේ මිනිස්සු අනිත් මිනිස්සුනට වඩා දක්ෂ, උත්සහවන්ත, ගැටලුවකදී නිර්මාණාත්මක විදිහට මුහුණදෙන්න වගේ ගතිගුණ තියෙන අය. ධනවාදී රාමුවකදී මේ අය නිර්මාපකයින්, ව්‍යවසායකයින්, පාලකයින් වැනි තත්ත්ව ළඟාකර ගන්නවා. සමාජවාදී රාමුවකදී පක්ෂයේ ඉහල කේඩරයේ සාමාජිකයින් බවට පත් වෙනවා. අවාසනාවකට මේ අවස්ථා දෙකේදීම පොදු මානුෂික දුර්ගුණ වෙන බලයට/ධනයට ඇති අසීමිත ආශාව විසින් බොහෝවිට ඔව්න් වෙලා ගනු ලබනවා. අපි දකින දූෂිත පාලකයා / බිස්නස්කාරයා/ අන්තවාදියා බවට පත් වෙන්නේ මෙන්න මෙවැනි අයයි. මෙය ධනවාදී හෝ සමාජවාදී කියා වෙනසක් වෙති මට නම් සිතෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කුලකයට නොවැටුණු සමහර මිනිස්සු ඔවුන්ට ඉරිසියා කරනවා. කුහකකමින් සිතනවා සමාජවාදය ගෙනත් ඔවුනුත් තමන්ගේ තත්වයේම තියාගන්න.

      (මම හරවත් සංවාද යනවට කැමති නෑ. දැන් පුක දෙන සෙට් එක ඇවිත් අපේ තාත්ත කවුද අහනවා.ඊට පස්සේ මම උත්තර දෙනවා.ඒගොල්ලෝ DNA බලන්න කියනවා. උපශාන්ත ඇවිත් අභීතගෙන් එන්න තියෙන සල්ලි වලින් ඕන නම් ටෙස්ට් එක කර ගන්න කියනවා. ඔමා ඇවිත් කරගන්න පුළුවන් තැන් කියනවා. මාතලන් වෙන තැනක් තියෙනවා කියනවා. පුක දෙන සෙට් එක ඔමාට මයිල් බාන විදිය කියල දෙනවා. කකා ඇවිත් ජිලට් හැදිච්ච විදිය ගැන ලියපු පෝස්ට් එකක ලින්ක් එකක් දානවා. පැරා හෙට කාදියවත්තේ සිංහල කොල්ලෙක් පඩයක් ඇරලා මුස්ලිම් ළමයෙක්ට ගඳ ඇවිත් කියල පොස්ට් එකක් ලියනවා. පුක දෙන සෙට් මේක අමතක කරලා සිංහල එවුන්ට පඩ අරින එක තහනම් කරන්න කියල ඒකෙ ලියනවා. වයසට ගිහින් පඩ යන එක පාලනය කරගන්න බැරුව ඉන්න සමරෙ අංකල් ගේම ඉල්ලනවා. පුක දෙන සෙට් එක සමරෙ අංකල්ට අංගොඩ යන්න කියනවා. මාතලන් අංගොඩ යන්න එපා කියනවා. ඊගාව දවසේ පැරා ලයිබීරියාවේ එබෝලා එලියට ආපු විදිය ලියනවා. කමෙන්ට් වල සයිබීරියාවේ කක්කුස්සි හෝදන එක ගැන වාද කරනවා. ෂෝක් නේද?)

      Delete
  6. පැරා අනුර කුමාරගේ කැබ් එක සම්බන්ධව දක්වන මතවාදය නම් සෑහෙන වටිනවා. ඒත් ඒ කැබ් එකම සන්නස්ගල පැද්දොත් ඔබේ මතය ඒ වගේමද?

