මධ්‍යම පංතිකයන්ගේ සිහින බොඳ කරන නීිතියේ ආධිපත්‍යයේ ගැටලුව

අලුත්ගම පැත්තේ වාර්ගික ගැටුම්වලදී පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය ඒ පැත්තේ කවුරුත් දනිති. එහෙත්, අපි ඒ ගැන කතා කරන්නට යන්නේ නැත.  

හේතුව, පොලිසිය මේ අන්දමින් ක්‍රියා කළ එක ම තැන මෙතන නො වන බැවිනි. ලංකාවේ පොලිසිය ක්‍රියා කරන ආකාරය දෙස බලන විට එය නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට වඩා දේශපාලන හා නිලධාරි උවමනා එපාකම් අනුව ක්‍රියාත්මක වන අයුුතු ජනරාශියක ස්වරූපය ගනියි. 

වාර්ගික ගැටුම්වලදී පොලිසිය හැසිරෙන්නේ බොදු බල සේනාවේ අතුරු හමුදාවක් ලෙස ය. 

කෙසේ වෙතත්, අද වන විට රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී තිබෙන තරම අතිශය කණගාටුදායක ය. මේ තත්වය මේ රටේ සන්සුන් මධ්‍යම පාංතිකයන්ගේ ජීවිතවලට බල පා තිබෙන ආකාරය පිළිබඳ කදිම නිදසුනක් අද දිවයින පුවත්පතේ මුල් පුවතින් කියවේ. මේ වනාහි රට පුරා ම දෛනිකව සිදු වන දෙයක් පුවත්පතක මුල් පුවත වූ අවස්ථාවක් පමණි.

මේ දුර්දාන්ත පාලනය තව දුරටත් ආරක්ෂා කර ගන්නා වූ ප්‍රධාන බලවේගය මෙරට මධ්‍යම පංතිකයෝ ය. ඔවුන් කඳින් මෙහි ජීවත් වන ඔලුවෙන් විදේශිකයෝ ය. රටට හෙණ ගැහුවත්, මධ්‍යම පංතිකයන් හිතන්නේ තමන්ගේ ජීවිත ගැන පමණි. ඔවුන්ගේ සිහිනය ඇත්තේ තම දරුවන් අධ්‍යාපනයෙන් ඉදිරියට යවා සංවර්ධිත රටක පුරවැසිකම ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගන්නට ය. එතැන් සිට ඔවුන්ට ලංකාව අවශ්‍ය වන්නේ තමන් ජීවත් වන රටවලින් තමන්ට නො ලැබෙන පිළි ගැනීම විඳ ගැනීමට, ලංකාවේ සිටින අසරණයන්ගේ ඉරිසියාවෙන් සතුටු වීමට හා බොරු ඩයස්පෝරා දේශප්‍රේමයකින් ස්වයං වින්දනයක් ලබා ගැනීමට පමණි.

එහෙම නැතිනම්, ඔවුන්ට අවශ්‍ය තම දරුවන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් දොස්තරලා කර, සල්ලි, සල්ලි හා සල්ලි හම්බ කර, ඉන්පසු කවුන්‍සලේට හා බටහිර රටවලට යන්නට ය. 

කොහොම බැලුවත්, ඔවුන්ගේ ජීවිත අපේක්ෂා ඇත්තේ මෙරට නොව පිටරට ය. 

එහෙත්, මේ අපේක්ෂා ද යම් තරමකට සුපර් ස්ටාර් තරග වැනි ය. දිනන්නේ එක්කෙනෙක්, දෙන්නෙක් පමණි. අනෙක් අය මේ රටේ ම පණුවෝ වෙති. ඔවුන්‍ ඊළඟට තමන්ගේ දරුවන් ගැන අර සිහිනය ම දකිති. 

මේ අතර, ගැහැනු ළමයකු තනිව දහම් පාසලකට පිටත් කරන්නට පුළුවන් ආරක්ෂිත තත්වයක් මේ රටේ නැත. පිරිමි ළමයකුට පාරේ බයිසිකලයක් පදින්නට පුළුවන් තත්වයක් මේ රටේ නැත. අනාරක්ෂිතභාවය සමස්ත සමාජය ම ඉහවහා ගොස් තිබේ. 

මධ්‍යම පංතිකයිනි, දැන් ඉතින් සිහිනයෙන් අවදි වන්නට කාලයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඊයේ පෙරේදා මගේ මිත්‍ර පොලිස් ස්ථානාධිපති වරයකු කියන ලද කතා.

    'මටනම් දැන් එපා වෙලා තියෙන්නේ, හැම මුස්ලිම් පල්ලියකටම පී සී ලා දෙන්නෙක් දාලා ගාඩ් එකක් දෙන්න ඕනේ. මෙතන ඩියුටියට තව 25 ක් වත් නැතුව අමාරුයි'

    එහෙම කියමින් ඉන්නකොට මාර්ග අනතුරක් ගැන දුරකථන ඇමතුමක් ආවා.

    'ඉතින් බලන්නකෝ මම දැන් එතනට යවන්නේ පාරේ යන මිනිහෙකුට යුනිෆෝම් අන්දලාද? කවුරුවත් නැත්නම් මට තමයි මෙතන වැඩ ටික දාලා යන්න වෙන්නේ'

    ඊයේ පෙරේදා පුදුම දුකක් විඳලා අල්ලගත්තා ලොකු හොරකම් 12 ක් කරපු එකෙක්ව. තව පොලීසි තුනකටත් ඌව ඕනෙලු. අල්ලලා පැය දෙකක් උගෙන් ප්‍රශ්න කරන්න කලින් එස් එස් පී ගෙන් කෝල් එකක් එනවා. ඔය මිනිහට ගහන්න එහෙම එපා. අහවල් ඇමතිතුමාගේ එකෙක්ලු. එක රැයකට වඩා පොලීසියේ තියාගන්න එපා. මැජිස්ට්‍රෙට් ට ප්‍රොඩියුස් කරන්න. ඇප දෙන්න විරුද්ධ වෙන්නත් එපා'

    හැමතැනම හොරකම් ගෙවල් බිඳුම් වාර්තා වෙනවා. ඒවා ඉන්වෙස්ටිගේට් කරන්න යවන්න අය නැහැ. අද ...........තුමා මේ පාරෙන් යනවලු. ඒ නිසා පාරේ ඩියුටි වලට මුළු පොලීසියම දාන්න වෙනවා'

    'අර බලන්න සුළු පැමිණිලි අංශයේ ඉන්න සෙනග. අර බඩදරු පොලිස් නිලධාරිනිය විතරයි ඉන්නේ පැමිණිලි ලියාගන්න. තවත් සෙනග වැඩිවුනොත් මට තමයි එතන ඉඳගෙන පැමිණිලි ලියාගන්න වෙන්නේ.'

    'යුද්දෙන් පස්සේ ත්‍රිවිධ හමුදාවට යන නඩත්තු වියදම් අඩු නිසා පොලීසිය ගැන හිතලා, පොලීසිය නගා හිටුවන්න ඕනෙකමක් නැත්තේ ඇයි කියලා මටනම් හිතාගන්නවත් බැහැ. මෙහෙම ගියොත් පොලීසියේ හුඟ දෙනෙක් අර එක්කෙනෙක් කළා වගේ තමන්ටම වෙඩි තියාගනියි'

    ReplyDelete
  2. පොලිසියේ නිලධාරීන් දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ ආත්ම ගරුත්වය ගේ කුස්සිමුල්ලේ තබලා ඇවිත්‍ය​. දේශපාලුවන්ගේ බැලමෙහෙවෙරකම් කරලා ඇවිදින් සාමාන්‍ය මිනිහෙකුට නීතිය කරන්නේ කොයි මුහුන තබාගෙනද​? නීතිගරුක පොලිස් නිලධාරියෙකුට ආත්ම ගරුත්වයෙන් යුතුව වැඩ කරන්න බැරි තත්වයයි අද තියෙන්නේ. පොලිසියක් අද ඉන්නේ පාරේ ඉරි කපන වාහන හිමියන් අල්ලන්න විතරයි. එය කරන කොටත් එක්කෝ ප්‍රාදේශීය දේශපාලුවෙක් දුරකතන ඇමතුමක් දෙයි නැත්නම් පගාවක් ගනීයි.

    ReplyDelete
  3. මොකක්ද පැරා හැමදාම පිටරට යන්න බලගෙන ඉන්න අයටයි ගිහින් ඉන්න අයටයි නගන අවලාද? මිනිස්සු හැමදේම කරන්නේ හොඳ ජීවිතයක් ගතකරන්න. ඉතින් ඒකට මෙරටද පිටරටද කියන එක අදාල නෑ. එහෙම නං ගමේ ඉන්න අය නගරයට එන එකත් වැරදියිනෙ. මේ වෙනකොට ලාංකිකයෝ මිලියන 3.85ක් විතර පිටරට ජීවත් වෙනවා. ඒ ඔක්කොම ඔය පැර කියන ජාතියේ අයද? වැඩිහරියක් මිනිස්සු පිරට යන්නෙ මේ රටේ විස්සූක දස්සන බලාගෙන ඉන්න බැරුව. අනික මයිග්‍රේෂන් කියන්නේ මිනිස් සංහතියේ ආරම්භයේම ඉඳන් එක එකක්. විජය කුමාරයගෙන් පැවතගෙන ආවාය කියන මේ රටේ මිනිස්සුත් බලාගෙන ගියාම මයිග්‍රන්ට්ස් ල නෙ.

    ReplyDelete
    Replies
    1. මේක පෞද්ගලිකව ගන්න එපා. මෙතැන තිබෙන්නේ සමාජ හා දේශපාලනික කාරණයක්. අපි විවේචනය කරන්නේ ජනතාවගේ කුහකකම මිස සංක්‍රමණයේ අනෙකුත් පැතිකඩ නෙමෙයි.

      මිනිස්සු වෙන තැනකට යන්න බලාගෙන දැන් ඉන්න තැන පහරන එක විවේචනය කළ යුතුයි. ඒක සමාජ අවශ්‍යතාවක්.

      Delete
    2. හරි..ඒ කියන්නේ ගිය අයටයි යන්න ඉන්න අයටයි 'කුහකකමට' හෝ වෙන යම් හේතුවක් නිසා පවතින ක්‍රමය ගන කිසිදු විවේචනයක් කරන්න බෑ. මට තියන ප්‍රශ්ණය තමයි ඔය කියන 'කුහකකම' කොහොමද තීරණය කරන්නෙ? සියයට දශම ගානක් ඔය කියන 'පැරා'මීටරයට වැටෙන්නට පුළුවන්, හැමෝම ඔය මීටරයෙන් මනින්න බෑ.

      Delete
    3. //හරි..ඒ කියන්නේ ගිය අයටයි යන්න ඉන්න අයටයි 'කුහකකමට' හෝ වෙන යම් හේතුවක් නිසා පවතින ක්‍රමය ගන කිසිදු විවේචනයක් කරන්න බෑ. //

      මෙහෙම දෙයක් කොහෙද බන් පැරාගේ ලිපියේ තියෙන්නේ ??

      Delete
  4. වාමාංශිකයන් යනු සමාජවාදී දේශපාලන ක්‍රමයක් (විප්ලවවාදීන් ඇතුළු ) වෙනුවෙන් පෙනී සිටින ඒ සඳහා තම ජීවිතයේ බොහෝ දේවල් කැපකරන පිරිසකි. මෙවැනි අය බොහොමයක් සිටියේ පැරණි යුගයේ සමාජවාදී, කොමියුනිස්ට් හා ජවිපෙ පක්ෂ තුළය. වර්තමානයේ බොහොමයක් සිටින්නේ ජවිපෙ තුළය. නමුත් මෙය ශ්‍රී ලංකාවෙ ප්‍රායෝගික නැත. එයට බොහෝ හේතු ඇත. මේ නිසා මෙම කැපකිරීම්කළ සමහරු මේවා අතහැර ප්‍රායෝගික දේශපාලනයට එති. සමහරු තම කැපකිරීම් ගැන දුක්වෙමින්, ඒ නිසා අහිමිවූ තම අතීතය සහ වර්තමානය ගැන පසුතැවෙති.ඔවුන් (සුළු පිරිසක් ) සමාජවාදය ලෙස දකින්නේ සියලු දෙනා තමන් ඉන්න මට්ටමේ සිටිනු දැකීමටය. ඒ නිසා මොවුන් අන් අයගේ දියුණුව (අධ්‍යාපනිකව ඉහලට යෑම, වෙනත් රටකට සංක්‍රමණයවීම, ඉහල රැකියාවක් ලබා ගැනීම, ව්‍යාපාර දියුණුකර ගැනීම ) නොඉවසති. ඒ ගැන දැඩි ඊර්ෂ්‍යාවෙන් පෙලෙයි. මෙවැනි අය අප හඳුන්වන්නේ කුහක වාමාංශිකයන් ලෙසය. පැරා යනු කුහක වාමාංශිකයෙකි.

    ReplyDelete
  5. "සමාජවාදය ලෙස දකින්නේ සියලු දෙනා තමන් ඉන්න මට්ටමේ සිටිනු දැකීමටය."

    සමාජයක් ලෙස දියුණු වෙනනේ නැතිව තනිව තමන් පමණක් අපායෙන් ගැලවීමේ කුහකකම තමයි අපි විවේචනය කරන්නේ. මේ මධ්‍යම පංතිකයෝ මනසින් බටහිර ජීවත් වෙමින් මෙහි අපාය නිර්මානය කරනවා.

    අපේ ආණ්ඩුවේ ලොක්කන්ගේ සිට පහළට මධ්‍යම පංතිකයන් මේ රටේ පහරන්නේ ඔය පදනමින්.

    මේක තමයි කුහකකම.

    ඔබ වාමාංශිකයෙක්වත් නෙමෙයි. පූර්ණ කුහකයෙක්.

    ReplyDelete
    Replies
    1. මම මරුටියක් පදිනකොට අල්ලපු ගෙදර එකා කොහොමද ඇලියොන් එකක් පදින්නේ........අපි ඒක අහන්නේ කුහක නෙවි.....නැද්ද පැරා....

      Delete
  6. කෝටි ගණන් ණය ගෙන පොලිටිකල් සංදර්ශන පැවැත්වීමත් , මහා පරිමාණ වංචාව හා දුෂණයටත් එහා ගිය රාජපක්ෂ ආණ්ඩුව මේ රටට කල ලොකුම අපරාධය නම් නීතියේ පිළිසරණ පිලිබඳ අංශු මාත්‍රික හෝ විශ්වාසයක් ජනතාව තුල පැවතියේ නම් ඒද සුන්නද්දූලි කර දැමීමයි.අද නීතිය යනු ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ආධිපත්‍යයයි. ප්‍රාදේශීය දේශපාලන අධිකාරය යනු අට පාස් නැති මැරකම සහ දුෂණය අවිය කර ගත දේශපාලන හෙන්චයියෙකි .පළාතේ පොලීසියට සිදුව ඇත්තේ මුන්ගේ මෙහෙකරුවාටත් එහා ගිය බැලයෙකු වීමටයි.එක පැත්තකින් මුස්ලිම් අන්තවාදයක් රට තුල බිහිවීමට අවශ්‍ය පොහොර සපයමින් අනික් පැත්තෙන් සිංහල අන්තවාදයට කිරි පොවමින් සිය බලය රැකගැනීම සඳහා කාලකන්නි බලු පොරයක් නිර්මාණය කරමින් තිබේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං හරි නේ...... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ජාත්‍යන්තර විමර්ෂණ එන එක පුදුමයක් නෙවෙයි. දැන් පත් කරලා තියෙන එ.ජා. විමර්ෂණ කමිටුවෙන් නීතියේ ආධිපත්‍යයේ බිඳ වැට්ටවීමත් හොයල බලන්න නියමිතයි නේ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා