Posts

Showing posts with the label දිවයින

අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මාධ්‍යකරුවෙක්

Image
මෙම ජනමාධ්‍යකරුවාත්, මෙම ත්‍රස්තවාදියාත් අතර වෙනස කුමක් ද? ලංකාවේ පොලිසිය යනු අපරාධ විමර්ශනයේදී අතිශය අකාර්යක්ෂම ආයතනයකි. නීතිපති දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතන ද එවැනි ය. අධිකරණයේ කාර්යක්ෂමතාව ද බරපතල ප්‍රශ්නයකි.  මේ අතර පසුගිය කාලයේ මේ රටේ ජනප්‍රිය අපරාධ මර්දන මෙහෙයුම වූයේ අපරාධ සැකකරුවන් විවිධ ආකාරයෙන් නීතියට පිටින් ඝාතනය කිරීමයි. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරා දැමීම මෙන් ම සිරගෙවල්වලදී මරා දැමීම ද සුලබ සිදුවීම් විය.  වැලිකඩ සිරගෙදරදී 1983 ජුලි කලබල අතරතුර දෙමළ දේශපාලන සිරකරුවන් 53දෙනෙකු ඝාතනය කිරීම, බංඩාරවෙල බිඳුණුවැවදී පුනරුත්ථාපනය වෙමින් සිටි දෙමළ තරුණයන් පිරිසක් මරා දැමීම වැනි සිද්ධි මාලාවක තවත් එක් සිද්ධියක් වන්නේ 2012දී සිදු වූ වැලිකඩ ඝාතනයයි.  ශිෂ්ට සමාජවල නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනවා මිස රජය නීතියට පිටින් මිනිසුන් මරා දමන්නේ නැත. වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු ය. දණ්ඩනයෙන් බලාපොරොත්තු වන්නේ විශෝධනයයි. වැරදිකරුවන් නිවැරදි මිනිසුන් බවට පත් කිරීමයි.  මෙවැනි සිද්ධි නැවත සිදු නො විය යුතු ය. ඒ සඳහා සිදු වූ සිද්ධි පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වැරදිකර...

ප්‍රවෘත්ති ප්‍රබන්ධ කලාව

Image
pic courtesy of:The Star-Malaysia ගිය සතියේ ජනරළ පත්තරේ මුල් පිටුවේ තිබුණු පුවතක කියැවුණේ චීනයේ උමගක වසර 17ත් .තිස්සේ සිර වී සිටි පුද්ගලයකු පිළිබඳවයි. එම පුවත අනුව ඔහු වසර 17කට පෙර සිදු වූ හදිසි අනතුරෙන් පසු උමගේ පෙඳපාසි හා මීයන් ආහාරයට ගනිමින් ජීවත් වී තිබෙනවා. මේ උමගට කොහෙන්දෝ වාතාශ්‍රය ආ බවක් ද කියැවුණා.  මෙම පුවත පිළිබඳව සොයා බැලූ විට දැන ගන්නට ලැබුණේ එය World News Daily Report නම් වෙබ් අඩවියක පළ වූ ප්‍රබන්ධයක් බවයි. එම වෙබ් අඩවියේ පළ වන සියලු පුවත් මෙවැනි ඒවායි. ඔවුන් මේවා පළ කරන්නෙ සමාජ ජාල වෙබ් අඩවි හරහා වයිරල් කරගෙන පාඨකයන් තම වෙබ් අඩවිය වෙත ආකර්ශනය කර ගන්නටයි. එවිට එහි තිබෙන දැන්වීම්වලින් ඔවුන්ට ආදායම් ලබා ගන්නට පුළුවන්. අප පහත පළ කරන පුවත අධ්‍යයනය කරන්න. මෙම පුවත මේ සතියේ දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතයි. මෙම පුවත නිර්මානය කර ගෙන තිබෙන ආකාරය අධ්‍යයනය කරන්න. මෙහි මූලාශ්‍රය මාසයක් පමණ පැරණි ප්‍රවෘත්තියකි. මෙම හිටපු හමුදා කපිතාන්වරයා සහ අනෙක් කොටි සැකකරුවන් තිදෙනා ලංකාවට එවා දැන් සති ගණනාවකි. ඔවුන් පිළිබඳ ලංකාවේ පුවත්පත් විසින් වාර්තා කරන ලදී. ප්‍රභූ ඝාතන සිදු...

මධ්‍යම පංතිකයන්ගේ සිහින බොඳ කරන නීිතියේ ආධිපත්‍යයේ ගැටලුව

Image
අලුත්ගම පැත්තේ වාර්ගික ගැටුම්වලදී පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය ඒ පැත්තේ කවුරුත් දනිති. එහෙත්, අපි ඒ ගැන කතා කරන්නට යන්නේ නැත.   හේතුව, පොලිසිය මේ අන්දමින් ක්‍රියා කළ එක ම තැන මෙතන නො වන බැවිනි. ලංකාවේ පොලිසිය ක්‍රියා කරන ආකාරය දෙස බලන විට එය නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට වඩා දේශපාලන හා නිලධාරි උවමනා එපාකම් අනුව ක්‍රියාත්මක වන අයුුතු ජනරාශියක ස්වරූපය ගනියි.  වාර්ගික ගැටුම්වලදී පොලිසිය හැසිරෙන්නේ බොදු බල සේනාවේ අතුරු හමුදාවක් ලෙස ය.  කෙසේ වෙතත්, අද වන විට රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී තිබෙන තරම අතිශය කණගාටුදායක ය. මේ තත්වය මේ රටේ සන්සුන් මධ්‍යම පාංතිකයන්ගේ ජීවිතවලට බල පා තිබෙන ආකාරය පිළිබඳ කදිම නිදසුනක් අද දිවයින පුවත්පතේ මුල් පුවතින් කියවේ . මේ වනාහි රට පුරා ම දෛනිකව සිදු වන දෙයක් පුවත්පතක මුල් පුවත වූ අවස්ථාවක් පමණි. මේ දුර්දාන්ත පාලනය තව දුරටත් ආරක්ෂා කර ගන්නා වූ ප්‍රධාන බලවේගය මෙරට මධ්‍යම පංතිකයෝ ය. ඔවුන් කඳින් මෙහි ජීවත් වන ඔලුවෙන් විදේශිකයෝ ය. රටට හෙණ ගැහුවත්, මධ්‍යම පංතිකයන් හිතන්නේ තමන්ගේ ජීවිත ගැන පමණි. ඔවුන්ගේ සිහිනය ඇත්තේ තම දරුවන් අධ්‍යාපනයෙන් ඉදිරියට ...

මැලේසියානු ගුවන් යානයේ මගියා එවූ ඡායාරූපය හා ඒ.එෆ්.පී. ඡායාරූපය

Image
US Air Force ? AFP Photo ඇමරිකාව කියන්නේ මහා කුමන්ත්‍රණකරුවෙකු ලෙස සැලකීම ලොව පුරා මතුපිටින් රැඩිකල් ජනයා අතර ජනප්‍රිය විලාසිතාවක්. ඇමරිකාවේ සඳ තරණයේ පටන් ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කරන්නට කළ අනන්ත කුමන්ත්‍රණ සංඛ්‍යාව හරහා අලුත් ම කුමන්ත්‍රණය වන මැලේසියානු ගුවන් යානය පැහැරගෙන යාම දක්වා කුමන්ත්‍රණ කතා කෝටියයි.  මම නම් මේ කුමන්ත්‍රණ න්‍යායන් පිළි ගන්නේ නැහැ. එහෙම පිළි නො ගත්තාය කියලා මම ඇමරිකාව ගැන පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන කෙනෙක් ය කියා වරදවා වටහා ගන්න ඕනැ නැහැ. අපේ ජාතියේ වර්තමාන මහා වීරයන් වගේ මම නම් ඇමරිකාවේ පුරවැසිභාවය හිඟලා නැති නිසා ඒක අමුතුවෙන් ඔප්පු කරන්න අවශ්‍යත් නැහැ.  මැලේසියානු ගුවන් යානය ගැන නිර්මානාත්මක ප්‍රබන්ධ මැවීම ඇත්තෙන් ම වෙළඳ ගැටයක්. ඒවා මුලින් ම ප්‍රසිද්ධ කරන වෙබ් අඩවිවල සිට අන්තිමට ලංකාවට බස්සවන දිවයින පත්තරේ දක්වා ම කරන්නේ පාඨකයන් ගොනාට අන්දා සාක්කුව සුද්ද කිරීමයි.  දිවයිනේ ගිය මේ රස කතාව බලන්නකෝ.  මැලේසියානු යානාව පැහැරගත් ඇමරිකානු හමුදාව එය දියාගෝ ගාර්ෂියා දූපතේ සඟවලා - යානාවේ ගමන් කළ මගියකු වූ පිලිප් වුඩ්ගේ එස...

ඉරිදා පත්තර කියවීම හෙවත් පිළුණු බත් කෑම

Image
පිංතූරය අදාළ වන්නේ ලිපියට නොව මේ දිනවල සිදු වන ආගමික ගැටුම්වලට  ය.  ඉරිදා සිංහල පත්තර කියවමින් සිටිමි. දැන් පත්තර කියවීම වෘත්තීය මට්ටමෙන් කරන 'මාධ්‍යවේදීන්' ද බිහි වී තිබේ. ඒ අය පත්තරවලට ලියන්නේ නැත. කරන්නේ අනුන් ලියූ දේ රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් කියවීමයි. පත්තරවලට ලියන අයට වඩා මේගොල්ලෝ වැඩකාරයෝ ය. ඒ නිසා දැන් පත්තරකාරයන්ගේ අනාගත බලාපොරොත්තුව වී තිබෙන්නේ කිසියම් දිනෙක පත්තර කියවන්නකු වීමයි. පත්තරකාරයන් පත්තර කියවීම ඇත්තෙන් ම හොඳ දෙයකි. මන්ද, ඇතැම් පත්තර කර්තෘවරු තමන් කර්තෘකම කරන පත්තරයවත් කියවන්නේ නැත. මේ දිනවල ලංකාවේ වාමාංශික ලිබරල් බුද්ධිමතුන් විසින් සල්ලි සම්මාදම් කරමින් බේරා ගන්නට හදන එක පත්තරයක කර්තෘ ඒ වර්ගයේ කෙනෙකු බව කියන්නේ ඒ පත්තරයේ ම කර්තෘ මණ්ඩලයේ අය මිස මම නො වේ. එයා කරන්නේ තමන්ගේ සිතට එන වටිනා අදහස් ටික පිටු ගණනාවක ලියා එය බෙහෙත් ඩෝස් එකක් සේ අපට දීමයි. පත්තර කියවනවා කිව්වාට මම නම් කරන්නේ පත්තර බැලීමයි. බලන අතරේ හමු වන ඇතැම් රසවත් ලිපියක් කියවමි. 'පැය හතරකදී පිදුරු ඉන්ධන හා පොහොර හදන අලුත්ම තාක්ෂණය' නම් ලිපියක් රවිර පුවත්පතේ කියැවීමි. එහි දෘෂ...

ගුරුවරිය දන ගැස්සූ පළාත් සභාකාරයා, දිවයිනේ වෛරී කතුවැකිකාරයා හා සාමාන්‍ය මිනිහා

Image
දයාසේන ගුණසිංහ අපේ සහෝදර බ්ලොග්කරුවෙක් අද දිවයිනේ කතුවැකියේ පහත සඳහන් ‍කරුණු උපුටා දක්වා එවා තිබේ. 1. නවගත්තේගම පාසලේ සිද්ධිය සිදුවන අවස්‌ථාවේදී ඊට එරෙහිව ගුරු මණ්‌ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඩෙස්‌ කකුල් සහ පුටු කකුල් අතට නොගැනීම ගැන අපි මහත් සේ දුක්‌ වෙමු. 2. මෙය කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යැවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති. 3. මෙය විශ්වවිද්‍යාලයක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රී ඇඳ සිටි ඇඳුම පමණක්‌ ගෙදර යැවෙනවා ඇත. සිරුර පොලිස්‌ මෝචරියෙන් භාරගත හැකිය. 4. මන්ද, මේ උන්මත්තකයන් කවදා හෝ දවසක පාර්ලිමේන්තුවට ගියොත් විය හැකි අනර්ථය ඉමහත්ය. එදාට ඒ තත්ත්වයට මුහුණ දීමට ගෝඨාභය රාජපක්‍ෂලා දුසිමක්‌වත් අවශ්‍ය වනවා ඇත. අවාසනාවකට මෙන් අපට සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂලා එක්‌කෙනකු පමණි. ජාතියක්‌ විසින් වරකට බිහි කරනු ලබන්නේ ද එබඳු පුද්ගලයන් එක්‌ අයකු පමණි. ඔහු විසින් පෙන්වා දී තිබෙන්නේ දිවයින කර්තෘවරයා මෙම සිද්ධිය උපයෝගී කර ගනිමින් කරමින් සිටින්නේ වෛරය හා ප්‍රචණ්ඩ...

ඔබේ ඩීසල් වාහනයටත් 'කාබලේටරයක්' අවශ්‍ය නම් දිවයින අමතන්න

Image
දිවයින පුවත්පත හා එහි මාධ්‍යවේදියෝ වනාහි ලංකාවේ ජනතාවට සෑහෙන ආතල් එකක් දෙන පිරිසකි. ලංකාවේ මාධ්‍යකරුවන් අතර සාමාන්‍ය දැනුම ඇති අය විරල ය. වෙන රටවල මාධ්‍යකරුවෝ නම් නො දන්නා දේ දන්නා අයගෙන් අසා දැනගෙන ලියති. එහෙත්, ලංකාවේ මාධ්‍යවේදීහු සියල්ල දත් අයයි. කොහොමත් ඔය  මෝටර් මිකැනික්ලා වැනි අයගෙන් අසා දැන ගන්නට තරම් දෙයක් මාධ්‍යවේදීන්ට නැත. අඩු ගානේ තමන් පාවිච්චි කරන ඉංගිරිසි වචනයක් හරිද වැරදිද දැන ගැනීමට ශබ්දකෝෂයක්වත් පාවිච්චි කරන්නට උවමනාවක් ඔවුන්ට නැත. මේ පත්තරවල පිටු අනුමත කරන ලොක්කෝ ද මේ මාධ්‍යකරුවන් සේ ම සිට ප්‍රමාණයෙන් ලොකු වූ අය නිසා වෙනසක් නැත. දිවයිනේ අලුත්ම සොයාගැනීම ඩීසල් වාහනවල කාබලේටර නම් කොටසක් ඇති බවයි. මෙන්න වාර්තාව ආනයනය කළ ඩිසල් සාම්පල් පරීක්‍ෂාවට ඩුබායි යවයි ශිරාන් රණසිංහ ආනයනය කළ ඩීසල්වල කිසියම් අපද්‍රව්‍යයක්‌ නිසා වරායේ දොඹකර හා ලංගම බස්‌ රථ ඇතුළු වාහන නතර වීමෙන් පසුව ඩීසල් සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඩුබායි රාජ්‍යයට යෑවූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය. මෙම ඩීසල් සාම්පල් යළිත් මෙරටදී කිහිප විටක්‌ රසායනාගාර පරීක්‍ෂණ...

නව නියෝජ්‍ය ඇමැති පොකුරේ මම නෑ! (වසරේ වඩාත් ම උත්ප්‍රාසාත්මක පුවත)

Image
අද දිවයින පුවත්පතේ පළ වන පහත සඳහන් පුවත වෙනුවෙන් එය ලියූ උපාලි ද සේරම්ට පුවත්පත් සම්මාන උළෙලේදී වසරේ වඩාත් ම උත්ප්‍රාසාත්මක පුවතට හිමි සම්මානය ලබා දෙන ලෙස W3Lanka යෝජනා කරයි. ඉදිරි සති කිහිපයේදී නියෝජ්‍ය ඇමැති ධුර හිමිවන ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් අතරට තමා අයත් නොවන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය. තමාට දැන්ම නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබා නොදෙන ලෙස තම පියා වන ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කළ බවද සඳහන් කළ මන්ත්‍රීවරයා නැවත මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට නියෝජ්‍ය ඇමැති ධුර ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බවත් කීවේය. මහින්ද චින්තන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා තරුණ ජවයද අවශ්‍ය බව පැවසූ නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැති ධුර තනතුරු ලබාදීමට යෝජනා වී ඇත්තේ එවැනි ජව සම්පන්න මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට බවද සඳහන් කළේය. මන්ත්‍රීවරයකු ලෙස තමාගෙන් සිදුවන සේවය පිළිබඳව සෑහීමකට පත්වන බව පැවසූ නාමල් රාජපක්‌ෂ මන්ත්‍රීවරයා එබැවින් නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ බව ව...

බාල ගුවන් යානා ඉන්ධන, දිනමිණ හා දිවයින

Image
පහත සඳහන් පුවත් දෙක සසඳා බලන්න. බාල තෙල් පාඩුව කෝටි 14යි ශිරාන් රණසිංහ (දිවයින, මැයි 09) මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet oil) මෙට්‍රික්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක්‌ (මිලියන 140 ක්‌) යැයි තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ ප්‍රධානියෙක්‌ "දිවයින" ට පැවැසීය. සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් (සිංගප්පූරු බී. පී.) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්‌ථාව මිලදී ගෙන ඇත. මීට දින කිහිපයකට පෙරාතුව ASDRAL EXTRA ESS නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙට්‍රික්‌ ටොන් විසිදහසක්‌ රැගෙනවිත් තිබේ. මෙම මෙට්‍රික්‌ ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙට්‍රික්‌ටොන් 7500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇත. ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්‍ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක්‌ ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් ස...

ගඩාෆි ඝාතනය හා ජාතිවාදී දිවයින / Gadaffi assassination and chauvinist Divaina

මේ අද දිවයින 'පුවත්පතේ' ප්‍රධාන 'පුවතින්' උපුටා ගත් වාක්‍යයකි. "යටත් වීමෙන් පසු ඝාතනය කරනු ලැබීමෙන් ගඩාෆිගේ මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වීද නැද්ද යන්න ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌තුමිය වන නවනීදන් පිල්ලේ මහත්මිය පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන තුරුත් ප්‍රකාශයක්‌ කර තිබුණේ නැත." ගඩාෆි මරා දමා ඇත්තේ යටත් වූ පසුව ය. එය පැහැදිලිව ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත් ගඩාෆි මරා දමා ඇත්තේ රාජ්‍ය හමුදාවක් විසින් නො ව, කැරැලිකාර ජන රාශියක් හෙවත් මොබ් එකක් විසිනි. බටහිර බලවත් රටවල් මේ ජන රාශියට උදව් කළ බව නම් ඇත්ත ය. එහෙත් එය වනාහි රජයක හමුදා විසින් කෙළින් ම ගඩාෆි අල්ලා මරා දැමීමිට වඩා වෙනස් තත්වයකි. ‍කොටින් ම ඔසාමා බින් ලාඩන් එක්සත් ජනපද හමුදා විසින් මරා දමනු ලැබීමත්, ගඩාෆි නේටෝ ආධාර ලත් ජන රාශියක් විසින් මරා දැමීමත් එකිනෙකට වෙනස් තත්වයන් ය. ගඩාෆිගේ මරණයත් සමග ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ප්‍රවර්ධනය කරන සැමගේ කොඳු නාරටිය හරහා සීතල සංවේදනයක් ගමන් කර ඇති බව දිවයින පුවත්පතේ පුවතින් පෙනේ. ග...

සිංහල යුනිකෝඩ්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිවයින / Sinhala unicode, Government Information Department and Divaina

Image
සිංහල යුනිකෝඩ් ගැන නැවත කතා කරන්නට ඉවහල් වන ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ. ඒ දිවයිනට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු   µeක්‌ස්‌  පතක් ලෙස හඳුන්වනු ලබන කිසිවක් නිසා ය. අපට පෙනෙන පරිදි නම් මේ හුටපටය සිදු වී ඇත්තේ සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නට යාම නිසා ය. සිද්ධිය මෙසේ ය: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අලුත්ම සිංහල මෙන්න! කොළඹ දිස්‌ත්‍රික්‌ සාහිත්‍ය මහෝත්සවය අද දින පැවැත්වෙන බව මාධ්‍යයට දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ මාධ්‍ය ඒකකය "දිවයින" ට µeක්‌ස්‌ පතක්‌ එවා තිබිණි. එහි ලිපි ශීර්ෂය වූයේ මෙයයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ සිංහල මෙසේද? මෙයට වගකිවයුත්තේ කවුද? සිංහලයේ වචන භාවිතය පිළිබඳව පොදු සම්මුතියක්‌ හා සම්ප්‍රදායක්‌ද තිබේ. කිසියම් වචනයක්‌ ලිවීමේදී හා කතා කිරීමේදිත් ඒ සම්ප්‍රදාය රැකීම සාමාන්‍ය පිළිවෙතය. එහෙත් මේ ලිපි ශීර්ෂයෙහි ප්‍රවෘත්ති, යන්න ලියා ඇත්තේ "ප්රවෘත්ති" ලෙසය. දිස්‌ත්‍රික්‌ යන්න "දිස්‌තිරික්‌" වී තිබේ. මේ වෙනසට හේතුව අපැහැදිලිය. යතුරු ලියනය හා පරිගණකය භාවිතයේදී පවා ඕනෑම සිංහල වචනය...

ජනාධිපති කාර්යාල‍ය ගැන 'එහෙම වෙන්නෙ ඇයි? I don't know why

Image
(2011 මාර්තු 12,  W3Lanka )  මේ අද දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකින් උපුටා ගත් කොටසකි. "තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බව පවසා එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයකු රවටා රේගු ගාස්‌තු රහිතව මෝටර් රථයක්‌ ලබාදෙන බව කියමින් රුපියල් 14 ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් පුද්ගලයකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වංචාවට සම්බන්ධව තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයා මෝටර් රථයක්‌ ගෙනැවිත් ඇති අතර එය රේගු ගාස්‌තු නොගෙවා ලබාදෙන බව කියමින් අදාළ මුදල මොහුගෙන් ලබාගෙන ඇත. තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින් හඳුනන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බවත් පවසා මෝටර්රථය රේගු ගාස්‌තු නොගෙවා ලබාදෙන බව කියමින් රුපියල් දාහතර ලක්‍ෂයක මුදල් ලබාගෙන ඇත." අපි කටකතා පිළිබඳ කිසිවක් දන්නේ නැත. එහෙත්, වරාය වැනි රජයේ ආයතනවල රැකියා දෙන ආකාරය, හොඳ වැටුප් දෙන විදේශ රටවල රැකියා දෙන ආකාරය, ලොකු කොන්ත්‍රාත් සිදු වන ආකාරය හා තවත් බොහෝ දේ ගැන ලංකාවේ අද දවසේ පළමු පවුල හා සම්බන්ධ කටකතා විශාල වශයෙන් පැතිර යයි. එහෙම වෙන්නේ ඇයි? ඒ ප...

මානුෂීය මෙහෙයුමේදී අවතැන් වූවන්ගේ රන් සොරකම් කළ සෙබළු | Soldiers that stole gold from the IDPs of Sri Lanka

Image
( 2010 සැප්තැම්බර් 27,  W3Lanka )  මානුෂීය මෙ‍හෙයුම් සමයේ ශ්‍රී ලංකා හමුදාවේ ඇතැම් සෙබලුන් සිවිල් වැසියන්ගේ දේපල සොරකම් කළ බව ඔප්පු වන සිද්ධියක් පිළිබඳ අද දිවයින පුවත්පත වාර්තා කරයි. පසුගිය කාලයේදී යුද පුවත් වාරණයේ යෙදුණු එක් මාධ්‍යවේදියකු කලින් කැරැලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල තිබුණු පරිගණක හා කැමරා තොගයක් හොරෙන් රැගෙන එමින් සිටියදී මැදවච්චිය මුරපොළේදී අත්අඩංගුවට පත් වී පසුව ආණ්ඩුවේ ඉහළ පෙළේ මැදිහත් වීමකින් බේරුණ බව මාධ්‍ය වාර්තා කළේ ය. ඒවා කොටින්ගේ ඒවා යයි කියන නිසා කොටින්ට කෙළවන්නත් එක්ක අරන් අවා ය කියමුකෝ. එහෙත්, දිවයින පුවත්පතේ වාර්තාව අනුව සොරකම් කර තිබෙන්නේ සිවිල් වැසියන්ගේ රන් බඩු ය. කවුරු හෝ වේවා මේ සොරකම් කර ඇත්තේ ඇඳි වත පමණක් රැගෙන අවතැන් ව පළා ආ, දැන් යළි ජීවිය ගොඩනඟා ගැනීමට අපරිමිත වෙහෙසක් දරන, මේ රටේ ම ජීවත් වන අසරණ සහෝදර ජනතාවකගේ දේපල බව අප සිහි තබා ගත යුතු ය. මාස දෙකහමාරක පමණ කාලයක්‌ අභිරහසක්‌ව පැවති මැදවච්චිය, රම්බකුලම වැව් පිටියේදී කැඩූ බෝතලයකින් ගෙලට ඇන යුද හමුදා සෙබළකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්‌ දෙනෙක්‌ මැදවච්චිය පොලිසිය මගින් අත්අඩං...

‍බලයේ සිටින්නෝ පිටවීම සඳහා දොරටුවක් විවෘතව තබා ගත යුතු ය

Image
( 2010 අගෝස්තු 17,  W3Lanka )  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස සේවයෙන් නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කිරීම සිදු වන්නේ ප්‍රභාකරන්ගේ මරණින් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් කේ.පී. නිදහස් පුරවැසියකුට සමාන අන්දමින් කටයුතු කරමින් දේශපාලනික ක්‍රියාකාරකම් කරමින් සිටියදී ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සතු ශක්තියක් වන්නේ රාජපක්ෂ කෙනෙකු කාක්කකු පෙන්නා අන්න කොකෙක් යයි කිවත්, කාක්කා කොකා ම බව සමාජයට ඔප්පු කර පෙන්වීමට තරම් දක්ෂ හා දීන මාධ්‍යකරුවන් පිරිසක් සේවයෙහි යෙදවීමට ඔවුන් සමත් වීමයි. දිවයින පුවත්පතට සතිපතා ලියන ලිපියෙහි ‍සී.ඒ. චන්ද්‍රප්‍රේම මෙසේ පවසයි. ''ඒ අති විශිෂ්ඨ ජයග්‍රහණය ලබාගැනීමට දායක වූ යුද විරුවන් කණ්‌ඩායමෙන් එක්‌ අයකු අද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කරනු ලැබ සිටී. නමුත් මේ හමුවේ මහජනතාව දක්‌වන්නේ උදාසීන ආකල්පයකි. 1992 ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යන හමුදා නිලධාරින්ගේ මළගමට සහභාගි වීමට පැමිණි එවක එ.ජා.ප. ආණ්‌ඩුවේ දේ...

ඇමති බබාලාට නිලධාරි කොබාලාගෙන් ඇති කරදර ගැන (මාල)දිවයින ළමා පත්තරයේ සරණපාල බබා මෙසේ ලියයි

Image
(2010 අප්‍රේල් 28 -  W3Lanka )  ඇමැතිවරුන්ගේ නමින් ජාවාරමකට සැරසෙති! (හානේ බලන්නකෝ මේ නිලධාරි කරන වැඩ!) (අ)සරණපාල පමුණුව (කුක්කු බබා) අලුතින් පත්වූ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සඳහා අලුත් අලුත් අමාත්‍යාංශ කාර්යාල ඇති කිරීම සඳහා ඇතැම් අමාත්‍යාංශ නිලධාරීන් විසින් සියුම් ව්‍යාපාරයක්‌ ගෙන යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කර ඇත. (බලන්න ඇමතිලාට හොරෙන් මුන් කරන කැත වැඩ!) අලුතින් පත්වූ සියලුම අමාත්‍යවරුන් සඳහා අංග සම්පූර්ණ සේවා අමාත්‍යාංශ කාර්යාල තිබියදී ඒවා වෙනුවට අලුතින් රුපියල් ලක්‍ෂ ගණනින් ගෙවා කාර්යාල ගොඩනැඟිලි කුලියට ගැනීමටත් ඒවායින් සැළකිය යුතු මුදලක්‌ සාක්‌කුවලට දමා ගැනීමටත් මෙම ඡාවාරම් පසුපස සිටින අයගේ අරමුණ වී ඇතැයිද කියති. (මේ මුදල් යන්නේ නිලධාරින්ගේ සාක්කුවට විතරමයි.) රට සංවර්ධන කිරීම කෙසේ වෙතත් නිලධාරී පැළැන්තිය දැන් සිටම තම මඩිය තරකර ගැනීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරමින් ඇතැම් ඇමැතිවරුන් නොමග යෑවීමේ මෙබඳු ක්‍රියාකාරකම් අරඹා ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි. (බලන්නකෝ, මේ චූටි ඇමතිවරුන්ගේ නොදන්නාකමින් මේගොල්ලන් අයුතු ප්‍රයෝජන ගන්න හැටි!...