    ReplyDelete
  7. වැඩේ තියෙන්නෙ පැරා අපි හොඳයි කියන විදියට ජීවත් වෙන්න මිනිස්සු අකමැති වීම නෙව. ඕව ස්වාභාවිකව පාලනය වෙන්න ඕන දේවල්. උදාහරණයක් විදියට සන්නස්ගලගෙ පන්තියෙ ඉගනගන්න එවුන්ට මීට වැඩිය පළල ඩෙස් බංකු දෙනව නං හොඳයි. ආදායමේ හැටියට ඌට එහෙම කරන්නත් පුළුවන්. නමුත් ඔය දේ සිද්ධ වෙන්න නං ඌට තරගයක් දෙන්න පුළුවන් උගේ මාකටින්ම තියන ටියුෂන් කාරයෙක් ෆීල්ඩ් එකට එන්න වෙනව. තරගයක් නැති තාක් මේව වෙනස් වෙන්නෙ නෑ.

    අනුර කුමාරගෙ කැබ් එක ගැන නං කතා කරන්නෙ මැරුවත් ජෙප්පන්ට දෙන්නෑ කියන ජාතියෙ එවුන්. ඔයිට වැඩිය හොඳ වාහන තියනව අද කාලෙ ප්‍රාසභාපතිලටත්. සාමාන්‍යයෙන් ලක්ෂ විස්සක තිහක වාහනයකින් ගංජ ඇදල අහුවුනාම පත්තර වල යන්නෙ 'සුපිරි රියෙන්' ගංජ ඇද්ද කියලනෙව.

    ReplyDelete
  8. අපි මේක මේ විදියට සරල තර්කයක් ගොඩ නගමු.මම පාවිච්චි කරන්නෙ රු 4500 කට ගත්ත ෆෝන් එකක්.ඒකෙන් පුලුවන් කතා කරන්න විතරයි.දැණ් ෆෝන්වලින් කරන්න බැරි ඇදුම් මදින එක විතරයිනෙ.මගෙ ෆෝන් එකෙන් අමතර දේවල් කරන්න බැරිවුනා කියල මට දුකක් නෑ.මගෙ අවශ්‍යතාවය ඉටුවෙනව.මට ඇපල් ෆෝන් භාවිතා කරන්න බැරිත් නෑ .
    මම ෆුට් සයිකලේ යනව ටවුමට.ඒ දුර යන්න බයික් එකවත් භාවිතා කරන්නෙ නෑ.ඒ වගේම අනෙක් දේවලුත් ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරනවා.හැම දේකින්ම උපරිම ප්‍රයෝජන ගනිමින්.
    මම රු 200 ට ආප්ප කන්නෙ නෑ.මට එහෙම කන නම් සල්ලිත් නෑ.ඒත් ඒ වගේම ආප්පයක් ඊට වඩා අඩු මුදලකට ගමේ කඩෙන් කනව.කොලිටිය එකයි.

    දැන් මේක සමාජයට ආදේශ කළොත් අප හඹා යන්නෙ අනවශ්‍ය භාන්ඩ හා සේවායි.අප ලබන්නෙ අනවශ්‍ය අධ්‍යාපනයක්.ධනවාදය තුල හැම එකාම දොස්තරල ඉන්ජිනේරුවො වෙන්න ඕන.මේ ගෙදර එකා මොකක් හරි කෝස් එකක් කළොත් අල්ලපු ගෙදර එකාත් කරනව.නැත්නම් ඌට පැවැත්මක් නෑ.සමාජ අවශ්‍යතාවය පරිදි ඉගෙන ගන්නවනම් වැඩි දෙනෙකුගෙ වෙහෙස අඩුවෙනව.යම් විශයක් ඉගෙන ගන්න ආස එකා ඒක ඉගෙන ගන්නව .ඌට විශේෂ වන්දනාමාන කිරීමක් නෑ.
    මේක නිකම් සුපර් ස්ටාර් තරඟයක් වගෙයි.එකෙක් ගොඩයනවා දස දහස් ගනනකගෙ කඳුලු දහඩිය මතින්.

    ReplyDelete
    Replies
    1. හැමෝටම අවම වශයෙන් කන්න අඳින්න ඉන්න තැනක් ඕන නේ. සමාජ අවශ්‍යතාවය මත පමණක් ඉගෙන ගත්ත කියමුකෝ. ලංකාවේ තේවතු වල දළු කඩන්න මිනිස්සු ඕනනේ. ඉතිං මම ඉගෙන ගන්නේ එතනට අවශ්‍ය දේ විතරයි.යන්තම්වත් ලියන්න බැරි නිසා මට කංකානම් කෙනෙක් වෙන්නවත් බෑ කවදාවත්. මගේ පඩිය දවසට 500. දැන් කොහොමද කියන්නකෝ මගේ අවම අවශ්‍යතා ටිකවත් කර ගන්නේ.

      BTW වතුවල ළමයි ඉගෙනගෙන වත්තේ කාර්යාල වලම වැඩ කරනවා. ශ්‍රමිකයන් සොයා ගැනීම නුදුරු අනාගතයේම ලොකු ගැටළුවක් වෙන බව තමයි පේන්න තියන්නේ.

      Delete
    2. දැනුම පිළිබඳ මිත්‍යාව පුපුරුවා හළ යුතුයි.රැකියාවල විශමතා අහෝසි කර කෙටි කාලීන පුහුණුවක් අවශ්‍ය රැකියා වල වැටුප් හා දීමනා සමාන කළ යුතුයි.සාපේක්ෂ දිගුකාලීන පුහුණුවක් අවශ්‍ය දොස්තර ,ඉන්ජිනේරු වැනි රැකියා සඳහා යාමට කෙටිකාලීන පුහුණුව ලද අයට උපරිම ධෛර්ය දිය යුතුයි.මේ දෙකේද බමුණු පරතරයක් නොතිබිය යුතුයි.අවශ්‍ය නම් රැකියා මාරු කිරීමට අවස්ථාව තිබිය යුතුයි.ඕනෑම කෙනෙකුට දක්ෂතාව මත උසස්වීමේ අවස්ථා දිය යුතුයි.දැනුම නොමිලේ ඕනෑම කෙනෙකුට ලබාගත හැකිවිය යුතුයි.
      ඔබේ තේ වතු උදාහරණය මෙතනට ගැලපෙන්නෙ නෑ.මේක ලොකු සැලැස්මක්.ලොකු අධ්‍යනයකින් පසු කළ යුත්තක්.සේරටම කලින් වැඩවසම් මානසිකත්වය දුරලන්න ඕන.අපේ රැකියා සකස් වෙලා තියෙන්නෙ වැඩවසම් යුගයේ අවශ්‍යතාවලට.අඩුගානෙ ධනවාදයටවත් නොවෙයි.

      Delete
    3. තේ වත්තේ උදාහරණය ගත්තේ මට තේරෙන විදියට. හොඳයි ඒක ගැලපෙන්නේ නෑ කියමුකෝ. දැන් ඉතින් වැඩවසම් මානසිකත්වය දුරලන එක වගේ ලොකු දේවල් එක පාර කරන්න අමාරුයි නේ. ප්‍රයෝගික තලයේදී මේ වෙනස්කම් කොහොමද පටන් ගන්න ඕන. මම අහන්නේ මේ සමාජයේ පහලම තලයේ ඉන්න මිනිහෙක් කොහොමද පටන් ගන්න ඕන? මට තේරෙන විදියට ගොඩ යන්න try කරන එක ඔබලා කියන විදියට වැරදියි වගේ හැඟෙන නිසා මම අහන්නේ. මම නම් කරන්නේ අපි තේ කඩන කම්කරුවා උදාහරණයකට

      1. ඊගාව උසස්වීම ලබන්න අවශ්‍ය දැනුම ලබා ගෙන ඊට පස්සේ කංකානම් කෙනෙක් වෙනවා.
      2. වත්තේ වැඩ ඉවර උනාම තව අමතර තැනක උදලු ගාල කීයක් හරි හොයා ගන්නවා.
      3. අමාරුවෙන් වැටිලා ඉන්න පුළුවන් ගෙයක් හදා ගන්නවා.
      4. ළමයින්ට උගන්නන්න පුළුවන් තරමට වියදම් කරනවා. කුකුල් කූඩු පන්ති වලට තමයි මට ළමයි යවන්න වෙන්නේ.
      5. ළමයින්ව කංකානම් කමෙන් ඉහල ලෝකයට තල්ලු කරනවා.

      මෙහෙම කරාම ප්‍රශ්න දෙකක් එනවා.

      1. වත්තට කම්කරුවෝ නැති වෙනවා.
      2. සමාජවාදයට ලොකුම හතුරුකමක් කරනවා කියලා ඔබලා කියනවා.

      මම කරන වැරැද්ද සහ මට මගෙන් සමාජවාදය පටන් ගන්න කල යුත්තේ කුමක්ද කියල පැහැදිලි කරන්න.

      Delete
    4. // රැකියාවල විශමතා අහෝසි කර කෙටි කාලීන පුහුණුවක් අවශ්‍ය රැකියා වල වැටුප් හා දීමනා සමාන කළ යුතුයි.සාපේක්ෂ දිගුකාලීන පුහුණුවක් අවශ්‍ය දොස්තර ,ඉන්ජිනේරු වැනි රැකියා සඳහා යාමට කෙටිකාලීන පුහුණුව ලද අයට උපරිම ධෛර්ය දිය යුතුයි.//

      දියුනු රටවල් වල කොහොමත් වැටුප් පරතරය අඩුයි. අනික වැටුප තීරණය වෙන්නේ උගත් කම උඩ විතරක් නෙවෙයි කොච්චර කට්ට කන්න වෙන ජොබ් එකක්ද කියන එකත් උඩ. ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙකුට සමහර විට දොස්තර කෙනෙකුට වඩා හම්බ වෙන්න පුලුවන්.

      දැන් අයිඩියල් ධනවාදී ක්‍රමයක් යටතෙ උනත්, මේක ඉබේම බැලන්ස් වෙන්න ඕනෑ. එක ජොබ් එකකට මිනිස්සු අඩු නම්, ඒකෙ පඩි ඉබේම ඉහල යනවා. එතකොට රස්සාවට අලුතෙන් මිනිස්සු එන්ටර් වෙලා ඕක ඉබේම බැලන්ස් වෙනවා. මේක ලංකාවෙ ක්‍රමේට වඩා හොඳයි, සමහර රස්සා වලට එන්ටර් වෙන්න පුලුවන් මිනිස්සු ගානට කෘතිම කෝටා හැදිල තියන.

      හැබැයි ප්‍රයෝගිකව මෙහෙම සිස්ටම් එකක ප්‍රශ්න නැත්තෙ නෑ. දැන් ගොඩක් දියුනු රටවලට දොස්තරල ඉංජො ලංකාවෙන් ගෙන්න ගන්න වෙලා තියෙන්නෙ එහෙම දිග කාලයක් වියදම් කරල ඉගෙන ගන්න ලොකු ආර්තික ඉන්සෙන්ටිව් එකක් ඒ රටවල උන්ට නැති නිසා.

      // මෙහෙම කරාම ප්‍රශ්න දෙකක් එනවා.
      1. වත්තට කම්කරුවෝ නැති වෙනවා. //

      දැං ලංකාවෙ ඕක වෙලා නෙ තියෙන්නේ. මම කියන්නෙ මේක අපි සතුටු වෙන්න ඕන දෙයක්, ඒකෙන් කියන්නෙ දැං තියන සැලරි ස්කේල් වලට තව දුරටත් කම්කරු ජොබ් කරන එක ඒ මිනිස්සුන්ට ඇට්‍රෑක්ටිව් නෑ කියලයි. මේකෙත් රෝං යන පැති තියෙනවා පැරා කියන විදියෙ බොරු පරිභෝජන වැලියු එකකට සම්බන්ද - දැන් හවුස් මේඩ් කෙනෙක් ගන්න ගාන හොයන්න අමාරුයි ටවුමක රෙදි කඩේක ගෑනු ලමයෙක්ට වියදම් කැපුවම, සමහර විට ඒ ලමයි කරන්නෙ අතින් කාල හරක් බලනව වගේ වැඩක්. ඒත් ඒ ලමයි කැමතියි ලස්සනට ඇඳගෙන හෑන්ඩ්බෑග් එකක් අරන් බස් එකක නැගලා උදේ ටවුමෙ රස්සාවකට යන්න. මේකෙන් ඇත්ත වාසිය වෙන්නෙ ඒ ගෑනු ලමයින්ට නෙවෙයි මුදලාලිල ට.

      Delete
  9. විග්නේශ්වරන් ඉන්දියාවෙන් දොස්තරල ගේන්න යනව කියල මෙහෙ බමුණො කලබල වෙලා.ඉන්දියන් දොස්තරලගෙ කොලිටිය නැතිලු.එතකොට කොලිටිය තියෙන්නෙ මුළු ලෝකෙන්ම මෙහෙ එවුන්ගෙ විතරද?
    සම සෞඛ්‍ය උපාධියටත් මුන් කෙළින්න ආවෙ හෙදියන්ට දැනුම ලබා ගන්නවට විරුද්ධ වුනේ (අප එතනදී හෙදියන් විවේචනය කළේ ඔවුන් පීඩක භූමිකාවක් රඟපෑ නිසාය )මේ බමුණු කුලය රැක ගන්න.බමුණන් ඍග්වේදය වෙන කෙනෙකුට කියවන්න දුන්නෙ නෑ වගෙ මේ අයත් තම දැනුම වන්දනාමාන කිරීමක්.වෛද්‍යවරුන්ගෙ පස් අවුරුදු පාඨමාලාවෙ කොටස් වෙනත් උපාධිවලට,හෙද සේවයට,වින්නඹු සේවයට ,පාමසිවේදය (පාමසි කටයුතු )වගෙ විශයන්ට කරනව.ඒවට හසුනොවෙන ප්‍රමාණය ටිකයි.
    වෛද්‍යවරයෙක් හා විශේෂඝ්න වෛද්‍යවරයෙක් අතර ලොකු වෙනසක් තියනව.
    ආහාර හා ඖෂධ පරීක්ෂකවරුත් ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් නියාමනය කරනව.වෛද්‍යවරුන්ට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට තරම් ඒ විශය ගැන දැණුමක් නෑ කියල අපි දන්නව.
    ඒත් අපේ වැදනමස්කාර කරන සමාජායේ වෛද්‍යවරු බමුණු කුලයක් හදාගෙන ඉන්නව.ඉන්දියානු වෛද්‍යැවරු ගෙන්වීම මීට විසදුමයි.මුන් උතුරට යන්නත් කැමතිඋ නෑ.ෆැසිලිටීස් නෑ කියල.ඉන්දියන් ඩොක්ටස්ල එනවට කැමතිත් නෑ.
    මුන් තරම් කොලිටි නැතිලු.මුන්ගෙ කොලිටියෙ තරම නිසා තමයි මිනිස්සු පොඩි ලෙඩකටත් විශේෂඥ වෛද්‍යවරු සොයා යන්නෙ.
    මුන් තර්ක කරන විදියට කොලිටිය තියෙන්නෙ මුන්ට විතරයි.එහෙනම් වැඩිදුර අධ්‍යාපනයට පිට රට යන්නෙ ඇ‍යි.ගිහින් කොලිටිය නැති අයගෙන් ඉගෙන ගන්නෙ ඇයි?
    කොලිටිය නැත්තෙ ඉන්දියන්,රුසියන් වෛද්‍යවරුන්ට නොවෙයි ලංකාවෙ බමුණු දොස්තරලට.

    ReplyDelete
    Replies
    1. අනිවා. ඉන්දියන් දොස්තරලා ගේමු. මදි හරිය බන්ගලිදේසෙන් ගේමු. තව ටිකක් මාලබෙන් ගමු. ඒකෙ බ්‍රාන්ච් එකක් මොනරාගල අරිමු.

      Delete
    2. ඊට පස්සේ දැන් ඉන්න දොස්තරලව නර්ස්ල කරමු.

      Delete
  10. අනුරකුමාරගේ ප්‍රශ්නේදී ඇත්තටම විකාර සහගත වුනේ වාහනේ නෙමේ. පැය විසිහතරේම ජවිපේ බන අහපු පාක්සිකයගේ ප්‍රතිචාර. අනුරකුමාරට කොහොමත් විප්ලවේ කරන්න වෙන්නේ නැහැ. අඩු තරමේ ලක්ෂ හයක් හතක් වෙච්ච තමන්ගේ නඩයට ඔය කියන සමාඅජ වාදය කියලා දුන්නම, නානසාරගේ ගෝලයෝ වගේ අවිචාරවත් විදිහට කැගහන එක නවත්වනවා. පැරා ඉන්ගිර්‍රසි වගේ දාන්නකෝ ඔය කියන සමාජ වාදී පාඩම් ටිකක්.

    ReplyDelete
  11. පැරා, ඔබ ලිපියෙ මැද කොටසෙ කියල තියන ජීවන රටාවම නේද "සමාජවාදී, ධනවාදී" වගෙ වචන නැතිව බුදු දහමෙ කියන්නෙ? එහෙම නැත්නම් මම වැරදිද?

    -ප.ගෝ.

    ReplyDelete
  12. අනිවාර්යෙන් උඹ වැරදියි. උඹ වගේ ගොබිලන්ට තේරෙනවද යකෝ පැරාල වගේ ලොක්කන්ට තේරෙන දේවල්. බුදු දහමේ කොහෙද යකෝ ඕව කියල තියෙන්නේ. තියෙනවනම් අනිවාර්යෙන් මේකෙන් උස්සල දාන්න ඇත්තේ. ගිහින් බුදු හාමුදුරුවන්ට කියපන් පැරා කිව්වා කියල

    "මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න "

    ReplyDelete
    Replies
    1. හප්පේ නානසාර මත්තයින්ගේ බණ ඩින්ගිත්තක් ඇහුවාම තියෙන සනීපෙ. නොලිමිට් ගිනිතිබ්බ වගේ.

      Delete
    2. ඉන්සහා අල්ලාහ් !

      Delete
    3. @ Anonymous July 31, 2014 at 5:06 PM
      නානසාරට කසාදයක් කතා කරමුද?

      Delete
  13. පැරා,නාලා ආවම වැඩේ හරිය,නාලා ආවාම සමාජවාදය ජීවන දර්ශනයක් වෙනවයි.එතකොට චීන්නු නාලා ඇවිත්ද ධනේශ්වර විදියට සමාජවාදය කොරන්නේ.චීන්නු අපේ වගේ උදර පෝෂක පාලකයෝ ඉන්න රටවල් ඉතා සූක්ෂම ආකාරයට සමාජවාදී ක්‍රමයට සූරං කන්නේ.පැරාගේ සිහින වල මොකක්දෝ කොලොප්පං ගතියක් තියෙනවා.අපි ලියලා කියලාම එවා විසඳා ගනිමු,නේද පැරා එහෙම හොඳයිනේ,හරිය.

    ReplyDelete
    Replies
    1. //චීන්නු නාලා ඇවිත්ද ධනේශ්වර විදියට සමාජවාදය කොරන්නේ.චීන්නු අපේ වගේ උදර පෝෂක පාලකයෝ ඉන්න රටවල් ඉතා සූක්ෂම ආකාරයට සමාජවාදී ක්‍රමයට සූරං කන්නේ.//

      චිනේ සමාජවාදී කියල දුන්නේ මහින්ද අයියද? හරිය......ලංකාවේ නමේ මුලටත් සමජවාදී ජනරජය කියල තියෙන නිසා ලංකාවත් සමජවාදීද දන්නේනෑ නේද ? හරිය...... සුරාකෑම කෙසේ වෙතත් කොමිස් ගැන නම් වලව්ව පැත්තේ ගියොත් දැනගත හැකි, හරිය......

      Delete
  14. Keri huththige putha parakuma, wara ado pakaya. Tho thawama Sanna genai Ranil genai liyana eka neweththuwe nehe neda? Keriyo tho athe gahanagaman da thoge oya mala magul liyanne. Ponna nasta kaamiya. Keri wessawa danna huththak karapan ban. Malalasekara eka langa thiyanna danna widiyaka pariwarthanayak karan hitapan pol kudu pakaa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා